කොවිඩ් සීමා කිරීම්, ලක්ෂ ගණන් ජනතාව අතරේ ඩෙංඟු වලක්වාලීමට උපකාරීවේ.
Covid-19 ගෝලීය මහා වසංගතය පැතිරීමත් සමග ඉන් ගැලවීම සඳහා ලෝකයේ රටවල් ජනතාව මත පැණවූ සීමා කිරීම් පසුගිය වසරේ දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩෙංඟු උවදුරට ගොදුරුවීම වළක්ව ගැනීමට සමත්වී ඇත.
Covid-19 ව්‍යාප්තිය නතර කර ගනු වස් අනුගමනය කෙරුණු පියවර, 2020 වසරේ දී ලතින් අමරිකාවේ සහ අග්නිදිග ආසියාවේ අනපේක්ෂිත ප්‍රතිඵල හෙන ඒමට සමත් වී තිබේ: ලක්ෂ ගණන් ජනතාව අතරේ ඩෙංඟු වෛරස ආසාදනය වළක්වා ඇතැයි මේ මාසයේ The Lancet හි පළවන අධ්‍යන වාර්තාවක් දක්වයි. සෑම වසරකම වඩ වඩාත් ජනතාවාඅසාදනයට ලක් කරන මාරාන්තික නිවර්තන කලාපීය රෝගයක් වන ඩෙංඟුවලට එරෙහිව සටන් වැදීම පිණිස වන නව උපාය මාර්ග සඳහා හෝඩුවාවල් ද මෙම පර්යේෂණයෙන් සැපයේ.

මදුරුවන් මාර්ගයෙන් බෝවෙන ඩෙංඟු ආසාදන බොහෝ කලාප පුරා 2020 අප්‍රියෙල් සිට සැලකිය යුතු පහල වැටීමක් පෙන්වන බව අධ්‍යයනය දක්වයි; ගෝලීය වසංගතයේ මුල් අවුරුද්දේ දී සංචලන මත පනවනු ලැබූ සීමාකිරීම් හේතුවෙන් ගෝලීය වශයෙන් ඩෙංඟු රෝගීන් 720,000ක අඩුවක් ඇති වී තිබෙතැයි පර්යේෂකයෝ ගණන් බලති.
“කොවිඩ් සීමා කිරීම් තුළින් ඇත්තවශයෙන්ම බලාපොරොත්තු නොවන ශුද්ධ ප්‍රතිලාභ අපට දැක ගන්නට ලැබුණා. ඒවා අනාගතයේ දී වඩාත් හොඳින් ඩෙංඟුවලට එරෙහීව සටන් කිරීමට අපට පිහිට වේවි” යයි ලන්ඩනයේ සවස්ථතා සහ නිවර්තන වෛ ද්‍ය විද්‍යා පාසලේ(London School of Hygiene and Tropical Medicine ) වසංගත වේදී ඔලිවර් බ්‍රැඩි පවසයි. හෙතෙම මෙම අධයනයෙහි ප්‍රධාන කතෘ ද වෙයි.
ලොව පුරා මිලියන 5කට අධික පිරිසක් 2019 දී ඩෙංඟු ආසාදනය වූහ. “කොඳු කඩන උණ” හැටීයට ඩෙංඟු හඳුන්වනු ලබන්නේ එමගින් අස්ථි සන්ධිවල සහ මාංශ පේශීවල ඇතිවන දැඩි වේදනාව හේතුවෙනි.
වෛද්‍ය බ්‍රඩි පවසන්නේ තමන් සහ බෝවෙන රෝග පිළිබඳ අනෙකුත් පර්යේෂකයන් ගෝලීය වසංගතයෙහි මුල් අවධියේ ව්‍යසනයක් පිළිබඳව බියෙන් පසු වූයේ සම්පත් Covid-19 වෙත හැරවීම සහ නද්හුරු මර්ධනයට බෙහෙත් ඉසීම වැනි රෝග පාලන පියවර කඩාකප්පල්වීම හේතුවෙනි. ඩෙංඟු සිද්ධිවල දවැන්ත පහල යාම පර්යේෂකයන් පුදුමුකරවන්නක් වුවත් ඔවුන්ගේ සතුටට කාරණාවක්ම විය. එපමණක් නොව එලෙස වූයේ ඇයිද යන්න තෝරා බේරා ගැනීම ගැන ඔවුන් උනන්දු කරවන්නත් හේතුභූත විය.
ඩෙංඟු සිද්ධිවල දවැන්ත පහල යාම පර්යේෂකයන් පුදුමුකරවන්නක් වුවත් ඔවුන්ගේ සතුටට කාරණාවක්ම විය. එපමණක් නොව එලෙස වූයේ ඇයිද යන්න තෝරා බේරා ගැනීම ගැන ඔවුන් උනන්දු කරවන්නත් හේතුභූත විය. ඔවුහු,පාරිසරික විපර්යාසයන් සහ මහජන සෞඛ්‍ය නියෝජිතායතන ඩෙංඟු උණ ගැන වාර්තා කිරීම් පහළ යාම ඇතුළුව විභවයක් සහිත අනෙකුත් සාධක එකින් එක ඉවත් කළහ. එවිට ඉතිරි වූ ඒත්තු ගත හැකි සාධකය වූයේ ජනතාව එහා මෙහා යාම (කොවිඩ් සීමා පැනවීම් නිසා) ඉතා දැඩිව අවහිරවීම යන සාධකය පමනකි.

