වායුගෝලයේ ඇති ප්ලාස්ටික් එයරසෝල* දේශගුනය කෙරෙහි බලපෑ හැකියි

Posted by

වායුගෝලයේ ඇති ප්ලාස්ටික් එයරසෝල* දේශගුනය කෙරෙහි බලපෑ හැකියි

පොලීතිලීන්, PVC, නයිලොන් ආදී ඓන්ද්‍රීය බහුඅවයවයක (polymers) පුළුල් පරාසයකින් තනණු ලබන කෘතීම ද්‍රව්‍යයක්  වන ප්ලාස්ටික් සොයා ගත් අවධියේ හඳුන්වා දෙනු ලැබුවේ විශ්මයජනක නිෂ්පාදනයක් ලෙසටයි. එහෙත් ගතවී ඇති වසර 150 පමණ කාලය තුළ එය බෙහෙවින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් බව සනාථ වී ඇතුවා සේම පරිසර දූෂණයට විවිධාකාරයෙන් දායක වන්නක් බවට ද පත්ව ඇත. අද thathu.com ලිපිය වෙන් වන්නේ ප්ලස්ටික් අංශුවලින් සිදුවෙන තවත් පරිසර හානියක් ගැනයි.

Sustainability | Free Full-Text | Atmospheric Micro and Nanoplastics: An  Enormous Microscopic Problem | HTML

* ඒරොසෝල හෙවත් වාතිලයන යනු ප්‍රචාලන වායුවකින් සියුම්ව විසිරවිය හැකි ද්‍රව්‍යයයි

වායුගෝලයේ ඇති ප්ලාස්ටික් කුඩා අංශු, පෘථිවියේ දේශගුනය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි යයි නවසීලන්තයේ, කැන්ටබෙරි විශ්වවිද්‍යාලයේ ලෝරා ලෙවල් සහ සගයෝ පෙන්වා දෙති. වාසර ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල තාපන සහ සිසිලන බලපෑම් අළුතෙන් ගණනය කල විට හෙළි වී ඇත්තේ, දේශගුනය මත සමස්ත බලපෑම දැඩිව රඳා පවතින්නේ වායුගෝලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ව්‍යාප්තව පවතින ආකාරය අනුවයි. වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගැන දැනට විද්‍යාඥායන් සතුව ඇති අවබෝධය දුර්වලය.

අද වනවිට දළ වශයෙන් ප්ලාස්ටික් අපද්‍රවය මෙට්‍රික් ටොන් බිලියන 5ක් පමන ඉඩම් ගොඩකළ ස්ථානවල,  සහ ස්වභාවික පරසරයන් හි ඒකරාශී වී ඇත. කාලයාගේ අවෑමෙන් මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය බිඳ  වැටෙද්දී ඒවායින් විශාල ප්‍රමානයන්ගෙන් ඉතා සියුම්, පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂීය අංශු මුදාහැරේ. ඒවායේ ක්ෂුද්‍ර බව සහ අඩු ඝනත්වය හේතු කොට ගෙන මෙම අන්වීක්ෂීය අංශු, සුළං සහ සාගර දිය වැල් මගින්  ලොව පුරා ප්‍රවාහනය කෙරිය හැක. මෙඋ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ස්වභාවික පරිසර පද්ධතිවලට් එල්ල කරන තර්ජන ගැන දැන් පෘථුල ලෙස අධ්‍යයන කරමින් පැවතුන ද පෘථිවියේ දේශගුනය කෙරෙහි ඒවායේ බලපෑම ගැන තවමත් සැබවින්ම දැනුමක් නැති තරම්ය.

දූවිලි, පරාග(රේණු) හා දුඹුල් වැනි එයරොසෝල  විසිර යමින් සුර්ර්යාලෝකය අවශෝෂණය කරගනිද්දී පෘථිවිය මතුපිට උෂ්ණත්ව වෙනස් කරන බව දේශගුන විද්‍යාඥයෝ දනිති. මෙහි ප්‍රථිඵලයක් හැටියට එකී අංශුවල බලපෑම, අනාගත ගෝලීය උෂ්ණත්ව විපර්යාස පුරෝකතනය කරන දේශගුන අකෘති තුළ මෙකී අංශුවල බලපෑම සංඛ්‍යා ලෙස ප්‍රකාශකර තිබේ (quantified). එසේවුව ද, වාසර ක්ෂුද්‍රප්ලාස්ටික්, වායුගෝලයේ එන්ට එන්ටම විශාලවන ඒරොසෝල මිශ්‍රනයෙහි කොටසක් බවට පත්වෙද්දී පවා ඒවායේ  විකිර(radiative) බලපෑම තවමත් නොදන්නා තරම්ය්.

