පෙබරවාරිය, වසරේ කෙටිම මාසය වන්නේ ඇයි?
පෙබරවාරිය, වසරේ කෙටිම මාසය වන්නේ ඊට දින 28ක් පමනක් තිබීම නිසා කියලා කෙටි උත්තරයක් දෙන්න පුළුවන් තමයි. ඒත්, මොරිෂස් දිවයිනේ 15 හැවිරිදි සිමී ඇසූ ප්‍රශනයකට, එංගලන්තයේ රෙඩිං විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හෙලන් පැරිෂ් දෙන පිළිතුර ඊට වඩා සාරගර්භයි.
පෙබරවාරිය වසරේ අනෙකුත් මාස අතරේ වඩාත්ම කෙටි මාසය වීමට හේතුව සොයා අප යොමු විය යුත්තේ මිනිසුන් වර්ෂයක් බෙදෙන ආකාරය සහ මනින ආකාරය පිළිබඳ ඉතිහාසය වෙතටයි. අප ජීවත්වන ග්‍රහලෝකය වන පෘථිවිය , සූර්යයා වටා ගමන් කිරීම සඳහා දවස් 365කුත් පැය හයකට මදක් අඩු ගණනක් වැය වන බව අප කවුරුත් පහේ දන්නවානේ? ඉතින් ඔය දවස් ගණන, අද අප දන්නා ආකාරයට මාස දොලහක් හැටියට බෙදා වෙන්කිරීම මනුෂ්‍යන්ගේ නිර්මාණයක්. ඒත් ඉතින් ඒක හැමදාමත් එහෙම තිබුණ දෙයක් නොවෙයි.
දැනට නොනැසී පවතින ප්‍රථම පුරාණ රෝමානු කැලැන්ඩරය හෙවත් දින දර්ශනයෙහි අඩංගුවූයේ මාස දහයක් පමණයි. මේ දින දර්ශනය හැඩ ගැස්වුණේ කෘෂිකාර්මික වර්ෂය අනුවයි. එහෙයින්, එය මාර්තු මාසයත් සමග ආරම්භවී, ඊට දවස් 304කට පස්සේ දෙසැම්බරයේ දී අවසන් වුණා. ශීත සෘතුවේ මාස දෙක තුල කරන්න කියලා ගොවිතැන් කටයුතු කිසිවක් තිබුණේ නැති නිසා ඉතිරි දින ගණන කොහොමටවත් දින දර්ශනයට ඇතුල් වුණේ නැහැ.
චන්ද්‍ර කලා අනුව දින දර්ශණය ගලපන්න රෝමයේ දෙවැනි රජු වන නුමා පොම්පිලියස් (Numa Pompilius) ක්‍රිස්තු පූර්ව 731 දී තීරණය කළා. සෑම වසරකටම චන්ද්‍රයාගෙ චක්‍ර 12ක් තියනවානෙ. ඉතින් ඔන්න දින දර්ශණය මාස දොලහක් හැටියට බෙදනු ලැබුවා. දින දර්ශණෂණයට ජනවාරියයි පෙබරවාරියයි එකතුවුණා ඉතින් ඒ අනුව නව කැලැන්ඩරයට දින355ක් අයත් වුණා.
මතකයිනේ? කැලන්ඩරේ ඉස්සෙල්ල පටන ගත්තේ මාර්තුවෙන්. අවසන්වුණේ දෙසැම්බරයෙන්. ඉතින් ඒකට ක්‍රි.පූ. 731 දී ජනවාරියයි, පෙබරවාරියයි එක්වෙනවා. ඔය අන්දමට අවුරුද්දේ මුල් මාසය මාර්තුව්; අවසාන මාසය තමයි පෙබරවාරිය.
