අද 2.22.22. සුවිශේෂී දිනයක්? වැදගත් කම කුමක් ද? අද විශේෂ යමක් සිදුවේ ද?
අද දිනය 2.22.22යි. දෙදහස් විසිදෙකේ දෙවෙනි මාසේ විසිදෙවෙනි දා. ඒ විතරක් නම් මොකෝ? ඉංග්‍රීසියෙන් ඊනියා Twosday හැටියට දැක්වෙන ‘දෙකේ දිනයක්’. ඒක යෙදිලා තියෙන්න් ඉංග්‍රීසියෙන් Tuesday හැටියට දැක්වෙන අඟහරුවාදාවක. ඉතින් මොකක්ද අද දිනයේ අරුමය? සුවිශේෂත්වය?

පැහැදිලිවම සංඛ්‍යා රටාව කැපි පෙනෙනවා. නිතර හමුවන රටාවක් නොවෙයි. ආයෙත් මේ වගේ දෙකේ දින රටාවක් හමුවන්නේ 2.22.2222. වෙනත් සංඛ්‍යාවල මෙවැනි රටාත් විරලයි. මේ සිය වසේ ඒ ආකාර රටා සහිත දින කිහිපයක් අපි දැනටමත් පහුකරලා: 1/11/11 සහ 11/11/11 මෙන්ම 01/01/01, 06/06/06 සහ 12/12/12 වැනි ප්රතිවර්තන සහිතව තවත් මාස 11ක්. අපට ‘තුණේ දින(Threesday)’ 3/3/33, වසර 11කින් සහ ඊට පසු තවත් 11කින් ‘හතරේ දිනයක්'(Foursday).

ඉතින් ඔය විරල රාටාවේ ඇති සුවිශේෂතවය මොකක් ද?
කීර්තිධර මහාචාර්ය Barry Markovsky දකුණු කැරොලීනා විශ්වවිදයාලයේ සමාජ විද්‍යා සම්මානනීය මහචාර්යවරයායි. පාරසාමාන්‍ය කියාපෑම්(paranormal claims ) සහ ව්‍යාජ විද්‍යා ජනප්‍රිය විශ්වාසයන් හැටියට මුල් බැසගන්නා ආකාරය සමාජ මනෝවිද්‍යාඥයෙකු විදිහට හදාරන මහාචාර්ය Markovsky කියා සිට්න්නේ විද්‍යාත්මක අභීක්ෂාවකින් නැතිනම් දෘෂ්ටි කෝණයකින් බලන විට මේවා සෑම අවස්ථාවකම පාහේ අභූරූපී වන බවයි. කෙසේවෙතත් පොදුවේ තේරුම් බේරුම් කරගත හැකි අර්ථයක් නිර්මාණය කිරීම පිණිස මොළ, ජනතාව, කණ්ඩායම් සහ සංස්කෘතීන් එකට එක්ව ක්‍රියා කරන්නේ කෙසේද යන්න රූපණය කර දැක්වීමට මේවා මනරම් බවයි.
අර්ථ සහ සම්බන්ධතා සොයාගැනීම පිණිස අපූරු හැකියාවක්, ධාරිතාවක් මොළයෙහි පරිණාමයිව වර්ධනය වී තිබේ. එලෙස, අර්ථ සහ සම්බන්ධතා සොයාගැනීම කලක් මරණයත් ජීවිතයත් වෙනස දක්වන්නක් විය. පසෙහි සටහන්ව ඇති සත්ව පා රටා හැඟවූයේ එක්කෝ මගහැරිය යුතු විලෝපියෙකු එහෙමත් නැතිනම් මරාගෙන කෑමට සුදුසු ගොදුරකි. වගා කිරීමට යෝග්‍ය කාලය සහ අස්වනු නෙලීමට කාලය දිවා කල හිරු එළිය වෙනස් වීම් මගින් දැක්විණ.
ජීවිතය පරදුවට තබා නොතිබුණ ද, හුරුපුරුදු මුහුණක් හො ගීතයක් වැනි රටාවක් සොයා ගැනීම ද ඵලදායී වේ. (එලෙස) සොයා ගත් විට මොළය එහි උපාගමයන්(synapses) වෙත ඩොපමයින්(dopamine) සුළු ප්‍රමාණයක් එල්ල කරයි. එය තවත් එවැනි රටා සෙවීම පිණිස දිරි ගන්වන්නක් නොහොත් පෙළඹීමකි.
සම්බන්ධයක් නැති දේවල් අතර යම් අර්ථවත් සම්බන්ධයක් සංජානනය කිරීම නැතිනම් තේරුම් ගැනීම හඳුන්වනු ලබන්නේ ‘apophenia’ ලෙසටය; මේ පදය ප්‍රථමයෙන් යොදා ගැනුනේ භින්නෝන්මාදය හේවත් ස්කිසෝෆ්රේනියාවේ රෝග ලක්ෂණයක් හැටියටය.
‘apophenia’ තවත් උදාහරණයක් ලෙස ජ්‍යෝතිෂය දැක්විය හැකියි: ජ්‍යෝතිෂය, දෘෂ්ටිමය වශයෙන් තාරකා මණ්ඩල හෙවත් රාශී, තාරකා සම්බන්ධකරයි. මේවා අපට හුරුපුරුදු ‘මේෂ’ ‘කටක’ ආදී රාශි චක්‍ර සලකුණුය. මේ සැම රාශියක්ම ඊට අදාල වස්තුවට අදාල ගුණාංගවලට සම්බන්ද කෙරේ. නිදසුනක් ලෙස මේෂ රාශියේ උදවිය එහි ලකුණ වන බැටළුවා මෙන්මුරණ්ඩු ගතියෙන් යුක්ත යයි විශ්වාස කෙරේ. එහෙත් මේ රාශි මොනම හෝ භෞතික අර්ථයකින් අහසේ නොපවතී. එහෙයින් ක්‍රමය විද්‍යාත්මක පරීක්ෂණවලදී පිළිගැනීමට ලක් වීමට අපොහොසත්වෙයි.
2/22/22 යන අද දිනය ගතහොත් එය කැපී පෙණෙන ගතියකින් යුක්ත වුවත් අපගේ නිශ්චිත දින දර්ශනය තුළ ඇති කාර්යයට(එනම් දිනය දැක්වීමට) ඔබ්බෙන් යන අර්ථයක් ඊටනොමැත. මෙය පොදුවේ සංඛ්‍යා සමබ්න්ධයෙන් වන සත්‍යයකි: ඒවායේ අර්ථයන් මැනීමට, ලේබල්ගත කිරීමට හෝ ගණන් කිරීමට පමනක් සීමාවේ. ඉතින්, ‘දෙකේදින” හෝ එවැනි ඒවා හුදෙක් අනුන් රැවටීමට අටවන අංක ගණිතාත්මක උප්පරවැට්ටි පිළිබන්දව දිය හැකි සරල නිදසුනකි.
The Conversation හී පලවන Happy Twosday! Why numbers like 2/22/22 have been too fascinating for over 2,000 years යන ලිපිය අසුරෙනි.