අපට තිබහ දැනෙන්නේ කොහොම ද?

Posted by

අපට තිබහ දැනෙන්නේ කොහොම ද?

8 හවිරිදි ෂෲති දැරිය අසන (අපටත් අසන්න හිතෙන) මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ Roshan Rigby(PhD Candidate in Nutrition and Dietetics, Griffith University), Clare Van Dorssen (Knowledge Translation and Impact Coordinator, Griffith University) සහ auren Ball (Associate Professor and Principal Research Fellow, Menzies Health Institute, Griffith University) විසිනි

Why Do We Feel Thirsty & What are the Health Conditions Associated With  Frequent Thirst?

මේ වැදගත් ප්‍රශ්නය අසුවාට ඔබට අපේ ස්තුතිය මුලින්ම පිරිනමනවා.

අපේ ශරීරයෙන් වැඩි කොටසක් හැදිලා තියෙන්නේ වතුර හෙවත් ජලයෙන්. ඒ වගේම ඇත්තටම නොයෙක් ආකාරයේ  වැදගත් දේවල් ගොඩක්ම කරන්න අපට ජලය ඕනෑ වෙනවා. අප ගන්නා ආහාර දිරවා ගැනීම සඳහා සහායට අපට ජලය ඕනෑකරනවා. එතකොට, අපේ ශරීරය පුරා පෝෂණ කොටස් සහ ඔක්සිජන් ගෙනයාමටත් ජලය ඕනෑකරන බ්වත් කියන්න ඕන. අපේ මාංශ පේෂී එහා මෙහා කරන්න, ඒ වගේම අපේ සිරුර ඕනෑවට වඩා උෂ්ණාධික නොවන්නත් සිසිල් නොවන්නත් තබා ගැනීමට පවා අපට උපකාරී වෙන්නේ ජලයයි.

ඒ අතරම කියන්න තියන දෙයක් තමයි අපේ සිරුරෙන් නිරන්තරයෙන්ම ජලය ඉවත්වෙනවා — ඔව්, අපට දාඩිය දානකොට, හුස්ම පිටකරනකොට ඒ වගේම අප ශරීර කෘත්‍යයෙහි යෙදෙන විට(වැසිකිළියට යනවිට) අපට ජලය අහිමිවෙනවා. ඉතින් ඒ ආකාරවලින් ජලය අපේ සිරුරෙන් බැහැර වෙන විට අපේ ශරීරයට ජලය යළි ලබාදෙන්න ඕනනේ. එහෙම නොකලොත් අන්න ඒ වෙලාවට අපට පිපාසය දැනෙන්නට පටන් ගන්නවා.

තිබහ දැනෙන එක අපට හොඳ දෙයක්

අපේ මොළය මහා පුදුමාකාර එකක් බව අප කවුරුත් පහේ දන්නවානේ. ඉතින් අපේ ශරීරයේ ප්‍රමාණවත්  තරම් වතුර නැති විට(ඒ වුනාට උවමනාට වඩා ලවණ සහ ඛනිජ ඇතිවිට)  ඒ බව අපට කියන්නට මොළයට හැකියි. එම තත්ත්වය නිවැරදි කර ගැනීම පිණිස මොළය අපේ ශරීරයේ විවිධ කොටස් වලට පණිවුඩ යවනවා. අපට මේ පණිවුඩ දැනෙන්නේ (වතුර) බීමට තිබෙන ආශාවක්, පෙලඹවීමක් හැටියටයි. ඉතින් එවැනි තිබහක් අපට දැනෙන විට අපි (වතුර හෝ වෙනත් බීමක්) බොනවා.

(තිබහට) බොන එක නතර කරන්න ඕනි කියලා අප දැන ගන්නේ කොහොමද?

උෂ්ණාධික දිනයක ජලය බීගෙන බීගෙන යන්න පටන් ගත්තහම අපට දැනෙන සුවදායක හැඟීම් ගැන අප කාටත් අවබෝධයක් තියෙනවා. අහා, හ්ම්ම්! එති ඉතින් ජලය බීගෙන බීගෙන යන විට ඔබේ මොළය කොහොමද දැන ගන්නේ දැන් නම් ඔන්න වතුර බිව්වා ඇති කියලා? මෙහෙමයි: අපි ජලය බොන විට අපේ රුධිරයේ ඇති ජල මට්ටම ඉහළ යනවා. එලෙසම, ලවණ සහ ඛනිජ මට්ටම් පහළ වැටෙනවා. ඔය ඉහළ පහළ යාම හරි ගණනට සිද්ධ වුණු බව තේරුනහම මොළය අපට ඒ බව දන්වනවා. තවදුරටත් බොන්න තියන ආශාව  මොළය ඉවත් කර දමනවා.

Top 30 Thirsty GIFs | Find the best GIF on Gfycat

 එපමණක් නොවෙයි,  අප වතුර ගිලින විට, ‘සතුට දනවන’ රසායනයක් වන ඩොපමයින්(dopamine) අපේ සිරුරට මුදා හැරෙනවා.  එවිට අපට සතුටක්, සුඛයක් දැනෙනවා. ඒ නිසාතමයි අපේ ශරීර ප්‍රතිසජලනය කිරීමේ දී (rehydrating) එතරම්ම ඵලදායී නොවන පළතුරු බීමක් වැනි බීමක් බොන විටත් අපට සුවදායක හැඟීමක් ඇතිවන්නේ.

තිබහ දැනනවා කියන්නේ ඔබට බීමට තවත් ජලය අවශ්‍යයයි කියන එකයි.

සිරුරේ අවශ්‍යතාවනට සවන් දෙන්න

කාලගුණය තව තවත් උෂ්ණාධික වෙද්දී ජලය නිරතුරු පානය කිරීමේ වැදගත්කම තව තවත් වැඩිවෙනවා. හොඳින් පායන දිනවල ඔබ ඇවිදිද්දී, පා පැදි පදිද්දී හෝ මිතුරන් සමග එළිමහනේ ක්‍රීඩා කරනවිට ඔබේ ශරීරයෙන් බැහැර කෙරන ජලය යළි ලබා ගන්න ඔබට ඕනෑ වෙනවා. ඉතින් ඔබට තිබහ දැනෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම මොළය ඔබට පානය කිරීමට අණ කිරීමයි. ඉතින් සිරුරේ අවශ්‍යතාවනට සවන් දෙන්න, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.

[මෙම මාතෘකාව ගෑන වඩාත් විස්තර සහිත විද්යාත්මක වාර්තාවක් thathu.com මගින් ඉදිරියට පළ කිරීමට නියමිතයි. දිගටම තතු කියවන්න, thathu.com වෙත පිවිසෙන්න. ඥානයේ ආනන්දය විඳගන්න – සංස්කාරක]

Curious Kids(The Conversation) හී පළවන how do we feel thirsty?  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.