“වැඩේ හරියයි ද?”  අසාර්ථකවීමට ඇති බිය: පරාජ්‍යතා භීතිකාව

Posted by

“වැඩේ හරියයි ද?”  අසාර්ථකවීමට ඇති බිය: පරාජ්‍යතා භීතිකාව

යමක් කිරීමට යාමේදී, විශේෂයෙන්මාළුතෙන් යමකට සූදානම් වීමේ දි අප බොහො දෙනෙකුට වැඩේ හරි යාවිද යන බිය ඇතිවීම ස්වභාවිකයි. නව ව්‍යාපාරයක් ආරම්භ වීම වේවා, යමක් ඉ‍ටුකර ගැනීම පිණිස යමෙකු මුන ගැසීමට යාමේ දී වේවා, ඉඩමක්, නිවසක් මිළට ගැනීමට අදහස් කරගෙන සිටින  විට වේවා, සම්මුඛ පරීක්ෂණයකට මුහුන දීමට පිටත් වීමේ දී වේවා ” “වැඩේ හරියයි ද?” යන ප්‍රශ්නය අදාල පුද්ගලයාට හෝ ආශ්‍රිතයන්ගේ සිතට නැගේ. විශේෂයෙන්ම, ප්‍රතිඵලය බෙහෙවින් වැදගත් නම් සැකය, බිය තව, තවත් වැඩිවෙයි. කෙසේවෙතත්, atychiphobia හෙවත් පරාජ්‍යතා භීතිකාව යනු එම සුලබ බිය නොවේ. පරාජ්‍යතා භීතිකාව යන්නෙන් කියැවෙන්නේ පුද්ගලයෙකුගේ දෛනික ජීවිතය ගෙවද්දී කටයුතු කිරීම අසාර්ථක වේ දැයි දැනෙන සීමාන්තික භීතිය යයි.

පරාජ්‍යතා භීතිකාව වෛද්‍ය විද්‍යාවේ ඉතා සුවිශේෂී ලෙස නිර්ණය කරනු ලබන රෝගයක් නොවේ. ඒ වෙනුවට,  කෙනෙකු  සුවිශේෂී භීතිකාවකින් පෙළෙන්නේය යනුවෙන් වෛද්‍යවරු රෝග නිරණය කළ හැකිය. යම් සුවිශේෂී උත්තේජකයක් මගින් හට ගන්වනු ලබන අතිශය බිය. අනෙකුත් සුවිශේෂී භීතිකාවන්  අතර මකුළුවන්ට ඇති බිය(arachnophobia මකුළු බීතිකාව), ඇවුරුණු තැන්වල සිටීමට ඇති අහේතුක බිය( ආවෘති භීතිය) දැක්විය හැකිය.

අසාර්ථක වීම පිළිබඳ භීතිය,  අවශ්‍යයෙන්ම සිදු කළයුතු කාර්යය්න් කෙනෙකු පමා කිරීම හෙවත් කල් දැමීම(procrastination) වැනි අනූපකාරී හෙවත් පිහිටක් නොවන චර්යාවන් හා සම්බන්ධය. යමෙකුට තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමෙහි ලා  මේ ආකාරයෙන් පරාජ්‍යතා භීතිකාව කෙනෙකුට තවත් දුෂ්කර කරයි. මේ ලිපියන් අප අදහස් කරන්නේ පරාජ්‍යතා භීතිකාව වඩාත් විස්තරාත්මකව විමසා බැලීමට මෙන්ම  සාමානය භීතිකා තත්වයක් ද නැද්ද යන්න හඳුනාගන්නේ කෙලෙස ද යන්න  ‍තෝරා බේරා ගැනීමටයි.

අසාර්ථක්වීම ගැන භීතිකාව කියන්නේ කුමක් ද?

යමෙකුට සිය සැලැස්ම, ව්‍යපෘතිය, හෝ ඉලක්කය සාර්ථක නොවනු ඇතැයි කනස්සල්ලෙන්, දුකින් සිටියි නම් එම තැනැත්තා හට  අසාර්ථකවීමට බියක් ඇතිවේ. බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම දැඩි පීඩනයක් යටතේ ජීවත්වන හෝ වැඩකරන මෙවැනි බිය ඇතිවේ. අසාර්ථක නොවන බව තහවුරු කර ගනු වස් අසාර්ථකවීම පිළිබඳ බිය මගින් ධනාත්මක පියවර ගැනීම පිණිස එක්තරා දුරකට පුද්ගලයින් අභිප්‍රේරණය කරනු ලැබිය හැක.

