ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මුලින්ම සොයා බලන්නේ කුමක් ගැන ද?
නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය(ටෙලස්කෝපය) එහි ප්‍රාථමික කැටපත් කොටස් 18 එකේළි කිරීමේ ක්‍රියාදමය ආරම්භ කරද්දී තාරකා විද්‍යා ප්‍රජාව සිත් කළඹන ප්‍රශ්නයකට මැදිව සිටිති: මේ මහා නිරීක්ෂණාගාරය මුලින්ම සොයා බලනු ලබනවා ඇත්තේ කුමක්ද?
වෙබ් ටෙලස්කෝපය පසුගිය මස 25 දා එනම් නත්තල් දා අභ්‍යවකාශය වෙත ඉහල නැග ගත වූ සති දෙක තුළ දී එහි ප්‍රධාන යොදාගැනීම් සාර්හකව සම්පූර්න කිරීමෙන් අනතුරුව එහි අවසාන ගමනාන්තය දක්වා සීඝ්‍රයෙන් ඇදී යයි, එනම්: අපගේ පෘථිවි ග්‍රහයා සිට කිලෝමීටර 1.5ක් ඈතින් අභ්‍යවකාශයේ පිහිටි ගුරුත්වාකර්ෂණීය වශයෙන් ස්ථාවර ස්ථානයක් වන පෘථිවිය සහ සූරයයා අතර ලැග්රෑන්ග් 2 ලක්ෂයයි(Earth-sun Lagrange Point 2 (L2)).

***************
ලැග්‍රැන්ගි ලක්ෂ්‍යය(Lagrange Point) යනු අභ්‍යවකාශ වඩාත් විශල වස්තු දෙකක(විශේෂයෙන්පෘථිවිය සහ සූර්යයා) භ්‍රමනයට සාපේක්ෂව තවත් ආකාශ වස්තුවක් අථිතිකව හෙවත් නිශ්චලව පැවතිය හැකි පිහිටීමක්
***************
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ හයපට්ටම් දර්පණ 18 කින් සමන්විතයි. ඒවා එකිනෙක පේල ගස්ව තනි එක් සුසාධිත ආලොකය රැස්කෙරෙන පෘෂ්ඨයක් බවට ක්‍රමයෙන් පත් කල යුතුව තිබුණි. එම ක්‍රියාදාමයේ අවශ්‍යම අංගයක් වූයේ එකේළි කිරීමේ ක්‍රියාදමය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේ දැයි සොයා බැලීමයි. එහෙත්, වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ මෙහෙයුම්ම් ව්‍යාපෘති විද්‍යාඥ(Webb operations project scientist) ජේන් රිග්බි, සැවොම “මුල් එළියෙන්”ම බොහෝ දේ අපේක්ෂා කර නොසිටින ලෙස අවවාදාත්මකව දනුම් දී තිබුණි.
“මුල්ම අනුරූප සිත් නොගන්නා බව සිකුරුයි. ඒවා අඳුරු, අපැහැදිලි අනුරූප වන්නට පුළුවන්” ජනවාරි 8ද පැවති සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රිග්බි වාර්තා කරුවන්ට කියා සිටියේය. වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි මීටර 6.3ක් පළල ප්‍රාථමික දර්පණය එදින සාර්ථකව යොදා ගනීම ගැන මෙහිදී සකච්ඡා කෙරින. රිග්බි වාර්තාකරුවන හා සජීවීව කතා බහේ යෙදුනේ. දුරේක්ෂයෙහි මෙහෙයුම් කේන්ද්‍රගතව ඇති, මේරිලන්ඩ් හි ඵිටි නාසා ආයතනයේ ගොඩාඩ් අභයවකාශ පියාසර මද්‍යස්ථනයේ(Goddard Space Flight Center ) සිටය.
එකී සිත් නොගන්නා මුල්ම අනුරූප නිකුත් කිරීමට ඔවුන් අපේක්ෂා කරන්නේ ද යන්න ගැන වෙබ් කණ්ඩායමේ සමාජිකයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කිසිවක් අනාවරනය නොකලහ. ප්‍රාථමික දර්පණ කොටස් මුල දී මිලිමීටර් තරම් ප්‍රමානවලින් දුරස්ත විය හැකිය; එහෙත් දුර ඈත ගලක්සිවල තාරකා දැකීමේ දී හෝ ඈත පිහිටි බහිස්ග්‍රහයෙකු(exoplanet) වෙතා තියුණුව එල්ල කරද්දී යථාතථ්‍ය නොවන මේ ඉතා සුළු ප්‍රමාණය විශාල එකක් බවට පරිවර්තනය විය හැකිය.

