දැන් ලොවම හොල්වන ඔමික්‍රොන් කොරෝනා වෛරස ප්‍රභේදය දිනපතාම වාගේ විපර්යායන්ට ලක්වන බවක් පෙණී යයි. ඉතින් මේ මාදිලිය ගැන අපට ලැබෙන උපදෙස්, මග පෙන්වීම් හේතුවෙන් ඔබේ මනස කැළඹේ නම් එය ඔබට පමණක් සීමා වූවක් බව නොසිතන්න.

පුළුල් ලෙස වාර්තාවෙන, ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආසාදිත වූවන්ගේ සංඛ්‍යා දිනපතා වාර්තා සහගත ලෙස ඉහල යාම යන කාරණාව නම් අප බොහෝ දෙනාට පහසුවෙන් තේරුම් ගත හැකි බව පෙණීයයි. එහෙත්, ඉන් ඔබ්බට අපට පිළිතුරු ලබා ගත නොහැකි ප්‍රශ්න ගණනාවක් පවතී: රෙදිවලින් මැසූ මුව ආවරණ පැළඳීම වරදක් නැද්ද? ශීඝ්‍ර ප්‍රතිදේහ ජනක පරීක්ෂා(rapid antigen tests) කර ගැනීම එතරම් පහසුවෙන් කර ගත නොහැකි වුවත්, ඒවා වත්මන් තත්වය යටතේ අපට පිටිවහලක් වෙයිද? කොරෝනා වෛරසය නැවතත් පාලනයකින් තොරව පැතිරයන බවක් දිස්වෙන පසු බිමක නිරෝධායන කාලය දින පහක් ලෙස අඩු කිරීමට බලධාරීන් තීරණය කළේ ඇයි? වාරිකව එන ඉන්ෆ්ලුවැන්සාවේ තත්වය කුමක් ද?
එක්සත් ජනපදයේ බෝවෙන රෝග සංගමයේ අනුග්‍රහයෙන් පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී ඉහත ප්‍රශ්න ගණනාවකට සහ ගෝලීය වසංගතය ගැන අනෙකුත් ප්‍රශ්න කිහිපයකට Jeanne Marrazzo, MD සහ Joshua Barocas, MD යන බෝවෙන රෝග විශේෂඥයෝ පිළිතුරු දුන්හ. මෙහි පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
සිඝ්‍ර සහ ආවේගශීලී තොරතුරු ප්‍රවාහය
පටලැවිලි සහගත බව තවත් අවුල් කරන කාරණාව වන්නේඔමිච්රොන් සම්බන්ධව විදයාත්මක් වර්ධනයන් ගෙ සහ අදාළ නිර්දේෂවල අධි සීඝ්‍ර වේගයයි. ” නව සාක්ෂි දෛනික පදනමකින් ගලා එනවා. සමාන කරලා කියනවා නම් හරියට අහස් යානයක පියාසර කරමින් ඉන්න ගමන්ම එම අහස් යානය තනමින් යනවා වගේ වැඩක්” Joshua Barocas කියයි. නිරෝධායන කාලය පස් දිනකට සීමාකිරීම ඇතුළු මේ තොරතුරු ප්‍රවාහය හසුරුවා ගැනීමට ජනතාව සමත් ද? කොවිඩ් සඳහා පරීක්ෂණයකින් පසුව කෙනෙකුට රෝග ලක්ෂණ නැතත් හෝ මද වශයෙන් රෝග ලක්ෂණ තිබුනත් දින 10ක් තිස්සේ හුදකලා වී සිටිමට කැමැත්තක් නොදක්වනු ඇති. ඉතින් මේ යථාර්ථය නිරෝධායන සීමව අඩු කිරීමේ තීරනය වටහා ගැනීමට ජනතාවට උදව්වෙන්න ඇති බව පෙන්වා දෙන Barocas කියා සිටින්නේ දින පහෙන් පසුව ද මුව ආවරණ පැළඳීම මෙන්ම උද්යෝගීමත්ව සිටීම වැදගත් බවයි.
Barocas කොලරාඩෝ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විදයාලයේ සහායක මහාචාර්යවරයෙකි. “ජනතාවට කරන්න හැකි දේ සහ කරන්න උවමනා දේ ගැන අපි යථාර්ථවාදීව හිතන්න ඕනි” යයි හෙතෙම පවසයි.
අවදානම අඩුකිරීමේ විධි හතරක්
එන්නත්කරණය, මුව ආවරන පැලඳීම, හුදකලාවීම, සහ පරීක්ෂණ තමයි මෙම ගෝලීය වසංගතය තුළ ගොඩනැගිල්ලක් නොවැටී කෙලින් තබා ගැනීමට අවශ්‍යම කරන එහි ‘කුලුනු නැතිනම් කොන් හතර’ යයි කියා සිටින්නේ, බර්මින්ඝැම්හි අලබාමා විශ්වවිද්‍යාලයේ බෝවෙන රෝග අංශයේ අධ්‍යක්ෂිකා Marrazzo යි. සාදෘශ්‍යයේ එලෙස දැක් වූවත් නැතත් මේ මොහොතේ විකල්පවල සාපේක්ෂ හිඟය හේතුවෙන් එන්නත්කරණය සහ අනෙකුත් පියවර ඉටු නොකරම බැරිය. එන්නත්කරණය, නිරෝධායන අවශ්‍යතවයන් කෙරෙහි ද බලපාන්නේ යයි ඇය කියා සිටියි.
එකම නුමුහුන් ප්‍රතිදේහ ප්‍රතිකාරය