විශේෂයෙන්ම, පාසල් වසාදැමීම ඩෙංඟු සිද්ධි අඩු කිරීමෙහි ලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇති බවක් පෙණී යයි. ප්‍රධාන ඩෙංඟු වාහකයා වන Aedes aegypti දිවා කල ආහාර බුදින්නන්ය. මදුරු තෙල් ඉසීම සහ මදුරුවන් බෝවෙන, ජලය බැසනොයන තැන් සෙවීම ආදිය ඔස්සේ මදුරු මර්දන වැඩ සටහන් බොහොමයක් අවධානය යොමු කරන්නේ ජනතාවගේ නීවාස කෙරෙහිය. ඒ, රෝග සම්ප්‍රේෂණය වන්නේ නිවෙස් තුළ දීය යන උප්කල්පනය උඩය. “එහෙත්, මදුරු උවදුර බල පෑමේ අවදානම ඇත්තටම තිබෙන්නේ නීවෙස්වල නම්, සහ මදුරුවන් දෂ්ට කරන්නේ හුදෙක් නිවෙස් වල දී පමනක් නම් (කොවිඩ් වසංගත සමයේ) නිවෙස්වල රැඳී සිටින්නැයි ලබාදුන් නියෝග හේතුවෙන් අවදානම් ඉහල යා යුතුය — එහෙත් බොහෝ රටවල අපට එවැන්නක් තවමත් කොහොමටවත්ම දැක ගත නොහකි වීය.” යයි වෛද්‍ය බ්‍රැඩී කියා සිටියි.

නිවසේ රැඳී සිටින ලෙසට දී ඇති නියෝග තවදුරටත් පවත්වාගෙන යා යුතු යයි පර්යේෂකයන් කොහෙත්ම කියා සිට්න්නේ නැත.එහෙත් වසංගත සමයේ ඇතිවූ අතිවිශේෂ තත්වයන් අනපේක්ෂිත අන්තර් ඥානයකට මග පාදා ඇත. සිය අධ්‍යනයෙන් හැඟවෙන්නේ මදුරුවන් දෂ්ටකිරීම පාසල් තුළ හෝ වැඩබිමේ, කාර්යාලයේ දී සිදුවිය හැකි බැවින් මදෘ උවදුර පාලනය කිරීමේ වැඩසටහන් පොදු ස්ථාන කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය බ්‍රැඩී පෙන්වාදෙයි. කොවිඩ් වසංගත සමයේ ඩෙංඟු අඩුවන්නට තවත් හේතුවාක් ඇත: ආසාදීත වන්නෝ නිවසේ රැඳී සීටීමේ නියෝග නිසා පිටත නොයතී. එහෙයින් මදුරුවෙකු එම පුද්ගලායාට අලුතෙන් දෂ්ට කර වෛර්සය අන් අයට බෝ කිරීමේ අවස්ථාව අඩුවේ.
ඩෙංඟු පැතිරීම පිළිබඳ මෙම නව සොයාගැනීම්, මදුරුවන්ගෙන් බෝවෙන ශිකා සහ චිකුන්ගුන්යා වැනි අදාල වෛරස රෝග වලටද අදාල වෙතැයි පෙණී යා හැකි බව අධ්‍යනය අදහස් කරයි. එහෙත් ඉක්මණින්ම ලැබෙතැයි අපේක්ෂිත 2021 වර්ෂය සඳහා වූ ඩෙංඟු දත්ත සහ පශ්චාත් ගෝලීය වසංගත දත්ත අප වෙත නරක ආරංචි රැගෙන ආ හැකි බවට වෛද්‍ය බ්‍රැඩී අනතුරු හඟවයි: රෝග කාරකයන් පාලනය කිරීමේ වැඩසටහන් (කොවිඩ් හේතුවෙන්) අඩපණ වී ඇත්නමාසාදන අනුපාතය පූර්ව කොවිඩ් වස්ංගත මට්ටමට හෝ ඊටත් වඩා නරක තත්වයක් කරා යාහැකි අතර (වසංගත හේතුවෙන්) රෝගය ආසාදනය වූයෙඋ අඩු පිරිසක් නිසා ප්‍රතිශක්ති මට්ටම් ද පහල වැටෙන්නට ඉඩ ඇත.
The New York Times හී පළ වූ Covid restrictions prevented dengue in hundreds of thousands of people in 2020 යන ලිපිය ඇසුරෙනි