ගෝලීය මහා වසංගතය හමුවේ සතුටින් සිටීමට විද්‍යාව දක්වන මග
කොවිඩ් 19 මහා වසංගතය ඇරඹී දැන් වසර දෙකත් පසුවී අවසන්. මේ කාලය ප්‍රීතිමත් එකක් යයි කිසිවෙකුත් නොසලකනු ඇත. එහෙම හිතුවාට සතුටට පත්වන පිරිසක් නැතුවාම නොවේ. ඒ තමයි ‘සන්තුෂ්ටිය'(happiness) ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්. ඔවුනට මෙය සිය පරීක්ෂණ පැවැත්වීම පිණිස සරු කාලයක් වූවා සේ ම තවමත් ඒ සරු කාලය නිමාවී නොමැත. මානව වර්ගයාගේ සන්තුෂ්ටිය කෙරෙහි මෙතෙක් සාමූහික වශයෙන් එල්ල වූ බරපතලම තර්ජනය හමුවේ යහපැවැත්මට සිදුවන්නේ කුමක් දැයි ලොව පුර පර්යේෂකයෝ සොයා බලමින් සිටිති.

ප්‍රථමයෙන්ම, පහසුවෙන්ම පෙණී යන දෙයක්: COVID-19 මහා වසංගතය පැහැදිලිවම (තේරුම් ගත හැකි ලෙස) එක්සත් ජනපදයේ මෙන්ම ගෝලීය වශයෙන් ද සුඛය හෙවත් සැපත පරිහානියට ලක් කර ඇත. එය ආරම්භයෙන් පසුව, එක්සත් ජනපදයේ සෑම වැඩිහිටි දහදෙනෙකුගෙන්ම හතර දෙනෙක්, කාංසාව සහ විෂාදයෙහි (anxiety and depression) රෝග ලක්ෂණ ගැන වාර්තා කර තිබෙන බව කයිසර් පදනම මේ වසරේ දී අනාවරණය කර ගෙන තිබේ. 2019 දී මෙම සංඛ්‍යාව සෑම දහදෙනෙකුටම එක් අයෙකු විය. එක්සත් රාජධානියේ 2020 වර්ෂයේ ලොක්ඩවුන් සීමාකිරීම් තිබිය දී කාංසාව සහ විෂාදය ඉහළ මට්ටමක පැවති අතර සංඛ්‍යා පහත වැටුනේ එම වසරේ වසන්ත සමයේ දි සීමා කිරීම් අඩු කල විටය. 40,000කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන අඛණ්ඩව සිදු කෙරෙන පිළිබඳව ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ COVID – 19 සමාජ අධ්‍යයනයක (COVID-19 Social Study) කොටසක් ලෙස 2021 පළ කළ දත්තවල මේ බව සඳහන් විය.
එහෙත් ගෝලීය මහා වසංගතය සුඛයෙහි(සැපතෙහි) අවසානය නොවේ. ජීවිතයේ අරුත පිළිබඳව ජනතා අදහස — ජීවිතය අගය ඇති දෙයක්ය යන හැඟීම — එක්සත් රාජධානියෙහි වසන්ත සමයේ ලොක්ඩවුන් සීමා පැවති කාලය පුරාවට ස්ථාවර පැවති බව ද COVID – 19 සමාජ අධ්‍යයනයෙන් අනාවරණය විය.
ඒ සා දොම්නස් සහගත තත්ත්වයන් හමුවේ පුද්ගලයින් ප්‍රත්‍යස්ථිතික(පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වනසුළු) වන්නේ කෙසේද? මෙහි ලා වඩාත්ම උපකාරී විය හැකි ක්‍රියාකාරකම් කිහිපයක් මෑත පර්යේෂණ මගින් ඉස්මතු කර ඇත.