මේ අවස්ථාවේ එන්නත්කරණය අතිසෙයින් වැදගත්වන බව Marrazzo පෙන්වාදෙයි. කොවිඩ් රෝගය වැළඳුනු සංචර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනකිසිවක් නැති හෙයිනි. “අපට සාර්ථක නුමුහුන් ප්‍රතිදේහ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශ හැකියාවක් පමනයි’ යනුවෙන් පවසන ඇය “ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ඵ්ලදායී යයි සැළකෙන තනි නුමුහුන් ප්‍රතිදේහ ප්‍රතිකාරය GlaxoSmithKline සමාගමේ sotrovimab පමනක් වීමම අප මුහුණ පා ඇති අසීරු තත්වය පෙන්නුම් කරන්නක්” බ්ව කියා සිටියි.
කොවිඩ් 19 ප්‍රතිකාර කිරීම පිණිස මෑතක දී අනුමත කළ Pfizer සහ Merck සමාගම්වල පෙති ස්වරූපයේ ප්‍රතිකාරය තවමත් ලබා ගැනීමට නොහැකි වීම තත්වය තවත් උග්‍ර කරන්නක්. ” මුඛ මාර්ගයෙන් දෙන ඖෂධ අපට තවම නෑ. අපට අනෙකුත් විකල්ප ද නැහැ” යනුවෙන් Marrazzo සිය කනස්සල්ල පළකරන්නීය.


N95, KN95, සහ රෙදි මුව ආවරණ
මුව ආවරණ වල වටිනාකම අළුතෙන් කිව යුත්තක් නොවේ. එහෙත්, ඔමික්‍රොන් වේගයෙන් ඉහළ යාම හමුවේ, ජනතාව සිය මුව ආවරන N95, KN95 හැටියට ඉහල මට්ටමකට ගෙන යා යුතු යයි(උත්ශ්‍රේණිගත කළ යුතු යයි) මෑතක සිදුකෙරුණු නිර්දේශය නම් අළුත්ය. “ඒවා ලබා ගත හැකිනම්, ඒවා අපහසුවක් නොමැතිව පැළඳිය හැකිනම් N95 හෝ KN95 පැලඳීම තමයි නිර්දේශ කරන්න පුළුවන්” යයි Marrazzo වැඩිදුරටත් කියා සිටී. එහෙත්, තවත් වතාවක් යථාර්ථවාදීව අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ “අතකට අත් වැස්මක් වගේ මුහුණ හොඳින් ආවරණය වෙන රෙදි මුව ආවරණ ලබාගන්න පුළුවන්” බවයි. මුව ආවරණයක් නැතුව සිටිනවාට වඩා රෙදි මුව ආවරණයක් වුවද වටින බව පෙන්වා දෙන Barocas ” මම නම් නිර්දේශ කරන්නේහොඳින් වාතාශ්‍රය නොමැති, ජනයා පොදි ගැහී සිටින තැන්වල දි උත්ශ්‍රේණිගත කළ හොඳ මට්ටමේ ආවරණයක් පැළඳීමයි” යනුවෙන් කියයි.
අනික් අයට අවලාද නගන්න එපා
එන්නත්කරණය, මුව ආවරණ පැළඳීම, සහ අනෙකුත් ආරක්ෂක පියවර සම්බන්ධයෙන් අන් පුද්ගලයන් විසින් ගනු ලබන තීරණ විවේචනයට ලක් කිරීමෙන් වැලකී සිටීමට දැන් කාලය එළඹ විත් ඇති බවට Marrazzo, Barocas යන දෙදෙනාම එකඟ වෙති. දරුණු රෝග තත්වයන්ට ගොදුරුවීමේ අවදානම් සහිත පුද්ගලයින් ආර්ක්ෂා කිරීමත, තමන්ටද ශ්‍රම බලකායේ දිගටම රඳී සිටීමට මගපාදන අයුරින් රෝගයට ගොදුරු නොවී සිටිය යුතුය යන කාරණා දෙක ගැන බොහෝ දෙනා එකඟත්වය පළකරන බව පෙන්වාදෙන Barocas , මෙම ගෝලීය වසංගතය “අපගේ රටේ, අපගේ ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම බලපානවා” යනුවෙන් කියයි.


