පෘථිවියට ඔබ්බෙන් ජීවය සෙවීම

Posted by

පෘථිවියට ඔබ්බෙන් ජීවය සෙවීම

මේ මහා විශ්වය තුල  අපේ ග්‍රහලෝකයේ හැරෙන්නට වෙනත් කොයිබ හෝ පර සක්වල ජීවය පවතින්නේය යන සීතුවිල්ල හැමදාමත් අප වශී කොට ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත.  ඹේ සිතුවිල්ල නැතිනම් අදහස විද්‍යා ප්‍රබන්ධ කතා රාශියකට උල්පතක් වී ඇති අතර ඒවායේ වපසරිය සීමා වන්නේ අපේ පරිකල්පනය මගින්ම පමණකි . ඉමක් තෙරක් නැති මේ සුවිසල් අභ්‍යවකාශයෙහි හෝ එහෙම නැතිනම් අනෙකුත් ග්‍රහලෝකවල හෝ ඒවායේ චන්ද්‍රයන් මත හෝ වෙනත් ජීවීන්ට පැවතිය හැකි ද? එසේම අපේ ග්‍රහ ලෝකයෙන් බාහිරව බුද්ධිමත් ජීව ස්වරූප ඇත් ද? නැතහොත් අපට බාගදා හමුවෙන්න අවස්ථාව තියෙන්නේ වඩාත් සරල ජීව ස්වරූප ද?

පරසක්වලවාසීන් සියල්ල කොයිබ ද?

අපේ මන්දාකිණිය වන ක්ෂීර පථය තුළ ඇති බිලියන ගණන් තාරකා අතරේ අපේ සූර්යා එක් තාරකාවක් පමණයි. පසු ගිය වසර කිහිපය තුළ විද්‍යාඥයෝ වෙනත් තාරකා වටා ගමන් කරන ග්‍රහ ලෝක දහස් ගණනක් සොයා ගැනීමට සමත්ව සිටිති.  ඒ අනුව  පෙණී යන්නේ බොහෝ තාරකා සතුව ග්‍රහලෝක පද්ධති ඇති බවයි.; එමෙන්ම  ක්ෂීර පථය මන්දාකිණිය සහ ඉන් ඔබ්බේ බුද්ධිමත් ජීවීන් පැවතිය හැකි වාසයෝග්‍ය වීශාල සංඛ්‍යාවක් තිබිය හැකි බවයි. එලෙස, ඒවායේ  බුද්ධිමත් ශිෂ්ඨාචාර පවතීන්නේ නම් ඊන් සමහරක වාසීන් අන්තර්ෂ්ෂ්ෂ් සංචාරණ ක්‍රම පවා වර්ධනය කරගෙන තිබෙනවා වෙන්නට පුළුවන්.

පෘථිවියෙන් බාහිරව බුද්ධිමත් ජීව ස්වරූප ඇත් ද? නැතහොත් අපට බාගදා හමුවෙන්න අවස්ථාව තියෙන්නේ වඩාත් සරල ජීව ස්වරූප ද?

එහෙත් පෘථිවිය වෙත බුද්ධිමත් පරසක්වල ජීවියෙකු (මෙතෙක්?) පය ගසා නැත. අපේ ග්‍රහලෝකයෙන්  පිටත ජීවය පැවැතීමේ හැකියාව එවැනි ජීවයක් පවතින බවට සාක්ෂි නොමැතිකම පිළිබඳ පරස්පරය හඳුන්වනු ලබන්නේ ෆර්මි විරුද්ධාභාසය(Fermi Paradox). විරුද්ධාභාසය නම් කර ඇත්තේ 1950 දී මේ සංකල්පය මුලින් ගෙන ආ භෞතික විද්‍යාඥ Enrico Fermi නමිනි. මෙය තවත් ප්‍රශ්නයකට තුඩු දෙයි: කෝ එහෙනම් මේ පිටසක්වල වාසීන්?

