බලශක්ති අධික මිල ගණන් අද හෙට අඩුනොවෙන බවට ලකුණු: විසදුම කුමක් විය හැකි ද?

Posted by

බලශක්ති අධික මිල ගණන් අද හෙට අඩුනොවෙන බවට ලකුණු: විසදුම කුමක් විය හැකි ද?

බලශක්ති මිල ගණන් රොකට් වේගයෙන් ඉහල යාමට COVID වසංගතය උපකාරී වූ නමුත්  ගෝලීය වසංගතය හේතුවෙන් සමාජය කෙරෙහි බලපැමේ මද ලිහිලක් සාපේක්ෂව දක්නට ඇතත් ඉන්ධන මිල ගණන්වල පහළ යෑමක් අදහෙට අපේක්ෂා කළ නොහැකිය. මෙයට ඇති විසදුම කුමක් දමේ සම්බන්ධව එක්සත් රාජධානිය පාදක කරගත් විග්‍රහයක් අද thathu.com ලිපියෙන් ගෙන එනු ලැබේ. ලෝකයේ සෙසු කලාප වලට හා රටවලට ඉන් උගත හැකි පාඩම් විමසුම් ඇසින් සොයා බලන ලෙස ආරාධනා කරමු.

අවිනිශ්චිතතා සහ වෙනත් කාංසාවන්ගෙන් පිරුණු කාල සීමාවකින් පසුව මේ වසරේ දී එක්සත් රාජධානියේ සාමාන්‍ය ගෘහ ඒකකයක බලශක්ති වියදම් ස්ටර්ලින් පවුම් 693කින් ඉහළ යනු ඇතයි අනාවරණය කෙරිණ. මෙය, එකවර අධික නැගීමකි. එය හටගත්තේ, 2021 ආරම්භයේ තිබුණාට වඩා 300%කින් පමණ ගෑස් තොග මිල එකවර ඉහළට පැනීමෙනි. මෙය ඓතිහාසික වශයෙන් සිදුවූ ඉහල යාමකි: මේ හා සමාන වැඩිවීමක් එක්සත් රාජධානියේ මින් පෙර අත්විඳ නැත. තවද, 2022 ආරම්භයේ සමාජය මුහුණ පා ඇතිවෙනත් බොහෝ ප්‍රශ්න පරිදිම COVID වසංගතයෙහි බලපෑමද  කිසිවිටක දුරක නොවීය. නිවෙස් බලශක්ති භාවිතය සඳහා අයකෙරෙන මිල ගණන් අතරට බදු සහ පරිසර ආරක්ෂක ගෙවීම් ද ඇතුළත් වන බව සැබවි. එහෙත්, ගෑස් මිල ගණන් ඉහළ යාමේ මෑතක ප්‍රවණතාවය කෙරෙහි ඇත්තටම බලපෑ ප්‍රධාන සාධකය වූයේ ඉල්ලුම සහ සැපයුමේ වෙනස්කම්ය.

සරලව දක්වන්නේ නම් පසුගිය වසර දෙකපුරා පැවති ලොක්ඩවුන් සහ සමාජ සීමා බාධක හමුවේ බොහෝ කර්මාන්ත සහ වෙනත් ව්‍යාපාර මුළුමනින්ම අඩපණවිය. එය, බලශක්තිය සඳහා ඇති ඉල්ලුම පහළ වැටීමට මග පෑදීය. තවද, ඉල්ලුම එලෙස පහළ වැටෙද්දී, සැපයුම ද පල්ලම් බැස්සේය. එහෙත් ඉන් අනතුරුව, පනවා තිබූ සිමාකිරිම් ලිහිල්වීමට පටන්ගත් විට ඉල්ලුම එක්වර ඉහල නැංගේය. විශේෂයෙන්ම, ආගන්තුක සත්කාර අංශය සහ සංචාරක සේවාවන් යළි පිබිදීමක් අත්විඳිද් දී, බලශක්තිය සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ නැංවීමට එය දායක විය.

එසේවුවද,  ඉල්ලුමෙහි වැඩිවීමට සරිලන පරිදි සැපයුම ක්ෂණිකව ඉහළ දැමීම දුෂ්කරය. ඒ හේතුව නිසා මිළ ගණන් ඉහළ නැංගේය. ගෑස් වෙළඳපොලෙහි සැපයුම් අංශය, මෑතක සංකීර්ණතාවයෙන්  එන්ට එන්ටම වැඩිවන්නට පටන්ගත්තේය. මෙයට අර්ධවශයෙන් හේතු වූයේ  අන්තර්ජාතික දේශපලන සාධකය. ඒ අතරම, ෆොසිල ඉන්ධන මත ‍රැඳියාව අඩුකිරීම සඳහා වන පෙළඹවීම මෙන්ම දේශගුණ විපර්යාස අරභයා  කෙරෙන පේවීම් සහ වගකීම් සපුරාලනු වස් වඩාත් ධරණිය බලශක්ති මූලයන් වෙත යොමුවීම ද බලපෑවේය.