පරීක්ෂාවන්ට ලක්වීම ගැන විශේෂඥයින් දෙදෙනාගේ මතය
රෝග ලක්ෂණ හටගෙන ඇත් ඕනෑම කෙනෙකු හැකියාවක් ඇතොත් වහාම හුදකලාවීම යෝගය කියලයි Marrazzo නිර්දෙශ කරන්නේ. “පරීක්ෂාවට ලක්වෙලා ප්‍රතිඵලය සෘණාත්මක නම් හිතට කොච්චර් සැනසීමක්ද?” යනුවෙන් ප්‍රශ්න කරන ඇය, පරීක්ෂාවෙන් පසුව ප්‍රතිඵලය ධනාත්මක නම් දින 5ක් හෝ 6ක් හුදකලා වී සිටියොත් ඔබෙන් අනෙක් අය ආසාදන වීම බොහෝ සේ අඩුවෙන බව පෙන්වා දෙන්නීය. නිරොදන කාලය අඩු කළ නමුත් CDCය නිදේශකරන්නේ සම්පූර්ණ දවස් 10මමුව ආවරන පළඳිමින් ආරක්ෂාව ගැන අවධානයෙන් කල් ගත කළ යුතු බවයි.
ශීඝ්‍ර ප්‍රතිදේහ ජනක පරීක්ෂා ආසාදන පාලනය කිරීමෙහි ලා බොහෝ සේ වැදගත් බව පෙන්වා දෙන Barocas “ඒවා ඕබට ඕගයෙන් ආරක්ෂාව සලසන්නේ නැති වුවත් ඔබ අවට් සිටින අයට ආරක්ෂාව සැලසීමට මග පාදන බව පවසයි. තමන්ගේ තත්වය ගැන නිසියාකාරව දැන සිටීම වැදගත් බව අනෙකුත් බෝවෙන රෝග සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ විශේෂඥයන් පෙන්වා දෙන කාරණාවකි.

සුබවාදී වෙන්නට හේතු සාධක
ගෝලීය මහා වසංගතය සම්බන්ධයෙන් සුබවාදී විමට වඩාත්ම බලපා හැකි කාරණාව දක්වන්නැයි දෙදෙනාගෙන් ඉල්ලා සිටින ලදුව, Marrazzoගේ තෝරා ගැනීම වූයේ Pfizer සමාගමේ Paxlovid මුඛ ප්‍රතිවෛරස පරතිකාරයයි(oral antiviral treatment). මුල් අවස්ථාවලදීම මේ ඖෂධයෙන් ප්‍රතිකාර කිරීමෙන් පුද්ගලයින්ට රෝහල් ගත කිරීමෙන් වැළකී සිටීමට හැකිවන අතර රෝහල්වල කාර්ය මණ්ඩල හිඟය ද මගහරවා ගැනීමට් මග පාදන බව ඇය පෙන්වා දෙයි.

මහා වසංගතය හට ගෙන ගත වූ වසර දෙකක කාලය ගැන ධනාත්මකව සිතා සතුට පළ කරන Barocas , එන්නත් වැඩිදියුණු කිරීම, සහ අනෙකුත් ආර්ක්ෂක පියවර, ප්‍රතිකාර ක්‍රම, පොදු සෞඛ්‍ය සේවාවේ අධෝව්‍යුහය වර්ධනය වීම සහ ජෙනෝමීය අනුක්රමණයන්ට වැඩි හැකියාව ලැබීම යහපත් අංඟ ලෙස දක්වයි.
WEBMD HEALTH NEWS හී පළවන How to Make Sense of Omicron and Changing COVID Protocols යන ලිපිය ඇසුරෙනි