COVID-19 ආසාදනය වීමෙන් පසුව හෝ එන්නත්කරණයෙන් පසුව ඊට එරෙහිව ආරක්ෂාව සලසන ප්‍රතිශක්තිය කොපමණ කලක් පවතීද?(UPDATED:new material added)

Posted by

SARS-CoV-2 යේ ඔමික්‍රොන් විචලකය 2021 අග ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී, ගෝලීය මහා වසංගතය නව අදියරකට පිවිසි බව පෙනෙන්නට පටන්ගත්තේය. කලින් COVID-19 ආසාදනයට ලක්වීමේ අවස්ථාවකින් පසුව හෝ එන්නත් ලබාගැනීමෙන් පසුව තමන් වෛරසයට ගොදුරු විය හැකිද යන සැක සංකාව බොහෝදෙනෙකුට ඇත.

2022 පෙබරවාරි අග වනවිට බිලියන 4.9ක පිරිසක්, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 63.9%ක්, අඩුම තරමින් COVID-19 එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත. තවද, ගෝලීය මහා වසංගතය  ආරම්භවීඑම්න් පසුව මිලියන 430ක් හෙවත් කෝටි 43ක් COVID-19 සිද්ධි  හටගෙන ඇති බව සනාථ කර තිබේ. ඉතින්, ලෝක ජනගහනයෙන් බහුතරය එක්කෝ COVID-19 එරෙහි එන්නත් ලබා ගැනීමෙන්හෝ නැතහොත් ආසාදනයෙන් පසු යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් පසුව එන්නතින් හෝ ආසාදනයට පත්වීමෙන් පසුව හෝ ඒ දෙකෙහිම එකතුවෙන් ලැබෙන ප්‍රතිශක්ති ආවරනය කෙතරම් කාලයක් පවතී ද? යනුවෙන් ජනයා ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

මෙය අභියෝගාත්මක ප්‍රශ්නයකි. මන්ද මේ වෛරසය(SARS-CoV-2) සාපේක්ෂව අළුත් එකක් වන අතර අළුත්, අළුත් ප්‍රභේද දිගින් දිගට ඉස්මතුවන හෙයිනි. කෙසේවෙතත්, යළි ආසාදනයවීම සහ රෝහල්ගතවීම්වලට හා මරණයට පත්වීමට මග පාදන දරුණු COVID-19 ආසාදනවලට එරෙහිව පවතින ප්‍රතිශක්තිය ආරක්ෂාව සලසන්නේ කෙසේ දැයි යන්න ගැන මනා අවබෝධයක් ලබාගැනීමට පර්යේෂකන් පටන් ගෙන ඇත. එවන් ආර්ක්ෂාකාරී ප්‍රතිශක්තියෙහි ස්වභාවය් වටහා ගැනිම ගැනයි, ඔවුන් උනන්දුව දක්වන්නේ.

එන්නත් කිරීමෙන් හෝ COVID-19 ආසාදනය වීමෙන් අනතුරුව,  ශරීරය ආරක්ෂිත ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වර්ග දෙකක් නිපදවයි. පළමු වර්ගයට ප්‍රතිදේහ නිපදවන B සෛල අදාල වේ. ප්‍රතිදේහ යනු Y-හැඩැති ප්‍රෝටීන වන අතර එය ආසාදනයකට හෝ  එන්නතක් වැනි ආක්‍රමණිකයෙකු සේ ප්‍රග්‍රහනය කරන්නකට   එරෙහිව පළමු ආරක්ෂාව සපයයි. අගුලක් සහ යතුරක් එකට බැ‍ඳෙන්නාක් මෙන්, ප්‍රතිදේහ සෘජුවම වෛරසයකට – හෝ  mRNA එන්නත් සම්බන්ධයෙන් ගත් කල COVID-19 හි ස්පයික් ප්‍රෝටීනයට,  බන්ධනය විය හැකි අතර එය සෛල තුළට ඇතුළු වීම වළක්වයි. කෙසේ වෙතත්, වෛරසයක්  සාර්ථකව සෛලවලට අතුල්වීමෙන් පසුව ප්‍රතිදේහ තවදුරටත් ඵලදායී නොවේ. වෛරසය ආසාදිත සෛලයන් තුළ ප්‍රතිවලනය වෙන්නට පටන් ගෙන අනෙකුත් සෛල වෙත ව්‍යාප්තවෙයි.

මෙන්න මෙවිට තමයි ප්‍රතිශක්ති පද්ධතිය වෙනත් වර්ගයක ප්‍රතිශක්ති සෛලයක් සේවයට කඳවන්නේ: එනම් නාශක T සෛල (ප‍්‍රතිශක්ති පද්ධතියේ ඇති බාහිර විෂබීජ මරා දැමීමට සමත් සෛල) ලෙස හඳුන්වනු ලබන සෛල. ඒවා දෙවැනි පෙළ ආරක්ෂාව සපයයි.