තාරකා විද්‍යාඥ, ෆ්‍රැන්සිස් ඩ්‍රේක් කලකට පෙර, එනම් 1961 දී සමීකරණයක් වර්ධණයකරමින් පෙර කී ප්‍රශ්නය හේතුයුක්ති සේ සාධාරණණීකරණය කිරීමට ප්‍රයත්න දැරීය.  ඒ,  පරසක්වල  ශීෂ්ඨාචාරයන් සොයා ගැනීමට අදාල සියලු සාධක  සහ  මන්දාකිණිය තුළ අපේ ලෝකය සමග සංනිවේදනයේ යෙදීමට  හැකියාව තිබිය යුතු ශිෂ්ඨාචාර සංඛ්‍යාව පිළිබඳ අපට දිය හැකි තක්සේරුව  සැලකිල්ලට ගනිමිනි. අළුතෙන් තාරකා බිහිවීමේ අනුපාතය, එම අළුත් තාරකා සහ  දැනටමත් පවතින තාරකා වටා ජීවීන් නඩත්තු කිරීමට හැකි ග්‍රහ ලෝක කොපමණ ද, බුද්ධිමත් ජීවීන් පැවතිය හැකි ග්‍රහ ලෝම සංඛ්‍යාව, එම ශිෂ්ඨාචාර අතුරෙන් කීයකට අපට සොයා ගත හැකි තාක්ෂණය තිබිය හැකි ද, ඔවුන් පෘථිවියෙහි ඉන්නා අප සමග සමග සංනිවේදනයට ඉඩ තිබේ ද ආදී කරුණු එමගින් සැලකිල්ලට ගැනිණ.

ඩ්‍රේක් සමීකරණය

පාර භෞම(මේ ලෝකයෙන් එපිට – extraterrestrial ) බුද්ධිමත් ජීවීන් සෙවීම

ක්‍රමවත් ආකාරයකට ‘පාර භෞම ජීවය සෙවීම’ (search for extraterrestrial intelligence (SETI) විද්‍යාඥයන් සහ රේඩියෝ තාරකාවිද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ ඇත. SETI Institute සහ SETI League ඇතුළු අන්තර්ජාතික සංවිධාන  ගණනාවක්, (මේ ලෝකයෙන් එපිට) බුද්ධිමය ජීවීන් විසින් ජනනය කරණු ලබන්නට ඇති සංඥා සොයා ගණු පිණිස රේඩියෝ ටෙලස්කෝප යොදා ගනී.

මේ ලෝකයේ වඩාත් බලගතූම රේඩියෝ ටෙලස්කෝප තුණ( එනම්, අමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජීනීයා හී ග්‍රීන් බෑන්ක් රේඩියෝ ටෙලසකෝපය; පිවුට රීචෝ හී අරෙසිබො(Arecibo) රේඩියෝ ටෙලසකෝපය; සහ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හී පාර්කේස්(Parkes) රේඩියෝ ටෙලසකෝපය)  භාවීතයට ගත් ඵීනික්ස් ව්‍යපෘතිය(Project Phoenix) SETI Institute මගීන් 1995 දී ආරම්භ කරනු ලැබීය. එහි ආරම්භක අදියරයේ දී Project Phoenix භාවිතයට ගත්තේ Parkes ටෙලස් කෝපයයි. ඒ ආලෝක වර්ෂ 155ක් තරම් ඈත පිහිටි සූර්යයා හා සමාන තාරකා 202කින් එන සංඥා සෙවීමටයී. ව්‍යාපෘතියේ  අවසානය වන විට Project Phoenix පර සක්වල ජීවය සෙවීම පිණිස  මුළු වශයෙන් “ළඟ පාත”(ආලෝක වර්ෂ 2400ක් දක්වා ඈත) තාරකා 800ක් පරිලෝකනය කර හමාරවී  තිබුණි. ව්‍යාපෘතිය මගින් යම් අන්තරීක්ෂ හෙවත් කොස්මික ඝෝෂාවන් නැතිනම් ශබ්ද සොයා ගනු ලැබුව ද, ඒ එකක්වත් පරසක්වල ජීවීන්ට ආරෝපණය කළ නොහැකිය.

