සූර්යාලෝකය අවහිර කිරීමට පුළුවන් පමණට අහස් කුසේ සරමින් සිටින පක්ෂීන් මහා සමූහයක් දෙස හිස උඩට හරවා ඇස් යොමුකරගෙන සිටින්නේ යයි මදකට සිතන්න. Ectopistes migratorius යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මගී පරෙවියන් (Passenger pigeons) අතීතයේ ඒ ආකාරයට මිලියන සියගණනින්, බාගදා බිලියන ගණනින් රංචු වශයෙන් එලෙස පියඹා යාමට පුරුදුව සිටියහ. ඔවුන් හිස උඩින් පියඹා යාමට පැය ගණන් කාලය ගත විණ. එපමණට කුරුළු රෑණ සංක්‍යාව අතින් විශාල විය.ඒත් ඉන් අනතුරුව අපි ඔවුන්ට වෙඩි තැබුවෙමු.

මනුෂ්‍යයන්, වානිජ මට්ටමින් මගී පරෙවියන් දඩයම් කිරීමට පටන් ගනු ලැබුවේ 19වැනි සියවසේ දීය. 1914 වනවිට එම විශේෂය නෂ්ඨ්ප්‍රාප්ත වී හමාර යයි Audubon සඟරාව පවසයි. ඉතාමත් සුලබ විශේෂය වුව කෙතරම් ඉක්මණට ඒ වාගේම කෙතරම් කාර්යක්ෂමව මුළුමණින්ම අතුගා දාමීමට මනුෂ්‍යන්ට පුළුවන් ද යන්න පෙන්වීමට මගී පරෙවියන් ඉතාමත් කදිම උදාහරනයක්. ඒත් මේ වගෙ ‘හපන්කම්’ කළ හැක්කේ මනුෂ්‍යන් වන අපටම පමණක් ද? එහෙම නැතුව මනුෂ්‍ය නොවන අනෙකුත් සත්ව විශේෂයන්ට ද වෙනත් සත්ව විශේෂ වඳ කර දැමිය හැකි ද?
එක්තරා අන්දමකට පුළුවනි, ඒත් ඉතින් ඒ අවස්ථාවල දී සමාන්‍යයෙන් මනුෂයයන් සම්බන්ධයි. මනුෂ්‍යන් විසින් න්මනා ස්ථානයක් රඳවනු ලැබුවහොත්, අන්තර්විශේෂ විනාශ මුඛයට යැවීමේ හැකියාව සමහර සත්වයින්ට ඇතිවන අතර ඔවුහු ආක්‍රමණශීලීවෙති. ඒ කියන්නේ තමන්ට ස්වදේශීක නොවන පරිසරයේ දී පරිසරවිද්‍යාත්මක හෝ ආර්ථික විද්‍යාත්මක හානි පමුණුවන විශේෂ. නිදසුනකට ආසියෙන් එන බුරුම පිඹුරෝ(Burmese pythons (Python bivittatus)) ෆ්ලොරිඩා ගොහොරුබිම්වල ගැවසෙන පණ තිබෙන ඕනෑම සතෙකු වහා ගිල දමති. ෆ්ලොරිඩාවේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය(Florida Museum of Natural History) දක්වන අන්දමට පිඹුරු ගහනය ආරම්භවූයේ මුදා හැරුණු හෝ රහසින් පැනගිය සුරතල් සතුන් ලෙසිනි.

නව විශේෂ හඳුනා ගැනිමට හෝ ඔවුන්ගේ පරිසරය තුළ නව විශේෂයනට යෝග්‍ය ආකාරයෙන් ප්‍රතිචාර දක්වන විශේෂයන් හඳුන්වනු ලබන්නේ ‘අවිදග්ධ’ නැතහොත් බොළඳ යනුවෙනි; නැතහොත් පරිසර විද්‍යාත්මක බොළඳ භාවයෙන් යුක්ත යයි කියනු ලැබේ. එහෙත් එය ඔවුන්ගේ ‘වරදක්’ නොවන්නේය; පිටස්තර විශේෂයන්ට බියෙන් පලායාමට හෝ එවැනි විශේෂයන්ට එරෙහිව ආරක්ෂා වනු වස් සතුන් වහ වහා පරිණාමය වන්නේ නැත. තවද, අනුවර්තනයවීම් එක් රැයකින් නැතිනම් හිටි අඩියේ හට ගන්නේ නැත.
