ඔමික්‍රොන් විචලකය: විශාරදයන් ඒ ගැන මෙතරම් සැලකිළිමත් වන්නේ ඇයි?
Covid-!9 වසර දෙකකට වඩා ගතවී ඇතත් නිතරම අලුත් ප්‍රවෘත්ති මැවීමට තවමත් එය සමත්. කලක් ඩෙල්ටා ප්‍රභේදය ගැන කතා කළා වගේ අද මුළු ලොවම කතා බහ කරන්නේ, විමතියෙන් පසුවන්නේ ඔමික්‍රොන්(Omicron) ගැනයි. ඒ මන්ද කීවොත් එය ලොවපුරා සීඝ්‍රයෙන් පැතිර යන නිසයි. ඔමික්‍රොන් වඩා දරුණ් උ ද? එය වඩාත් සීඝ්‍රයෙන් පැතිරේද? ඔමික්‍රොන් ගැන අප දන්නේ මොනවා ද? මෙ ප්‍රශ්න සහ තවත් අදාල කාරණා ගැන ලෝක සෞඛ්‍ය සංවිධනයේ Science in 5 වැඩසටහනේ දී Vismita Gupta-Smith නගන ප්‍රශ්නවලට Dr Maria Van Kerkhove දුන් පිළිතුරු අද thathu.com ලිපියෙන් දැක්වේ.

ප්රශ්නය: ඇත්තටම අපි ඔමික්‍රොන් විචලකය ගැන දන්නේ මොනවාද? විශේෂයෙන්ම එහි සීඝ්‍ර පැතිරීම ගැන මොකක් ද කියන්නේ?
පිළිතුර: මුලින්ම කියන්න තියෙන්නේ Covid-!9 හට ගන්වන SARS-CoV-2 ප්‍රභේද, මාදිලි, විචලක ගැන විද්‍යාඥයන් නිරන්තරයෙන්ම කරුණු හදාරමින් ඉන්නේ. අපි දිනපතාම පාහේ ඔමික්‍රොන් විචලකය ගැන බොහොමයක් කරුණු දැනගන්නවා. ඒ නිසා අපට කියන්න පුළුවන් වෙන්නේ දැනට තියන සාක්ෂි අනුව, දැනට තියන තත්වය ගැනයි.
අපි මුලින්ම එහි සීඝ්‍ර සම්ප්‍රේෂණ හැකියාව ගැන කතා කරමු. මොකද, ඔමික්‍රොන් ගැන කතා කරන කොට කාටත් සිහියට නැගෙන්නේ ඔය කාරණාව නේ? ඔමික්‍රොන් විචලකයේ සම්ප්‍රේෂයතාව ගත්තොත් අප දකින්නේ ඇත්තටම සැලකිලිමත්බවක් තියන අනෙකුත් විශලක හා සසඳද්දී ඔමික්‍රොන් වර්ධන වේගයේ ඉහළ යාමයි. මේ ඉහල යාම මෙතෙක් අප දැක ඇති තියුණුම වර්ධන වේගයක්. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය මත ඔමික්‍රොන් විචලකයට වර්ධන වාසියක් තියනවා. එයින් අදහස් කෙරෙන්නේ, ඔමික්‍රොන් හමුවූ තැන්වල සිද්ධි සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් ඇතැයි යන්නයි.
මේ අවස්ථාවේ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ජනගහන අතරේ දැනට සංසරණය වන නැතිනම් පැතිරෙන අනෙකුත් ප්‍රභේද සමග තරඟ කිරීමට ඔමික්‍රොන්වලට හැකිවේ ද? යන්නයි. නිදසුනක් හැටියට ගතහොත් ඔමික්‍රොන් විචලකය, ඩෙල්ටාව තරඟයෙන් ඉවතටම දාවිද?
ස්ථිර යමක් කීමට තරම් තවම කල් වැඩි නමුත් අපට මෙහෙම නම් කියන්න පුළුවන්: ඔමික්‍රොන් හා සම්බන්ධ බවට හඳුනාගනු ලැබ ඇති විකෘතීන්(mutations) අනෙක් ප්‍රභේද මත වර්ධන වාසියක් ඔමික්‍රොන්වලට අත්පත් කරදෙන අතරම ඊට, වඩාත් සම්ප්‍රෙෂ්‍ය හැකියාවක් ලබාදෙනවා. ඉතින් මේ කාරනාව තමයි විද්‍යාඥයන් හැටියට අද අපේ සැළකිල්ල යොමුවෙලා තියෙන්නේ. අප දන්නා පරිදි සිද්ධි වැඩිවෙත්ම සම්ප්‍රේෂයතාව වැඩිවෙනවා. ඉතින් සම්ප්‍රේෂයතාව වැඩිවෙන විට තවතවත් සිද්ධි සංඛ්‍යාව වැඩිවෙනවා. සිද්ධි වැඩිවෙනවා කියන්නේ රෝහල් ගතකිරීම් වැඩිවෙනවා කියන එකයි. ඉතින් රෝහල් ගතකිරීම් වැඩිවෙද් දී දැනටමත් දැරීමට අපහසු බරක් පැටවී තිබෙන රෝහල් සත්කාර පද්ධතියෙන් ජනතාවට යෝග්‍ය සත්කාර නොලැබී යාමට පිළිවන.