ප්‍රතිදේහ මෙන් නොව, නාශක T සෛලවලට වෛරසය සෘජුවම “දකින්නට” නොහැකි අතර ඒ අනුව වෛරසයක් සෛලවලට ඇතුල්වීම වැළැක්විය නොහැක. කෙසේවෙතත්, නාශකT සෛලවලට වෛරස ආසාදිත සෛලයක් හඳුනාගැනීමට මෙන්ම වෛරසයට ප්‍රතිවලනය වීමට අවස්ථාවක් ලැබීමට පොරාතුව වහාම විනාශ කර දැමීමට ද හැකිය. මේ ආකාරයට,  වෛරසයක්  ගුණනයවීම සහ පැතිරීම වළක්වාලීම්ව්හි ලා නාශක T සෛලවලට උපකාරී විය හැකිය.

ආරක්ෂිත ප්‍රතිශක්තියෙන් වැඩිකොටස ප්‍රතිදේහ මගින් සපයනු ලබන්නේය යන වැරදි අදහස COVID-19 ගෝලීය වසංගතය පුරාවටම මහජනතාව විසින් ඉතා ව්‍යාප්ත ආකාරයෙන් පිළිගනු ලැබීය. එහෙයින් නාශක T සෛලවල වැදගත්කම සැලකිල්ලට නොගැනිණ. ප්‍රතිදේහ සොයා ගැනීම පහසු කටයුත්තක් වුවද, නාශක T සෛල සොයා ගැනීම වූ කලී සංකීර්ණ එමෙන්ම උසස් තාක්ෂණය අදාලවන කටයුත්තක් වීම  මෙයට අර්ධ වශයෙන් හේතුවූයේය. ප්‍රතිදේහ අසාර්ථක වන අවස්ථාවල, රෝහල්ගතවීම සහ මරණයට පත්වීම වැනි COVID-19හි වඩාත් දරුණු ප්‍රතිඵල වැළක්වීමෙහි ලා වගකීම පැවරෙන්නේ නාශක T සෛලවලටය.

දිගුකාලීන ආරක්ෂිත ප්‍රතිශක්තිය සඳහා මග මතකයයි

මීළඟට අපට හමුවන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ සැබෑ ප්‍රවීනයන්ය. පසුගිය අත්දැකීම් මත පදනම්වන ආසාදනයකට එරෙහිව දිගුකල් පවතින, බලගතු ප්‍රතිශක්තියක් සැපයීමේ හැකියාව ඒවාට ඇත.

හටගන්නා ආසාදනය හෝ වෛරසයේ ශූල ප්‍රෝටීනය(spike protein) ‘ශුද්ධ’ කිරීමේ (තමන් වෙත) පැවරුණු කාරිය ඉ‍ටු කළාට පසුව ප්‍රතිදේහ නිපදවන B සෛල සහ නාශක T සෛල, ස්මෘති සෛල(memory cells) බවට පරිවර්තනයවේ. වෛරසයෙහි  එකම නැතිනම් සමානම ප්‍රෝටීන අභිමුඛ වූ කල් හී මෙම ස්මෘති සෛල තර්ජනය වහා හඳුනාගෙන, ආසාදනය වලක්වාගනීමේ දී උපකාරීවන සවිමත් ප්‍රතිචාරයක් ගොඩ නංවයි.

තනි මාත්‍රාව හා සංසන්දනයේ දී, ස්මෘති සෛල සංඛ්‍යාව ඉහල දමන  COVID-19 එන්නත්වල බහු මාත්‍රාවන් යළි අසාදනය  හෝ ‘කඩාපනින ආසාදන’ වැළැක්වීමෙහි ලා වඩාත් යහපත් වන්නේ මන්දැයි මෙමගින් පැහැදිලි කර ගත හැක. තවද, ස්මෘති නාශක T සෛලවල මේ ආකාරයේම ඉහළ යාමක්, දරුණු රෝග තත්ත්ව සහ රෝහල්ගතකිරීම් වළක්වාලයි. ස්මෘති සෛලවලට දිගු කාලයක් තිස්සේ — සමහර අවස්ථාවල අවුරුදු 75ක් තරම් කාලයක් පවා — ප්‍රතිශක්ති පද්ධතියෙහි ‍රැඳි සිටිය හැකිය. සරම්ප එන්නත ලබාගැනීමෙන් පසුව හෝ පැපොල ආසාදනයෙන් පසුව වැනි ඇතැම් අවස්ථාවල පුද්ගලයින් ජීවිත කාලයක් පවතින ආරක්ෂාවක් වර්ධනය කරගන්නේ කෙලෙසද යන්න මින් පැහැදිලි කරගත හැක.

කෙසේවෙතත්, සිහිතබා ගත යුතු කාරනාව වන්නේ ස්මෘති සෛල අතිශය සුවිශේෂී වන බවයි. COVID-19 ගෝලීය වසංගතයේදී නිරතුරුව සිදු වූවාක් මෙන් අළුත් මාදිලි හෝ ප්‍රභේද ඉස්මතුවන්නේ නම් ස්මෘති සෛල ඒ තරමටම ඵලදායී නොවන්නට පුළුවන.