“ආගන්තුක විශේෂ විසින් දේශික විශේෂ අතුගාදමන මූලික ක්‍රමය වන්නේ පරිභෝජනයට ගැනීමෙනි. ඉතින්, කලින් විලෝපියන් නොසිටි ප්‍රදේශවලට විලෝපියන් හඳුන්වා දෙනු ලැබූ විට හෝ කලින් හිටි විලෝපියන් වර්ගවලට වඩා වෙනස් විලෝපියන් හඳුන්වා දෙනු ලැබූ විට, ඔවුනට (කිසියම් විශේෂිත ප්‍රදේශයක්) බොළඳ හෙවත් දැනුම් තේරුම් නැති සතුන් කා දමා අහවර කිරීමට ඉඩ සලසන වාසියක් ශරීර අභ්‍යන්තරයෙන්ම ඇතිවනවා” යයි එක්සත් රාජධානියේ ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ ජීව විද්‍ය මහාචාර්ය ටිම් බ්ලැක්බර්න් පවසයි.
ආක්‍රමණශීලී විශේෂ පිළිබඳ බ්ලැක්බර්න් ගෙන එන නිදර්ශනය ගෘහ බළලුන්ය. “ගෙදර දොරේ ඇත් කරන පූසන් කුරුළු විශේෂ ගණනාවක නෂ්ඨප්‍රාප්තියට දායක වී තියෙනවා” ඔහු පෙන්වා දෙයි. 1815 දී විනාශ මුඛයට ගිය නවසීලන්තයේ, කුඩා ක්‍රියාශීලී පක්ෂී විශේෂයක් වන Traversia lyalli එක් නිදසුනකි. American Bird Conservancy දක්වන අන්දමට, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කුරුළු නස්පැත්තියට බලපාන ප්‍රධාන සෘජු මානව හේතුව බළලුන්ය. වෙනත් අන්දමකට පවසන්නේ නම්, පක්ෂීන්ට තුවක්කුවලට වඩා මහා තර්ජනයක් ගෘහ බිළාලයන්ගෙන් පැමිණේ.
අපේ මේ ග්‍රහ ලෝකය පුරා දඩයක්කාර බළලුන් සහ දැවන්ත සර්පයින් තැන තැන ගෙන ගොස් අතහැරලීමේ වගකීම පැවරෙන්නේ මිනිස් අපටය. ඉන් පසු එම විශේෂ සිදුකරන අකටයුතුවල වගකීම ද අප විසින් දරනු ලැබිය යුතුවේ. ඒත් එය එසේවෙතත්, නව ප්‍රදේශ වෙත ස්වභාවිකව සංක්‍රමණය වෙන සතුන් ගැන කිව හැක්කේ කුමක් ද? බ්ලැක්බර්න් දක්වන අන්දමට නම්, (එසේ සංක්‍රමණය වන) සත්තු ළඟ පාත ප්‍රදේශ කරා ස්වභාවිකව විසිර යති. සාමාන්‍යයෙන් එවන් ප්‍රදේශවල සත්ව විශේෂ වර්ග යම් ආකාරවලින් සමාන බවක් දක්වන හෙයින් ඔවුන් එකිනෙකා යෝග්‍ය අන්දමට ප්‍රතිචාර දක්වති. එහෙයින්, සාමාන්‍යයෙන් අසාධාරණ නොගැලපීම් ඇති නොවේ.
