ලෝකය ‍රැක ගැනීමට ආධාර විය හැකි මුත්‍රා විප්ලවය

Posted by

ලෝකය ‍රැක ගැනීමට ආධාර විය හැකි මුත්‍රා විප්ලවය

කැළිකසළ අතරින් මුත්‍රා වෙන්කොට ගනීමෙන් ඇතැම් දුෂ්කර පාරිසරික ගැටළු යම්තාක් දුරකට සංසිඳවා ගැනීමට හැකිවෙතත් අපේ ජීවිතයේ වඩාත්ම මූලික අංගයක් තමන්ට වාසිදායක ලෙස යළි වෙනස් ආකාරයකට සැලසුම් කර ගැනීමේ දී දැඩි බාධා අවහිර ඇතිවේ.

අප වෙසෙන මේ ග්‍රහ ලෝකය තුනෙන් දෙකක් පමන ජලයෙන් යටව ඇතත් ජීවය පවත්වාගෙන යාමට නැතුවම බැරි අංගයක් වන බීමට සුදුසු ජලය ලබාගැනීම දුෂ්කර වන අවස්ථා ඇත. ඇතැම් කාල වල ජලය හිඟ විය හැකිය; මිහිපිට ඇතැම් ප්‍රදේශවල පාණීය ජලය සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය සපයාගැනීම ගැටළු සහගත විය හැකිවේ. එහෙත් අපට ජලය නොමැතිව ජීවත් විය නොහැකිය. අනෙක් අතට ප්‍රශ්නයක් බවට පත්වන්නේ ජලය හිඟ වීමම පමනක් නොවෙ; තිබෙන ජලය දූෂණය වීම හුදු පාරිසරික ප්‍රශ්නයක් පමනක් නොව මනුෂ්‍යයන් ඇතුළු සත්ව විශේෂ බොහොමයකට ජීවිතය පවත්වාගෙන යාමට අවහිරයකි.

උදාහරණයක් ගෙන බලමු. ගොට්ලාන්ඩ්(Gotland) විශාලතම දූපතයි. එහි මිරිදිය හිඟය. ඒ අතරම වැසියන්ට මුහුණදීමට සිදුවන තවත් හිරිහැරයක් වන්නේ කෘෂිකර්මාන්තයෙන් සහ ජලාපවාහන පද්ධති මගින් ඇතිවන දූෂණයෙන් අවට බෝල්ටික් මුහුදේ හටගන්නා හානිකර ඇල්ගී ව්‍යාප්තියයි. මේවා මත්ස්‍යයින් මියැදීමට හා මිනිසුන් රෝගී බවට පත්කිරීමට බලපායි.

මෙකී පරිසරාත්මක අභියෝගයන් පෙළට සාර්ථකව මුහුණදෙනු වස් ගොට්ලාන්ඩ් දූපත බලාපොරොත්තු තබා ඇත්තේ කිසිසේත් බලාපොරොත්තු නොවන එක්තරා ද්‍රව්‍යක් කෙරෙහිය: එනම් මනුෂ්‍ය මුත්‍රා.

2021 පටන්ගෙන සුවහානීය හෙවත් (තැන තැන) ගෙන යා හැකි වැසිකිළි කුලියට දෙන ප්‍රාදේශික සමාගමක් සමග සහයෝගීව කටයුතු කිරීම පර්යේක කණ්ඩායමක් ආරම්භ කළහ. මෙහිදී අරමුණ වන්නේ වසර තුනක කාලයක් තුළ ස්ථාන කිහිපයක ඇති  ජලය භාවිත නොකරණ මුත්‍රා කුටි(urinals) සහ විශෙෂිත වැසිකිලිවලින් සරු සංචාරක වාරය තුළ මුත්‍රා ලීටර් 70,000කට වැඩියෙන් එකතු කරගැනීමයි.

මේ පර්යේෂක කණ්ඩායම  උප්සලා අගනුවර ස්විඩීන කෘෂිකාර්මික විද්‍යා විශ්වවිද්‍යාලයෙනි(SLU).  මේ විශ්වවිද්‍යාලය Sanitation360 යනුවෙන් සමාගමක් ද පිහි‍ටුවාගෙන ඇත. පර්යේෂකයන්, කොන්ක්‍රීට් කුට්ටිමෙන් සැකසෙන අන්දමට මුත්‍රා වියළීමට ලක් කර අනතුරුව කුඩුකිරීමෙන් පසුව  සාමාන්‍ය  කෘෂිකාර්මික උපකරන වලට ගැලපෙන ආකාරයේ පොහොර ගුලි හැටියට තෙරපීමට ලක් කෙරේ. දේශීය  ගොවියෙකු මෙම පොහොර යොදා ගනිමින් වගාකෙරෙන බාර්ලි බීර පෙරුම්හලකට යවයි. එහි දී එම බාර්ලි භාවිත කෙරෙමින් බීර නිපදවෙයි. එම බීර බීමෙන් අනතුරුව මුලු චක්‍රයම යළි ආරම්භවෙයි.