************
ප්‍රශ්නය: ඔමික්‍රොන් සීඝ්‍ර සම්ප්‍රේෂණ හැකියාවෙන් යුක්ත වගේම එය දරුණු රෝග තත්ත්වයන් ඇති කරයි ද? ඒවගේම මේ තාක් අප දැක ඇති රෝග ලක්ෂන මොනවාද?

පිළිතුර: ඔමික්‍රොන් හී දරුණු බව ගැනත් අපි තවම හදාරමිනුයි ඉන්නේ. අප දන්න දෙයක් තමයි ඔමික්‍රොන් බෝවුණු අයට රොග පූර්ණ ආවලියම හටගන්න පුළුවන් කියන එක: අලාක්ෂණික ආසාදනය, මද ආසාදනය, රෝහල් ගතවීමේ තත්වයන් ආදී සෑම රෝග තත්වයක්ම; ඒ වගෙම මිනිසුන් ඔමික්‍රොන්වලින් මියගිහිනුත් තියනවා. ඩෙල්ටා හා සසඳන විට ඔමික්‍රොන් දරුණු නැති බවක් දැක්වෙන ආරම්භක වාර්තා අපට ලැබිලා තියනවා තමයි. කොහොමවුනත්, අපි කළිනුත් සඳහන් කළා වගේ, සිද්ධි සංඛ්‍යාව ඉහල ගියොත් රෝහල් ගත කිරීම් වැඩිවෙනවා. රෝහල් ගත කිරීම් වැඩිවෙද්දී රොහල්වල ඇතිවන තද බදය හේතුවෙන් රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීම අපහසුවීමෙන් මිනිස්සු මරණයට පත්වෙන්න පුළුවන්.
************
ප්රශ්නය: ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා පුද්ගලයන්ට කළ හැක්කේ කුමක් ද? එතකොට, දැනට තියන එන්නත් ගොන්න ගැන මොකද කියන්නේ?
පිළිතුර: ඔමික්‍රොන් වලින් ආරක්ෂා වී සිටීම සඳහා කල හැකි දේ ගොඩාක් තියනවා. ඔය ලයිස්තුවේ මුලින්ම තියෙන්නේ එන්නත් කරනය. ඔව් මුලින්ම කරන්න ඕන එන්නත් ලබාගන්න එක. ඔමික්‍රොන්වලට එරෙහිව එන්නත්වල ඵලදායීතාව ගැන සොයන අධ්‍යයන ගණනාවක්ම තියෙනවා. දැන් ඇත්තටම මේ අධ්‍යයන පැවැත්වෙමින් තිබෙනවා. අපට සම්පූර්න චිත්‍රයක් ගොඩ නගාගන්න තවම ලැබිලා නැහැ. හැබැයි, එහෙම වුණාට එන්නත් ලබා නොගෙන ඉන්නවාට වඩා එන්නත් කර ගැනීම හොඳ බව අපි හොඳාකාර දන්නවා.
ලෝකයේ රටවල් සියල්ලම ගත්තහම තීරනාත්මක වන කාරණය තමයි, අවදානමට ලක්වන පුද්ගලයන්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වගේම, වෙනත් රෝග තත්වයන්ගෙන් පෙළෙන්නන් සිය එන්නත් ප්‍රථම සහ දෙවන මාත්‍රා වශයෙන් නොවැරදීම ලබා ගත යුතු වීම.

හැබැයි ඉතින් ඒ එක්කම සෑම රටකම වඩාත්ම අවදානම්ලාභීන්හට සපයනු ලබන එන්නත් ආවරනය වැඩිකරන්න ක්‍රියා කරනවා එක්කම සෑම තැනකම සම්ප්‍රේෂනය පහළට ගෙන එන්න අවශ්‍ය පියවර ගතයුතුයි.