කෙසේවෙතත්, මෙම මෙහෙයුමේ 120 වැනි දිනය වනවිට, ඒ කියන්නේ දළ වශයෙන් අප්‍රියෙල් 24 පමන වන විට කැටපත් කොටස් 18 එකේළි කිරීමේ ක්‍රියාදමය අවසන් වී දුරේක්ෂය මගින් වඩා යථාතථ්‍යව දුර මන්දාකිණි නිරීක්ෂනය කිරීමට හැකි වෙනු ඇතැයි ඉංජිනේරුවරු අපේක්ෂා කරති. “මෙක හරියට මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්: අපි හිතමු තනි තනියෙන් ගත්තොත් ලොව ඉතාම දක්ෂතම ගායිකාවන් 18 දෙනෙකු ඉන්නවා කියලා. ඒගොල්ලන්ගේ තාලෙට, එ ගොල්ලන්ගේ ගැයුම ඉතා සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් ඒ සංගීතය එක් තනි මහා සංවිධිත ප්‍රසංගයක් බවට පත් කිරීම ක්‍රමණුකූලව සිදු කල යුතු මහා අසීරු කාර්යයක්. ඒ ක්‍රියා දාමයේ තමයි දැන් අපි ඉටුකරන්නේ.
ඊළඟට වැදගත්වන ප්‍රශ්නය වන්නේ ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය සිය අවධානය මුලින්ම කුමක් වෙත යොමු කරාවිද යන්න යන්නයි. 1990 දී දියත් කළ, පුරෝගාමී හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකෙන මේ නිරීක්ෂණාගාරය භාවිත කිරීමට හෙවත් “දුරේක්ෂ වේලාවක්” ලබාගැනීමට තාරකා විද්‍යාඥයන්ගෙන් ලැබුණු ඉල්ලීම් විශාල සංක්‍යාවෙන් බොහොමයක්ම ඉවත දැමීමට සිදුවිය. ප්‍රතමයෙන් ඉටු කල යුතු “විද්‍යා වැඩසටහන්” ස්වල්පයක් නාසා වෙබ් අඩවියෙහි සඳහන් කර ඇතත් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මුලින්ම සොයා බලන්නේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේවෙතත්, වෙබ් අභ්යවකාශ දුරේක්ෂය සේවයට යොදාගැනීමෙන් පසුව මුල් අවධියේ සොයා බැලීමට නියමිත ඉංජිනේරුමය ඉලක්ක කිහිපියක් අපි දන්නෙමු. “හොඳින් සහ ඒකරූපී දිලියුමකින් හෙබි මූලයන් කිහිපයක් ගැන අපට දැනුමක් තියෙනවා. ඉතින් අපට පුළුවනි අනාවරක(detector) ක්‍රියාකරන්නේ කෙසේ දැයි පරික්ෂා කිරීමට… මේ ඉලක්ක බොහොමයක් පිහිටා තිබෙන්නේ (අපෙන් ආලෝක වර්ෂ 160,000ක් දුරින් පිහිටි) මහා මැගලනි වලාකුළෙහිය. මන්ද, අපට සැමවිටම උත්තර සහ දක්ෂිණ කක්ෂතල ධ්‍රැවයන් දැක ගත හැකි බැවිනි. ඒව සැම විටම තිබෙන දේවල්” යයි රිග්බි වැදුරටත් පහදා දෙයි.

නිරීක්ෂණාගාරය සේවයට යොදවන මුල්ම කාලයේ ඉලක්ක ලෙස ක්ෂීර පථය අපේ මන්දාකිණියට සාපේක්ෂව සමීප වාමන මන්දාකිණියක් වන මහා මැගලනි වලාකුළ(Large Magellanic Cloud) තුලම ඉලක්ක ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂ කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවේ වෙබ් දුරේක්ෂය කවදා දියත් කලත් බාධවකින් තොරව මේ ඉලක්ක දෙස යොමුවිය හැකි නිසා බව ඇය තවදුරටත් කියා සිටියි.
මෙය ප්‍රඥාගෝචර තීරනයක් බව පෙණී ගියේ ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය අභයවකාශගත කිරීමේ දිනය කිහිප වතාවක්ම කල් දැමීමට සිදුවූ නිසාවෙනි.
Space.comහී පළවන What will the James Webb Space Telescope look at first? යන ලිපිය අසුරෙනි