ඔමික්‍රොන්  ප්‍රභේදයේ ‘රහස්’ අනුවාදය  බියවීමට කාරණාවක් නොවුණත් සිද්ධී වැඩිවීමට හේතුවිය හැකියි

Posted by

omicron  ප්‍රභේදයේ ‘රහස්’ අනුවාදය  බියවීමට කාරණාවක් නොවුනත් සිද්ධී වැඩිවීමට හේතුවිය හැකියි

omicron  ප්රභේදයේ විකෘතියට පත් අනුවාදයක් සිද්ධි සීඝ්රයෙන් පහක වැටීම  මන්දගාමී කිරීමට ඉවහල් විය හැකි නමුත් එය  ගෝලීය වසංගතයේ සමස්ත ගමන් මග වෙනස් නොකරනු ඇතැයි  විද්යාඥයෝ විශ්වාස කරති.

මෑත දිනවල, “රහස්” omicron  ප්‍රභේදයක් පිළිබඳ සිරස්තල මගින් නව කොරෝනා වයිරසයේ දරුණු නව මාදිලියක් රහසිගතව  ව්‍යසනකාරී කොවිඩ් නව රැල්ලක් නිර්මාණය කරයි යන අදහස මවා පානු ලැබ ඇත.

විද්‍යාඥයන් පවසන පරිදි එවැනි තත්ත්වයකට ඇති ඉඩකඩ බොහෝ දුරට සීමිතය. එනමුත් omicron වෛරස් පවුලේ ශාඛා තුනෙන් එකක් වන BA.2 යන විද්‍යාත්මක නාමයෙන් හඳුවනු ලබන නව ප්‍රභේදය  ලෝකයේ බොහෝ රටවල  omicron සීඝ්‍ර  වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.

Here is why omicron is a variant of concern and what that means | kvue.com

දැනට නම්, BA.2 වඩාත් දරුණු රෝග තත්වයන් ඇති කරන බවක් නොපෙනේ. තවද එන්නත් ඔමික්‍රොන් වෙනත් මාදිලිවලට එරෙහිව සේම  BA.2ට එරෙහිව ඵලදායී වේ. එය එසේ වී නමුත් BA.2 වඩාත් පහසුවෙන් පැතිරීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. ” මෙයින් අදහස් කෙරෙන්නේ  තවමත් උච්ච අවස්ථාවට ළඟා නොවූ ස්ථානවල ආසාදන වඩාත් ඉහළ මුදුන් ගතවීම් හෙවත් උච්චවීම් ඇතිවීමටත්,  omicron ආසාදන දැනටමත් මුදුන් ගතවූ තැන්වල ආසාදන පහල යාමේ ප්‍රවණතාව මන්දගාමී කරවන්න පුළුවන් බවය”යි ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ වෛරස විද්‍යාඥ ‍තෝමස් පීකොක් කියයි.

2021 නොවැම්බරයේ දකුණු අප්‍රිකාවේ පර්යේෂකයෝ මුලින්ම omicron පිළිබඳව සංඥාව නිකුත් කළහ. චීනයේ වූහන වල දී මුලින්ම හුදකලා කර ගනු ලැබූ කොරෝනා වෛරසයෙන් වෙන්කොට හුවා දැක්වුණු omicron විකෘතීන් 53 කින් සමන්විත විය. මේ විකෘතීන් සමහරක් තමයි ඊට එන්නත්වලින් හෝ කලින් හටගත් ආසාදනවලින් නිපදවුණු ප්‍රතිදේහ වලින් ගැලවීමට මග පෑදූවේ. පෙණහලු වෙනුවට ඉහල වා මගේ ලගුම් ගැනීමට ඊට කැමත්තක් ඇතිකිරීමට සෙසු විකෘතීන් මග පෑදූ බවක් පෙණී යයි.එතැන් පටන් කොට ඔමික්‍රොන් හී ප්‍රවේණි විපර්යාස එය ලොවපුරා රටවල ප්‍රමුඛත්වයට පත් කර ඇත.

