ඔමික්‍රොන් ප්‍රභේදය ළමයි වැඩි වැඩියෙන් රොහල් ගත කිරීමට දායක වන්නේ ඇයි?

Posted by

ඔමික්රොන් ප්රභේදය ළමයි වැඩි වැඩියෙන් රොහල් ගත කිරීමට දායක වන්නේ ඇයි?

කොවිඩ්-19 ගෝලීය වසංගතය නැමැති අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් ලෙස මේ මෑතක්වන තුරුම සැලකුණේ වෛරසයේ දරුණුතම බලපෑම්වලින් ළමුන් කොයියම් ආකාරයකින් හෝ ගැලවෙන බවක් පෙණී යාමයි. වැඩිහිටි ජනතාව හා සැසඳීමේ දි  බරපතල ලෙස හෝ මදවශයෙන් පවා රෝගාතුර වූයේ ළමුන් සුළු සංඛ්‍යාවකි. එහෙත් දැන් ඒ සැනසුම් සහගත තත්වය පහව යන සෙයකි. මෑතක සති කිහිපය තුළ ඔමික්‍රොන් ප්‍රභේදය කඩිනමින් අධික ආසාදන සංඛ්‍යාවක් හටගන්වද්දී, රෝහල් ගතවන ළමුන් පිරිස රොකට් වේගයෙන් ඉහළ ගොස් ඇත. මේ තත්වය, කොරෝනා වෛරසයේ නවතම විචලකය ළමුන් කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කරානේද යන්න ගෑන් දැඩි සලකිල්ල, අවධානය් යොමුකිරීමට හේතු වී තිබේ.

What we know about COVID-19 and kids | YaleNews

එක්සත් ජනපදය ගතහොත්, රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention) හෙවත් CDC යේ වඩාත් මෑතක දත්ත දක්වන අන්දමට රට පුරා දිනපතා වයස 17ට අඩු ළමුන් සාමාන්‍ය වශයෙන් 881 දෙනෙක් කොවිඩ් වැළඳී රෝහල් ගත කෙරෙති. කොවිඩ් එරෙහි එන්නත් සඳහා සුදුසු කම් නොලබන වයස අවුරුදු 5ට අඩු ළමුන් රෝහල් ගත කිරීම කලින් පැවති උච්ච මට්ටම්වලට වඩා මට්ටම දෙකේ සිට හතර දක්වා ගුණයකින් ඉහළ ගොස් ඇත.

මෙලෙස ළමුන් රෝහල්ගත කිරීම් එකවර ඉහළ යාම සාධක ගණනාවක සංයෝගයක ප්‍රතිඵලයක්  යයි විශේෂඥයෝ විශ්වාස කරති. ඔමික්‍රොන් ප්‍රභේදයේ වහා බෝවෙනසුළු ගතිය ඉන්  එක් කාරනාවකි. තවත් සාධකයක් විය හැක්කේ පෙණහලු වලට උඩින් පිහිටි වාතය ගෙනයන මාර්ග කෙරෙහි මෙම ප්‍රභේදයේ අළුතෙන් දක්වන රුචිකත්වය තවත් සාධකයකි. කුඩා ළමුන් තුළ (වෛරසයට) මේ වා මං පහසුවෙන් අවහිර කළ හැකිවේ.

More toddlers under 2yo hospitalized in Omicron Epicenter | HardwareZone  Forums

කෙසේවෙතත්, විශලාතම ප්‍රශ්නය වන්නේ ඔමික්‍රොන් අන් ප්‍රභේදයන්ට වඩා බෙහෙවින් විශාල පිරිසක් ආසාදනයට පත්කිරීමයි. “අපි මේක හඳුන්වන්නේ හර සංසිද්ධිය ලෙයයි” යනුවෙන් පවසන්නේ පිලඩෙල්පියා ළමාරෝහලේ බෝවෙන රෝග විශේෂඥ සුසාන් කො‍ෆින්. රෝහල්ගතවීමේ අනුපාතය ගණනය කරණු ලබන්නේ රෝහල් ගත කෙරෙන සංඛයාව(එනම් ලවය[numerator]), දැන සිටින සිද්ධි සංඛ්‍යාවෙන්(එනම් හරය[denominator]) බෙදීමෙනුයි. ඉතින් හරය වඩාත් විශාල සංඛ්‍යාවක් වූ විට ලවය ද එලෙස වෙන බවයි මින් කියැවෙන්නේ.

