කළුකුහර කීවාට සියල්ලම කළු නැහැ— දීප්තිමත්ම කළුකුහර 75,000කට වැඩියෙන් සොයා ගැනේ.
අති දැවැන්ත තාරකා බොහොමයක් මියගිය විට, ඒවා ඇද හැලෙන්නේ විශ්වයේ වඩාත් ඝනම වස්තූන් සමහරක් සෑදෙන ආකාරයටය. එනම්, කළු කුහරයි. සමස්ත ඛගෝලයේ අඳුරුතම වස්තූන් ඒවාය. ඒවායේ ඇදහිය නොහැකි මට්ටමේ ගුරුත්වය හේතුවෙන් කළු කුහරවලින් ආලෝකයට පවා ගැලවී පැවතිය නොහැකිය. මේ කාරණාව නිසා, කළු කුහර සෘජුවම් අනුරූපනය කළ නොහැකිය. කළු කුහර ගුප්ත, දුරවබෝධ වස්තූන් බවට පත්වන්නේ එහෙයිනි. එසේවුවද, කළු කුහර අතුරෙන් වඩාත්ම (හසුවෙන සියල්ල ගිලදමන) ‘කෑදර’ ඒවා සමහරක් ‘සොයා’ ගැනීමට නව පර්යේෂණ මග පාදා ඇත්තේ දුර ඈත මන්දාකිණි මධ්‍යයේ සැඟවී සිටින එම කලු කුහර හඳුනාගැනීමට හැකිවෙන අන්දමටය.

කළුකුහර යයි කීවාට සියල්ලම කළු නොවන්නේය. කළුකුහර විවිධ ප්‍රමානයන්ගෙන් යුතු වන අතර වඩාත්ම විශාලතම ඒවා ඇත්තේ මන්දාකිණි මධ්‍යයේ වන අතර තවමත් ඒවා වර්ධනය වෙමින් පවතී. මෙවන් ‘සුපිරි දැවැන්ත’ කළුකුහරවල ස්කන්ධය (අපේ) සූර්යයන් බිලියනයක තරමේ විය හැකියි. අපගේ ක්ෂීර පථය(Milky Way) මන්දාකිණිය මධ්‍යයේ පිහිටා ඇති, Sagittarius A* යනුවෙන් හඳුන්වනු ලබන කළුකුහරය සාපෙක්ෂව සන්සුන් එකකි. එසේ වුව්ද, සියළුම ‘සුපිරි දැවැන්ත’ කළුකුහරවල ගතිය එය නොවේ. (* 2020 නොබෙල් ත්‍යාගය හිමිවූයේ මේ කළුකුහරය සොයා ගැනීම වෙනුවෙනි).
වායු, ධූවිලි, හෝ තාරකා වැනි ද්‍රව්‍ය හා වස්තූන් කළුකුහරයකට ඕනෑවට වඩා සමීප වුවහොත් ඒ සියල්ල ගිල ගැනෙන්නේ එහි දැවැන්ත ගුරුත්වාකර්ෂණීය බලය නිසාවෙනි. එය කළුකුහරය වෙත වැටෙද්දී, එය අධිකව රත්වීමෙන් අදහාගන්නට බැරි තරමට දීප්තිමත්වේ. මේ කළුකුහර මගින් නිපදවන ආලෝකය, X කිරණවල සිට රේඩියෝ තරංඟ දක්වා සම්පූර්ණ විද්‍යුත්චුම්භක ආවලියම(electromagnetic spectrum) ආවරනයවේ. මන්දාකිණි මධ්‍යයේ ඇති දීප්තිමත් කළුකුහර වලට තවත් නමක් වන්නේ “සක්‍රීය මන්දාකිණි න්‍යෂ්ටී (“active galactic nuclei” හෝ AGN). ඒවා සූර්යයා මෙන් ට්‍රිලියන ගුණයකින් දිදුලීමට හැකි අතර සමහරක් අවස්ථාවල එය අයත් සමස්ත මන්දාකිණියේ තාර්කා සියල්ලම පරදවා බැබලිය හැකිය.

