රෝදය නිපදවීමට මිනිසාට එපමණ කලක් ගතවූයේ ඇයි?
රෝදය ගැන කල්පනා කිරීමේ දී අපට අවබෝධකරගැනීමට අපහසු වන්නේ සිලින්ඩරයක කෙලවර කරකැවී රෝදය පෙරෙළෙන අන්දම නොවේ; ඊට ස්ථාවර, නිශ්චල(ගමන් නොකරණ) වේදිකාවක් එම සිලින්ඩරයට සම්බන්ධ කරන්නේ කෙසේදැයි සොයා බැලීමයි.

රෝද යනු ආදිකල්පිත, ලෙන්වැසි මට්ටමේ තාක්ෂණයක මුලාකෘතීන්ය. එසේ වුවද, රෝදයක් තැනීම ඇත්තවශයෙන්ම සුහුරු, දක්ෂලෙස නිර්මාණය කළ යුතු කොපමණ නම් සීරුවෙන් ඉටු කළ යුතුකටයුත්තක් වූයේ ද කීවොත් ක්‍රි. පු. 3,500ය වනතුරු කාට හෝ එවැන්නක් නිපදවීමට නොහැකි විය. ඉතින් ඔය කාලය වන විට — ඒ කාලයට කීවේ ලෝකඩ යුගය කියලයි — මනුෂ්‍යයන් මිශ්‍ර ලෝහ වාත්තුකිරීම පටන් අරන්. ඇල මාර්ග සහ රුවල් ඔරු, විතරක් නොවෙයි හාප් වගේ සංකීර්න සංගීත භාණ්ඩ තැනීමට පවා පටන් අරන්.
රෝදය ගැන කල්පනා කිරීමේ දී අපට අවබෝධකරගැනීමට අපහසු වන්නේ සිලින්ඩරයක කෙලවර කරකැවී රෝදය පෙරෙළෙන අන්දම නොවේ; ඊට ස්ථාවර, නිශ්චල(ගමන් නොකරණ) වේදිකාවක් එම සිලින්ඩරයට සම්බන්ධ කරන්නේ කෙසේදැයි සොයා බැලීමයි.


“අහඹු වාසනාවන්ත සිද්ධිය වූයේ රෝදය සහ(රෝද සවිකිරීමට ගන්නා) දණ්ඩ පිළිබඳ අදහස පහළ වීමයි” නිව්යෝක් හී හැට්වික් කොලීජියේ මානව විද්‍යා මහාචාර්යවරයෙකු වන ඩේවිඩ් ඇන්තනි පවසයි, ” එහෙම වුණාට ඒවා සෑදීම වුනත් අසීරු කාර්යයක්”. ඩේවිඩ් ඇන්තනි “The Horse, the Wheel, and Language” (Princeton, 2007) නම් ග්‍රන්ථයේ කතුවරයා ද වේ.
කරකැවෙන රෝද සහිතව ස්ථාවර තැනීමේ දී, ඇක්සලයේ කෙළවරවල් මෙන්ම රෝදයේ මැද ඇති සිදුරු(හිල්) සම්පූර්ණයෙන්ම පාහේ සුමුදුව, රවුම්ව පැවතිය යුතු යයි ඇන්තනි පෙන්වාදෙයි. එසේ නොවුණොත් රෝද කැරකීමට අපහසුවන මට්ටමින් උවමණාවට වඩා ඝර්ෂණයක් ඇතිවේ.

