සියලු සත්වයෝ සාක්ෂි දරති

Posted by

සියලු සත්වයෝ සාක්ෂි දරති:මැවීමට ප්‍රස්ථාවනාවක්

මානව ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව ඇදහිය නොහැකි තරම් සංකීර්ණ ය. බොහෝ දේ නොදන්නා – කිසිවෙකුට ඉතිරිය තේරෙන්නේ නැත. තවද යීස්ට්, බැක්ටීරියා, පණුවන්, පළතුරු මැස්සන්, බඩ ඉරිඟු ආදිය පිළිබඳ සියුම් අධ්‍යයනයෙන් මානව ජීව විද්‍යාවේ වැදගත් දියුණුවක් ඇති විය හැකිය.

දැල්ලන්, මැඩියන් හෝ මීයන් මිනිස් ක්‍රියාකාරිත්වය සහ අක්‍රමිකතා පිළිබඳ ඕනෑම සෘජු පරීක්ෂණයකින්. ඇත්ත වශයෙන්ම, එවැනි විමර්ශනයන් නිතිපතා නැවත තහවුරු කරන්නේ මිනිසා ඔවුන් ලබා ගන්නා ස්වභාවික ලෝකය සමඟ වෙන් කළ නොහැකි ලෙස පැටලී සිටින ආකාරයයි. ඇත්තටම අපි නැතුව මොකක්ද කියලා අපිට දැනගන්න බෑ කියලා අපි ඒ පැත්තට ආවේ කොහොමද කියලා දැනගෙන. නමුත් පසුගිය වසර 150 තුළ පමණක් මානව සම්භවය පිළිබඳ බැරෑරුම් සැලකිල්ල අවසානයේ මිනිසාගේ ස්වභාවය පිළිබඳ දාර්ශනික සාකච්ඡාවලින් සහ මැවීමේ මිථ්‍යාවන් පිළිබඳ සමාව නොදෙන ආගමික ආරවුල් වලින් ඉතා සූක්ෂම ලෙස මාරු විය.

Intelligent Design in the Complexity of the Human Body - Inquiries Journal

ඒ සඳහා ඇති ඕනෑතරම් සාක්ෂි විමර්ශනය කිරීම අප සියල්ලන්ම වට කර ඇත. විද්‍යාත්මක උපකරණවල දැවැන්ත දියුණුවක් සහ අවබෝධය දැන් ජීවිතයේ රහස් නිරන්තරයෙන් වේගවත් වන වේගයකින් හෙළි කරයි. මෙම සොයාගැනීම්වලින් සමහරක් පැහැදිලිවම ක්ෂණික බලපෑම් ඇති කරයි, අනෙක් ඒවා වඩා රහසිගතව අප දෙස බලන ආකාරය අවුල් කරයි. නමුත් පැරණි අදහස් විරෝධයකින් තොරව ඉඩ දෙන්නේ කලාතුරකිනි. මෙම නව සහ විප්ලවීය තොරතුරු බොහොමයක් තවමත් මහජන දැනුවත්භාවයට ඇතුළු වී නොමැති අතර, දැනටමත් බොහෝ මතභේද පවතී.

විද්‍යාත්මක උපකරණයන් හී අති දැවන්ත වැඩිදියුණුව සහ  අවබෝධය දැන්  එන්ට එන්ටම වැඩිවෙන වේගයෙන් ජීවන රහස් එළිදරව් කරයි. මේ අනාවරණයන්ගෙන්   සමහරකින් පැහැදිලි ක්ෂණික බලපෑම් ඇති අතර අනෙක් ඒවා වඩාත් රහස්‍ය ආකාරයකින් අප අපවම දකින ආකාරය අවුල් කරයි. එහෙත්, පැරණි අදහස්  විරෝධයකින් තොරව ගිලිහෙතොත් ඒ කලාතුරකිනි. මේ නව සහ විප්ලවකාරී තොරතුරු තවමත් පොදු ජන සම්ප්‍රජානනයට පැමිණ නැතත් දැනටමත් ආරවුල් බොහෝය. එහෙනම් ඉතින් මෙලෙස කටයුතු කඩනමින් සිදුවන්නේ ඇයි? එමෙන්ම, මේ සා ආරවුල් ඇත්තේ ඇයි? ඇත්තටම මේ සිදුවන්නේ කුමක් ද එමෙන්ම මේ සියල්ලෙහි තේරුම කුමක් ද? යන කාරුණු කාරණා තේරුම් බේරුම් කරගන්නා තුරු අප කරන කියන දේවල් මන්දගාමීව කළ යුතු නැද්ද?