රෝමානුවන් විශ්වාස කළේ ඉරට්ටේ සංඛ්‍යා අවාසනාවන්තය කියායි. පොම්පිලියස් ගේ දින දර්ශනයේ මාස දින 29ත් 31ත් අතරේ එකක් හැර එකක් වශයෙන් තමයි තිබුණේ. එත් ඉතින්, කැලැන්ඩරයේ අන්තිම මාසය — ඔව් පෙබරවාරි මාසය සඳහා ඉතුරුවෙලා තියෙන්නේ දින 28ක් පමනයි. රොමයේ පෙබරවාරිය සැලකුණේ පවිත්‍රකරණ පූජාවිධි හා සම්බන්ධ මාසයක් හැටියටයි. පෙබරවාරි මාසේ පැවැත්වෙන පවිත්‍රකරණ පූජාවිධි සඳහා දී තිබුණු නාමය තමයි februa යන්න. “Lupercalia” මංගල්‍යයේ පවිත්‍රකරණ පූජාවිධි පැවැත්වුණේ මංගල්‍යයේ සඳහා භෝජන සංග්‍රහ උත්සව වෙනුවෙන් ජනතාව සහ ගොඩනැගිලි සූදානම් කිරීම සඳහායි. මෙම පුජා මංගල්‍යයේ දී ආහාර සහ තෑගිබෝග සුසාන භූමි කරා රැගෙන යන ලද්දේ මියගිය ඇත්තන්ට ගෞරව දැක්වීම පිණිස මෙන්ම ඔවුන් මළවුන්ගෙන් නැගිට විත් ජීවත්ව සිටින අයට අණවින කිරීම වළක්වණු වස් ඔවුන් සතුටින් තැබීමටයි.
කෙසේවෙතත්, වසරකට දින 335ක් පමණක් තියෙන දින දර්ශනයකට ඒකටම ආවේනික ප්‍රශ්න නිර්මාණය වෙනවානේ? පෘථිවියට සූර්යයා වටා ගමන් කරන්න දවස් 355ට වැඩියෙන් ගත වන නිසාවෙන් වසරෙන් වසර ගෙවීයද්දී මාසා සහ සෘතු අතර ගැලපීම ගිලිහෙන්නට පටන්ගත්තා. ඉතින් මොකද වුණේ කැලන්ඩරයට Mercedonius යනුවෙන් නම් කළ මාසයක් මාර්තු මාසය පටන් ගැනීමට පෙර එකතු වීමයි.
ඒ වුණත් ඔය Mercedonius මාසය සෑම අවුරුද්දකදීම භාවිත වුණේ නැහැ. ඒ මසය එකතු කළේ මාස සහ සෘතු යළි එකට හැඩගස්සවන්න ඕනෑ වූවිටයි. ඔය Mercedonius මාසයට එක්කො දින 377ක් හො නැතිනම් දින 378ක් තිබුණා. ඒත් මේකේ අවාසනාවන්ත ප්‍රතිඵල ගෙන ආවේ පෙබරවාරි මාසයටයි. මන්ද Mercedonius මාසය පටන්ගත්තේ පෙබරවාරි 24දා, ඉතින් සිද්ධ වුණේ දිනදර්ශනයේ දැනටමත් කෙටිම මාසයෙන් තවත් දින හතරක් ඊට අහිමි වීමයි. ඒ විතරක් නොවෙයි, Mercedonius මාසය වසරේ මාස සහ සෘතු ගලපාගන්න උපකාරී වුණත්, එහි භාවිතය භාවි කථනය හෙවත් කලින් කිව නොහැකිවුනා. ඉතින්, කැලැන්ඩරයට ඔන්න තවත් අතිරේක මාසයක් එක් කළ බව රෝමයෙන් දුර ඈත විසූ වැසියනට දැන නොසිටින්නට ඉඩ තිබුණා.
වෙනත් දිනදර්ශනයක්

තවත් නව දනදර්ශනයක් මගින් මේ ගැටළු විසඳීමට ප්‍රයත්න ගනු ලබුණා. ක්‍රිස්තු පූර්ව 45 වර්ෂයේඉ සිට පවත එන ජූලියානු දිනදර්ශනයෙහි (මේ ජූලියානු දිනදර්ශනය නම් කෙරුණේ රෝම අධිරාජ්‍ය ජූලිය සීසර් නමිනුයි) වසරකට දින 365ක් අයත්වුණා. අතිරේක දින දහයෙන් එකක්වත් පෙබරවාරියට එකතුවුණේ නැහැ. අපි අද භාවිත කරන දිනදරශන්යේ සේ දිගින් යුතු මාස දොලහක්, ජූලියානු දිනදර්ශනයෙත් වසරකට තිබුනා. ඉතින් දිනදර්ශනය නිවැරදිව තබා ගැනීම සඳහා වසර හතරකට සැරයක් පෙබරවාරියට අතිරේක දිනයක් එක්වුණා. එවැනි වසර හැඳින්වූයේ අධික වර්ෂයක්(a leap year) ලෙසය.
ඒත් ප්‍රශ්නයේ කොටහක් තවමත් ඉතුරු වෙලා තිබුණා. පෘථිවිය, සූර්යයා වටා ගමන් කිරීමට දින 365කුත් දින කාලකට(1/4) මදක් අඩු කාලයක් ගත වෙනවානේ. ඉතින් සෑම අවුරුදු හතරකට වරක් අතිරේක දිනයක් එකතුකරහම දින කාල්(1/4) හතරක්ම එකතුවෙනවානේ? ඒත් ඉහත දක්වපු අන්දමට පෘථිවිය, සූර්යයා වටා ගමන් කිරීමට දින 365කුත් දින කාලක්ම ගතවෙන්නේ නැහැ. ඉතින් මොකද වුණේ ඔය විදිහට දින කාලට මදක් අඩු ප්‍රමාණවල් සෑම වසර කටම වරක් දින දර්ශනයට එකතු වෙන එකයි. ඔහොම ගියහම දහසය සියවස වනවිට ජූලියානු කැලැන්ඩරයේ සෘතු හා මාස ගැලපීම දින දයකින් එහා මෙහාවෙලා තිබුණා.
මේ ‘නොගැලපීම’ තවත් දිනදර්ශනයක් නිර්මාණය කිරීමට මුල්වුණා. ඒ තමයි ග්‍රෙගෝරියානු දිනදර්ශනය(Gregorian Calendar එනම් අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 හඳුන්වා දුන් දින දර්ශනය වර්තමානයේ භාවිත කෙරෙන්නේ මේ දිනදර්ශනයයි). ශත වර්ෂ වසර හතරෙන් බෙදෙන නමුත් ඒ සියලු වර්ෂ අධික වර්ෂ ලෙස ග්‍රෙගෝරියානු දිනදර්ශනය අනුව සැලකුණේ නැහැ. එහෙම අධික වර්ෂයක් ලෙස සැලකුණේ හරියටම 400න් බෙදිය හැකි වර්ෂයි. ඉතින් 2000 වර්ෂය අධික වර්ෂයක් ලෙස සැළකුණු අතර පෙබරවාරියට අතිරේක දිනයක් එකතුවී දින 29ක් වුණා. ජූලියානු කැලැන්ඩරය හේතුවෙන් මතු වූ ප්‍රශ්න මග හරවා ගැනීමට මේ නිසා හැකිවුණා.
මේක ඉතින් මේ විදිහට ඉතා පහසුවෙන්, සරල සිද්ධවුණා කියලා හිතන්න හොඳ නැහැ. මන්ද ජූලියානු කැලැන්ඩරයේ අර දින දහයේ දෝෂය මගහරවා ගන්න එපායැ. ඉතින්, 1582 දී ග්‍රෙගෝරියානු කැලැන්ඩරය පිළිගත් රටවල, දින දර්ශනයෙන් දින දහයක් ඉවත් කෙරුණා. ඉතින්, ඒවරේ ඔක්‍තෝබර 4දා සිට 10දා දක්වා දින පැවතුනේ නැති හැටියට සැලකුණා. ඒවාට වෙච්ච් දෙයක් නැහැ ඕන්!

Curious Kids(The Conversation) හී පළවන Why does February has the least number of days? Why does it not have 30 or 31 days like the rest of the eleven months? යන ලිපිය ඇසුරෙනි