කොවිඩ් තර්ජනය දැන් පහව ගොසින් ද?
නැවුම් පුවත් එක්වෙද්දී කොවිඩ් ගෝලීය වසංගතය සිරස්තල අතරින් ගිලිහී ගොස් ඇත. ඒත් කවුරු මොනවා කීවත් කොරෝනා වෛරසය ලොවටම තවමත් තර්ජනකි. එමෙන්ම ආරක්ෂක පියවර නොගත හොත් තව කල් එම තර්ජනය පවතිනු ඇත.

Covid-19 ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය(World Health Organization –WHO) මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ දනට වසර දෙකක් ඉකුත්වී ඇත. ලෝක සමාජය ඊට ප්‍රතිචාර දක්වා තිබේ. ජීවිත යළි පටන් ගෙන ඇත. ලෝක අවධානය දැන්, යුක්‍රේන අර්බුදය හෝ ඒ ඒ රටවල අභ්‍යන්ත්තර දැවෙන ප්‍රශ්න ගැන යොමු වී තිබීම තේරුම් ගත හැකිය. අප බොහොදෙනෙකුට දැන් කොවිඩ් අනතුර ගැන එතරම් වගක් නැති ගානය. අප සැමගේම පැතුම වන්නේ ද එය මේ මිහිපිටින් තුරන්ව ගොස් ඇත යන්නය. ඒ කාරණාව සම්බන්ධ කිසිවෙකුටත් දොස් පැවරිය යුතු ද නැත. එහෙත්, WHO අධ්‍යක්ෂ-ජනරාල් මාර්තු මස මැදට්විටර් පනිවුඩයක් මගින් කියා සිටින්නේ ගෝලී වසංගතය නිමාවීමට “තව කල් ගතවනු ඇත” යනුවෙනි.
සීමා කිරීම් ඉවත් කෙරෙද්දී සිද්ධි සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. ඔබ මෙන්ම ඔබ හා කතාවට වැටෙන නෑ හිතවතුන්, සගයින් ද නැවත කොවිඩ් හිස එසවීම ගැන පුදුමයට පත්වෙති. රටක් ලෙස එංගලන්තය ගතහොත් එහි නිරිත දිග රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම දැනටමත් ඔමික්‍රොන් රැල්ලේ උච්ච අවස්ථාවට වඩා වැඩිය. ගිණිකොනත් ඉක්මණින්ම එලෙස වෙනු ඇත.මේ සිද්ධි හා රෝහල් ගත කිරීම ඉහලයාම් ගෝලීය වසංගතයේ අනාගතය සම්බන්ධයෙන් ඇති වන බලපෑම තේරුම් ගැනීමට නම් අප යොමු විය යුත්තේ ඒවාට හේතු මොනවාදැයි සොයා බැලීමය. මේ තත්ත්වය, රෝගය එක් එක් ප්‍රදේශ වලට සීම වීම දක්වා යන ගමන් මගෙහි නෙරුමක් හෙවත් ගොඩැල්ලක් ද් නෝසේනම් මේ ගනන් හිලව දක්වන්නේ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය පද්ධතියට තර්ජන එල්ල කරන තවත් නව රැල්ලක ආරම්භයද?

මෙලෙස අප ඉහල යාම් දකින්නේ මන්දැයි පැහැදිලි කළ හැකි එකිනෙකට දෙවැනි නොවන උපකල්පන ගනණාවක් ඇත. ප්‍රතිශක්තිය හීනවීයාම, රෝග පරීක්ෂාවන්ගේ විපර්යාසයන්, රෝග ශමනය සැහැල්ලුවෙන් ගැනීම, චර්යාමය වෙනස්කම්, නව ප්‍රභේදයක ආගමනය, හෝ මේවයේ එකතුවක් වන්නටද පුළුවන. තිබෙන දත්ත දෙස වඩාත් සැලකිල්ලෙන් බලන විට මේවායින් කිහිපයක් ඉවතලන්නට අපට හැකිය. මේ ඉහළයාම බූස්ටර මාත්‍රාවේ ප්‍රතිශක්තිය හීනව යාම හේතුවෙන් නොවන්නට ද පුළුවන. බූස්ටර එන්නත් ලබාදුන්නේ එක් වයස් කනායමකට පසු තවත් වයස් කණ්ඩායමකට වශයෙනි. එසේ නම් සිද්ධි හා රෝහල් ගතකිරීම් වැඩිවීම් අපට අපේක්ෂා කල හැක්කේ බූස්ටර් එන්නත් මුලින්ම ලබාදුන් වයස් ගත කණ්ඩායම් අතරය. එහෙත් එහෙම නොවී විවිධ වයස් කණ්ඩායම් අතරේ දළ වශයෙන් එක්ම කාල වකවානුවල වැඩිවීම් හට ගත්තේය. මීටත් අමතරව,මීටත් අමතරව, එක්සත් ජනපද ජාතික සංඛ්‍යාලේඛනඥ ප්‍රතිදේහ සමීක්ෂණය සඳහා වූ කාර්යාලය එරට වැඩිහිටි ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක්(95%) තවදුරටත් කොවිඩ් ප්‍රතිදේහ දරන බව දක්වයි.