දුරස්ථ බව රැකගන්නා විට පවා සමාජශීලීව සිටීම
සමාජමය සබැඳියාවෙහි ධනාත්මක ප්‍රතිඵල, ශාරීරික සම්බන්ධතාවය අනතුරුදායක විය හැකි අවස්ථාවල දී පවා අත්විඳිය හැකිය. COVID-19 ගෝලීය වසංගතයේ මුල් මාස වලදී පුද්ගලයින් ජීවිතය ගෙන ගියේ කා සමග ද යන්න විශේෂයෙන්ම වැදගත් විය: එක්සත් රාජධානියෙහි සංඛ්‍යාලේඛන ජාතික කාර්යාලය විසින් 2020 ජුනිවල දී සොයා ගනු ලැබුවේ අසීරු කාලයේ තනිකමට එරෙහිව වඩාත්ම ආරක්ෂක සලසනපියවර අතර විවාහපත්ව හෝ හවුල්කරුවෙකු හෝ හවුල්කාරියක සමග එකට විසීම හෙවත් සහවාසය දැක්විය හැකි බවයි. ගෝලීය වසංගතයේ දී පුද්ගලයන් පුද්ගලයින්ට සම්බන්දව සිටින බවක් දැනන විට කාංසාව සහ විෂාදයෙහි ලක්ෂණ අඩුවෙන් විඳින්නට නැඹුරු වෙන බව අනෙකුත් විවිධ අධ්‍යයන ගණනාවකින්ම පෙණී ගොස් ඇත.
‘ගෝලීය වසංගතය පටන් ගැනීමත් සමග ‘විශාල වශයෙන් විඳ දරා ගැනීම් සිදු කර ඇතැයි’ What Works Centre for Wellbeing සමාගමේ විධායක අධ්‍යක්ෂිකා නැන්සි හේ කියයි. එක්සත් රාජධානියේ මෙම සමාගම යහපැවැත්ම වර්ධනය කිරීමේ දි ඵලදායී වෙන්නේ කුමක් ද යන්න ගැන සාක්ෂි එකතු කරන සමාගමකි. “කෙනෙකුට කරන්න පුළුවන් හොඳම දේ තමයි දුරකතනය අරගෙන පවුලේ අයට ඒ වගේම යලු මිත්‍රාදීන්ට කතා කරන එක. කරදර අවස්ථා වලදී තමන් තනිවෙලා නැහැ කියලා දැනගන්න එක ඇත්තටම වැදගත්’ යයි ඇය වැඩිදුරටත් දක්වයි.
බොහෝදෙනෙකුට සම්බන්ධතාවන් පැවැත්වීම එන්ට එන්ටම ඩිගිටල්කරනයට ලක් වෙමින් පවතී. මහා වසංගත කාලය තුළ වීඩියෝ ඇමතුම් විශාල වශයෙන් ඉහළ ගියේය; 2019මුල් භාගය හා සසඳන විට, 2020 එම කාල සීමාව තුළ ෂූම්, මයික්‍රසොෆ්ට් ටීම් සහ ගූගල් මීට් භාවිතය 21 ගුනයකින් පමණ ඉහළ ගිය බව අළෙවි පර්යේෂණ සමාගමක් වනSensor Tower පෙන්වා දෙයි.මේ ආකාර ඩිජිටල් මාධ්‍ය අන්තර්ක්‍රියා මගින් ද යහ පැවැත්ම රැකෙන බවක් පෙණී යයි. සමහරක් මෑතක පර්යේෂණ දක්වන්නේ පුද්ගල අභිමුඛ සහ දුරකතන හෝ වීඩියෝ ඇමතුම් යන දෙවර්ගයම, විෂාදයේ රෝග ලක්ෂණ අඩුවීම හා සම්බන්ධ බවයි. “වැඩකරන්නත් ඒ වගේම ශාරීරික සම්බන්ධතාවක් නොමැතිව සමාජමය වශයෙන් එක්වීමේ හැකියාව අති දැවැන්ත සහායක යාන්තනය්ක්” යයි වැන්කූවර් ආර්ථික පාසලෙහි සම්මනිත මහාචාර්ය ජෝන් හෙලිවෙල් කියයි.

කොහොමවුණත්, වීඩියෝ ඇමතුම් අපේක්ෂා භංගකරවනසුළු වන්ටත්, ප්‍රමාණවත් නොවන්නටත් පුළුවනි. එවිට එය යහ පැවැත්ම කෙරෙහි මිශ්‍ර බලපෑම් ඇති කළ හැකියි. රටවල් 101කින් පුද්ගලයින් 20,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2021 සැප්තැම්බරයේ පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ වීඩියෝ ඇමතුම්වලින් සෑහීමකට පත් නොවන අයට මේ ගෝලීය වසංගතයේ දී හුදකලා බව වැඩියෙන් දැනෙන්නට ඉඩ ඇති බවයි. ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ සහායක මහචාර්යවරියක සහ සමාජ අධ්‍යනයේ මූලිකයෙකු ද වන ඩේසි ෆෑන්කෝට් අදහස් කරන්නේ පුද්ගල අභිමුඛ සමබ්න්ධතාවකට ආදේශයක් ලෙස වීඩියෝ ඇමතුම් යොදා ගත නොහැකි වුවත්, මැදිහත් ආකාරයෙන් භාවිත කරන විටාන් අය සමග සම්බන්ධකම් පවත්වමින් වඩාත් සතුටින් සිටිය හැකි බවයි.
අසල්වැසි හිතවත්කම සහ ස්වේච්ඡා සේවයට කැපවීම
තම තමන්ගේ සමාජ කවයෙන් ඔබ්බෙන් සබඳතා පවත්වා ගෙන යාමේ නව මං සෙවීමට ගෝලීය වසංගතය ජනතාව මෙහෙයවා ඇත. නිදසුනක් දක්වන්නේ නම් බොහො දෙනෙක් තම අසල්වැසියනට වඩාත් සමීප වූහ; නැතහොත් ස්වේච්ඡා වැඩවලට එක්වූහ. COVID-19 සමාජ අධ්‍යනයට සහභාගී වුවන්ගෙන් තුනෙන් එකක් කියා සිටියේ වසංගත සමයේ දී ඊට පෙර කාලයේ දීට වඩා අසල්වැසියන්ගෙන් ඇප උපකාර ලැබුණු බවයි. ස්වේච්ඡා සේවාව ද වඩාත් ජනප්‍රිය විය: හුදකලා කරනු ලැබූ හෝ නිරෝධායනයට ලක්වූ ජනයා වෙත වෙළඳපොලෙන් බඩුභාණ්ඩ ආදිය ගෙනැවිත් දීම, රෝගීන් ප්‍රවානය කිරීම සහ උපකරණ එහ මෙහා ගෙනයාම වැනි කාර්යයන් ඉටු කිරීම සඳහා ස්වේච්ඡා සේවයට 2020 මැයි මාසයේ දි එක්සත් රාජධානියෙහි ජාතික සෞඛ්‍ය සේවාව ආරාධනාවක් කළේය — පැය 24ක් යන්න කලින් ඔවුන්ගේ ඉලක්කය එනම් ස්වෙච්ඡාදායකයින් 250,000ක ඉලක්කය සපුරා ගැනීමට හැකි විය. දින දෙකකට පසුව දෙවැනි ඉලක්කය — 750,000 ඉලක්කයද සපුරා ගැනිණ.
මෙලෙස ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වූවන් එමගින් සිය සන්තුෂ්ටිය ඉහළ නංවා ගැනීමට බාගදා සමත්වන්නට ඇති: අධ්‍යයන පෙන්නුම් කරන්නේ ස්වේච්ඡා දායකත්වය(volunteering), ඉන් ප්‍රතිලාභ ලබන පිරිස් මත පමණක් නොව ස්වේච්ඡා දායකයන් කෙරෙහිත් ධනාත්මක බල පෑමක් ඇති කරන බවයි. ලොක්ඩවුන් කර තිබූ සති 11 තුළ COVID-19 සමාජ අධ්‍යනය්ට සහභාගී වූවන්ගෙන් 55, 000කට වැඩි පිරිසක් ගැන 2021 මැයි මාසයේ සිදු කළ විශ්ලේෂණයකින් පැහැදිලි වූයේ ජීවන තෘප්තිය ඉහළ නැංවීම හා සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරකම් අතුරෙන් එකක් වන්නේ ස්වේච්ඡා දායකත්වය බවයි.