එපමණක් ද නොව ඇක්සල ද රෝදවල සිදුරු තුළට (සිදුරයි දණ්ඩයි අතර නුවමණා ඉඩක් නොමැතිව ) මනාව ගැලපෙන ආකාරයට, එහෙත් රෝද පහසුවෙන් කරකැවීමට පුළුවන් වන ලෙස ඕනෑවට වඩා හොඳින්(තදින්) නොවන පරිදි සවි විය යුතුවේ.
මේ ව්‍යුහයේ සාර්ථකත්වය, ඇක්සලයේ හෙවත් දණ්ඩේ ප්‍රමානය මත දැඩිව සම්බන්ධයක් පවතී. දණ්ඩ හීනිවන තරමට රෝදයේ සිදුර සමග ඝර්ෂනයවන ප්‍රමානය බෙහෙවින් හීන වන නමුත් හීනි දණ්ඩක් බර දැරීමට තරම් ශක්තිමත් නොවිය හැක. එලෙසම විශාල ඇක්සලයක් බර දැරීමට සුදුසු වුවත් ඝර්ෂනය බෙහෙවින් වැඩිවේ.”අපෙ ආදිතමයන් ඔය ප්‍රශ්නය විසඳා ගත්තේ මුල් කාලයේ ගැල් හුඟක් පටු කර තැනීමෙනුයි. එතකොට එතරම් මහත නැති කෙටි ඇක්සලයක් යොදා ගැනීමට ඔවුනට හැකිවුනා” යයි මහචාර්ය වරයා කියා සිටියි.
රෝදය හා ඇක්සලය අතර මේ සම්බන්ධය සමස්ත ව්‍යුහයටම සංවේදී වූ හෙයින්, මෙවායේ වැඩිදියුණුව අදියරෙන් අදියරට සිදු කිරීමේ හැකිව්යාවක් නොවීය.”එක්කෝ සම්පූර්න ව්‍යුහයම තනන්න වෙනවා, නැතිනම් මොනවත්ම තනන්න බැරිවෙනවා” හෙතෙම පහදා දෙයි.
රෝදය නිපදවූ තැනත්තා කවුරු වුනත් එම තැනැත්තාට, විශාල, රවුම් රෝද කපා තැනීමට හැකි වෙන පරිදි මහත කඳ සහිත ගස් වලින් ඎ ලී පෙති කැබලි ලබා ගැනීමට හැකියාව, අවස්ථාව තිබෙන්නට ඇත. එක ලී පෙති වල එකිනෙකට මනාව ගැලපෙන ආකාරයේ සිදුරු හා ඇක්සල තෑනීමට උපකාරීවෙන ලෝහ ආයුධ ද තිබිය යුතු විය. තවද ලී කොටන භූමිය මත්තේන් ගෙන ඒමේ අවශ්‍යතාවද මතුවෙන්නට ඇත. ඇන්තනි පෙන්වා දෙන අන්දමට ” ක්‍රිස්තු පූරව 3,500 හෝ ඒ හරිය වන තෙක් රෝදය නිපදවීම පමාවෙන්න ඇත්තේ වඩු කර්මාන්තයේ අඩු පාඩු නිසාවෙන් විය හැකිය. මන්ද, මෑත පෙරදිග නියන් සහ බොකු නියන් සුලබ වන්නට පටන් ගත්ටේ ක්‍රිස්තු පූරව 4,000 දී නිසාවෙනි”.


රෝදය උත්පාදනය හෙවත් නිර්මාණය කෙතරම් අභියෝගාත්මක ද කීවොත් එය සිදුවන්නට ඇත්තේ බාගදා එක තැනක දි, එක් වරක් පමනක් වන්නට ඇත. කෙසේවෙතත් ඉන් අනතුරුව එය කෙතරම් සීඝ්‍රයෙන් යුරේසියාව හා මැද පෙරදිග හරහා ව්‍යාප්ත වූ බවක් පෙණී යන්නේද කිවහොත් එය සම්භවය ලැබුවේ කොයිබද යන්න විශේෂඥයන්ට හරිහැටි කිව නොහේ. රෝද සවි කළ කරත්ත පිළිබඳ මුල්ම අනුරූප අපට හමුවන්නේ පෝලන්තයෙන් සහ (ගස් දුලබ විශාල තණබිම් වන) යුරේසියානු ස්ටෙප් තණ බිම්වල සෙසු ප්‍රදේශවල කැණීම් වලිනි. රෝදය බිහිවූ බවට පත් විය හැකි ප්‍රදේශ අතරේ මෙම කලාපය, මෙසපොටේමියාව(වර්තමාන ඉරාකය) අභිබවා පෙරමුන ගනී. ෆින්ලන්තයේ, හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ (ඉන්දියානු ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය හා සංස්කෘතිය පිළිබඳ හැදෑරීම් කරන) පර්යේෂකයෙකු වන ඇස්කෝ පැර්පෝලා දක්වන අන්දමට වර්තමාන යුක්‍රේනයේ Tripolye ජනතාව අතරේ රෝදය බිහි වූයේ යයි විශ්වාශ කිරීමට වාග්විද්‍යාත්මක සාධක ඇත්තේය. වාග්විද්‍යාත්මක සාධක යනුවෙන් අදහස් කෙරෙන්නේ රෝද සහ ගැල් හා සම්බන්ධ වචන එම සංකෘතියේ භාෂාවෙන් හට ගෙන තිබෙන බවයි.
Life’s Little Mysteries (Scientific American) හී පළවන Why It Took So Long to Invent the Wheel යන ලිපිය ඇසුරෙනි