Birth Of The Omicron Family: BA.1, BA.2, BA.3. Each As Different As Alpha  Is From Delta.
Omicron Is Still Mutating - Subvariants (BA.1, BA.2, BA.3), The Stealth  Variant, And More - YouTube

කෙසේවෙතත්, ඔමික්‍රොන් ප්‍රභේදය ඉස්මතුවී සති කිහිපයක් ඇතුළත, විමතිය දනවන  ඔමික්‍රොන් හා සමාන විචලක ස්වල්පයක් සොයා ගැනීමට දකුණු අප්‍රිකානු පර්යේෂකයෝ පටන් ගත්හ. ඉන් සමහරක් ඔමික්‍රොන්වල කැපී පෙණෙන විකෘතීන් සමහරක් තිබූ අතර අනෙක් විකෘතීන් අඩංගු නොවීය. එපමනක් නොව ඒවා, ඒවාටම අවේණික සුවිශේෂී විකෘතින්ගෙන් ද සමන්විත විය. පොදු පූර්වජයෙකුගෙන් බෙදී වෙන්වන සුවිශේෂී ශාඛාතුණකින් ඔමික්‍රොන් සමන්විත වන බව වැඩි කලක් ඉකුත් වන්නට පෙර පැහැදිලි විය. එම ශාඛා BA.1, BA.2  සහ BA.3 ලෙස විද්‍යාඥයෝ නම් කළහ. මුල්ම ඔමික්‍රොන් සාම්පල  BA.1, BA.2  වලට වයත් වූ අතර එතරම් විරල නොවීය. ඊටත් වඩා විරල BA.3 එක්තරා අන්දමක වෛරස ලිංගික සම්බන්ධතාවයක් ප්‍රතිඵලයක් බවක් පෙණී යයි.

කෙසේවෙතත්, ඔමික්‍රොන් ප්‍රභේදය ඉස්මතුවී සති කිහිපයක් ඇතුළත, විමතිය දනවන  ඔමික්‍රොන් හා සමාන විචලක ස්වල්පයක් සොයා ගැනීමට දකුණු අප්‍රිකානු පර්යේෂකයෝ පටන් ගත්හ. ඉන් සමහරක් ඔමික්‍රොන්වල කැපී පෙණෙන විකෘතීන් සමහරක් තිබූ අතර අනෙක් විකෘතීන් අඩංගු නොවීය. එපමනක් නොව ඒවා, ඒවාටම අවේණික සුවිශේෂී විකෘතින්ගෙන් ද සමන්විත විය. පොදු පූර්වජයෙකුගෙන් බෙදී වෙන්වන සුවිශේෂී ශාඛාතුණකින් ඔමික්‍රොන් සමන්විත වන බව වැඩි කලක් ඉකුත් වන්නට පෙර පැහැදිලි විය. එම ශාඛා BA.1, BA.2  සහ BA.3 ලෙස විද්‍යාඥයෝ නම් කළහ. මුල්ම ඔමික්‍රොන් සාම්පල  BA.1, BA.2  වලට වයත් වූ අතර එතරම් විරල නොවීය. ඊටත් වඩා විරල BA.3 එක්තරා අන්දමක වෛරස ලිංගික සම්බන්ධතාවයක් ප්‍රතිඵලයක් බවක් පෙණී යයි. BA.1 සහ BA.2  එකවර හෙවත් සමගාමීව එකම පුද්ගලයා ආසාදනය කළ විට  ඒවායේ ජාන එකට කැටි වූයේ නව දෙමුහුන් වෛරසසයක් නිර්මානය කරමිනි.

Omicron sibling BA.1 rapidly replacing Delta, says Insacog | India News -  Times of India

මුලදී විද්‍යාඥයින් අවධානය යොමු කළේ BA.1 කෙරෙහිය. ඊට හේතුව එහි හට ගැනීම අනෙක් ඒවා හා සසඳන විට එකට 1000ක අනුපාතයෙන් ඉදිරියෙන් සිටීමයි. එය(BA.1) සොයාගැනීම විද්‍යාඥයින්ට පහසු කෙරුණේ එක්තරා වාසනාවන්ත සිදුවීමක් නිසාවෙනි. සුලබ PCR පරීක්ෂාවකින් සාමාන්‍යයෙන් සොයා ගැනෙනුයේචොරෝනාවෛරස ජාන තුනකි. එහෙත්, මේ පරීක්ෂාවන්ට BA.1 දී සොයාගත හැකි වූයේ එකී ජානවලින් දෙකක් පමනකි. ඊට බලපෑවේ ශූලය(spike) ලෙස දැක්වෙන තුන්වැනි ජානයේ විකෘතියකි.