විනෝදාංශවල නිරතවීම සහ ව්යායම් කිරීම
ගෝලීය වසංගතය තුළ සතුට ඇති කිරීමට ඉවහල් වන සියල්ල සමාජ ආශ්‍රයට සම්බන්ධ ඒවා පමණක් නොවේ. ගෙවතු වගාව වැනි පුද්ගලයින් නිවසින් පිටතට ගන්නා ක්‍රියාකාරකම්, කලා කටයුතු හා පොතපත් කියැවීම වැනි නිර්මාණාත්මක කටයුතු ද පුද්ගලයින්ගේ යහ පැවැත්මට දායකවන බව ෆෑන්කෝට් පෙන්වා දෙයි. අප කවුරුත් දන්නා පරිදි, චිත්ත ස්වභාවය ඉහළ නංවන තවත් කටයුත්තක් වන්නේ ව්‍යායාම්ය. අතීත පර්යේෂණ එය චිත්ත්වේගී ප්‍රතිලාභ හා ඈඳා තිබිණ. 2020 සැප්තැම්බරයේ Frontiers in Psychology නම් සඟරාවෙහි පළවූ සමීක්ෂණයක වාර්තාවක් දැක්වූයේ ලොක්ඩවුන් කාල සීමව තුළ නිරතුරුව ව්‍යායාම් කළ අය වඩාත් ධනාත්මක මනෝභවය දැරූ බවයි. ව්‍යායාම්, තම ජීව ගුණය ඉහළ නැවීමේ වැදගත් මගක් ලෙස බොහෝ දෙනා වටහා ගෙන ඇති සෙයකි.

ගෝලීය වසංගතය තුළ මනෝවිද්‍යාත්මක කැළඹීම නැමැති අඳුරු වලාවේ රිදී රේඛාවක් ඇතොත් ඒ, මානසික සෞඛ්‍ය සාක්ෂරතාව වර්ධනය වීමය යයි ෆෑන්කෝට් කියයි. ” (මානසික සෞඛ්‍යය) ගැන යෝග්‍ය බසක් යොදා ගනිමින් කතා කිරීමට හැකියාව, තමන්ගේම රෝග ලක්ෂණ හා හැඟීම් මෙන්ම ඇතිවිය හැකි මානසික ප්‍රශ්න හඳුනාගැනීමේ හැකියාව” ආදී වශයෙන් පුද්ගලයින්ට තමන්ගේම මානසික සෞඛ්‍යය තේරුම් ගැනීම් සඳහා අරගලයක් කිරීමට බලකෙරුණු බව පෙන්වා දෙන ඇය “මානසික් සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා COVID – 19 ට වෙනම ම වැඩසටහනක් තිබුණු හැඩයි” යනුවෙන් කියා සිටින්නීය.
TIME ඩිජිටල් සඟරාවෙහි පළව ඇති 5 Ways to Feel Happier During the Pandemic, According to Science (by Tara Law) යන ලිපිය ඇසුරෙනි.