පරිසර හානියක් වළක්වාලන සාධනීය විසදුමක්

Posted by

පරිසර හානියක් වළක්වාලන සාධනීය විසදුමක්: sargassum මුහුදු පැළෑටි වසංගතය ජෛව ඉන්ධන සෑදීමට යොදාගැනීම

2011 වර්ෂයේ සිට අත්ලාන්තික් සාගරයෙන් එන දුඹුරු පැහැ මුහුදු පැළෑටි බටහිර කොදෙව්, ෆ්ලොරිඩාව සහ මැක්සිකෝව ඇතුළු ස්ථාන කිහිපයකම වෙරළ බඩ ප්‍රදේශවලට ගොඩ ගසන්නට පටන් ගෙන ඇත. sargassum නම් මේ මුහුදු පැළෑටි විශේෂය සාමාන්‍යයෙන් සාගර ජලය මතුපිට පෑමින් පවතින අතර “එක යායට දිගින් කිලෝමීටර ගණන් විහිදෙන මේවෑකතරා ආකාරයක් ප්ළසක්, නැතිනම් ජලය මත එලූ පදුරක් සේ දිස්වෙන්නේය” යි නෙදර්ලන්තයේ Wageningen විශ්වවිද්‍යාල හා පර්යේංඅණ ආයාතනයේ පර්යේෂිකාවක් වන Ana López Contreras පවසයි. López Contrerasගේ කණ්ඩායම සමග එක්ව මුහුදු පැළෑටි  ගැන අධ්‍යනයේ යෙදෙන Wageningen විශ්වවිද්‍යාලයේම සමුද්‍ර පර්යේෂණ අංශයේ සාගර පරිසරවේදී Matthijs van der Geest  පෙන්වාදෙන්නේ “විවෘත සාගරයේ පැතිරුණු sargassum පලස් පුළුල් පරාසයක මත්ස්‍යයින්, කැස්බෑවන් සහ මුහුදු පක්ෂීන් සහ අනෙකුත් සත්වයින් සඳහා අවශ්‍යම වන වාසස්ථාන සපයයි. සාමාන්‍යෙන් ආහාර සහ ජීවිතය ගෙන යාමට ස්ථාන හිඟ විවෘත සාගරයේ දී sargassum පලස් එම පරිසරය තුළ ජෛවී විවිධත්වය සහ ඵලදායිත්වය  කෙරෙහි වාසිදායක බලපෑමක් ඇති කරනවා. ඒ වාගේම, sargassum වෙරළට ගොඩ ගැසූ විට පසට පෝෂක එක්කරන අතර ඛාදනය වළක්වාලීමට උපකාරී වෙන” බවයි.

කළින් සඳහන් වූයේ වාසිදායක තත්ත්වයයි. එහෙත් සියල්ල සුන්දර නොවේ. ප්‍රථමයෙන්ම සඳහන් කළ යුත්තේ අත්ලාන්තික් සාගරයේ Sargassum මුහුදු පැළෑටි 2011 සිට පුදුමාකාර ලෙස ඉහල යන්නට වූ බවයි. ඊටත් වඩා බැරෑරුම් කාරනාව වූයේ ඒ අති විශාල මුහුදු පැළෑටි  සම්භාරය වෙරළ වෙත පාවී එන්නට වීමයි. “සුළං සහ සාගර ප්‍රවාහ අනුව ඒවා කැරීබියානු හෝ එක්සත් ජනපදයේ වෙරෙළවලට පාවී විත් ගොඩ ගැහෙනවා” යයි Van der Geest පවසයි, “ටොන් මිලියන ගණනක් ඓන්ද්‍රීය ද්‍රව්ය අවසානයට එකතුවෙන්නේ නොගැඹුරු ජලයේ හරි වෙරළවල වල. ඒක පරිසරාත්මක  ව්‍යසනයකට හේතුවෙනවා. පසුගිය දශකය තුළ එපමන Sargassum ප්‍රමාණයක් හදිසියේම අත්ලාන්තික් සාගරයේ දකින්නට පටන් ගත්තේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් ඒ ගැන යම් මතවාද ඇත. වනහරණය(Deforestation) සහ දේශගුන විපර්යාසයන් නිසාවෙන් අත්ලාන්තික් සාගර ජලයේ දැන් කාලයේ වැඩියෙන් පෝෂක කොටස් අඩංගුය. ඒවා Sargassum සීඝ්‍රයෙන් වර්ධනය් වීමටමග පාදයි. සාගර උෂ්ණත්ව  ඉහළ යෑම ද යම් බලපෑමක් ඇති කරනවා විය හැකියි.