සමහරක් AGN ජෙට් ධාරාවක් මාර්ගයෙන් පදාර්ථ වේගයන් වමාරා බැහැර කරයි. ඒවා අභ්‍යවකාශය හරහා කිලෝමීටර මිලියන ගණන් ගමන් කරන අතර රෙඩියෝ ටෙලස්කෝප(දුරේක්ෂ) මගින් දැක ගත හැකිවේ. අනෙක් ඒවා, මන්දාකිණිය මධ්‍යයේ “සුළං” නිපදවීමට සමත්වන අතර එම “සුළං”වලට ඕනෑම වායුවක්(තාරකා සෑදීමට අවශ්‍යවන ඉන්ධන වන්නේ මේ වායු තමයි) මන්දාකිණියෙන් පිටතට තල්ලුකර දැමීමට සමත්ය.
මන්දාකිණිය මධ්‍යයේ මෙවන් ‘විනාශකාරී’ බලයන් පවතින විට ඒවා මන්දාකිණිය කෙරෙහිමත් ප්‍රබල බලපෑමක් අතිකරන බවයි තාරකා විද්‍යාඥයන්ගේ අදහස. ගැලැක්සි බොහොමයක් තාර්කා බිහිකිරීමේ සිය ක්‍රියාදාමය සෙමින් සෙමින් අත්හරිමින් සිටිනා බව විද්‍යාඥයන් දන්නා අතර මීට වගකිවයුතු එක් වග උත්තරකරුවෙකු වන්නේ AGN යයි කල්පනා කරනු ලැබේ. ඉතින් මෙහෙම බලනවිට මේ ගුප්ත කළුකුහර වඩා හොඳින් අවබෝධකරගැනීමට AGN අපට උපකාරී විය හැකි වනවා පමනක් නොව ඒවා (AGN) අධයනයෙන් අපට මන්දාකිණි ගැන තව තවත් දේ උගෙන ගත හැකිවේ.

කළුකුහර ‘ගිල දමන්නේ’ මොනවාද?, එය ඇත්තේ කුමණ මන්දාකිණියේද?, සහ එය අපට දැක බලාගත හැක්කේ කුමන කෝණයකින් ද? යන්න මත පිහිටා එකිනෙකින් බොහෝ සේ වෙනස් ආකාරයට ඒවා දිස්විය හැකිය. එකම ගැලැක්සියක දී බැලුවත්, Xකිරණ ටෙලස්කෝපයක් යොදා ගන්නා තාරකාවිද්‍යාඥයෙකු එය දිලිසෙනු දැක AGNයක් සොයා ගැනීමට සමත් විය හැකි අතර, රේඩියෝ වර්ණාවලියේදී දැකිය හැකි ධාරා නිපදවන AGNයක් නොවේ නම් රේඩියෝ ටෙලස්කෝපයක් භාවිත කරන තවත් වෙනත් තාරකාවිද්‍යාඥයෙකු කිසිවක් නොදැකීමට ඉඩ තිබේ.
මේ කාරනාව නිසාවෙන්, මේවා සියල්ල එකිනෙකට වෙනස් වස්තූන් ලෙස කලින් සැළකිණ. එහෙත්, එකම වස්තූන් දෙස වෙනස් ටෙලස්කෝපවලින් බලද්දී මේවායේ බොහෝ සමානකම් ඇති බව තාරකාවිද්‍යාඥයන් වටහා ගත් අතර ඒවා සොයා ගැනීමට විද්‍යුත්චුම්භක ආවලියෙන් වැඩි කොටසක් යොදා ගැනීමේ වාසි ගැන සිතන්නට වූහ. විද්‍යුත්චුම්භක ආවලියේ විවිධ කොටස් හරහා සාපේක්ෂ දීප්තිය හඳුන්වනු ලබන්නේ එහි “වර්ණාවලී ශක්ති ව්‍යාප්තිය” (“spectral energy distribution”) ලෙසයි. මෙය, ගෑලැක්සියක කොපමණ තාරකා තිබේද, ඒවා කොපමණ වයස් ගත වී ඇද්ද, ඒවා සෑදී ඇත්තේ මොනවායින්ද, ශ ධූවිලි කොපමණ ප්‍රමාණයක් ආලෝකය අවහිර කරන්නේ ද යන්න මැනීම පිණිස යොදා ගත හැකිය.