මනුෂ්‍ය මුත්‍රා ප්‍රයෝජනයට ගැනීම “හුදු සංකලපයකින් ඔබ්බට ගෙනගොස් ප්‍රායෝගිකව” විශාල පරිමාණයෙන් භාවිතයට ගැනීමට පර්යේෂකයන් ක්‍රියා කරමින් සිටින බව SLU හී රසායනික-ක්‍රියාදාම ඉංජිනේරු සහ  Sanitation360 හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රීත්වි සිංහ කියා සිටියි. මෙහි අරමුණ වන්නේ ලොව පුරා විවිධ කලාප හා ප්‍රදේශවල යොදා ගත හැකි ආදර්ශ ආකෘතියක් සැපයීමයි.

මුත්‍රා සෙසු අපවහන ද්‍රව්‍ය  වලින් වෙන් කොට, පොහොර වැනි නිෂ්පාදන බවට ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලොව පුරා පැතිර යන මේ හා සමාන ප්‍රයත්න ‍රැල්ලක කොටසක් ලෙස ගොට්ලාන්ඩ් ව්‍යාපෘතිය හැඳින් විය හැකිය. ‘මුත්‍රා අපසරණය'(urine diversion) ලෙස දැක්වෙන මෙම භාවිතය එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඉතියෝපියා සහ දකුණු අප්‍රිකාව යන රටවල (මේ පිළිබඳව උනන්දුවක් දක්වන) කන්ඩායම් විසින් අධ්‍යනය කරනු ලබමින් තිබේ. මේ ප්‍රයත්න හුදෙක් විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරවලටම සීමා වී නැත. උදාහරණ කිහිපයක් දක්වතොත්,  නෙදර්ලන්තයේ සහ ඇමරිකාවේ, ඔරිගන් ජනපදයේ කාර්යාල සංකීර්ණවල යටි බිම් මහල්(basement) පිරිසැකසුම් පද්ධතිවලට ජලරහිත මුත්‍රා කුටි සම්බන්ධකර ඇත. පරීසියේ, 14 වැනි දිස්ත්‍රික්කයේ දැනට තැනෙමින් තිබෙන් පරිසර හිතකාමී නේවාසික නවාතැන් 1000ක, මුත්‍රා -යොමුකරන වැසිකිළි තැනීමටසැලසුම් කර ඇත. යුරෝපා අභ්‍යව ඒජන්සියදකාශ ද පරිස් නුවර  එහි  මූලස්ථානයේ මෙවනි වසිකිළි 80ක් යෙදවීමට නියමිතයි. මුත්‍රා සංවර්තන ප්‍රවර්ධකයන් අදහස් කරන්නේ ප‍්‍රධාන කඳවුරෙන් එපිට පිහිටි කුඩා කඳවුරු හෝ මුරපොළවල සිට අනාථයින් රඳවන කඳවුරු, විශාල ප්‍රදේසයක පැතිර තිබෙන මුඩුක්කු නිවාස, නාගරික නිවාස සංකීර්නවල ආදී ස්ථානවල මේ ව්‍යපෘති පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි බවයි.

ලොව පුරා මහා පරිමාණයෙන් ක්‍රියාවට නැංවිය හැකි නම් මුත්‍රා අපසරණය මාර්ගයෙන්  පාරිසරික සහ මහජන සෞඛ්‍ය වශයෙන් අති විශාල  වාසි සලසා ගත හැකි බව විද්‍යාඥයෝ පවසති. එයට අර්ධ වශයෙන් බලපාන හේතුවක් වන්නේ මුත්‍රා පෝෂණ කොටස් වලින්  අනූන වීමයි. මුත්‍රා මාර්ගයෙන් ජල කඳන් දූෂණය වෙනවා වෙනුවට ඒවා බව භෝග පෝෂණයට හෝ කාර්මික ක්‍රියාදාමයන් සඳහා උපයෝගී කර ගත හැකිවේ.