තවද ඇත්තවශයෙන්ම ළමාරෝග වෛද්‍ය විද්‍යා ඇමරිකානු ඇකඩමියේ මෑතක වාර්තාවක් දක්වන්නේ හරය — සුවිශේෂීව කියතොත් ළමාරෝග සිද්ධි ප්‍රමාණය — අති දැවැන්ත අනුපාතයකින් වැඩිවෙමින් පවතියි.  කොවිඩ් ගෝලීය වසංගතය ආරම්භයේ  COVID-19 ධනාත්මකයි පරීක්ෂණවලින් හෙළිවූ  මිලියන 9.5ට ආසන්න ළමුන්ගෙන් මෙකී සිද්ධි වලින් සියයට 20කට ආසාන්න ප්‍රමාණයක් සිදුවී ඇත්තේ හුදෙක් ජනවාරියේ මුල් දෙසතිය තුළය.

ඔමික්‍රොන්වලින් හටගත් සිද්ධි වඩාත් දරුණු බවට මේ තාක් ලකුණු නොමැත. ඒ  මතු නොව, එහි අනෙක් පැත්ත සිදු විය හැකි යයි මූලික සාක්ෂි දක්වයි.  Case Western Reserve විශ්වවිදයාලයේ දත්ත විද්‍යාඥායෙකු වන රොංග් ෂූ, ඔමික්‍රොන් ප්‍රභේදය මතුවීමට පෙර සහ පසුව COVID-19 හටගත් වයස අවුරුදු පහට අඩු ළමුන් 80,000කට ආසන්න පිරිසකගේ සෞඛය වාර්තා විශ්ලේෂණය කර බැලුවාය.ඔමික්‍රොන් විචලකය ප්‍රමුඛව පැවති අවස්ථාවේ රෝගාතුර වූවන් රෝහල ගතකිරීමේ අවදානම, ඩෙල්ටා විචලකය රජ කල අවස්ථාවේ නීරික්ෂණය වූ ප්‍රමාණයෙන් තුනෙන් එකක් බව ඇයට පෙණීගියේය.( සියයට එකක් වෙද්දී සියයට 3ක්). මෙම අධ්‍යයනය, සෑම වයස් කාණ්ඩයකම ළමුන් සම්බන්ධයෙන් මේ හා සමාන  ප්‍රවණතා පෙන්නුම් කරන  කලින් සිදු කළ අධ්‍යයන හා සංගතවේ. කැලිෆෝනියාවේ කොවිඩ් රෝගීන් පිළිබඳව මෑතක සිදු කෙරුණු විශ්ලේෂණ මගින් ද ප්‍රතිඵල තහවුරු කෙරේ.

එසේ නම් ළමුන් රෝහල් ගත කිරීමේ ක්ෂණික මතුවීමක් දකින්නට ඇත්තේ ඇයි? ” රෝහල ගත්වීමේ අවදානම නැත්තටම නැතැයි අපට කියන්න බෑ” ෂූ කියයි, “ඉතින් සංඛ්‍යා වැඩිවෙන්න, වැඩිවෙන්න — ඒ කියන්නේ ළමුන් වැඩි වැඩියෙන් ආසාදිත වෙනවා නම් ළමුන් රෝහල් ගත කිරීමත් වැඩිවෙනවානේ?”

ළමුන්ද වැඩිහිටියන් ද යන්න නොතකා ඔමික්‍රොන් විචලකයට මේසා වේගයකින් පැතිරෙන්නට හැකිවෙන කාරණා විමසීම පිණිස විද්‍යාඥයන් තවමත් ඔමික්‍රොන් විචලකයේ ජාති ලක්ෂණ විමසමින් සිටින්නේ වී නමුත් මේ විචලකයට යම් වාසියක් ගෙන දෙන කාරණාවක් වන්නේ ප්‍රතිශක්ති ප්‍රතිචාර මගහරවා ගැනීමට ඊට ඇති හැකියාවයි. මේ ගෝලීය මහා වසංගතයේ මුල් ‍රැළිවල දි ළමුන්ට, වැඩිහිටියනට වඩා හොඳින් ඊට මුහුණ දෙන්නට හැකිවූයේ දරුවනට වඩා ශක්තිමත් සහජ ප්‍රතිශක්ති පද්ධතියක් තිබීමයි. ළමා අවධියේ එම ප්‍රතිශක්ති පද්ධතිය, ශරීරය ආක්‍රමණය කරන ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ආරම්භක ප්‍රතිචාර ගොඩ නගන්නට සමත්වෙයි. අනෙක් අතට වැඩිහිටියන් සතුව වඩාත් හොඳ අනුවර්තී ප්‍රතිශක්ති පද්ධතියක්(adaptive immune system) ඇත. ආසාදනය ශරීරය යටත්කර ගැනීමට  පටන් ගත් විට ඊට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔවුහු සමත්වෙති.