කෙසේවෙතත්, ඉඳහිට නැතිනම් කලාතුරකින් භූමි චලන, සතුන් අතර සංයුතියෙහි යම් වෙනස් කම් ඇති කිරීමට හේතුවේ. (වසර මිලියන 10 සිට වසර 10,000කට පෙර) මහා ඇමරිකානු ජෛව අන්තර් හුවමාරුව(The Great American Biotic Interchange) ප්‍රමුඛ නිදර්ශනයකි: භූකාරක තැටි ක්‍රියාකාරිත්වය හේතුවෙන් උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව එකිනෙක් වෙත තල්ලුවිය. එහෙයින් මහද්වීප දෙකෙහි සත්ව විශේෂ මධ්‍යම ඇමරිකානු භූමි පාලමක් හරහා එකිනෙකා මුන ගැසුනහ. දිවි, කොටි, වලසුන් වැනි විලෝපියන් ඇතුළු අළුත් සත්ව විශේෂ බොහොමයක් දකුණු ඇමරිකාවට හඳුන්වාදෙනු ලැබූ අතර හිලව් වශයෙන් උතුරු ඇමරිකාවට බිම් මන්දයන්(ground sloths) සහ ආමඩිලාවන්ගේ නෑයින් වන ග්ලිටෞදන්තියන්(glyptodont) හිමිවිය.

මෙ මහාද්වීප දෙක ගත් විට දකුණු ඇමරිකාවෙන් ගියාට වඩා වැඩි සත්ව විශේෂ පිරිසක් උතුරු ඇමරිකාවෙන් දකුණු ඇමරිකාවට සංක්‍රමණය වූහ. මේ අනුව, නව නේවාසිකයන් පිරිසක් දකුණු ඇමරිකාවේ පදිංචියට ආහ. Proceedings of the National Academy of Sciences සඟරාවෙහි 2020දී පළවූ අධ්‍යනයක් අනුමාන කරන්නේ දකුණු ඇමරිකානු ක්ෂීරපායින් සමානුපාතික නොවන ඉහළ මට්ටමකින් නෂ්ටප්‍රාපත වීම මීට හේතු වූ බවයි. වෙනත් විදිහකට දක්වතොත්, මෙම හුවමාරුවෙ දී දකෞණු ඇමරිකානු විශේ වැඩ්යෙන් නෂ්ඨප්‍රාප්ත වූ අතර උතුරු ඇමෙරිකාවේ ගණාවාසිකරණයට සමත් වූයේ අඩු සත්ව පිරිසකි.
“බාගදා දකුණු ඇමරිකානු ස්වදේශික ක්ෂීරපායින් නව විලෝපියන්ට පහසුවෙන් ග්‍රහනශීල වූවා විය හැකිය” යි පෙරකී 2020 අධ්‍යනයේ ප්‍රධාන කතෲ, ස්විට්සර්ලන්තයේ, ෆ්‍රයිබෝග් විශ්වවිද්‍යාලයේ පුරාජීවවිද්‍යාඥ(paleobiologist) ජුවාන් කැරිලෝ කියා සිටියි. අසමතුලිත අන්තර් හුවමාරුව පණ ගැන්වූ සාධකය වන්නේ උතුරු ඇමරිකානු මාංශභක්ෂිකයන් ගේ විලෝපනය විය හැකිය යන්න එක උපකල්පනයකි.
බිම් මන්දයන්(ground sloths) සහ ග්ලිටෞදන්තියන්(glyptodont) සමහරවිට විලෝපියන්ගෙන් බේරීමට ප්‍රමානවත් තරම් විශාල වන්නට ඇති. ඒ සතුන්ට උතුරට(උතුරු ඇමරිකාවට) සංක්‍රමණයවීමට හැකි වූ එක් හේතුවක් මෙය වීමට පුළුවනි. ඉතින් උතුරු ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ෆොසිල වාර්තා අතරේ අපට ඔවුන් හමුවුනා” යයි කැරිලෝ පෙන්වා දෙයි.

එහෙත්, නූතන ආක්‍රමනශීලි විශේෂ, නෂ්ඨප්‍රාප්තිය කෙරෙහි ඇති කළ බලපෑම පැහැදිලි වුවත්, අන්තර් හුමාරුව මවන්නේ වඩාත් සංකීර්ණ චිත්‍රයකි. “එය පෘථිවියේ ඉතිහාසය තුල හුදෙක් එක වරක් පමනක් හටගත් සිද්ධියක් නොවෙයි. එහෙත්, ඒ වෙනුවට ඇත්තටම ඊට වසර මිලියන ගනන් වැය වූ අතර විවිධ අදියර වලින් යුක්තවිය” යයි කැරිලෝ පෙන්වාදෙයි. දකුණු ඇමරිකානු වඳවීයාම් සිදුව ඇත්තේ දේශගුන විපර්යාස අතරතුර පෘථිවිය සිසිල් වෙමින් පවතින අවධිකය. එයද, බලපෑමක් ඇතිකරන්නට ඇත.