මෙලෙස අප ඉහල යාම් දකින්නේ මන්දැයි පැහැදිලි කළ හැකි එකිනෙකට දෙවැනි නොවන උපකල්පන ගනණාවක් ඇත. ප්‍රතිශක්තිය හීනවීයාම, රෝග පරීක්ෂාවන්ගේ විපර්යාසයන්, රෝග ශමනය සැහැල්ලුවෙන් ගැනීම, චර්යාමය වෙනස්කම්, නව ප්‍රභේදයක ආගමනය, හෝ මේවයේ එකතුවක් වන්නටද පුළුවන. තිබෙන දත්ත දෙස වඩාත් සැලකිල්ලෙන් බලන විට මේවායින් කිහිපයක් ඉවතලන්නට අපට හැකිය. මේ ඉහළයාම බූස්ටර මාත්‍රාවේ ප්‍රතිශක්තිය හීනව යාම හේතුවෙන් නොවන්නට ද පුළුවන. බූස්ටර එන්නත් ලබාදුන්නේ එක් වයස් කනායමකට පසු තවත් වයස් කණ්ඩායමකට වශයෙනි. එසේ නම් සිද්ධි හා රෝහල් ගතකිරීම් වැඩිවීම් අපට අපේක්ෂා කල හැක්කේ බූස්ටර් එන්නත් මුලින්ම ලබාදුන් වයස් ගත කණ්ඩායම් අතරය. එහෙත් එහෙම නොවී විවිධ වයස් කණ්ඩායම් අතරේ දළ වශයෙන් එක්ම කාල වකවානුවල වැඩිවීම් හට ගත්තේය. මීටත් අමතරව, එක්සත් ජනපද ජාතික සංඛ්‍යාලේඛනඥ ප්‍රතිදේහ සමීක්ෂණය සඳහා වූ කාර්යාලය එරට වැඩිහිටි ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක්(95%) තවදුරටත් කොවිඩ් ප්‍රතිදේහ දරන බව දක්වයි.