ඇල්බට අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා බෝවෙන රෝග විශේෂඥ වෛද්‍ය බෙට්සි හැරල්ඩ් 2020 පල කෙරුණු  අධ්‍යන වාර්තාවක දක්වන පරිදි  කොවිඩ් එරෙහි ක්ෂණික සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ගොඩනැංවීමට ළමයි සමත්වූහ. ඒ, ආසාදනයේ මුල් අවස්ථාවේදීම  කොරොනාවෛරසයට ප්‍රහාර එල්ල කරන ඉන්ටෆෙරන්(interferons) සහ ඉන්ටර්ලියුකින්(interleukins) ලෙස දැක්වෙන ප්‍රබල ප්‍රතිවෛරස ප්‍රෝටීන නිපදවමිනි.

එහෙත් වසර දෙකක් ගතවී වෙනත් ප්‍රභේද ඉස්මතුවෙද්දී තත්වය වෙනස් වී ඇත. සැන්ෆ්‍රැන්සිස්කෝවේ, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රමානක ජීවවිද්‍යා ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සහ ඔවුන්ගේ සගයන් මෑතක වාර්තා කළේ සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාර දුර්වල කරන විකෘතීන්(mutations) SARS-CoV-2  වෛරසය මගින් ගොනු කරගනු ලැබ ඇති බවයි.

ඇල්බට අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා බෝවෙන රෝග විශේෂඥ වෛද්‍ය බෙට්සි හෙරල්ඩ් 2020 පල කෙරුණු  අධ්‍යන වාර්තාවක දක්වන පරිදි  කොවිඩ් එරෙහි ක්ෂණික සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ගොඩනැංවීමට ළමයි සමත්වූහ. ඒ, ආසාදනයේ මුල් අවස්ථාවේදීම  කොරොනාවෛරසයට ප්‍රහාර එල්ල කරන ඉන්ටෆෙරන්(interferons) සහ ඉන්ටර්ලියුකින්(interleukins) ලෙස දැක්වෙන ප්‍රබල ප්‍රතිවෛරස ප්‍රෝටීන නිපදවමිනි.

Omicron and Delta variant of SARS‐CoV‐2: A comparative computational study  of spike protein - Kumar - - Journal of Medical Virology - Wiley Online  Library

එහෙත් වසර දෙකක් ගතවී වෙනත් ප්‍රභේද ඉස්මතුවෙද්දී තත්වය වෙනස් වී ඇත. සැන්ෆ්‍රැන්සිස්කෝවේ, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රමානක ජීවවිද්‍යා ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සහ ඔවුන්ගේ සගයන් මෑතක වාර්තා කළේ සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාර දුර්වල කරන විකෘතීන්(mutations), SARS-CoV-2  වෛරසය මගින් ගොනු කරගනු ලැබ ඇති බවයි. අධ්‍යනයේ දී අල්ෆා විචලකය වෙත  අවධානය යොමු කෙරුනත්,  ඩෙල්ටා සහ ඔමික්‍රොන් විචලකවල ද පෙර කී ප්‍රතිශක්තිය දුබල කෙරෙන විකෘතීන් පවතින බව පර්යේෂණයේ සම කතෲ අණුක ජීවවිද්‍යාඥ මේධි බව්හඩ්ඩාව් කියා සිටියි.