Airborne Microplastics: A Global Issue With Implications For Human Health –  Young Scientists Journal
Microplastics - Wikipedia

ආකල්පය වැදගත්වේ

ඔවුන්ගේ අධ්‍යයනය තුළ රෙවෙල්ගේ කණ්ඩායම, වාසර ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල ප්‍රකශ ගුණලක්ෂණ(optical properties) සහ  විකිර බලපෑම පිළිබඳ ප්‍රථම වතාවට සිදු කළ විස්තරාත්මක ගණනයකිරීම් ඉදිරි පත්කළහ. වායු ගෝලයේ කිලෝමීටර 10ක් දක්වා උන්නතාංශයන් හී ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බවට උපකල්පනය කරමින් පර්යේෂක කණ්ඩායමේ ආකෘති පුරෝකතනය කළේ කුඩා ධනාත්මක සඵල විකිර බලපෑමකි. මෙහි අදහස වන්නේ, මෙකී අංශු සූර්ය ශක්තිය අංශු මගින් අවශෝෂණය කර ගනු ලබනවාට වඩා මදක් අඩුවෙන් විශ්වයට පරාවර්තනය කරන බවයි. මෙය, පෘථිවිය මතුපිට මද උණුසුම් කිරීමේ බලපෑමක් ඇති කරයි.

කෙසේ වෙතත්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් වායුගෝලයේ විසිරී ඇති අන්දම ගැන විද්‍යාඥයන් අතර දැනුම අඩුය. එසේ නොමැතිව, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු  පෘථිවි පෘෂ්ඨයට කෙළින්ම ඉහළින් වායුගෝලයේ කිලෝමීටර දෙකක ස්තරයකට පමණක් සීමාවී ඇතැයි උපකල්පනය කරමින් බැලුවොත්, පර්යේෂක කණ්ඩායම ගණනය කරන්නේ වඩාත් විශාල සඵල විකිරණ බලපෑමක් ඇති බවත් සහ එහෙයින් අතිවන්නේ සුළු සිසිලන බලපෑමක් බවත්ය. කෙසේවෙත, මෙම බලපෑම,  වායුගෝලයේ අනෙකුත් වෙනත් වර්ගයේ ඒරොසෝල මගින් හටගන්වනු ලබන බලපෑමට වඩා බෙහෙවින් කුඩාය.

කුමණ පුරෝකතනය වඩාත් නිරවද්‍යද යන්න නොතකා, පෘථිවිය මතුපිට උෂ්ණත්වය මත ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල බලපෑම වර්තමානයේ, අනෙකුත් වායුගෝලීය ඒරොසෝලවල බලපෑමට වඩා බොහෝ සේ දුර්වල බව පර්යේෂකයෝ සොයා ගත්හ.

ගොඩකල ඉඩම් සහ ස්වභාවික පරිසරයන් හී ඒකරාශී වී තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයන් පසු ගිය වසර 70 තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ගෝලීය මට්ටමෙන්, සැලකිය යුතු ක්‍රියාමාර්ග නොගතහොත් එම ප්‍රමාණය ඉදිරි වසර 30 තුළ දෙගුණ වෙතැයි අපේක්ෂා කළ හැකිය. පහල වායුගෝලය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය පැතිරී ඇති ආකාරය ගැන දේශගුන විද්‍යාඥයන් තව තවත් කරුණු ග්‍රහනය කර ගනිද්දී, රෙවෙල් ඇතුළු පර්යේෂක කණ්ඩායමේ ප්‍රතිඵල  දේශගුනය කෙරෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් බලපාන්නේ කෙසේද යන්න ගැන වඩා නිවැරදි පුරෝකතන පල කිරීමට මග පාදනු ඇත.

Nature හී පළවන Plastic aerosols in the atmosphere could affect the climate යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.