SLU හී සිංහ සකසා ඇති ඇස්තමේන්තු අනුව, ලොවපුර වර්තමානයේ නයිට්‍රජන් සහ පොස්පරස් පොහොර වලින් හතරෙන් එකක් පමණ හිලව් කළ හැකි මුත්‍රා ප්‍රමාණයක් මනුෂ්‍යයෝ ජනනය කරති. තවද, එහි පොටෑසියම් සහ බොහෝ (ඉතා කුඩා මාත‍්‍රාවලින් අවශ්‍ය වන පෝෂණ පදාර්ථ හෙවත්) ක්ෂුුද්‍ර පෝෂක ද අඩංගුවේ (පහත ‘What’s in urine’ යනුවෙන් දක්වා ඇති රූප සටහන බලන්න). ඊටත් අමතරව තවත් වාසියක් ගැන ද සඳහනක් කළ හැක. මේ ව්‍යාපෘතිවලදී සිදු කරන ආකාරයෙන් මුත්‍රා සෝදා හැරීම පිණිස ජලය භාවිත නොකිරීමෙන් අති විශාල ජලය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිවා පමණක් නොව දැනටමත් වැඩි බරක් පැටවී ඇති කල්ගත අපවහන පද්ධති වලට එල්ලවන දැඩි පීඩාව ද අඩුවේ.

Source: M. Qadir et al. Nat. Resour. Forum 44, 40–51 (2020)

වැසිකිළි සහ මුත්‍රා පිරිසැකසීමේ උපාය මාර්ග සම්බන්ධයෙන් ඇති වී තිබෙන වර්ධනයන්ට ස්තුති වන්නට මුත්‍රා අපසරණයේ බොහෝ උපාංග පුළුල් ආකාරයෙන් බෙදා හැරීමට සූදානමින් ඇති බව මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. එය එසේ වුව ද, ජීවිතයේ ජීවිතයේ වඩාත්ම මූලික අංගයක් තමන්ට වාසිදායක ලෙස  දැඩි වෙනස් ආකාරයකට යළි සැලසුම් කර ගැනීමේ දී(re-engineering) දැඩි බාධා අවහිර ඇති වීම ස්වභාවිකය. පර්යේෂකයන් මෙන්ම අදාල වෙනත් පාර්ශව විසින් විසඳා ගනු ලැබිය යුතු ප්‍රශ්න බොහෝයි. මුත්‍රා අපසරණ වැසිකිළි වල සැලසුම වැඩි දියුණු කිරීමේ සිට මුත්‍රා පිරිසැකසීම වඩාත් පහසුකර මුත්‍රා වටිනා නිෂ්පාදන බවට පත්කිරිම ආදිය එකී ප්‍රශ්නවලට අයත්වේ.

මීටත් අමතරව, සමාජයේ මත වෙනස්වීම් මෙන්ම මුත්‍රා අපසරණය වැනි නව අදහස් පිළිගැනීමට ලක් වීම සමබන්ධ පුළුල් ප්‍රශ්න ගණනාවක් නැතුවා ද නොවේ. මනුෂ්‍යන්ගේ මල මුත්‍රා වැනි අපද්‍රවය වටා ගෙතී ඇති සංකෘතිමය තංචි හා මතවාද එම ගණයට වැටේ. කාර්මික දර්ව්‍ය අපවහනය සහ ආහාර පද්ධතිවලට අදාලව සමාජයන් තුළ මුල් බැසගත් සාම්ප්‍රදායානු කූල අදහස් වෙනස් කිරීමද බරෑරුම් කාර්යයකි.

 කෙසේවෙතත්, බලශක්ති, ජල, සහ කෘෂිකාර්මික  සහ කාර්මික අමු ද්‍රව්‍ය හිඟයන්ට මුහුණ පා සිටින ජන කොටස් සහ සමාජ අතරේ මුත්‍රා අපසරනයේ සහ නැවත භාවිතයේ වදගත් කම දිනෙන් දිනම වැඩිවෙමින් පවතින්නේය යයි ලොවපුරා සිටින ජල තත්ව වෘතිකයන්ගේ සංගමයක් වන Water Environment Federation  හී හිටපු සභාපති, ජීව විද්‍යාඥ ලින් බෝඩුස් පෙන්වා දෙයි.

 Nature (602, 202-206 (2022) හී පළවන The urine revolution: how recycling pee could help to save the world යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.