එහෙත්, නූතන ආක්‍රමනශීලි විශේෂ, නෂ්ඨප්‍රාප්තිය කෙරෙහි ඇති කළ බලපෑම පැහැදිලි වුවත්, අන්තර් හුමාරුව මවන්නේ වඩාත් සංකීර්ණ චිත්‍රයකි. “එය පෘථිවියේ ඉතිහාසය තුල හුදෙක් එක වරක් පමනක් හටගත් සිද්ධියක් නොවෙයි. එහෙත්, ඒ වෙනුවට ඇත්තටම ඊට වසර මිලියන ගනන් වැය වූ අතර විවිධ අදියර වලින් යුක්තවිය” යයි කැරිලෝ පෙන්වාදෙයි. දකුණු ඇමරිකානු වඳවීයාම් සිදුව ඇත්තේ දේශගුන විපර්යාස අතරතුර පෘථිවිය සිසිල් වෙමින් පවතින අවධිකය. එයද, බලපෑමක් ඇතිකරන්නට ඇත.
එහෙත් දකුණු ඇමරිකාවේ අඩු තරමින් ඇතැම් ගොදුරු විශේෂ නෂ්ඨප්‍රාප්තව ගියේ උතුරු ඇමරිකාවෙන් විලෝපියන් පැමිණීම නිසා යයි උපකල්පනය කිරීම තවදුරටත් සාධාරණද? එය සිදුවිය හැක්කක් වුවත්, එම හේතුව දේශගුන විපර්යාසය සහ අනෙකුත් සාධකවලින් වෙන්කොට තෝරා බෙරා ගැනීම දුෂ්කර යයි කැරිලෝ වැඩිදුරටත් සඳහන් කරයි.
හෙතෙම පෙන්වාදෙන පරිදි, විලොපියන්, සිය ගොදුරු නෂ්ඨප්‍රාප්තවන තුරුම කා දමා විනාශ කරයි නම් ආහාරය සඳහා තවදුරටත් ගොදුරු නොමැතිව ඔවුන්ද(විලෝපියන්) නෂ්ඨප්‍රාප්තවේ. විලෝපියෙකුට ගොදුරු වර්ග ගණනාවක්ම ඇතොත්, සෛදාන්තික වශයෙන් ගත් විට ගොදුරට ගන්නා එක් විශේෂයක් වඳවී ගිය ද, රැකෙන්නට පුළුවන. එහෙත්, නෂ්ඨප්‍රාප්තවීම් වලට සාධක ගණනාවක්ම සම්බන්ධවේ.
එක් සත්ව විශේෂයක්, තවත් විශේෂයක් නෂ්ඨප්‍රාප්ත කරන ස්වභාවික ආක්‍රමන පිළිබඳ උදාහරන ගැන බ්ලැක්බර්න් නොදන්නා නමුත්, ‘ස්වභාවික ලෝකය ආවේනිකවම සංකීර්න හෙයින් ඇතැම් ක්‍රියාදාමය පැහැදිලිව තෝරා බේරා ගැනීම පහසු නැතැය”යි පෙන්වාදෙයි.
අධිකව දඩයම් කිරීම, වාසස්ථාන විනාඅශකිරීම, ආක්‍රමනශීලී විශේෂ හඳුන්වාදීම ආදී ක්‍රියාමාර්ග මගින් මනුෂ්‍යයන් විසින් පැහැදිලිවම සත්ව විශේෂ වඳවීයාමට ලක් කරනු ලැබේ. “මෙය සැබවින්ම සිදුවන්නක් බවට සහ මින් පෙර සිදුවූවාට වඩා බෙහෙවින් වෙනස් බවට සාක්ෂි ඇතැයි” බ්ලැක්බර්න් වැඩිදුරටත් කියයි.
Lived Science හී පළවන Can nonhuman animals drive other animals to extinction? යන ලිපිය ඇසුරෙනි.