තෙල් බැරලයක වටිනාකම
තෙල් බැරලයක වටිනාකම යනුවෙන් කියන විට අපි හැමදෙනාම විමසිලිමත් වෙන්නෙමු. එය ස්වභාවිකය. මන්ද තෙල් බැරලයක මිල රටක ආර්ථිකයට පමණක් නොව ජන ජීවිතයේ නොයෙක් අංශවලට ද බලපාන හෙයිනි. තෙල් බැරලයක මිල රජයක පැවැත්මට පවා බලපාන්නකි. කෙසේවෙතත් අද තතු ලිපිය වෙන්වන්නේ තෙල් බැරලයක මිළ ගණන් ගැන කතාකිරීමට නොව බොර තෙල් බැරලයක අඩංගුවන්නේ මොනවාද යන්න සහ බොර තෙල් බැරලයක් පිරිපහදු කිරීමෙන් පසුව අපට ලැබෙන දෙය අනුව එහි වට්නා කම ගැන ඇගැයීමක් කිරීමටය.
බොරතෙල්, පිරිපහදු කිරීම, පැට්‍රෝලියම් නිෂ්පාදන ආදිය ගැන බලධාරීන්, නිලධාඊන් හා මාධ්‍යයෙන් කෙරෙන කතා බහ, කියා පෑම් නිසියාකාරව වටහා ගැනීමට මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වේවි.

තෙල් බැරලයක් තුළ…
පිරිපහදු කිරීමෙන් පසුව එක් තනි තෙල් බැරලයක් විශාල සංඛයාවක විවිධ එමෙන්ම ප්‍රයෝජනවත් පැට්‍රෝලියම් නිෂ්පාදන උපදවයි. එක් තනි තෙල් බැරලයකින් පෙට්‍රල්, ඇස්ෆ්ල්ට්(තාර), සහ ප්‍රොපේන් වැනි නිෂ්පාදන ලබාගැනීමට ඇති හැකියාව, පිරිපහදුව ප්‍රසාදන හෙවත් පිරිපහදුව එපමණ අත්‍යවශ්‍ය ක්‍රියාදාමයක් බවට පත්වීමේ කොටසක් බවට පත්වේ. පිරිපහදු ක්‍රියාදාමය මෙකී විවිධ හයිඩ්‍රොකාබන් විවිධ ආකාරයෙන් විභේදනය කරයි හෙවත් වෙන් කරයි. එසේ වෙන් කරන ප්‍රධාන ක්‍රමයක් වන්නේ භාගික ආසවන අටලුවක තාපාංක විභේදනය මාර්ගයෙනි
භාගික ආසවන අටලුවකට(fractional distillation tower) බොර තෙල් ඇතුල් කළ විට නිෂ්පාදනයේ සමස්ත පරිමාවේ වර්ධනයක් ඇතිවේ. සාමාන්‍යයෙන්, දළ වශයෙන් ලීටර 159කට සමාන වන බොර තෙල් එක් තනි බැරලයක් පිරිපහදු කළොත් අවසාන නිෂ්පාදනයේ පරිමාව ඇත්තටම මුල් බොරතෙල් බැරලයේ පරිමාවට වඩා වැඩිය. ඇත්තවශයෙන්ම, බොර තෙල් ලීටර 159 කින්, පිරිපහදු කළ පැට්‍රෝලියම් නිෂ්පාදන ලීටර 170ක් ලබා ගත හැකිය. පිරිසැකසුම් වාසිය(processing gain) ලෙස දැක්වෙන බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට පරිමාවේ වර්ධනයක් ඇති වී තිබේ. සරලව දක්වතොත්, පිරිසැකසුම් වාසිය යන්න මගින් සඳහනක් කරණු ලබන්නේ මුල් බොර තෙල්වලට වඩා අඩු විශිෂ්ට ගුරුත්වයක් තිබෙන පිරිසැකසුම් කරන ලද පැට්‍රෝලියම් නිෂ්පාදන ආදානය හා සංසන්දනය කිරීමේ දී හටගන්නා ප්‍රතිදානය වර්ධනය වන්නාවු පරිමාවටයි.