මෙලෙස, හයිඩ්‍රොකාබන්වලින් බැහැරව, සුළං, ජෛව ඉන්ධන, සූර්යා බ් අලශක්තිය වැනි පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන, සම්පත් ක්ෂය වීම වළක්වන දැරිය හැකි හෙවත් ධරණීය බලශක්ති මූලයන් කෙරෙහි යොමුවෙන ආකාරයට වෙනස්වීම නැතිනම් නැඹුරුවීම හේතුවෙන් වෙලඳපොළ අවශ්‍යතා පුරෝකථනය කිරීම අපහසු කරලීය. නිදසුනක් ලෙස, 2021 තුන්වැනි කාර්තුවේ දී එක්සත් රාජධානිය සිය විදුලිබල අවශ්‍යතාවයෙන් 38%ක් ලබාගත්තේ පුනර්ජනනීය මූලයන්ගෙනි. සැලකිය යුතු ප්‍රමාණයකින් සුළං අඩුවීම හෙතුවෙන් මෙය 2020ට වඩා අඩුවිය. කෙසේවෙතත් මේ සියල්ල නොතකමින් එක්සත් රාජධානියේ විදුලිබල නිෂ්පාදනයෙන් වැඩි කොටස තවමත් ලැබෙන්නේ ෆොසිල් ඉන්ධනවලිනි. ඒවගේම,  අඩුතරමින් ඉදිරි වසර දහය තුළවත් එක්සත් රාජධානියෙහි බලශක්ති පිළිවෙතෙහි අවශයම කොටසක් ලෙස ගෑස් දිගටම පවතිනු ඇත .

පුනර්ජනනීය මූලයන් කරා යොමුවීම

තරමක් මෑතක් වනතුරුම එක්සත් රාජධානිය ගෑස් සපයා ගත්තේ උතුරු මුහුදේ දේශීය මූලයන්ගෙනි. එහෙත් මේ ශත වර්ෂයේ උදාව සමගම එහි පරිනානියක් දක්නට ලැබේ. මේ තත්වයට බලපාන එක් හේතුවක් වන්නේ එක්සත් රාජධානිය සතුව ඉතිරිවී තිබෙන  ගෑස් සහ තෙල් ආකර සාපේක්ෂව කුඩවීම මෙන්ම තැන තැන විසීරී පැවතීමයි. ඉතින්, එක් මූලයක් ශූන්‍යව  යන සෑම විටකම  තවත් මූලයකින් නිශ්කර්ෂණය කිරීම ගැන නිසි ඇගැයීමක් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවේ. කෙසේවෙතත්, මෙම මූලයන් නැතහොත් ප්‍රභවයන් වෙත ප්‍රවේශවීම පහසු නැති අතර නිශ්කර්ෂණය කිරීම ද මිල අධික කටයුත්තක් බවට පත්වීමෙන් ඒවා තරඟකාරිත්වය අතින් පහළය.

දේශගුන විපර්යාසයන්ට දක්වන ප්‍රතිචාරයේ කොටසක් හැටියට නව තෙල් ළිං විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට දැන් තිබෙන්නේ අඩු උනන්දුවකි. එහෙත් ප්‍රශ්නය වන්නේ පුනර්ජනනීය බලශක්තිය අතින් එක්සත් රාජධානියට දශක බොහොමයක් යනතුරු ස්වයං පරියාප්තවීමට නොහැකි වීමයි. එරට දැන් විදේශ ප්‍රභවයන්, විශේෂයෙන්ම නෝර්වේ රාජ්‍ය මත බෙහෙවින් ‍රැඳී සිටියි. නෝර්වේ රාජ්‍ය සතුව සැලකියයුතු ගෑස් සංචිත ඇති අතර සාපේක්ෂව ළඟ නිසා ප්‍රවාහන වියදම් අඩුවේ.

එහෙත්, ලාභ උපරිම කර ගනු වස් මිල ගණන් ඉහළින් තබා ගැනීම ලොව පුර ගෑස් අපනයනකරුවන්ට වාසිදායක වන්නකි. ඉතින් ඔවුන් නිෂ්පාදනය  නැංවීමට ක්‍රියාකිරිමේ දී මන්දගාමී බවක් දැක්වීම තාර්කිකය. මේ ආකාරයටම ඛනිජතෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය(the Organisation of the Petroleum Exporting Countries) මිල මට්ටම් පවත්වාගෙන යාමේ අරමුණින් ඛනිජ තෙල් සැපයුම සීමා කරයි.

සැපයුම් ගැටළුවට සම්බන්ධ තවත් කාරණාවක් වන්නේ 2019 දී එක්සත් රාජධානිය ගෑස් මිල ගණන් මත පැනවූ සිමාවයි. එම මුල් සීමාව ඉක්මවා ගෑස් තොග මිල ගණන් ඉහළ නැගි විට සැපයුම් කරුවන් ගනණාවක්ම කඩා වැටීමේ තර්ජනයට ලක්වූහ. මෙය කර්මාන්තය තුළ තරඟකාරිත්වය පහත වැටීමට මග පෑදීය. තවද, මෙලෙස   පැනවූ ගෑස් උපරිම මිල සාකච්ඡාවලින් පසුව මේ වසරේ දී ඉහල මට්ටමකට ගෙනැවිත් ඇති නමුත් ඉන් අදහස් කෙරෙන්නේ සැපයුම් කරුවන් විසින් අය කරනු ලබන මිල ගණන්  තවමත් වෙළඳපොල අනුපාතයට පහතින් පවතින බවක් විය හැකියි. මේ සියල්ලෙන්ම හැඟී යන්නේ එක්සත් රාජධානියේ ගෙවැසියන්ට නුදුරු අනාගතයේ දී නම් ඉන්ධන මිල ගණන්වල සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි. එය ජ්‍යාතායන්තර සැපයුම සහ ඉල්ලුම මත රඳා පැවතුණත් පුරෝකථනය කළ හැකි අනාගතය තුලත් මෙම වර්තමාන ප්‍රශ්න දිගටම පවතිනු ඇත.

The Conversation හී පළවන Energy prices: how COVID helped them to surge – and why they won’t go down any time soon  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.