මේ සඳහා කළ යුත්තේ අපට මේ වෙද්දී හුරුපුරුදු සරල ආර්ක්ෂක ක්‍රම අනුගමනය කිරීමයි. ඒවායේ අගය කියා නිම කර නොහැකි නිසා මම මෙහිදී නැවත කෙටියෙන් දක්වන්නම්: සමාජ දුරස්ත බාවය හටියට හඳුන්වන කායිමව දුරස්තව සිටීම, මුහුණට හොඳින් ගලපෙන ආවරණයක්(well-fitted mask) පැළඳීම, අත් නිතර නිසියාකාරව පිරිසිදුව තබාගැනීම, සෙනග ගැවසෙන තැන් මගහැරීම, අප වාසය කරන තැන, වැඩ රාජකාරි කරන තැන, පාඩම් කරන තැන, සෙල්ලම් කරන තැන මනා වාතාශ්රයක් පවත්වාගෙන යාම. ඒ වගේම මේ මොහොතේ වඩාත්ම වැදගත් සාධකය තමයි, අප අවට පැතරයන්නේ මොන විචලකයද නැතිනම් ප්‍රභේදයද යන්න සෙවීමට වඩා වෛරසට නිරාවරනය වීම පුළුවන් තරම් අඩු කරගන්න එක. මේ වේලාවේ අප මොන දේ කලත් ඩෙල්ටා ප්‍රභේදය තවමත් ලොව පුරා ප්‍රමුඛයි; එය පහළට දාමාගැනීමට අප ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම මේ වේලාවේ අප මොන දේ කලත්, ඔමික්‍රොන් කොයි වේශයෙන් ඒවිද එමෙන්ම අප කොයි තරම එය ගැන අවබොදයක් ලබාගනී ද යන්න නොතකා ඔමික්‍රොන් විචලකය, ඩෙල්ටා වයාප්තියෙන් ඵලප්‍රයෝජනය ගන්නවා. ඒ නිසා ඔබ ආර්ක්ෂා වී සිටීම පිණිස ඔබට කළ හැකි උපරිමය ඉටු කරන්න. ඔබට ලැබෙන මුල් අවස්ථාවේදීම එන්නත් ලබාගන්න; ඔබ කොහේ ජීවත් වුනත්, මේ වෛරසට ඔබ නිරාවරණය වීම අවම කරගන්නා බවට වගබලාගන්න.
************
ප්රශ්නය: ඔමික්‍රොන් ගැන තවදුරටත් කතා කරමු. ඇත්තටම ප්‍රශ්න ගණානාවක්ම මගේ හිතට එනවා. ඔමික්‍රොන් දරුණු බවින් අඩු විචලකයක් නම් ඉන් ඇතිවන රෝග තත්වයෙන් ඇයි මිනිස්සු රෝහල් ගතවෙන්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? අවසානයේ හැමෝටම ඔමොක්‍රොන් වැළඳේවි කියන කතාව ඇත්තක් ද? ඔමික්‍රොන් සම්ප්‍රේෂණය අඩුකිරීම් වැදගත් වන්නේ ඇයි? අපි මුල් ප්‍රශ්නයෙන් පටන් ගමු: ඔමික්‍රොන් එතරම් දරුණු නැතිනම් ඇයි සමහරු ඉන් මිය යන්නේ?
පිළිතුර: ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රොන් දරුණු කමින් අඩු බවට තොරතුරු අපට වැඩි වැඩියෙන් ලැබෙමින් තියනවා. ඒ වුණත්, ඒක භයානක වෛරස ප්‍රභේදයක් හැටියට තවදුරටත් සැලකිය යුතුයි. ඔමික්‍රොන් ප්‍රභේදයට නිරාවරනය වන පුද්ගලයන්ට, මම කලින් කිව්වා වගේ අලාක්ෂණික රෝග ලක්ෂණ වල සිට මරනය දක්වා පූර්න රෝග ආවලියේ ඕනෑම තත්වයක් හට ගන්න පුළුවන්. වෙනත් ශරීරගත රෝගාබාධවලින් පෙළෙන අය, වයස්ගතව සිටින අය, එන්නත් ලබාගෙන නොමැති අය ඔමික්‍රොන් ආසාදනයෙන් පසු දරුණු Covid-!9 තත්වයකට පැමිණිය හැකි බව අප අවබෝධ කර ගනිමින් සිටිනවා. මිනිසුන් තවදුරටත් මේ නිසාවෙන් රෝහල් ගත වෙනවා; මිය යනවා. ඒ හින්දා අපට ක්ෂේත්‍රයෙන් නිවැරදි තරතුරු ලබා ගැනීම හරි වැදගත්. එම තොරතුරු අපට හඟවන්නේ ඔමික්‍රොන් ඩෙල්ටාවට වඩ දරුණු බවින් අඩු කියලයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ඔම්ක්‍රොන් මෘදු විචලකයක් කියලා.