මේ දුඹුරු මුහුදු පැළෑටිය වෙරළට පාවී විත් ගොඩ ගැසෙන්නට පටන් ගැනීමට පෙර  සිටම පවා විශාල හානියක් කළ හැකිය. නිවර්තන කලාපීය වෙරළබඩ ප්‍රදේශවල පැහැදිලි ජලයේ Sargassum සහ කොරල් බොහෝ විට දැකගත හැකිය. “Sargassum ජල පෘෂ්ඨය පුරා ඝන, අඳුරු ඇතිරිල්ලක් සාදයි. එවිට,  සාගර පත්ලේ ජීවත්වන මුහුදු පැළෑටිවලට සහ කොරල්වලට කොහොමටවත් ආලෝකය ලැබෙන්නේ නැතිව යනවා. මෙය මුහුදු ඒවායේ(පැළෑටිවලට සහ කොරල්වලට) වර්ධනය අඩපන කෙරෙනවා” යයි Van der Geest පවසයි.

ප්‍රශ්න තව තවත් උග්‍ර අතට හැරෙන බවක් තමයි පේන්න තියෙන්නේ. වෙරළබඩ නොගැඹුරු ජලයෙහි Sargassum ඒකරාශී වෙද්දී එම(ඒ කියන්නේ Sargassum) මුහුදු පැළෑටියටම ආලෝකය ලැබෙන්නේ එන්ට එන්ටම අඩුවෙන් බව Van der Geest පෙන්වාදෙයි: ඒවා පල්වෙමින්, දිරාපත්වෙමින් පතුලට කිඳා බහින්න පටන් ගන්නවා. මේ ක්‍රියාදාමය අවසන් වෙන්නේ  කොරල් මත සහ අනෙකුත් මුහුදු ශාක මත ඒවා වැටී තැන්පත් වීමෙන් හානියට පත්ව ක්‍රමයෙන් මිය ඇදෙනවා. ඒත් ඒ කොරල් සහ අනෙකුත් මුහුදු ශාකසාගර ජීවිතයට අත්‍යවශ්‍යයයි”.

එපමණක් ද? කුණුවී යන Sargassum තිබෙන ඔක්සිජන් සියල්ල ප්‍රයෝජනයට ගනී. එවිට පස් සහ ජල ටැඹ ඔසිජන් මුක්තවීමෙන් පසෙහි හටගන්නා සියලු ජීවය විනාශ මුඛයට පත්වෙයි. කොරල් පර සහ මුහුදු ශාක කුඩා ස්මෞද්‍රීය සතුන් සඳහා අගනා නිවහන්ය.මත්ස්‍යයින් එහි සිය බිජු ලන අතර මුදුදු ශාක කැස්බෑවන්ට ආහාර මූලයකි. “මේ විදිහට සියල්ල නැති භංග වෙලා ගියහම, අපට ආයෙත් පහසුවෙන් වර්ධනය කර ගැන්නිමට අසීරු ජෛව විවිධත්වයක් අහිමිව යනවා. ඒ විතරක් නොවෙයි, මුහුදු ශාක සහ කොරල් නොමැති වෙරළ සීඝ්‍රයෙන් ඛාදනය වී යනවා වගේම සැඩ කුණා‍ටුවල අවදානමට පාත්‍ර වීමේ හැකියාව වඩාත් වැඩියි”.

ජන ජීවිතයට බලපෑම

Sargassum බහුලව වර්ධනය වීම වෙරළබඩ ජීවිතයට මේ ආකාරයෙන් හානිකර වන්නා සේම ප්‍රාදේශික ජන ජීවිතයට ද බලපැම් එල්ල කරයි. ඒ හුදෙක් කුණු වී යන Sargassumවලින් එන කුණු බිත්තර දුගඳම පමනක් නොවේ. කැරීබියනු දූපත්වල ආර්ථිකය බොහෝ සේ රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය මතයි.”ධීවර බෝට්‍ටු සහ දැල් කුණුවීයන,  ගඳ ගසන Sargassum අතරේ පැටලෙනවා” Van der Geest පැහැදිලි කරයි, ” අනික, දිය යට පිහිනීමේ ස්නෝකලින් ක්‍රීඩාව(snorkeling), රළ මත පිහිනීම(surfing) වැනි සමුදුර ආශ්‍රිත විනෝද ක්‍රියාවන්ට ඉඩකඩක් නැති, ගඳගසන මුහුදු පැළෑටිවලින් වැසී ගිය වෙරළ කරා සංචාරකයන් ඇදී එන්නේ නැහැනේ?”

