අප මේ මිහිතලය මත ජීවත්වන සියලුම මදුරුවන් මරා දැමිය යුතුද?

Posted by

අප මේ මිහිතලය මත ජීවත්වන සියලුම මදුරුවන් මරා දැමිය යුතුද?

මානව ඉතිහාසය පුරාවට යුද්ධ, සටන් සහ ගැ‍ටුම් හේතුවෙන් බිලියනයක පමණ ජනතාවගේ දිවි අහිමිවන්නට ඇතැයි කල්පනා කෙරේ. විශාල ජීවිත සංඛ්‍යාවක්.  ඒත්, මදුරුවන් නිසා ජීවිත අහිමිවූ මනුෂ්‍යයන් සංක්‍යාව හා සසඳන විට එය ඇත්තටම සුළු ප්‍රමාණයකි. පසුගිය වසර 50,000 තුල ජීවත්වූ සියලු මනුෂ්‍යන්ගෙන් හරි අඩකට ආසන්න පිරිසකගේ මරණයට වගකිවයුත්තේ මේ මාරාන්තික කෘමි විශේෂය සහ  එක් සුවිශේෂී රොගයක් පැතිරවීමට ඊට ඇති හැකියාටයි: මැලෙරියාව.

මැලේරියාව පැතිරවීමේ දී මූලිකවන්නේ මදුරුවන්ය. මැලේරියාව හටගන්වන්නේ මදුරුවෙකු හරහා එන  පරපෝෂිතයෙකි. එම පරපෝෂිතයා මෙන්ම ශිකා, වෙස්ට් නයිල්, හ ඩෙන්ගු වැනි වෛරස, 2020 වසරේ දී පමණක්  පුද්ගලයින් 627,000කු මරා දැමූහ. අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල් සුලබව දක්නට ලැබෙන Anopheles gambiae  මදුරුවා බොහො විට හඳුන්වනු ලබන්නේ ” පෘතිවිය මත සිටින වඩාත්ම භයානක් සත්වයා” හැටියට යයි the Proceedings of the National Academy of Sciences හී පලවූ 2020 අධ්‍යයන වාර්තාවක දැක්වේ.

ඉතින් ඔය ආකාරයට මදුරුවන් මාරක, භායනක සත්ව විශේෂයක් නම්, ඔවුන් සියල්ල විනාශ කර දැමිය යුතු නේද? ඒ වගේම අප එවැනි දැඩි පියවරක් ගන්නේ නම් එහි ඵලවිපාක කෙබඳු විය හැකි ද?

වහ වහා ගොසින්  මදුරු සංහාරය පටන් ගන්න කලින් දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ: සමහර මදුරු විශේෂ අපට අනතුරු ගෙන එන නමුදු මදුරුවන් සියල්ලම ඒ ආකාර නොවේ. එහෙම සමහර අවස්ථාවල ආතුරුදායක වන මදුරුවන් පවා මනුෂය රුධිරයම සෙවීමට වඩා කැමැත්ත දක්වන්නේ කූඩිත්තන්ගෙන් වෑස්සෙන මිහිරි රසැති ඇලෙන සුලූ ද්‍රව්‍යය(honeydew), යුෂ සහ මල් පැණි වලට යයි මදුරුවන් පාලනය සඳහා වෙන්වූ Mosquito Joe සමාගම පවසයි.

මදුරු විශේෂ 3,500ක් පමණ තිබුණත්, “ඉන් විශේෂ 100කට පමණ තමයි මිනිසුන්ට දෂ්ට කිරීමේ සහ ලෙඩරෝග පැතිරවීමේ හැකියාව තියෙන්නෙ” යනුවෙන්  ස්කොට්ලන්තයේ, වෛරස පර්යේෂණ ආයතනයේ, ක්ෂුද්‍රජීව විද්‍යා සහ නිවර්තන වෛද්‍ය විද්‍යා මහාචාර්ය ස්ටීවන් සින්කින්ස් පවසයි. නිදසුනක් දක්වතොත්,  මදුරුවන් බොහෝවිට මිනිසුන්ට දෂ්ට කළත්  බෙලහීන කරවනසුළු රෝග වාහකයෙකු ලෙස සැලකෙන්නේ නැහැ. ඒ නිසා සෑම මදුරුවෙකුම වින්න්ශ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වෙනුවට, කහ උණ සහ ශිකා වැනි රෝග වාහකයෙකුවන  Aedes aegypti වැනි වින කරන විශේෂ ඉලක්ක කළ හැකියි.

