කාලය කවදා හෝ නතර වෙනවා ද?

Posted by

කාලය කවදා හෝ නතර වෙනවා ද?

අපට කාලය ගතවීම පෙන්වන්න අපෙ ගෙවල්වල තියෙන් ඔරලෝසු පිහිට වෙනවා. හැබැයි අපි දන්නවා ඔරලෝසු සමහරක් වෙලාවට නවතිනවා. එහෙම ඔරලෝසු නතරවුණාට කලය දිගටම ගෙවී යනවා. ඉතින් සමහරක් වෙලාවට ඔරලෝසු නවතිනවා වාගේ කවදා හෝ කාලය නතර වේද?

කාලය නතරවෙනවා කියන එක ගැන කතා කරන්න කලින් කාලය පටන් ගත්තු හැටි සලකා බලමු. කාලය පටන් ගත්තේ විශ්වය පටන් ගන්නකොටමයි. ඉතින් විශ්වය අවසන් වෙන්නේ නම් ඒ වගේම අවසන් වෙන්නේ කොහොමද යන්න යන්න අනුව කාලයද කවදා හෝ නතරවේ ද යන්න තීරණය වේවි. විද්‍යාඥයන් වන අප අදහස් කරන්නේ විශ්වය ආරම්භ වුණේ අපරිමිත  ලෙස කුඩා අවකාශයක තද කොට තිබීයදීය. විද්‍යාඥයින්ට තවමත් තෙරුම් ගනීමට නොහැකි හේතුවක් නිසාවෙන්, විශ්වය කZණිකව ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. එන්ට එනටම ප්‍රසාරණය. විශ්වයේ ආරම්භය පිළිබඳ  මේ අදහස හෙවත් ‘ආකෘතිය’ හඳුන්වනු ලබන්නේ  ‘මහා පිපිරුම'(Big Bang) හැටියටයි. 1998දී විද්‍යාඥයන් දැනගත්තා විශ්වය වේගයෙන්, වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියලා. ඒත් මෙහෙම වෙන්නෙ ඇයිද යන්න අප තාම දන්නේ නැහැ.

අඥාත ශක්තිය

එය බාගදා අභ්‍යවකාශ රික්තයේ ශක්තියට සම්බන්ධ දෙයක් විය හැකිය. එය එක්තරා ආකාරයක ශක්ති ක්ෂේත්‍රයක් ද වන්නට පුළුවන්. නො එසේ නම් එය එක්තරා සම්පූර්ණයෙන්ම අළුත්  භෞතික ස්වරූපයක් විය හැකියි. මෙසේ අපේ නොදැනුවත්කම නැතහොත් අනවබෝධය සංකේත කරනු පිණිස අපි මේ නව සංසිද්ධිය “අඥාත ශක්තිය” යනුවෙන් හඳුන්වන්නෙමු. අඥාත ශක්තිය හරිහැටි තේරුම් ගැනීමට අප තවමත් උත්සාහ දරමින් සිටින නමුත්, විශ්වය කවදා හෝ අවසන් විය හැකි විවිධ ආකාර පූර්ව කථනය කර්ණු පිණිස අපට එය(අඥාත ශක්තිය) දැනටමත් යොදා ගත හැකියි.

Dark Energy

අඥාත ශක්තිය එතරම් ප්‍රබල නැතිනම් අපරිමිත ප්‍රමානයකට විශ්වය විශාල වීම සඳහා අනන්ත ප්‍රමානයක කාලයක් ගතවෙනවා ඇති. අනන්ත කියන්නේ කවරදාකවත් අවසන් නොවන බවයි. ඉතින් මේ අවස්ථාවේ ඉන් අදහස් කරන්නේ කාලය කිසිදා අවසන් නොවෙනවා කියන එකයි. එහෙම වුණාට, අඥාත ශක්තිය ඉතාමත් ප්‍රබල නම් එය විශ්වය කෙතරම් නම් වේගයෙන් ප්‍රසාරණය කරන්නේ ද කිවහොත් — එකක් නෑර පවතින සෑම සියලු දෙයකම තැනුම් ඒකක වන ඉතාමත් කුඩා පරමාණු පවා අතුළුව විශ්වයෙහි ඇති සියල්ල ඉරා පලා දමනු ඇති. මෙකී මහා ඉරීම(Big Rip) කියන තත්වයේ දී විශ්වය සදා කාලිකව ප්‍රසාරණය වන්නේ නැත.