කෙසේවෙතත්,  අසාර්ථක්වීම ගැන බිය, යහපත් තීරණ ගැනීම අපහසු කිරීමට ද පුළුවන. නිදසුනක් වශයෙන් දක්වන්නේ නම් 2020 අධයනයකින් හෙළි වූයේ අසාර්ථකවීම පිළිබඳව සිසුන්ගේ බිය සහ කාර්යයන් කල්දැමීමට ඇති ඔවුන්ගේ නැඹුරුව අතර සහසම්බන්ධයක් ඇති බවයි.

අසාර්ථක වීම පිළිබඳ බියක්, සීමාන්තික සහ අවස්ථාවට සමානුපාතික නොවන කල් හී එය භීතිකාවක්(a phobia) බවට පත්වේ. එවන් භීතිකාවක් සඳහා යෙදෙන තාක්ෂණික  පදය පරාජ්‍යතා භීතිකාව(atychiphobia) යන්නයි. එහෙත් නිල රෝග විනිශ්චවය යටතට එය නොගැනෙන අතර එය වැටෙන්නේ “සුවිශේෂී භීතිකාව”(“specific phobia” ) යන පුළුල් පදය යටතටය.

පරාජ්‍යතා භීතිකාවේ සංඥා සහ සළකුණු

අසාර්ථක වීම පිළිබඳ බියක් සහිත පුද්ගලයින් මානසික ආතතිය(ක්ලමථය stress) හෝ  විය හැකි අනතුරක්, අපහසුවක් පිළිබඳ සිතුවිල්ල හෙවත් කාංසාව (anxiety) යන රෝග ලක්ෂණ අත් විඳිනවා විය හැකියි. මෙකී රෝග ලක්ෂණ අතර:

වඩාත් වේගවත් හෘද ස්පන්දන වේග අනුපාතයක්

වඩාත් වේගවත්, නොගැඹුරු හුස්ම ගැනීම

ඩාදිය දැමීම

මාංශපේශී ආතතිය

පුද්ගලයෙකු සුවිශේෂී භීතිකාවක් ගැන රෝග  විනිශ්චය පිළිබඳ සංජානනාත්මක නිර්ණායක සපුරා ලන්නේ එම බියට:

සුවිශේෂී පූරකයක්(trigger) ඇතිවිට

බිය සැමවිටම හටගන්නේ එම පූරකය අභිමුඛ වූ විටයි

පූරකය මගහරින්නට (ඉහත කී බිය) සලස්වන විට හෝ දැඩි කාංසාවකින් යුතුව එය(පූරකය)  දරා සිටීමට සලස්වන විට.

සමාජ අවස්ථා, වැඩ කරද්දී, සහ ජීවිතයේ අනෙකුත් අවස්ථාවල දී යමෙකු ක්‍රියා කරන ආකාරයට අකුල් හෙලෙන විට

6 මාසයක් හෝ වැඩි කලක් පවතින් වෙනත් මානසික සෞඛ්‍ය හේතුවක් නිසාවෙන් (බිය) ඇතිවන්නට ඉඩ නැති විට

සාමාන්‍ය බිය මොකක්ද, එමෙන්ම සාමාන්‍ය බිය නොවන්නේ මොකක් ද?

වෙනස් වෙනස් අවස්ථා බොහොමයක දී අසාර්ථකවීම පිළිබඳ බිය හටගැනීම  ඉතා සුලබයි. ඒ වාගේම සමාජයේ බොහො දෙනෙක් වරින් වර එය අත් දකිති. විශේෂයෙන්ම, අසාර්ථකවීම හේතුවෙන් අත්වන පාඩුව ඉහල නම් හෝ සාර්ථකතවයෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ලැබේ නම් හෝ අසාර්ථකවීම පිළිබඳ බිය සුලබය. මෙ නිසාවෙන් තමන්ට ඇත්තෙ සාමාන්‍ය බියක්ද? නැතිනම් සැබවින්ම භීතිකාවක් ද? යන්න තීරණය කර ගැනීම සමහරුනට දුෂ්කර විය හැකිය.

පරාජ්‍යතා භීතිකාව හට ගැනීමට හේතු

 මේ භීතිකාව හටගන්නේ ඇයිද ඒ වගේම එය සමහරුනට නොමැතිව එක්තරා පිරිසකට පමණක් බලපාන්නේ ඇයි දැයි යන්න සම්පූර්නයෙන් වටහා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී නැත. පරාජ්‍යතා භීතිකාව පිළිබඳ අවදානම වර්ධනය කළ හැකි හේතු සමහරක් මතු දැක්වේ.