කෙසේවෙතත්, විචලක තුනෙහිම මෙකී විකෘතීන් අඩංඟුවන හෙයින්, ඒවායින් පමනක්ම  ළමා වයසේ රෝහල් ගතකිරීම්වල උච්චාවචනයන් පැහැදිලි කළ නොහැක. එහෙයින්, ඔමික්‍රොන් ප්‍රභේදය සහජ ප්‍රතිශක්තිය කෙරෙහි සුවිශේෂී පලපෑමක් කරන්නේ ද යන්න විමසා බැලීම පිණිස බව්හඩ්ඩාව් සහ හෙරල්ඩ් යන දෙදෙනාම පර්යේෂණ සිදුකිරීමට සූදානම් වෙති. ” වෛරස ටොන් ගණන් තියන කොට තමන්ගේ සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරය කෙතරම් ප්‍රබල වූවත් යම් වෛරස ප්‍රමානයක් සටනින් ජයගන්නවාමයි” යනුවෙන් හෙරල්ඩ් පවසයි.

කෙසේවෙතත්, විචලක තුනෙහිම මෙකී විකෘතීන් අඩංඟුවන හෙයින්, ඒවායින් පමනක්ම  ළමා වයසේ රෝහල් ගතකිරීම්වල උච්චාවචනයන් පැහැදිලි කළ නොහැක. එහෙයින්, ඔමික්‍රොන් ප්‍රභේදය සහජ ප්‍රතිශක්තිය කෙරෙහි සුවිශේෂී පලපෑමක් කරන්නේ ද යන්න විමසා බැලීම පිණිස බව්හඩ්ඩාව් සහ හෙරල්ඩ් යන දෙදෙනාම පර්යේෂණ සිදුකිරීමට සූදානම් වෙති. ” වෛරස ටොන් ගණන් තියන කොට තමන්ගේ සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරය කෙතරම් ප්‍රබල වූවත් යම් වෛරස ප්‍රමානයක් සටනින් ජයගන්නවාමයි” යනුවෙන් හෙරල්ඩ් පවසයි.

ඉතින් ඔමික්‍රොන් විචලකය ගත්තොත් ‘ටොන් ගණන් වෛරස’ තියනවාම තමයි. මෙම ප්‍රභේදය මනුෂ්‍යන් අතරේ ඩෙල්ටාවට වඩා 70 ගුණයක් වේගයෙන් ප්‍රතිවලනයවෙන බව හොංකොං විශ්වවිද්‍යාලය නිකුත් කළ මූලික දත්ත්වලින් හෙළිවෙයි.  එම පර්යේෂණයෙන් සහ සතුන්ට අදාලව සිදු කල අධ්‍යයන විශාල සංඛ්‍යාවකින් ද පෙන්නුම් කරන කාරණාවක් වන්නේ ඔමික්‍රොන් විචලකයට පෙනහලු පටකයේ දි ගුණනය වීම අසීරු බවයි. එමගින් දරුණු රෝග තත්ව එතරම් ඇති නොවන්නේ ඒ නිසාවෙන් විය හැකියි. “වෛරස සාමානයයෙන්, කාලයාගේ ඇවෑමෙන් අනතුරුදායක බව අඩු වන සේ පරිණාමය වෙනවා” බව්හඩ්ඩාව්  කියා සිටියි.

Over two million people in England could have long COVID – UKRI

පෙණහලුවලට ඉහළින් ශ්වසන මාර්ගය කෙරෙහි ඔමික්‍රොන් ප්‍රභේදයේ ඇති අභිරුචිය බාල වයසේ දරුවනට  අශුභ ආරංචියක් විය හැකියි. එමගින් බාලවියේ ඈතිවන ඇදුම හෝ ‘බුරන කැස්ස’ ලෙස දැක්වෙන ගිරිසනය(croup) ආදී ආබාධ ඇතිකිරීමට මුල් විය හැකිය. මේවා SARS-CoV-2  වෛරසයෙන් හෝ වෙනත් වෛරසයකින් හටගත්තේ ද යන්න නොතකා ළමුන් රෝහල් කරා යොමු කිරීමට මග පෑදිය හැකි නමුත් “ඒවා පහසුවෙන් ප්‍රතිකාර කොට සුව කළ හැකියි” යනුවෙන් බෝවෙන රෝග විශේෂඥ සුසාන් කො‍ෆින් පවසයි.

Scientific American(25th Jan, 2022) හී පළවන Why Omicron Is Putting More Kids in the Hospital  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.