මිනිසුන්ට අනතුරුදායකවන අනෙකුත් මදුරු විශේෂ අතර, Anopheles  සහ Culex ඇතැම් ආකාර දක්වන්න පුලුවනි. Understanding Animal Research දක්වන අන්දමට,  මේ විශේෂ මැලේරියාව, ඩෙංගු, West Nile fever, කහ උණ, ශිකා, චිකුන්ගුන්යා සහ වසා බරවා ඇතුළුව රෝග ගණනාවක ධාරකයන් මේ විශේෂ ‍රැගෙන එයි. වසා බරවා රෝග තත්ත්වය බොහෝ විට elephantiasis(බරවා ආසාදනය හේතු කොට ගෙන ශාරීරික ඉන්ද්‍රියයක් විශාල ලෙස මහත්වීම)  යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ රූප සටහන මැලේරියා පරපෝෂිතයාගේ ජීවන චක්‍රය දක්වයි.

රෝග කාරක මදුරුවන්  වරණාත්මකව(‍තෝරා බේරාගෙන) වනසා දැමීමට මානවයන් තීරණය කළොත්, ඊට විකල්ප කිහිපයක් ඇත. එවැනි ඉලක්ක සහගත විකල්පයක් වන්නේ “Wolbachia බැක්ටීරියාව ‍රැගෙන යන මදුරුවන් මුදා හැරීමයි.” මෙය ඩෙංගු පාලනයට දැනටමත් යොදාගන්නා ක්‍රමෝපායක් බව සින්කින්ස් දක්වයි.  මෙහිදී සිදුවන්නේ මිනිසුනට අනතුරුදායක නොවන Wolbachia බැක්ටීරියාව ‍රැගෙන යන අන්දමට මදුරුවන් බෝ කර, පසුව ඔවුන් රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් සහිත ප්‍රදේශවලට මුදා හැරීමයි.

ලෝක මදුරු වැඩසටහන(World Mosquito Program) දක්වන අන්දමට, Wolbachia බැක්ටීරියාව ‍රැගෙන යන Aedes aegypti වැනි මදුරුවන් තුළ වෛරස  යළි පිටපත් නිර්මාණය කිරීම බැක්ටීරියාව මගින් දුෂ්කර කරනු ලැබේ.  මෙහි ප්‍රතිඵලය වන්නේ Wolbachia බැක්ටීරියාව සහිත මදුරුවන් ලේ උරා බීම සඳහා මිනිසුන්ට දෂ්ට කළත් හානිකර වෛරස මිනිසුන්ට පැතිරීම වැලකීමට හැකිවීමයි. මෙම ක්‍රමෝපාය හානිකර මදුරුවන්, හිංසාවකින් තොරවුන් බවට පත්කිරීමට ආධාර වන බව සින්කින්ස් පෙන්වාදෙයි. මෙම ක්‍රමෝපාය හානිකර මදුරුවන්, හිංසාවකින් තොරවුන් බවට පත්කිරීමට ආධාර වන බව සින්කින්ස් පෙන්වාදෙයි. මෙම ක්‍රමෝපාය හානිකර මදුරුවන්, හිංසාවකින් තොරවුන් බවට පත්කිරීමට ආධාර වන බව සින්කින්ස් පෙන්වාදෙයි. මෙවැනිම තවත් උපක්‍රමයක් වන්නේ, සිය ජනිතයන් ජීවත්වීම වළක්වාලන අන්දමට ජාන වෙනස් කළ(genetically modified) මදුරුවන් මුදා හැරීමය.

ඒත් ඉතින්, ගැටළු සහගත විශේෂයන් ඉලක්ක කරගැනීමට අපොහොසත් වේ නම් සිදුවන්නේ කුමක් ද? ‍තෝරා ගත් විශේෂ කෙරෙහි අවඪ්ධානය යොමුකිරීම අවසානයේ  සාධ්‍ය  එමෙන්ම පිරිවැය-ඵලදායී විසඳුමක් විය හැකි නමුත් “මෙය කෙතරම් දුරට ශක්‍යතාවකින් යුත් කාර්යක් දැයි නිගමනය කිරීම පිණිස තවදුරටත් පර්යේෂණ රාශියක් සිදු කලයුතු බව” සින්කින්ස් පෙන්වා දෙයි. මෙවැනි ප්‍රයත්නයක දී ඒ ඒ මහාද්වීපය ගැන වෙන වෙනම අවධානය යොමු කල යුතු බව ඔහු සඳහන් කරන්නේ “අප්‍රිකාවේ, ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ මැලැරියාව පතුරුවනු ලබන්නේ විවිධ මදුරුවන් විසින්” වීම නිසයි.