පසුගිය අත්දැකීම්: අතීතයේ දී දැඩි සිත් වේදනාවට හා අසහනයට ලක් කළ අසාර්ථකවීමකට පුද්ගලයෙකු මුහුණ පා ඇත් නම් තමන්ට අනාගතයේ ද එවැනි ක‍ටුක අත් දැකීමකට මුහුණ පෑමට සිදු වෙතැයි බියක් එවැනි අය තුළ වර්ධනය විය හැකිය.

උගැන්වීමේ ශෛලීන්: උගැන්වීමෙහි ලා ඇතැම් ප්‍රවේශයන් බිය වර්ධනය කිරීමට දායක වියහැක. මේ බව පෙන්වීමට 2019 අධ්‍යනයක් නිදසුන් ලෙස දක්විය හැක. දැඩි පාලනයකට යටත්ව මලල ක්‍රීඩකයන් පුහුණු කිරීම අසාර්ථකවීම හා නිශ්චිතව සහ සම්බන්ධයක් දැක් වූ අතර ස්වාධීනත්ව චර්යා දිරිමත් කළ පුහුණු කිරීමේ රටාව එසේ නොවීය.

ආදර්ශනය: මෙයින් දැක්වෙන්නේ අන්‍යයන්ගේ චර්යා වෙනත් අයද අනුගනය කිරීමට පෙළඹීමයි. නිදසුනක් ගමු. මව් පියන් හෝ තමන් අවට වෙනත් අය මකුළුවන් සම්බන්ධයෙන් අනියත බියක් දක්ව්මින් හැසිරේ නම් එය දරුවෙකු තුළ මකුළු භීතිකාව වර්ධනය වීමට මග පෑදීමට පුළුවන. අසාර්ථකවීම සම්බන්ධයෙන් ගත් කල මෙය මේ ආකාරයටම අනාගතයේ දී දරුවා තුළ පරාජ්‍යතා භීතිකාව හට ගැන්වීමට බලපෑමේ හැකියාවක් හෙවත් විභවයක් තිබේ.

ආත්ම විශ්වාසය මද බව: චීනයේ  උපාධි අපේක්ෂකයින් දහසකට අධික පිරිසක් යොදාගෙන 2018 දී සිදු කළ අධ්‍යනයකින් හෙළිවූයේ හෙළි වූයේ (අසාර්ථක වෙතැයි) බියෙන් වැඩ කල දමන්නන් අතර බොහෝ විට පරාජ්‍යතා භීතිකාව හට ගැනීම වැඩි විය හැකි බවයි.

භීතිකා සඳහා ප්‍රතිකාරකිරිම්

සුවිශේෂී භ්හිතිකා සඳහා  ප්‍රතිකාර කිරීමේ දී අවධානය යොමුවන්නේ තමන් බිය දක්වන කාරනාව අමුත්තක් නැති දෙයක් ලෙස දැකීමට පුද්ගලයාව යොමු කිරීමයි. මෙය පරාජ්‍යතා භීතිකාවෙන් පෙළෙන කෙනෙකු සම්බන්ධයෙන් ගත් විට අසාර්ථකත්වයම හෝ තරඟකාරිත්වය හෝ වැඩ කරන ස්ථානයේ පීඩනය වැනි අසාර්ථක වෙතැයි බියක් හට ගන්වන තත්වයන් හෝ අවස්ථාවන් වීමට පුළුවන.

ප්‍රතිකාර ක්‍රමය සාමාන්‍යයෙන් චිකිත්සාවක ස්වරූපය ගනී. කෙනෙකු ප්‍රතිකාර ලබද්දී ,රෝග ලක්ෂණ පාලනය කිරීමෙහි  ලා ඖෂධ උපකාරී විය හැකිය. කෙසේ වෙතත්, භීතිකාව ඇතිවන මූලයට ඖෂධ ප්‍රතිකාරයක් වන්නේ නැත.

බොහෝ පුද්ගලයෝ භීතිකා ප්‍රතිකාරයන්ට හොඳින් ප්‍රතිචාර දක්වති. චිකිත්සකයෙකුට රෝගය විනිශ්චය කර ගත යුතු ප්‍රවේශයන් නිර්දේශ කළ හැක.  අසාර්ථකවීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති බිය හෝ භීතිකාව ඉගෙන ගැනීමට, වැඩකිරීමට, සමාජයේ හැසිරීමට හෝ තමන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට තමන්ට ඇති හැකියාව කෙරෙහි බලපෑමක් ඇතැයි පුද්ගලයෙකුට වැටහේ නම් එම අය මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු විමසීම වටී.

Medical News Today හී පලවන What to know about atychiphobia යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.