ඒ කියන්නේ කාරනාව ප්‍රතිශක්තිය හීනවීමම නොවෙයි යන්නයි. එසේ නම් එය ඔමික්‍රොන් ප්‍රභේදයේ BA2 උප මාදිලිය ද?මේ උප මාදිලිය මෑතක එක්සත් රාජධානියේ ප්‍රමුඛ විචලකය පත්ව ඇත. වඩාත් සම්ප්‍රේෂන හැකියාවකින් යුත් මේ මාදිලිය ඉදිරියට පැමිණීම, අද අප දකින සිද්ධි සහ රෝහල් ගත කිරීම් වැඩිවීමට දායක වූවා විය හැකියි. ඉතින් ඒ වගේම ජනවාරියේ ප්‍රංශයේ දී සොයා ගනු ලබූ ඩෙල්ටක්‍රොන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන විචලකය ගැන ද සඳහන් කළ යුතුය. ඒ හා සමාන කමක් පෙනෙන විචලක නෙදර්ලන්තයෙන් සහ ඩෙන්මාකයෙන් ද හමුවිය. ඩෙල්ටක්‍රොන් මේ දැන්මම එක්සත් රාජධානියේ සිද්ධි හා රෝහල් ගතකිරීම් ඉහල යාමට එතරම් බලපෑමක් නොකළත් ඉදිරි මාසවල දී සැලකිය යුතු කර්යයක් ඉටු කරණු ඇතැයි සැක කෙරේ. එයින් හැඟෙන්නේ ඩෙල්ටක්‍රොන් යනු අහඹු ලෙසම පැමින අහඹු ලෙසම නැතිවී යන්නක් නොවීමට ඉඩ ඇති බවයි.
කෙසේවෙතත්, සංඛ්‍යා ඉහළයාම් සඳහා වඩාත් හොඳින් පෙණෙන පැහැදිලි කිරිම වන්නේ, ස්වයංහුදකලාවීම ඇතුළුව ඉතිරි සියලු ශමන පියවර ඉවත් කිරීමට එක්සත් රාජධානියේ අගමැති කාර්යාලය ගත්තීරණයයි. මෙය නිසැකවම තව් තවත් සිද්ධි සහ රෝහල්ගත කිරීම් වලට තුඩුදෙන්නට ඇති අතර, පහුගිය කාලයේ අප අත්දුටු යහපත් ප්‍රවණතා අනික් අතට හැරවීමේ හැකියාවෙන්ද යුක්තයි. සෑම පළාත්වලම මෙන්ම සෑම වයස් කාණ්ඩ අතරද සිද්ධි සහ රෝහල් ගතකිරීම් ඉහළ යන්නට පටන් ගෙන තිබේ. මින් පහදිලිවන්නේ කොවිඩ් එරෙහි සටනේ අප ලද ජයග්‍රහන බාල කරන්නට සීමාකිරීම් ඉවත්කිරීම හේතුවෙන් ජනතාව අතර ඇතිවූ චර්යාමය වෙනස්කම් මූලික සාධකයක් වන්නට ඇති බවයි.
සමහරවිට පැහැදිලිකිරීමට අපහසු කාරණාවක් විය හැක්කේ, සිද්ධි ඉහළ යාමත් සමගම හෝ ඇතැම්විට ඊටත් මදක් පෙර සිටම වාගේ රෝහල් ගතකිරීම ඉහළ යන්නට පටන් ගත්තේ මන්දැයි යන්නය. පුද්ගලයින් පරීක්ෂාකිරීමෙන් අනතුරුව වෛරසය වැළඳි ඇතැයි සොයා ගැනීමේ සිට අවශ්‍ය වුවහොත් රෝහල්ගත කිරීම දක්වා සාමාන්‍යයෙන් දින හතක සිට දහය දක්වා පරතරයක් ඇත. සිදුවෙතැයි සාමාන්‍යයෙන් අපේක්ෂාකෙරෙන්නේ රෝහල්ගතකිරීම්වලට පෙර සිද්ධිවල ඉහලයාමකි.

මෑතක ඉහලයාම්වලට හේතුව කුමක් වුවද, සිද්ධි සංඛ්‍යාව වර්ධනයෙන් පසු යම් ස්ථාවර මට්ටමකට ළංවූයේ වී නමුත් සිද්ධි හා රෝහල් ගත කිරීම් වැඩිවීම් කොයි තත්ත්වයන් යටතේ වුව අසුබ ආරංචියක්මය. ආවේණිකත්වය(Endemicity) යනු ගෝලීය වසංගතය තුළ ව්‍යපහරණය කෙරුණු එමෙන්ම වැරදි අන්දමට අවබෝධකරගත් සංකල්පයන් අතුරෙන් එකකි. වසංගත සම්බන්ධයෙන් ගත් කල ඉන් දළ වශයෙන් අදහස් කෙරෙන්නේ නිරන්තර හෙවත් ස්ථායී ආසාදන මට්ටමයි. ඒත් එම මට්ටම් කොපමණ ඉහලද සහ එහි බලපෑම කෙතරම් දරුණු ද යන්න යන්න ඉන් කියැවෙන්නේ නැත. සාමානය සෙම්ප්‍රතයතාව (ප්‍රදේශවලට) ආවේණිකය; එහෙත්, මැලේරියාව ද එලෙසමය. මෙලොවින් තුරන් කර දමනතුරු වසූරියද ආවේණික විය. ආවේණික කියන්නේ මාරාන්තික නොවන්නේය යන්න නොවෙයි. අප ගෝලීය වසංගතය ශමනය කිරීමට පියවර ගැනීමට අපොහොසත් වුව හොත්, අපට දිගටම අධික රෝග බරක් දැරීමට සිදුවනු ඇත. දේශපාලඥයන් කුමක් කීවත් ගෝලීය වසංගතය තවමත් අහවර වී නොමැත. සමහරුනට කොවිඩ් උවදුර අමතක වී ඇතත්, එය අද හෙට නිම වන්නේ නැත.
The Guardian හී පළවන Covid has slipped from the headlines – but with restrictions eased, cases arerising යන ලිපිය ඇසුරෙනි