තිරසාර සංවර්ධනයට දායකවන මූලික සාධක තුන

Posted by

ජලය, ආහාර සහ බලශක්තිය

තිරසාර සංවර්ධනය සඳහා ජලය ,ආහාර සහ බලශක්තිය  අතරසම්බන්ධතාවය කේන්ද්රීය වේ. මේ තුනම සඳහා ඉල්ලුම, ගෝලීය ජනගහනය ඉහළ යාම, වේගවත් නාගරීකරණය, වෙනස්වන ආහාර වර්ග හා රටා  මෙන්ම ආර්ථික වර්ධනය යන කරුණු තුනෙහි ප්‍රේරණය මගින් වැඩි වෙමින් පවතී. ලෝකයේ මිරිදිය මූලයන්ගේ විශාලතම පාරිභෝගිකයා කෘෂිකර්මාන්තය වන අතර ගෝලීය වශයෙන් භාවිතා කරන බලශක්තියෙන් හතරෙන් එකකට වැඩි ප්රමාණයක් ආහාර නිෂ්පාදනය හා සැපයුම සඳහා වැය කෙරේ.

මෙම තීරණාත්මක වසම් හෙවත් ක්ෂේත්‍ර අතර ඇති වෙන් කළ නොහැකි සම්බන්ධතා හේතුවෙන්  ජලය සහ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සහ ලොව පුරා තිරසාර කෘෂිකාර්මික හා බලශක්ති නිෂ්පාදනය සහතික කිරීම සඳහා යෝග්‍ය ඒකාබද්ධ ප්රවේශයක් අවශ්ය වේ.

The 'Perfect Storm Scenario' and 'Nexus Thinking' to Meet Increasing Demand  for Energy, Food & Water | