දීර්ඝ කොවිඩ්(long covid) තත්ත්වයෙන් හිමිවන දායාද

Posted by

දීර්ඝ කොවිඩ් දායාද: සින්ඩ්‍රෝමය පිලිබඳ පර්යේෂණ අභිරහස්, සමාන  රෝග තත්ව සහිත අයට පිහිට සැලසීමට හැකිවෙයි. Covid-19

දීර්ඝ කොවිඩ් යන අර්ථය සහිත “long covid”   පදය ඉංග්‍රීසි භාෂාවට මුලින්ම ඇමිනුවේ පුරා විද්‍යාඥ එලිසා පෙරේගෝ විසින් 2020 මැයි මස නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයකිනි. ගෝලීය වසංගතයට ගොදුරුව සිටි ලෝකවාසීහු ක්ෂණිකව එය භාවිතයට ගත්හ. එහෙත්, “long covid” කියන්නේ කුමකටද?; කීදෙනෙකු ඒ තත්වයට මුහුණ පා සිටීද?; ඇතැමෙකුට වැලදෙන්නේ නැතිව සමහරුන්ට පමනක් වැළදෙන්නේ ඇයි? සහ ඊට ප්‍රතිකට කරන්නේ කෙසේද? යන අර්ථදැක්වීම සම්බන්ධයෙන් එකඟත්වයකට පත්වීමට නම් කලක් ගත වූ බව ඇත්තය. දීර්ඝ කොවිඩ් තත්වය පිළිබඳ වඩා හොඳ අර්ථදැක්වීම් මෙන්ම පර්යේෂණ වාර්තා ගණනාවක්ම අත්පත් කරගෙන සිටින විද්‍යාඥයන්, ඉන් සමහරකට අද වන විට පිළිතුරු සැපයීමට පටන් ගෙන තිබේ. එක්සත් රාජධානියේ  ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය (Office for National Statistics ) පෙබරවාරි 3ද වාර්ත කළ අන්දමට එරට මිලියන 1.3ක ජනතාවට වර්තමානයේ කොවිඩ් වැළඳී ඇත.

මෙම සංඛ්‍යාව ගෝලීය වශයෙන් අස්තමේන්තු කරන විට මිලියන 100ක් පමණ වෙතැයි  අධ්‍යන 81ක විශ්ලේෂනයකින් සොයා ගෙන තිබේ. Covid-19 වැලදී ඇති බවට නිර්ණය කෙරුණු ජනතාවගෙන් 32% කට සති 12කින් පසුව ද තවමත් අධික වෙහෙස, විඩාව අත්විඳින අතර 22%කට සංජානන බෙලහීනතා ඇත.

තවද සමහර පුදගලයින් වඩාත් අවදානම්ග්‍රාහී  බව ද අපි දන්නෙමු. ජනවාරියේ ප්‍රකාශයට පත් කළ අධයනයක් පෙන්නුම් කළේ පුද්ගලයන්ට 2 වර්ගයේ දිය වැඩියාව(type 2 diabetes) ඇත්නම්; තමන්ගේම පටකවලට ප්‍රහාර එල්ල කරන ඇතැම් “ස්වයංප්‍රතිදේහ”  අත්නම්; සිය රුධිරය තුළ තවමත් වෛරසයේ ජෙනෝම (ජීවියක ප‍්‍රවේණි ද්‍රව්‍ය) කොටස් සංසරණය වෙන්නේ නම්; එමෙන්ම, ඒ අය  ග්‍රන්ථික උණ හටගන්වන Epstein-Barr  වෛරසයෙන්  කලින් ආසාදිතව ඇත්නම් එම අය අතරේ දීර්ඝ කොවිඩ් වර්ධනය වීමේ  හැකියාව වැඩි බවයි. දීර්ඝ කොවිඩ් වලින් පෙළෙන පුද්ගලයින්ගේ බඩවැලෙහි සුවිශේෂී බැක්ටීරියා සමූහයක් සිටිනා බව ද විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. ඒ කෙසේවෙතත්, එම පුද්ගලයින්ගේ බඩවැල් බැක්ටීරියා ඔවුන් රෝගීවීමට බලපෑවේද නො එසේ නම් රෝගය, බඩවැල් බැක්ටීරියා තුළ විපර්යාසයට මුල පිරුවේ ද යන්න ගැන පැහැදිලි නැත.

රෝගාතුර වී සිටින පුද්ගලයින් පිරිස අතිසෙයින් වැඩිය. එමෙන්ම, ඒ අයට නිසියාකාරව ප්‍රතිකාර කිරීමට ද නොහැකිය. ඔවුහු  ලෙසින් ද හඳුන්වනු ලබන myalgic encephalomyelitis (ME) සහ chronic fatigue syndrome (CFS) වැනි  ජීවිතය වෙනස් කරවනසුළු බොහෝවිට අබල කරවනසුළු ඒත් පැහැදිලි නැති හේතු සහිත “කාර්යාත්මක රෝගාබාධවලින්”(functional disorders) පෙළෙති. ඔවුන්ගේ රුධිර පරීක්ෂණවල මෙන්ම අනෙකුත් පරීක්ෂාවන් වලදී අසාමාන්‍ය යමක් සොයාගැනීමට වෛද්‍යවරුන් නොදරන වෙහෙසක් නොමැත. එහෙත් එම ප්‍රයත්නය අසාර්ථක වෙද්දී  ඔවුනට කළ හැක්කේ රෝග ලක්ෂණ සමනය කරණු පිණිස උත්සාහ කිරීම පමණකි.

දැන් ඒ රෝගාබාධ සමගම කෝටි ගණන් ජනතාව අතරේ කාර්යාත්මක රෝගාබාධයක් වර්ධනය වී ඇත: ඒ, දීර්ඝ කොවිඩ්ය. මෙය SARS-CoV-2  වෛරසය ආසාදනය වීමෙන් පසුව හට ගන්නා අතර මාස ගණන් හෝ අවුරුදු ගණන් පවා පැවතිය හැකිය. බොහෝ වෛද්‍යවරුන් මුලදී එය බෑහැර කළ නමුත් දීර්ඝ කොවිඩ් වලින් පෙළෙන රෝගීහු එම රෝගය හඳුනාගෙන එය ගෑන හැදෑරීම් කරන ලෙසට උද්ඝෝෂණ ව්‍යාපාර ගෙන ගියහ.

මෙම රෝග තත්වයට පාදක විය හැකි හේතු සාධක පර්යේෂකයින් විසින් දැන් හඳුනාගනු ලැබ ඇති අතර ප්‍රතිකාර ක්‍රම සැලසුම් කරමින් සහ පරීක්ෂාවට ලක් කරමින් සිටිති. මේවායින් සමහරක් මේ වසරේ දීම භාවිතයට ගනු ලැබීමට ඉඩ ඇත. මේ සඳා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවිනැයි දීර්ඝ කොවිඩ් ආබාධයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට හැඟී යා හැකි නමුත් මෙය ඒ වුනත් පුදුමාකර ප්‍රගතියක් හැටියට සැලකිය හැක. අනෙකුත් කාර්යාත්මක රෝගාබාධ සම්බන්ධයෙන් ද ඒ ආකාරම අවධානයක් හිමි විය යුතුය. ඹ්E/ඡ්FS වැනි සමහරක් සම්බන්ධයෙන් ගත් විට, ඒවාට ප්‍රතිකාර කිරීමට තවමත් මග පෑඩීමට තරම් හැකියාවක් ලැබී නැති නමුත්  සිදුවන්නේ කුමක්ද යන්න ගැන දැන් පර්යේෂකයන්ට යම් ඉඟි ලැබී ඇත.

බෙහෙවින් ව්‍යාප්ත වේදනාවක් සහිත fibromyalgia වැනි අනිකුත්  රෝග තත්ත්වයන් වඩාත් ගුප්ත ස්වරූපයක් උසුලයි. රෝග නිර්ණය නිශ්චිත ස්වභාවයක් ගන්නවාට වඩා සියල්ල හසුවන ආකාරයේ විස්තරක් වේ.  එමගින්, සමාන රෝග ලක්ෂණ සහිතව ඉස්මතුවන ගුප්ත ශාරීරික සිද්ධි හෝ චර්යා පරාසයක්ම සඟවා තබනු ලැබේ.

කෙසේවෙතත්, “පැහැදිලිකර නොමැති” යන්නෙන් “පැහැදිලි කළ නොහැක” යන්න ගම්‍ය නොවේ. බොහෝ රෝග තත්වයන්, මුලින් ඇතිවන මද රෝග ලක්ෂණ සහිත ආසාදනයන්ට සම්බන්ධ බවට සාක්ෂි ඇති බව විමර්ෂණ කරන විට දි පැහැදිලි කර ගත හැක. වෛරස ආසාදනයකින් පසුව හටගන්නා එකම රෝග තත්වය දීර්ඝ කොවිඩ්ම පමණක් නොවේ.  නිදසුනක් දක්වතොත්, පශ්චාත්-ඊබෝලා සින්ඩ්‍රෝම(post -Ebola syndrome)  තත්වයක් ද ඇත.

බහුජාරඨ්‍යය(Multiple sclerosis) ලෙසින් දැක්වෙන  ක‍්‍රමයෙන් පරිහානියට යොමුවන ස්නායු පද්ධති තත්වය තනිකරම පාහේ හටගන්නේ ග්‍රන්ථික උණට මුල්වන Epstein-Barr වෛරසයෙන් ආසාදනය වන්නන් අතරේ බවක් පෙණී යයි.   පුද්ගලයන්ගේ සහ සමාජයේ යහ පැවැත්ම කෙරෙහි ඉන් හටගන්නා අහිතකර බලපෑම කෙරෙහි නිසි අවධානය යොමු නොකරමින් කාර්යාත්මක රෝගාබාධ දිගු කාලයක් තිස්සේ නොසලකා හරිනු ලැබ ඇත. දීර්ඝ කොවිඩ් වටා ගොඩ නැගී ඇති පර්යේෂණ ‘ගැම්ම’ ඉන් පෙළෙන  මිලියන ගණන් ජනතාවට පමණක් නොව, අනෙකුත් කාර්යාත්මක රෝගාබාධ වලින් පීඩා විඳින තවත් මිලියන ගණන් ජනතාවගේ ද බලාපොරොත්තු දැල්වීමට හේතු වී ඇත.

මෙකී රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් කැපවීමකින් සහ දැඩි හික්මීමකින් යුතුව සොය බලන්නේ නම් ඒවා ගැන මනා අවබෝධයක් ලබාගැනීමටත්, ඒවාට නිසියාකාරව ප්‍රතිකාර කිරීමටත් හැකි බවට දීර්ඝ් කොවිඩ් සාක්ෂි ලෙස පිළිගත හැකි බවක් පෙණී යයි.

New Scientist (26th Feb, 2022) සඟරාවෙහි කතුවැකිය සහ ප්‍රධාන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.