බොර තෙල් ලිටර 159කින් අවසානයේ ලබාගන්නා ලද පැට්‍රෝලියම් නිෂ්පාදන ලීටර 170වෙහි ප්‍රතිශතය පෙන්වන පඉ සටහන(pie chart)
පිරිපහදු ක්‍රියාදමය මගින් සපයා ගනු ලබන නිෂ්පාදන එකතු කර ගනු ලබන්නේ විවිධ ප්‍රමාන වලිනි. පිරිපැහැදීම අවසානයේ ලීටර 170 පරිමාව සපුරාලන සෑම නිෂ්පාදනයකම ප්‍රතිශත ඉහත ච්චිත්‍රයෙන් දක්වා ඇත.
අවසාන නිෂ්පාදනයෙන් විශාලතම කොටස සැදුම් ගන්නේ වාහාන සඳහා ඉන්ධන වලින් බව ඔබට එම චිත්‍රය විමසන විට පෙනී යනු ඇත. මෙයම ලීටරවලින් දක්වන්නේ නම් අවසාන නිෂ්පාදනය වන ලීටර 170න් ලීටර 73ක් ගැසොලීන්(පෙට්‍රල්)ය. ලීටර40ක් පමණ සමන්විත වන්නේ ඩීසල් සහ දැවි තෙල් වලිනි; භූමිතෙල්-ආකාර ජෙට් ඉන්න්ධන ලීටර15.5ක අඩංගුවේ මෙම සංඛ්‍යා සාපේක්ෂව විශාල බව ඇත්තක් වූව ද, නිපදවෙන අනෙකුත් නිෂ්පාදන ප්‍රයෝජනවත් දේවල් නොවේ යයි ඉන් අදහස් නොකෙරේ. නිදසුනක් දක්වන්නේ නම් (පෙට්රෝලියම් හා ස්වාභාවික වායුවල රසායනික ගුණ සහ සැකසුම් ක‍්‍රමවලට අදාළ) පෙට්රොරසායනික(Petrochemicals) අමුද්‍රව්‍ය අවසාන ලීටර 170න් සමන්විතවන්නේ ලීටර 4.2ක් තරම් සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් වුව ද ඒවා ඖෂධවල සිට ප්ලාස්ටික් දක්වා එකිනෙකට වෙනස් විවිධ වූ නිෂ්පාදන සෑදීමට යොදා ගත හැකිවේ.

අවසාන නිෂ්පාදනයෙහි පංගුවක් ලෙස ගතහොත්, නිශ්චල ගෑස්, පෙට්‍රෝලියම් කෝක්, බැර ඉන්ධන තෙල්, ඇස්ෆල්ට්, ලිහිසි තෙල්, ගුවන්යානා පෙට්‍රල්, නැෆ්තා සහ ඉටි ඇතුළු අනෙකුත් නිෂ්පාදන තරමක් කුඩා ප්‍රමාණයක් සෑදෙන නමුත් විවිධ යෙදුම් ගණනාවක් ලෙස බහුලව ප්‍රයෝජනවත් වේ.
පෙට්රොරසායනික(Petrochemicals) සහ ඒවායේ ප්‍රයෝජන ගැන වැඩි විස්තර වෙනත් දවසක මෙවැනිම තතු ලිපියකින් අපි ඔබ වෙත ගෙන එන්නෙමු. දිගටම තතු වෙබ් අඩවියට පිවිසෙන්න.
University of Calgary වෙබ් අඩවියේ ENERGY EDUCATION යටතේ ඇති In a barrel of oil කොටස අසුරෙනි. (https://energyeducation.ca/encyclopedia/In_a_barrel_of_oil)