Radio telescopes, such as the CSIRO Parkes radio telescope, contribute to the search for extraterrestrial life. Image adapted from: Steve

පෘථිවියෙන් බාහිරව පාරභෞම බුද්ධිමත් ජීව ස්වරූප සෙවීමේ කාර්යට මේ කාලයේ ඕනෑම අයෙකුට සිය පෞද්ගලික පරිගණකය හරහා සම්බන්ධ විය හැකිය. විශ්ලේෂණයට ලක් කළ හැකි රේඩියෝ දත්ත ප්‍රමාණය වැඩි කර ගනු වස් පොදු ජනතාවගේ පරිගණක භාවිතයට කටයුතු කරමින් සිටින කැලිෆෝනියා විශ්ව විදයාලය මගින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතියකි SETI@home.

මානව ගවේෂක කණ්ඩායම් අඟහරු ග්‍රහයා වෙත යැවීම ගැන ප්‍රබෝධයක්, උනන්දුවක් ඉස්මතු වී ඇතත්. එම රතු ග්ර්හයාගෙන ඔබ්බට සිදු කෙරෙන මෙහෙයුම් මේ අවස්ථාවේ බොහෝ දුරකට ප්‍රායෝගික හැකියාවෙන් හීනය. මන්ද අදාල දුර සහ ගමන් කිරීමට ගතවන කාලය අතිශය වීශාල වීමයි.  පෘථිවියට ඔබ්බෙන්  වූ ජීවය සොයා සිදුකෙරෙන ගවේෂණ සියල්ල උදෙසා මූලික වශයෙන් සිදුකිරීමට සිදුවන්නේ, රොබෝටික ගවේෂණ යානා යොදා ගනිමිනි.

මානව ගවේෂක කණ්ඩායම් අඟහරු ග්‍රහයා වෙත යැවීම ගැන ප්‍රබෝධයක්, උනන්දුවක් මේ අවස්ථාවේ ඉස්මතු වී ඇතත්. එම රතු ග්ර්හයා ගෙන් ඔබ්බට සිදු කෙරෙන මෙහෙයුම් මේ අවස්ථාවේ බොහෝ දුරකට ප්‍රායෝගික හැකියාවෙන් හීනය. මන්ද අදාල දුර සහ ගමන් කිරීමට ගතවන කාලය අතිශය වීශාල වීමයි.  පෘථිවියට ඔබ්බෙන්  වූ ජීවය සොයා සිදුකෙරෙන ගවේෂණ සියල්ල  මූලික වශයෙන් සිදුකිරීමට සිදුවන්නේ, රොබෝටික ගවේෂණ යානා යොදා ගනිමිනි. මේ යානා හා ඒවායේ සවිකර ඇති උපකරනවලට විශාල තොරතුරු සම්භාරයක් සැපයිය හැකි අතර ප්ලූටො තරම් ඈතක සමහරවිට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති අවකාශ පවා ගවේෂණය කිරීමේ හැකියාවෙන් යුක්තය. එහෙත් සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ජීවය සලකතොත් සමීපවම ඇති තාරකා පවා ආලෝක වර්ෂ ගණනාවක් ඈතය. විද්‍යුත්චුම්භක තරංග(ඒවා සියල්ල ආලෝකයේ වේගයෙන් ගමන් කරයි)  හරහා සිදුකෙරෙන සංනිවේදනය පවා ඉඳුරාම ඒකදිශා පණිවුඩවේ.

අපේ ග්‍රහ ලෝකයට නුදුරින් බුද්ධිමත් ජීව විශේෂ බාගදා සොයා ගැනීමට අප අපොහොසත් වුවත්, අපට සමහරවිට ඊට අඩු සරල ජීව ස්වරූප සොයා ගැනීමට හැකිවන්න පුළුවනි. ඉතින් , අප වාගේ අසල්වැසියන් පෘථිවියට ඔබ්බෙහි සිටින්නේද? ඊට පිළිතුරු සපයනු ලබිය හැක්කේ කාලය විසිනි — එතෙක් දිගටම ගවේෂණ සිදුවේ.

Australian Academy of Science වෙබ් අඩවියෙහී පළවන යන The search for life beyond Earth ලිපිය අසුරෙනි

This article was adapted from Academy website content and reviewed by the following expert: Professor Malcolm Walter AM FAA Australian Centre for Astrobiology, School of Biological Earth and Environmental Sciences, UNSW Sydney

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.