අමරණීයත්වය හෙවත් සදහටම ජීවත්වීමේ හැකියාව ගැන මිථ්‍යාව සෑම කාලයක දීම ඉස්මතුවෙනවා. ඒත් national Geographic සමුද්‍ර ජීව විද්‍යාඥයෝ සොයාගෙන තියනවා අමාරණීයත්වයට නෑකම් කිව හැකි සත්වයෙක් ඉන්නවා කියලා: ලොඩියන් (ජල්ලි වැනි සිරුරක් ඇති මුහුදු සීලෝමාන්ත‍්‍ර-ධරයෙක්). ලොඩියා කියනවාට වඩා අප බොහෝදෙනෙකු දන්නේ ඒ සතුන්ට ඉංග්‍රීසියෙන් ඔවුන් හඳුන්වනු ලබන jellyfish කියන නමිනුයි. ඔවුන් විනිවිද පෙණෙන සිරුරකින් යුතු ඉතා කුඩා සමුද්‍ර ජීවී විශේෂයක්.


මොවුන් කවුරුන් ද?
‘අමරණීය ජෙලිෆිෂ් ‘ යනුවෙන් මොවුන්ට නිල නොවන නාමයක් ඇතත්, නිල නාමය හෙවත් විද්‍යාත්මක නාමය වන්නේ Turritopsis nutricula යන්නයි(කලින් එයTurritopsis dohrnii විය)
වැඩිහිටි පිරිමි Turritopsis dohrnii , සිය ශුක්‍ර ධාතු සාගර ජලයෙහි වැගුරූ විට ඉන් සමහරක් අවසානයේ Turritopsis dohrnii ගැහැණු සතුන් තුළ තැන්පත්වෙනවා. මේවායින් තමයි යුක්තාණු(fertilized eggs) නිරමාණයවන්නේ. ප්ලනූලා{Planula) කියන නමින් හඳුන්වනු ලබන නිදැල්ලේ පිහිණන ඉතා කුඩා කීටයන් බවට හැරෙනවා.
කලකට පසුව ඒ පිහිණීම අතහැර ප්ලනූලා මුහුදූ පත්ල වෙත කිමිද එහි ඇති පාෂාණයකට යා වෙන අතර ඉන් අනතුරුව ඔවුන්, ඔවූන්ගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් කර බෙහෙවින් බෙදීගිය ස්තම්භ බුහුබාවන් ස්තම්භ බවට පත්වෙනවා. ඔන්න දින කිහිපයකට පසුව ස්වරූපයේ තවත් වෙනස් කමක් ඇතිවෙනවා. බුහුබා තුඩුවලින් (හරහට මිමි 1ක් පමණ වන) ඉතාමත් කුඩා ලොඬියන් ‘හටගෙන’ සාගර ජලය හරහා පාවෙනවා. සති 2කේ සිට 4ක කාලයකින් පසුව ඔවුන් ලිංගිකව පරිණතගැහුණු හෝ පිරිමි සතුන් බවට පත්වෙනවා. එවිට ඔවුන් සිය විනිවිද පෙනෙන සිරුර හරහා පැහැදිලිව දැකගත හැකි දීප්තිමත් රතු උදරයක් සහිත මිමි 5ක් පමණ සතෙක් බවට පත්වී හමාරයි. ඔවුන් ප්ලවාංග(plankton), ඉතා කුඩා මෘද්වංගියන්(molluscs), කීටයන් සහ මත්ස්‍ය බිත්තර ආහාරයට ආහාරයට ගනී.


මොවුන්ට සදහටම ජීවත්වෙනවා ද?
මේකට පිළිතුරු වශයෙන් කිව හැක්කේ T. dohrnii ලොඬියන් වෙනත් විශාල සතුන්ගේ ආහාරය බවට පත්විය හැකි නිසා ඔවුන් සැබවින්ම අමර්ණීය යයි කියන්න බැහැ. එහෙමවුනා වුණත් T. dohrnii ශාරීරිකව යම් ප්‍රහාරයකට ලක්වුණහම, එහෙම නැතිනම් සාගින්නේ සිටින්නට වූ විට, නැතහොත් යම් ආකාරයක් පාරිසාරික පීඩනයකට ලක් වූ විට ඔවුන් මිය යාම වෙනුවට, මුලින්ම කුඩා බිඳුවක් බවට පත්වෙයි. ඉන් පසුව දින 3ක් ඇතුලත ඔවුන් නැවත් බුහුබා අවඪ්ධියට පිවිසෙයි. එවිට ඔවුන් පාෂාණයක ඇලුණු තවත් බුහුබා කොලනියක් වෙනවා. එම බුහුබා මුලින් සිටි ලොඬියාට ප්‍රවේණි විදයාත්මකව එක සමානයි — එත් දැන් වෙනස් ආකාරයට ඇසුරමකින් සැරසිලා පමණයි.
ඉතින් අර මුල් ලොඬියා මැරිලා ගියා ද?
එහෙමයි කියලාම කියන්න බැහැ.
මෙහෙම අහමු: අර මුල් ලොඬියා අඛණ්ඩව එකම ශරීරය තුළ දිගටම ජීවත්වෙනවා ද? නැහැ. ඒක හරියට සමනලයෙකු මිය යනවා වෙනුවට ආපසු දළඹුවෙකු එහෙමත් නැතිනම් වයස්ගත කිකිළියක් ආපසු බිත්තරයක් බවට හැරෙනවා ආකාරයේ වැඩක්. ඉතින් තාක්ෂණිකව සලකතොත්, එය වඩත් සමානවන බවක් පෙණෙන්නේ ‘පුනර්ජනනය’ටයි(“Regeneration”). ඒත් අමරණියත්වයට අප දන්නා ආසන්නම අවස්ථාව එයයි. ඒ විතරක් නොවෙයි, T. dohrnii එය ඉටු කරගන්නා අන්දම ගෑන අපට වඩාත් හොඳ අවබෝධයක් ලැබුණු විට අපට එය මනුෂ්‍යයන් සඳහා වන වෛද්‍ය විද්‍යාවට එක් කර ගන්න පුළුවන් වේවි.
National Geographic Kidsහී පළවන IMMORTAL JELLYFISH! යන ලිපිය ඇසුරෙනි