************
ප්රශ්නය: ඔමික්‍රොන් විචලක්යේ සිඝ්‍ර සම්ප්‍රේෂණතාව හේතුවෙන් එය අවසානයේ සෑම දෙනාටම හැදෙන්න පුළුවන් කියන වාර්තා අපට දැක ගන්න තියනවා. මේක ඇත්තක් ද? ඇත්තක් නම් ගතයුතු ආරක්ෂක පියවර මොනවාද?
පිළිතුර: වෛරසයේ සංසරණය අතින් ගතහොත්, ඔමික්‍රොන් ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා යමින් සිටිනවා. ඒ වගේම මිනිසුන් මිනිසුන් අතර සම්ප්‍රේෂණය කාර්යක්ෂමයි. හැබැයි ඒ නිසාම අපට කියන්න බැහැ අවසානයේ අප සැමට ඔමික්‍රොන් ආසාදනය වෙනවා කියලා. ඒත් ලොව පුරා සිද්ධි සංඛ්‍යා ඉහළ යන බවත්, එක්වරම සිද්ධි සිඝ්‍ර ඉහළ යාම් තිබෙන බවත් පෙණී යනවා. මේ කාර්නාව දනටමත් අධික බරක් පැටවී ඇති අපේ සෞඛ්‍ය සේවාවන් මත තවත් මහ ඉහළ බර පැටවෙනවා. අපදැන් පිවිස සිටින්නේ ගෝලීය මහා වසංගතයේ තුන්වැනි වසරට යන්න සලකද්දී මෙය වඩාත් පැහැදිලිවෙන්න ඕන. ඉතින් පුද්ගලයන්ට් ඒ අයට ඔබින ප්‍රතිකාර නිසියාකාරව නොලැබේ නම් මිනිස්සුන්ට දරුණු රෝග තත්ව ඇතිවෙන්න පුළුවන්. මිනිස්සු මැරෙන්න පුළුවන්. ඒක අප වළක්වාගත යුතු තත්වයක්.

ඒ නිසා තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා එහි හවුල් කරුවන් සමග ඒකතුවෙලා ඔමික්‍රොන් ප්‍රභේදයට නිරාවරණය වීම අඩු කරන්නට ඒ වගේම, ආසාදනය වීමට ඇති අවස්ථා හීන කරන්නට පරිපූරණ ක්‍රමෝපායක් සකස් කරලා තියෙන්නේ. මුලින්ම කිව යුත්තේ එන්නත්කරණය දරුණු රෝග තත්ත්ව වලට සහ මියයෑමට එරෙහිව අදහා ගන්නට බැරි තරමේ ආරක්ෂාවක් සපයනවා කියන එකයි. එපමනක් නොවෙයි එය ඇතැම් ආසාදන සහ ඇතැම් පෙරට යන සම්ප්‍රේෂන වළක්වනවා. ඒවුණත් ආසාදන හා සම්ප්‍රේෂන වැළැක්වීම අතින් එන්නත් පරිපූරණයි, සුසාධිතයි කියන්න බැහැ. ඒ හන්දා තමයි ජනතාව වෛරසයන්ට නිරාවරනය වීමෙන් වැළකීමට වගබලාගතයුතු යයි අප නිර්දේශ කරන්නේ. ඊට අවශ්‍යවන්නෙ අප ඉහතින් සඳහන් කර ඇති අපට දැන් හුරු සරල උපක්‍රම අනුගමනය කිරීමයි.( සමාජ දුරස්ත බාවය හටියට හඳුන්වන කායිමව දුරස්තව සිටීම, මුහුණට හොඳින් ගලපෙන ආවරණයක්(well-fitted mask) පැළඳීම, අත් නිතර නිසියාකාරව පිරිසිදුව තබාගැනීම, සෙනග ගැවසෙන තැන් මගහැරීම, අප වාසය කරන තැන, වැඩ රාජකාරි කරන තැන, පාඩම් කරන තැන, සෙල්ලම් කරන තැන මනා වාතාශ්රයක් පවත්වාගෙන යාම; වෛරසට නිරාවරනය වීම පුළුවන් තරම් අඩු කරගන්න එක). වෛරසය ආසාදනය වීම වළක්වාගෙන ඔබත් ආරක්ෂාවී අනෙක් අයට ආසාදනය වීමද වලක්වාගන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි Science 5 වැඩසටහන් මාලාවේ අංක 63 සහ 64 ඇසුරෙනි.