ඒ වෙනුවට එය කාලයේ කිසියම් සුවිශේෂී මොහොතක අපිරිමිත වීශාල ප්‍රමානයක් දක්වා එළඹෙන තුරු ප්‍රසාරණය වනු ඇත.  විශ්වය අපරිමිත ලෙස විශාල වූ එමෙන්ම සියලු පදාර්ථ පළුකර දමා අවසන් වූ එම මොහොත අවසාන මොහොත වනු ඇති. විශ්වය තවදුරටත් නොපවතින තින අතර කාලය ද අවසානයකට ළඟාවේ.

විශ්වය අවසන් විය හැකි තවත් මගක් ද ඇත. එය හඳුන්වනු ලබන්නේ මහා හැකිළීම හෙවත් මහා සංකෝචනය (Big Crunch) ලෙසටය.  මේ තත්වයේ දී විශවය ප්‍රසාරණය වීම එක් මොහොතක නතා වී නැවතත් හැකිලෙන්නට පටන්ගනී.(විශ්වය ප්‍රසාරණය වන්නට පටන් ගත්තේ එලෙස අපරිමිත ලෙස හැකිළී තිබූ අවස්ථාවක සිට යයි කියලා අපි කලින් සඳහන් කළා මතකයි නේ?).

මහා ඉපිලීම

සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මහා සංකෝචනය විශ්වයේ අවසානය නොව එහි පැවැත්මේ මධ්‍යයය හෙවත් මැදි තැන විය හැකි බවයි. මේ සිතන ආකාරය අනුව විශ්හ්වය්ය ආරමභ වන්න්ංඒ අපරිමිත ලෙස විශාල ප්‍රමණයෙන්. අනතුරුව, එය අපිරිමීත දිගු කාලයක් තිස්සේ සංකෝචනය වන්නේ විය හැකි කුඩාතම ප්‍රමානය දක්වා හැකිළෙන පරිදිය. ඉතින් එම තත්වයට පැමිණියාට පසුව මහා පිපුරුමක් ඇතිවී විශ්වය ප්‍රසාරණය වන්නට පටන් ගන්නවා.

මහා ඉපිලීමේ(Big Bounce) ආකෘතිය යටතේ සලකා බලන විට සංකෝචනය විය හැකි කුඩාම අවකාශය දක්වා විශ්වය සංකෝචනය වීමට පෙර ඇති අපරිමිත කාල ප්‍රමාණයක් සහ ඉන් අනතුරුව එය(විශ්වය) ප්‍රසාරණයවීමේ අපරිමිත කාල ප්‍රමාණයක් තිබෙනවා. කාලය යන්නට ආරම්භයක් හෝ අවසානයක් නැත. සමහරක් මහා පිපුරුම් ආකෘතිවල විශ්වය ඉපිලෙන්නේ එක් වරක් පමණයි. එසේම,  ඒ පිළිබඳ අනෙකුත් ආකෘතිවලට අනුව එය(විශ්වය) අපරිමිත වාර ගනනක් දිගටම හැකිළෙමින් දිග හැරෙමින් නොනවත්වා වාදනය වන අකෝඩියනයක්(accordion) වගේ නිරන්තරයෙන්  ප්‍රසාරණය වෙනවා සහ සංකෝචනය වෙනවා.

මේ අවස්ථා නැතිනම් ආකෘති සියල්ල අප හට පෙන්නුම් කරන්නේ විය හැක්කේ කුමක්ද යන්න මිස සිදුවන සත්‍යම දේ නොවෙයි. එක් උදාහරණයක් පමනක් දක්වතොත්, අඥාත ශක්තිය කියන්නේ කුමක් දැයි තේරුම් බේරුම් කර ගැනීම අපට තවමත් අවශ්‍ය වෙනවා. මිටත් වඩා වැදගත්වන්නේ විශ්වය ක්‍රියා කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳ අපගේ වර්තමාන දැනුම නිවැරදි ද යන්න  සහතික කර කිව නොහැකියි. විශ්වය ක්‍රියා කරන ආකාරය පිළිබඳ වඩාත් හොඳ න්‍යායක් බාගවිට තවත් වසර 100ක් යද්දී එහෙම නැතිනම් තව සති දෙකක් ගතවෙද්දී යම් අයෙකු(සමහරවිට ඒ ඔබ වෙන්න බැරිද?) ඉදිරි පත් කරන්න පුළුවනි. අන්න එතකොට අපට සමහරවිට දැනගන්න පුළුවන් වේවි කාලය කිසියම් දවසක නිමාවට පත්වෙනවාද කියා. ඉන් අනතුරුව, නව න්‍යායෙන් කාලය පිළිබඳ සම්පූර්නයෙන්ම පාහේ වෙනස් සංකලපයක් හෝ කාලය යන්න සම්පූර්ණයෙන්ම අත්හැර දාන්නට අපට හැකි වෙන්න පුළුවනි.

Curious Kids(The Conversation) හී පළ වූ will time ever stop? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.