සාර්වත්‍රික ගැටළුව

“මෙය මේ කොහේ හෝ කුඩා දූපත් කිහිපයක සිදුවන යමක් නොවෙයි”, López Contreras අවධාරනය කරයි, “එය ගෝලීය මට්ටමේ ගැටලුවක්. අපි මේ කතාකරන්නේ කරීබියානු වෙරල ඉමේ කිලෝමීටර් දහස් ගනනකට එල්ලවෙලා තියන තර්ජනයක් ගැනයි. Sargassum බටහිර අප්‍රිකාවේ වෙරලවලටත් ගොඩගහන්න පටන් අරන්. අපි යමක් නොකර හිටියොත්, අවසානයේ යුරොපා ආදී රටවලටත් මේ ගැටළුවට මුහුණ් පන්න සිදුවෙනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රජයන් යම් ක්‍රියාන්නේ  මාර්ගයන්ට යොමුවීමට අසමත් වුවහොත් “අපට වඩාත් විශාල පරිසරවිද්‍යාත්මක සහ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවන බවයි”.

ධරණීය ඉන්ධන

Sargassumවල සාපේක්ෂව  බැර ලෝහ අධික සාන්ද්‍රණයක් අඩංගුවේ. “ඒක ඉතින් සතුන්ගේ ආහාර වශයෙන් යොදා ගන්න බැහැනේ? භූමියේ කුණුවෙලා යන්න හැරියොත් ධූලක භූගත ජලයට එක්වෙන්න පුළුවන්” Van der Geest තවදුරටත් ගැටළුවේ බරෑරුම් කම පැහැදිලිකරයි. වාසනාවකට මෙන් බලාපොරොත්තු තැබිය හැකි එක් විසඳුමක් තිබේ. Wageningen විශ්වවිද්‍යාල මණ්ඩපය තුළ López Contreras සහ ඇගේ පර්යේෂක කණ්ඩායම Sargassum ධරණීය ඉන්ධනයක් බවට හරවන්නේ කෙසේද යන්න ගැන සොයා බලමින් සිටිති. ” ලොකු විභවයක් තියන බව අපට පෙණීයනවා. කැරීබියානු දූපත් දැනට ඉන්ධන විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. වර්තමානයේ මෙම ප්‍රදේශවල බහුලව ඇති මේ ජෛව ස්කන්ධනය විදුලිය ජනනය කිරීමට යොදාගතහොත් එම ප්‍රජාවන්ට වඩාත් ස්වයංපරියාප්ත වෙන්න පුළුවනි” López Contreras’  පහදාදෙයි.

මෙය සිදු කළ හැක්කක් බව දැනටමත් න්‍යයාත්මක්ව ඔප්පුකර තිබේ: Sargassum හා සමාන වෙනත් මුහුදු ශාකවලින් ජෛව වායු හෝ ජෛව ඉන්ධන නිපදවනු ලැබ ඇත. Sargassum ගෘහ ඓන්ද්‍රීය අපද්‍රව්‍ය වැනි වෙනත් ජෛව ස්කන්ධ සමග මිශ්‍ර කර ජෛව වායු ජනනය කළ හැකිය. ” ඒ වුණත් මේ ආකාර තාක්ෂණයක් විශාල පරිමාණයෙන් යොදා ගැනීමට පොරාතුව අප තව තවත් පර්යේෂණ සිදු කරන්න අවශයවෙනවා. ප්‍රමානවත් අරමුදල් ලැබේ නම් මෙය තව අවුරුදු පහේ සිට දහය දක්වා කාලය ඇතුළත කර ගන්න පුළුවන් වේවි.” යනුවෙන් López Contreras’  විශ්වාසය පළ කරන්නීය.

KENNISONLINE 2021(Wageningen University and Research) හී පලවන Biofuel: Rampant Sargassum යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.