Ancient Egypt Creation Myths | Star Shine Tours | Egypt Travel & Tourism  Agency

වාසනාවකට හෝ අවාසනාවකට සියල්ල අතහැර දැමීමට හෝ ආපසු යාමට ඉඩක් නැත. සීමිත සම්පත් අරභයා නිරන්තර ආරවුල් ගහනව පැවති ඒ මනරම් කාල පරිච්ඡේදය කරා ආපසු යාම උගහටය. එපමණක් ද නොව එවන් ප්‍රයත්න අර්ථ විරහිත ද වන්නේය; මන්ද,  නූතනයේ ගැටළු ප්‍රතිචාර දක්වන්නේ වඩාත්ම යාවත්කාලීන සහ වඩාත් ඵලදායී විසදුම්වලට පමණක් හෙයීනි.

විද්‍යාව යනු, එහි සෑම වර්ධනයක්ම, ප්‍රගමණයක්ම අනාගත පර්යේෂණ සඳහා මං සලසන්නාවූ සමුච්චිත වික්‍රමයකි.  නව තොරතුරු බිඳක් කොපමණ නම් කරදරකාර ද යන්න නොතකා නැතහොත් දැනට පවතින ලෝක දෘෂ්ටියට එය නිසි ලෙස නොගැලපෙන්නේය යන්න නොසලකා  එම සාක්ෂි නොසලකා හැරීමට හෝ අමතක කර දැමීමට හෝ නොහැක. වඩාත්ම දුර් දශාත්මක බාහිර විපර්‍යාසයන් හැර අන් සියල්ලෙන් ස්වාධීන වූ ලෝක ඉතිහාසයට විද්‍යාව දිශානතියක් ගෙන එයි. එය එසේ වුවද, ඒවා භාවිත කරන ආකාරය ගැන උපදෙස් නොමැතිව අන්පේක්ෂිත ආකාරයෙන් පැමිණෙන නව විද්‍යාත්මක සොයාගැනීම් සැමවිටමත් ප්‍රශ්න ඇතිකිරීමට මුල් විය. ඊට හේතු දෙකකි: විද්‍යාව පිළිබඳව පොදුජන අවබෝධය නියත වශයෙන්ම යථාර්ථයට වඩා බොහෝ  සේ පසුපසින් සිටී. එමෙන්ම, විපුල නව තොරතුරු සමහරක් පැරණි අදහස් විස්ථාපනය වෙද්දී, ඉතිරිය හඳුනාගැනීමටවත් නොහැකි වනසේ වෙනස් වෙද්දී නිපුණ විද්‍යා ගුරුවරුන්ගේ පවා ග්‍රහණය ගිලිහී යා හැකිය.

එවැනි තත්වයන් යටතේ වික්ෂිප්තවූවෝ බොහෝ විට,  වඩාත් සාම්ප්‍රදායානුකූල එමෙන්ම විද්‍යානුකූල නොවන අධිකාරීන්ගෙන්  (බිය, සැක දුරු කර) යළි විශ්වාසය තහවුරු කිරීමක් සහ මගපෙන්වීමක් සොයති. මොවුන් අතරේ,  ඉහළ යන ඥන ‍රැල්ල හමුවේ තමන්ගේම ඇදහිලි/අනුගාමිකයන්/ජීවනරටා නැති භංගවීමේ තර්ජනය මගහරවා ගැනීමට දැන් වෙහෙසෙමින් සිටින මූලධර්මවාදී ක්‍රිස්තියානි නායයකයෝ ද වෙති. පවතින තත්වය තහවුරු කර ගැනීමට දැඩි වෙහෙසක් ගත් පුද්ගලයින් අපේ මුතුන් මිත්තන් මුලින්ම ගිනි දැල්වීමට, බෝට්‍ටුවක් තැනීමට හෝ පැලයක් සි‍ටුවීමට උගෙන ගත් අවධියේ අපාගතවීම සහ නිරයේ ගිනිදැල් ගැන  නිසැකවම මේ විලස දේශනා කරන්නට ඇත. එහෙත්, දැනට පවතින ‘තොරතුරු ස්ඵෝටනය’ නතර කිරීමට මේ මිහිතලය මත මොනම බලවේගයකටත් නොහැකිය. ඒ වාගේම මේ මිහිතලය මත සියළු ජීවය අනතුරට නොහෙලා අපගේ ‘මානව ස්ඵෝටනය’ ද  දිගටම පවත්වාගෙන යා නොහැකිය.