තවද, Monthly Notices of the Royal Astronomical Society හී පසුගිය දා පලවූ පර්යේෂණ වාර්තාවකට අනුව පෙන්නුම් කරන්නේ මෙම ශිල්ප ක්‍රමය AGN සෙවීම සඳහා ද යොදා ගත හැකි බවයි. මෙයින් තේරුම් ගතයුත්තේ හුදෙක් මන්දාකිණියක ගුණලක්ෂණ සහ ඉතිහාසයන් දැන ගැනීමට පමනක් නොව මන්දාකිණියේ මධ්‍යයෙහි ඇති කළුකුහරයේ දීප්තිය මැනීමට ද විද්‍යාඥයන්ට දැන් හැකි බවය. මෙය පහසුවෙන් කළ හැකි සරල ක්‍රියාවක් නොවේ. තාරකාලෝකය සහ AGNයෙන් එන ආලෝකය අතර වෙනස සිතාගත නොහැකි තරමට සියුම්ය. එහෙයින් තරුණ තාරකා, දීප්තිමත් කළුකුහර ලෙසත් සහ දීප්තිමත් කළුකුහර තරුණ තාරකා ලෙසත් පටලවා අවබෝධ කර ගැනීමට ඉඩකඩ ඇත.
ඕස්ට්‍රේලියාවේ වසන තාරකාවිද්‍යාඥයන් අහසෙහි විශේෂිත කොටසක ඇති මන්දාකිණිවල ත්‍රිමාණ සිතියම් සැකසීම සඳහා යොදා ගන්නේ ඕස්ට්‍රේලියානු ටෙලස්කෝපය. AGN තිබීමේ හැකියාවසොයනු වස් ඉතිහාසයේ වසර බිලියන කාල පරාසයක මන්දාකිණි සිය ගණන් හඹායාමට මෙම සිතියම් මග පාදයි. මෙම පර්යේෂකයන් මන්දාකිණි 700,000ක් නිරීක්ෂණය කරමින් AGN 75,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ප්‍රමාණකරනය පිණිස නව ශිල්ප ක්‍රමය උපයෝගී කරගෙන ඇත. මෙවායේ සංඛ්‍යාවන් කාලයාගේ ඇවෑමෙන් පරිණාමය වූ හැටි සහ ඒවා ධාරක මන්දාකිණි කෙරෙහි බලපෑ අන්දම තේරුම් ගැනීම ආරම්භ කිරීමට තුඩු දී තිබේ.

විශ්වයේ ඇති AGN ගණන, තාරකා සෑදීමේ ප්‍රමාණය හා බැඳී පවතින්නේයයි විද්‍යාඥයෝ විශ්වාස කරති. තාරකා සෑදීම මෙයට වසර බිලියන 10කට පෙර දළ වශයෙන් දහ ගුණයක් පමණ වැඩි යයි අපි දන්නෙමු. එහෙත් අපේ මන්දාකිණි නියැදිවල කොස්මික් කාලය හරහා සියළුම AGN හඳුනා ගනු ලැබ ඇතයි අපට සහතික විය හැකි වනතුරු හරි නිගමනයකට එළඹීම දුෂ්කරය.
සක්‍රීය කළුකුහරවල ස්වභාවය ගැන මේ මොහොතේ තාරකාවිද්‍යා ප්‍රජාව උද්‍යෝගී විවාදයක පැටලී සිටිති. මේ වාද විවාද සමනය කරනු වස් අවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අප තවම සමත්ව නැත. එසේ වුව ද, ගැලැක්සි තුල මේ ආකර්ෂණීය වස්තු සොයාගැනීම සම්බන්ධයෙන් අප තව එක් පියවරක් ඉදිරියට තබා ඇත්තෙමු. ඉතින් එය, කළුකුහර අභිරහස වෙතට තවත් ආලෝක ධාරා එල්ල කිරිම පිණිස අපි තවත් එක් පියවරක් සමීප වී ඇත්තෙමු.
The Conversation(Global Perspectives) හී පළව ඇති Some black holes are anything but black – and we’ve found more than 75,000 of the brightest ones යන ලිපිය අසුරෙනි