ඉතින් ඔය වෙනුවට අප මදුරුවන් සමූලඝාතනයට පියවර ගත හොත් කුමක් සිදුවේ  ද? එහි ඵලවිපාක කෙබඳු විය හැකිද? මේවාට දිය හැකි සරල උත්තරය වන්නේ “අපට හරියටම කියන්න අපහසුයි” යන්නය. “පරිසරය මත එවැන්නක බලපෑම කුමක් දැයි අප තවම දන්නේ නැහැ. සාක්ෂි හරිම විරලයි” යනුවෙන් ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ වසංගත රෝග විශේෂඥ සහ කීට විද්‍යාඥ ‍තෝමස් චර්ඡර් පවසයි. හෙතෙම මදුරුවන් විනාශ කිරීමේ හොඳම ක්‍රමය ගැන කරුණු හදාරන්නෙකි.

කෙසේවෙතත්, මදුරුවන්  යනු වවුලන්, පක්ෂීන්, මත්ස්‍යයන්, සහ බත් කූරන්(dragonflies) වැනි සතුන් ඇතුළු අනේක වූ සතුනට ආහාර මූලයක් වන හෙයින් අඩුම තරමින් කෙටි කාලයේ දී හෝ යම් පාරිසරක ගැටළු හට ගත හැක. මදුරුවන් ආහාරයට ගන්නා සතුනට ඉතා අවම වශයෙන් වත් ඔවුන්ගේ ආහාර රටාව යම් ආකාරයකින්  වෙනස් කිරීමට සිදු වෙනු අත.

කෙසේවෙතත්, මැලේරියා සහ අනෙකුත් රෝග සම්ප්‍රේෂණය කරන සෑම මදුරුවෙකුම විනාශ කර දැමිය හැකි නම්, එම ප්‍රයත්නයේ දී මනුෂ්‍යයන්ට හානිකර නොවන මදුරු විශේෂ ඇතුළු සකල  මදුරු වර්ගයාම සම්මූල ඝාතනය වෙන්නේ වී නමුදු, එවැනි අදහසකට තම සහාය පල කරන බව සින්කින්ස් සහ චර්ඡර් යන දෙදෙනාම කියා සිටිති.

මදුරුවන් නොමැති ලොවක් ගැන සිහින මැවිම ප්‍රසාද ජනක කටයුත්තකි. මෙවැනි ප්‍රපංචයකට මුහුණ දුන් රටක් ලොව ඇත:  1826 දී විදේශ නැවකින් Culex quinquefasciatus මදුරු විශේෂය හඳුන්වාදෙනු ලබන තුරු හවායි කොදෙව් ‍රැස මදුරුවන් ගෙන් තොර වූ බව Hawaii Invasive Species කවුන්සිලය කියයි.  එහෙත්, අද  ඇන්ටාක්ටිකාව සහ අයිස්ලනතය හැර සෙසු රටවල යහතින් වැජඹෙති. එවැනි රටවල මදුරුවන් සියල්ල වනසා දැමුවහොත් යම් ආකාරයක පාරිසරික ප්‍රශ්න උද්ගත විය හැකිය. ” මදුරු විශේෂ බොහොමයක් පාරිසරික ආහාර ජාලයෙහි වැදගත් කොටසක් වන අතර මනුෂ්‍යයින්ට කිසිදු හානියක් ගෙන නො එන්නේය” යනුවෙන් චැඡර් කියයි.

 හැබැයි ඉතින් මදුරුවන් ගෙන් තොර ලෝකයක ජීවත් වීම ඔබේ අරමුණ නම් ඉතින් යොමු විය යුත්තේ අයිස්ලන්තය වැනි තැනකටයි. හැබැයි ඉතින් මදුරු උවදුරෙන් බේරීමට එහෙ යනවා නම් මදුරුවො නැතත් හිම වලසුන් ගැන සැලකිල්ල යොමු කිරීමට සිදුවේවි!

Live Science(Life’s little mysteries) හී පළවන Should we kill every mosquito on Earth? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.