Rebooting the Economy: What Countries Need to Know About COVID-19 Testing  as They Relax Restrictions

දෙසැම්බරය වන විට පර්යේෂකයන්ට පෙණී ගියේ PCR පරීක්ෂණ එන්ට එන්ටම වැඩිවන සංඛයාවකට ශූල(spike) ජානය සොයා ගැනීමට අපොහොසත් වන බවයි. එම කාරණාව, BA.1 මාදිලිය වඩාත් සුලබ වෙමින් පවතින බවට ලකුණක් විය.(ඔය වන විට ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය PCR පරීක්ෂණ වලදී ශූල(spike) හඳුනා ගැනීමේ අපහසුවක් ඇති නොකළේය.) ඔමික්‍රොන් ප්‍රමුක වෙද්දී ඩෙල්ටාව පසු බැස්සේය.

BA.1 මෙන් නොව, BA.2 PCR පරීක්ෂණ අසාර්ථක කරවන ශූල විකෘතීයෙන් තොර විය. BA.2 සොයා ගැනීම පිණිස PCR පරීක්ෂණ භාවිත කිරීමේ හැකියාව නොමැති කම නිසා විද්‍යාඥයෝ එය ඔමික්‍රොන් ‘රහස්’ අනුවාදය ලෙස නම් කළහ.

එහෙත්, BA.2  අදෘශ්‍යමාන නොවීය: ආසාදනය ධනාත්මක යයි ඔප්පු වුණු පරීක්ෂණ වලින් ලබාගත් සාම්පලවල ජානමය අනුක්‍රමන විශ්ලේෂණය කිරීමෙන් BA.2 නිරික්සනයට තවදුරටත් පර්යේෂකයන්ට හැකි විය. තවද, ඩෙල්ටාව සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන් වූ පසු  BA.1 සහ  BA.2 අතර වෙනස නිර්ණය සඳහා PCR පරීක්ෂණ යොදා ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. ශූල අකරණයන්(spike failures) හටගැන් වූ සාම්පල වල  BA.1 අඩංඟු වූ අතර, එසේ හට නොගැන් වූ සාම්පලවල BA.2 අඩංඟු විය.

එක්සත් ජනපදයේ වෛරස අනුක්‍රමණයන්හී මෑතක පරීක්ෂන සාම්පලවල සමාන රටා සොයා ගැනීමට සියටැල් හී ෆ්‍රෙඩ් හචින්සන් පිළිකා මධ්‍යස්ථානයේ(Fred Hutchinson Cancer Center) වෛරස විද්‍යාඥ ට්‍රෙවො බෙඩ්ෆඩ් සමත්විය. එක්සත් ජනපදයේ ආතුර සිද්ධි අතුරෙන්සියයට 8ක් BA.2 යයි ඔහු ගණන් බලා ඇති අතර සංක්‍යාව සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවතින බව පුරෝකථනය කළේය.

” එය(BA.2) එක්සත් ජනපදයේ ප්‍රමුක ප්‍රභේදය වන බව මට නම් හොඳටම විශ්වාසය” යි පවසන යේල් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛය පාසලේ වසංගතවේදියෙකු වන Nathan Grubaugh කියා සිටින්නේ “එය ගෝලීය මහා වසංගතය කෙරෙහි කොයි ආකාරයෙන් පලපාවිද යන්න දැන්ම පැවසීම අසීරුය” යන්නයි.

BA.2,  නව වේගී ඉහළයාමකට මග පාදතැයි වටහා ගැනීමට හැකි වුවත්, Grubaugh අදහස් කරන්නේ ඉදිරි සතිවල දි කොවිඩ් සිද්ධී දිගටම පහළ වැටෙතැයි කියායි. එලෙසම, BA.2 ඒ පහළ වැටීම මන්දාගාමී කිරීමට ද ඉඩ ඇත. BA.1  සම්බන්ධයෙන් දැනට ආරම්භ වී ඇති අත්හදා බැලීම් හෙවත් සම්පරීක්ෂණ, තම පුරොකථන වඩාත් තියුණු කිරීමට විද්‍යාඥයන්ට උපකාරී වනු ඇත.

The New York Times හී පළවන ‘Stealth’ Variant No Cause for Alarm, but Could Slow Case Decline යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.