මානවයන්ගේ මසට ඇති ගිජුකම ඔවුනට විශාල මොලයක් වර්ධනය වීමට මග පෑදුවේද?
අනෙකුත් සතුන් මරාගෙන ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ගතහොත් අපේ ළඟම ඥාතීන්වන චිම්පන්සියනට අප ආසානයටවත් ඒමට නොහැකියි. මනුෂ්‍යන්ගේ සාමන්‍ය ආහාරය ගතහොත් චිම්පන්සීන්ටහා සසදීමෙ දී හා සැසදීමේ දී වැඩියක්ම සමන්විත වන්නේ සත්ව මාංශයෙන්ය.
අනෙකුත් සතුන් මරාගෙන ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ගතහොත් අපේ ළඟම ඥාතීන්වන චිම්පන්සියනට අප ආසාන්නයටවත් ඒමට නොහැකියි. චිම්පන්සින් හා සැසදීමේ දී මනුෂ්‍යන්ගේ සාමන්‍ය ආහාරය ගතහොත් එය වැඩියක්ම සමන්විත වන්නේ සත්ව මාංශයෙන්ය.

විදයාඥයන් කලක් තිස්සේ කියා සිටින්නේ අපේ ලේ පිපාසය එක් වරම් ඉහළ නැංගේ මෙයට වසර මිලියන දෙකකට පමන පෙරය යනුවෙනි. ඒ නිගමනයට ඔවුන් එළඹෙන්නේ පුරාණ පුරාවිද්‍යාත්මක භූමිවල දී සොයා ගනු ලබූ මරා දැමූ සතුන් මස් කිරීමේ ලකුණු ගණන පදනම් කර ගනිමිනි. කතාවෙන කියැවෙන අන්දමට මාංශවලින් ලැබුණු කැලරි සීඝ්‍රව ඉහල යාම අපේ ආදී කාලින පූර්වජයෙකු වන හෝමෝ ඉරෙක්ටස්ට(Homo erectus) වඩාත් විශාල ශරීරයක් සහ මොළයක් වර්ධනයවීමට මග සැලසිණ.


මෙම උපකල්පනය පිටුපස ඇති සාක්ෂි, සංඛ්‍යානමය වශයෙන් පළුදු සහිත නැතිනම් දෝෂසහිත යයි නව අධ්‍යනයකින් යෝජනා කරණු ලැබේ. මන්ද, පර්යේෂකයන් ඔවුන්ගේ කාලයෙන් සහ අවධානයෙන් වැඩි කොටසක් වැය කර ඇත්තේ පසු කාලයේ (පුරාවිදයා) ස්ථාන නැතිනම් අඩවි (sites) වීම හේතුවෙනි. කාලය ඔස්සේ විවිධ ස්ථානවල දී සිදු කෙරුණු මේ අසමාන නැතිනම් නොසම ” නියැදුම් ප්‍රයත්න” නිසාවෙන් මානව පරිණාමයේ දී මාංශ භක්ෂණය කොපමණ නම් විශාල භූමිකාවක් ඉටු කළේ ද යන්න දැන ගැනීම උගහට බව අධ්‍යන කතුවරු දක්වති.

අධ්‍යනය පවත්වා ගෙන යාම සඳහා, ජෝජ් වොෂිංග්ටන් විශ්වවිද්‍යාලයේ පුරාමානවවිද්‍යාඥ (paleoanthropologist) W. Andrew Barr ප්‍රමුඛ සගයෝ පුරාවිද්‍යාත්මක ස්ථාන නවයක දී මස් කිරීමේ සලකුණු හමුවීම පිළිබඳ කලින් වාර්තාවූ දත්ත සමාලෝචනය කර බැලූහ. මෙම ස්ථාන, වසර මිලියන 2.6 සිට මිලියන 1.2ක් දක්වා කාලයක් තුල නැගෙනහිර අප්‍රිකාව පුරා මානව ක්‍රියා කාරකම් සඳහා තෝතැන්නක් විය. අපේක්ෂා කළ පරිදිම වසර මිලියන 2කට පමනේ සිට ආරම්භ වූවා යයි අනුමාණ කළ හැකි මස්කිරීමේ කැපුම් ලකුණු සංඛයාවෙහි වැඩිවීමක් විද්‍යාඥයෝ සොයා ගත්හ. කෙසේවෙතත් පර්යේෂකයන්ට පෙණී ගියේ, පර්යේෂණ වෙනුවෙන් වැඩිම අවධානයක් යොමු වූ අඩවි වලදී වැඩි කැපුම් සළකුණු සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් ප්‍රවණතාවක් දක්වන බවයි. මෙයම වෙනත් වචනවලින් මෙසේ දැක් විය හැකියි: අඩවියක් වෙත පර්යේෂකයන් වැඩි කාලයක් සහ ප්‍රයත්නයක් යොමු කරන විට මාංශ භක්ෂණය පිළිබඳ වැඩියෙන් සාක්ෂි සොයාගැනීමේ හැකියාව වැඩිය.