Human evolution - Wikipedia

වෙනස්වීම, ඉතා පැහැදිලිවම, නොවැළැක්විය හැකිය. විද්‍යාව කරන්නේ හුදෙක් එම වෙනස වේගවත් කිරීම සහ සතුන් හීළෑකිරිම සහ බවභෝග වගාකිරීම. රේඩියෝ සහ රූපවාහිනී, මෝටර රථ හා ප්‍රතිජීවක ඖෂධ, රුධිර පාරවිලයනය සහ උපත්පාලන පෙති, පරිගණක සහ න්‍යෂ්ටික් බලය, විටමින් සහ කෘමිනාශක ආදී  විද්‍යාත්මක සංකල්ප  මගින් අල්වා ගනු ලැබ සිටින අනේක වූ නව මානයන් දෙසට එය(වෙනස්වීම) යොමු කිරීමයි. ජයග්‍රහයකයින් සහ පරාජිතයන් නිර්මාණය කිරීමෙන් වෙනස්වීම සැමවිටම ආරවුල් ජනනය කරයි. එහෙත්, ආරවුල් බොහොමයක් මෙල්ල කර ගැනීමට දුෂ්කර කිරීම පිණිස අවශ්‍යවන්නේ ආගම සම්බන්ධවීමයි. මන්ද කීවොත්, ගැ‍ටුම් නිරාකරණය සඳහා අවශ්‍ය ඕනෑම පොදු තථ්‍ය පදනමක් අපලාපනය හෙවත් නොපිළිගැනීම තුළින් ආගමික උන්මාදය සහ අරමුදල් තව තවත් තර වන හෙයිනි. සැහැසිකම සහ භාවවේගය කෙරෙහි ස්වභාව්යෙන්ම මනුෂ්‍යන්ට අතරේ ඇති ප්‍රවනතාව – (ආත්මාර්ථය තකා හැඟුම්බර කථා මගින් ජනතා සහයෝගය ලබා ගැනීමට යත්න දරන) දේශපාලන හා ආගමික නායකයන් විසින් පහසුවෙන් උසි ගන්වනු ලැබිය හැකි  ‘අපට එරෙහිව උන්’ යන  මනෝ විහිතිය හෙවත් සාමාන්‍ය සිතුවිලි රටාව බොහෝ කාලයක් තිස්සේ ආගමික යුදකාමීන්ට, ආක්‍රමණිකයන්ට සහ නීතිය අතට ගත් ඝාතනකාරී පිරිස්වලට බලය සහ ධනය අත්පත් කර දී ඇත. කාලය වෙනස් වී ඇති අතර මුගුරු අතටගත් අපෙ මුතුන් මිත්තන් සිහිනයෙන්වත් දැකීමට  නොහිණු මට්ටමක ඵලදායීතාවයක් පවතින සාමය දැන් ප්‍රවර්ධනය කරයි. එසේ වුව ද, ගෝත්‍රික සහ භෞමික කාරණා ආදී නොයෙක් අංශ හා සමබන්ධයෙන් ඇති මිල මුදල් වැයවන එමෙන්ම ඵලදායීතාවට හානිකරන අරගලවල අපි තවමත් නිරතව සිටින්නෙමු. ඊට හේතුව, පොදු යහපත නොතකා හැරීමට  ආගමික සහ අනෙකුත් භේදභින්නකාරී වාක්ප‍ටුත්වය මගින් දෙපාර්ශවයම ප්‍රමාණවත්  අයුරින් උසි ගැන්වීමයි.

 වාසනාවකට මෙන් මානව ජීව විද්‍යාව පිළිබඳ නවතම මෙන්ම විප්ලවයීය තොරතුරු, එවන් ආරවුල් පදනම්ව ඇති ජීවවිද්‍යාත්මක දුස්සංකල්පන හෙවත් වැරදි අවබෝධ සහ නොමගට යොමු වූ ජීවවිද්‍යාත්මක  ප්‍රාපක බොහොමයක්ම  පැහැදිලි කිරීමට පටන් ගෙන ඇත. එහෙත්, මෙවන් අසීරු කාරණා  වෛෂයීකව විසඳාගැනීමෙ දී උපකාරී විය හැකි අතිරේක කරුණු ලබා ගත හැකි වූවේ වී නමුත් එසේ සැපයෙන තොරතුරු     විශ්වාසය තැබිය හැකි ඒවා දැයි අප දැනගන්නේ කෙසේද? විද්‍යාව හා ආගම අතර වැරදියට වටහා ගත් වෙනස්කම් ඊට මග පාදනු ඇත.

Human Evolutionary Biology Human Anatomy and Physiology from an Evolutionary Perspective by Arndt von Hippel  ග්රන්ථයේ   All Creatures Bear Evidence යන කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.