මින් මතු කෙරෙන ප්‍රශ්නය වන්නේ මෙයයි: ආසාදනයෙන් පසුව ප්‍රතිශක්ති පද්ධතියේ මෙකී නොයෙකුත් ප්‍රධාන ‘පාර්ශවකරුවන්’ ඉස්මතුවන්නේ කිකලද? තවද, ඒවා කොපමන කාලයක් පවතීද?

පවතින කාලසීමාව සහ දිගුකල් පැවැත්ම

COVID-19න් ආසාදනයවීමෙන් පසුව හෝ එන්නත ලබාගැනීමෙන් පසුව මුල් දවස් කිහිපය ඇතුලත ප්‍රතිදේහ සචලකිරීමට පටන් ගනී. ඉන් අන්තුරුව, සති ගණන්, මාස ගණන් ඒවා අනවරතව වැඩිවෙයි. ඒ අනුව, ආසාදනයකින් මාස තුනක් යද්දී පුද්ගලයන් තුළ සවිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් හටගනී. එසේ වුවද, මාස හයක් පමණ ගත වෙද්දී ප්‍රතිදේහ හීන වන්නට පටන් ගනී. ජනතාව අතුරෙන් බොහොදෙනෙකු සම්පූර්ණයෙන් එන්නත්කරනයට ලක්වී සිටි 2021 ශරත් සෘතුවේ පර්යේෂකයන්ට නිරීක්ෂණය වූ ඊණියා “හීනවන ප්‍රතිශක්තිය”(“waning immunity” ) යන්නට මග පෑදුවේ මෙයයි.

කෙසේවෙතත්, ප්‍රතිශක්තිය අතිශය සංකීර්ණ සහ සූක්ෂම වෙනස් කම්වලින් යුක්තයි. සමහර B සෛල චිර ජීවනයෙන් යුක්ත අතර වෛරසයකට එරෙහිව දිගින් දිගටම ප්‍රතිදේහ නිපදවයි. මේ ආකාරයටම, ස්මෘති B සෛල අඩුතරමින් මාස අටකින් පසුව වුවත් සොයා ගත හැකි අතර, නාශකT සෛල COVID-19 ආසාදනයෙන් පසුව වසර දෙකකට ආසන්න කාලයකදී නිරීක්ෂණය වී ඇත.

පොදුවේ ගත් කල, ස්වභාවික ආසාදනයෙන් හටගන්වන්නාවූ ප්‍රතිශක්ති ස්මෘතියක් හා සමාන ප්‍රතිශක්ති ස්මෘතියක් එන්නත්වලින් ද හටගන්වන බවක් පෙනී ගොස් ඇත. කෙසේවෙතත්, සංසන්දනයෙහි දිගුකාලීන අධ්‍යයන තවමත් ලබාගැනීමට නොහැකිය. එසේවී නමුත් තවමත් සම ගී සමීක්ෂාවට ලක් නොවූ අධ්‍යනයක් දක්වන්නේ,  එන්නතෙහි තුන්වෙනි මාත්‍රාවක් ස්මෘති සෛල විවිධත්වයෙහි වැඩිවීමක් ඇති කරන බවයි. මෙය ඔමික්‍රොන් වැනි විචලකයන්ට පවා එරෙහිව වඩාත් යහපත් ආරක්ෂාවක් සැලසීමට මග පාදයි.

එහෙත්, ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් හඳුනාගත් පමණින් එය COVID-19 එරෙහි පූර්ණ ආරක්ෂාවක් බවට පරිවර්තනය වන්නේ නැත. COVID-19 අධ්‍යයනය සඳහා පර්යේෂකයන්ට ලැබුණු සීමිත කාලය සහ පර්යේෂණ අවස්ථා පදනම් කරගෙන, ප්‍රතිදේහ සහ නාශක T සෛල මගින් සපයණු ලබන ආරක්ෂාව සැලකිල්ලට ගණිමින් ඒවායේ මට්ටම් නිශ්චිතවම සහසම්බන්ධය සෙවීම අසීරුය.

ඉතින් COVID-19 ආසාදනයෙන් වසරකට වැඩි කලක් ගත්වුණත්, වෛරසයට එරෙහි යම් ආකරයක ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් සොයා ගත හැකි බව පැහැදිලිවෙන්නට පටන්ගෙන ඇති අතර ඒවායේ මට්ට්ම් යළි ආසාදනයකට එරෙහි ආරක්ෂාව සැපයීමට තරම් ප්‍රමානවත් නොවේ.

ප්‍රතිශක්ති පද්ධතිය, අපගේ ශරීරයේ වඩාත්ම සංකීර්ණ කොටස්වලින් එකකි.

The Conversation හී පළවන How long does protective immunity against COVID-19 last after infection or vaccination? Two immunologists explain යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.