මේ සෑම පුරාවිද්‍යා අඩවියකම අවසාදිත ස්තර ඇති අතර ස්තරය ගැඹුරු වන්නට වන්නට ඒවායේ ඇති මානවකෘති(artifacts) වස්තු සම්භාරයන්හි පැරණි බවද වැඩිවේ. පසු කලෙක අවසාදිත තරම් වසර මිලියන 2.5ත් මිලියන 2ත් අතර ස්තර වඩාත් නිරාවරනය වී නැති — ඒ නිසාම පහසුවෙන් අධ්‍යනයට ලක් නොවන බව පෙන්වාදෙයි. ඉන් අදහස්වෙන්නේ එකී පෙර කල අඩවි වෙත සැලකිල්ල යොමුව අත්තේ පසු කලෙක අඩවි වලට වඩා බෙහෙවින් අඩුවෙන් බවයි. කැණිමක් සඳහා පර්යේෂකයන් වැඩියෙන් කාලය හා ශ්‍රමය වැය කරන විට ඔවුනට හමුවන මානවකෘති ද වැඩිවෙයි. මේ හේතුව නිසා, මස්කිරීමෙ සලකුණු වැනි විවිධ අඩවිවලින් කැණීම්වල දී පාදා ගන්නා සාක්ෂි එකිනෙක සංසන්දනය සංඛ්‍යානමය වශයෙන් බැරෑරුම් කාර්යයක් බවට පත්විය හැකිය.
අනෙකුත් පුරාවිද්‍යා ස්ථානවලට සාපේක්ෂව යම් තෝරාගත් අඩවියක් වෙත පර්යේෂක අවධානය යොමුවන ප්‍රමානය සැලqකිල්ලට ගන්නා විට තමන් කොපමන කැපුම් සලකුණු ප්‍රමානයක් සොයා ගැනීමට අපේක්ෂා කරන්නේද යන්න ගණනය කිරීමෙන් පර්යේෂකයන්ට නියැදුම් ප්‍රයත්නයන්හි වෙනස්කම් පාලනය කල හැකිය. අනෙකුත් පුරාවිද්‍යා ස්ථානවලට සාපේක්ෂව යම් තෝරාගත් අඩවියක් වෙත පර්යේෂක අවධානය යොමුවන ප්‍රමානය සැලqකිල්ලට ගන්නා විට තමන් කොපමන කැපුම් සලකුණු ප්‍රමානයක් සොයා ගැනීමට අපේක්ෂා කරන්නේද යන්න ගණනය කිරීමෙන් පර්යේෂකයන්ට නියැදුම් ප්‍රයත්නයන්හි වෙනස්කම් පාලනය කල හැකිය. මෙසේ කළවිට, මෙයට වසර මිලියන 2.6ත් මිලියන 1.2ත් අතර මාංශ භක්ෂණය සඳහා වන සාක්ෂි පැහැදිලිවම ස්ථායීව පැවතියේ යයි Barr සහ සගයන්ට පෙණී ගිය බව ඔවුහු Proceedings of the National Academy of Sciences හී වාර්තා කරති.
“බොහෝ විට මේවා ගැන ගඹුරින් සොයා බලන විට බැලූ බැල්මට පෙනන තරමට සාක්ෂි නිරවුල් නැහැ” යයි කියන Barr තර්ක කර සිටින්නේ මාංශ භක්ෂනයේ ඉහළ යාමක් වෙනුවට, මෙයට කලින් යෝජිත පැහැදිලි කිරීම් ගැන අවධානය යොමු කිරිම වටින බවයි. නිදසුනක් ලෙස ආහාර පිස අනුභවයට ගැනීම පුරුදු වීමත් සමගම (ආහාර) ජීරණය පහසුවී වැඩි කැලරි ප්‍රමානයක් ශරීරයට ලැබීමෙන් වඩාත් විශාල මොළ වර්ධනය වන්නට ඇත යන මතය දැක්විය හැකිය.
නැගෙනහිර අප්‍රිකාවෙන් ලැබී ඇති දත්ත ගැන අධ්‍යනයේ අර්ථදැක්වීම සම්බන්ධයෙන් පොදුවේ එකඟ විය හැකි යයි ස්ටෝර්ර් හී, කොනේටකට් විශ්වවිද්‍යාලයේ පුරාමානවවිද්‍යාඥවරයෙකු(paleoanthropologist) වන Christian Tryon කියා සිටියි. එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අප්‍රිකාව පුරා සහ මැදපෙරදිග මෙන්ම දකුණුදිග යුරෝපයේ, නැගෙනහිර ආසියාවේ, සහාග්නිදිග ආසියාවේ නොයෙකුත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් H. erectus දුර ඈත ව්‍යාප්ත වූ බවයි. “මට නම් හිතෙන්නේ ඔවුන් නියැඳි ලබා ගෙන ඇති ප්‍රදේශ සම්බන්දව සැලකුවහම අධ්‍යයනය හරි අපූරුයි. ඒත් සමස්ත H. erectus විශේෂයටම අනුගත කරන එක පහසු නැහැ.”

“මාංශ අපව මනුෂ්‍යන් බවට පත් කළා” කියන උප කල්පනය ඕනෑවට වඩ සරල එකක්ය යන්න දිගටම තමන් විශ්වාස කල බව කියන නිව්යෝක් සරසවියෙහි පුරාමානවවිද්‍යාඥවර Shara Bailey, කෙසේවෙතත්, පර්යේෂකයන් (පුරාවිද්‍යා) ක්ෂෙත්‍රයේ සාම්ප්‍රදායානු කූල දැනුමට සංඛ්‍යානමය සහාය දීම ගැන සෙවීමට උත්සුක වනු දැකීම හොඳ දෙයක් ” බව පෙන්වා දෙයි.
AAAS Science හී පළවන Did a taste for blood help humans grow big brains_ Story isn’t so simple, study argues යන ලිපිය ඇසුරෙනි.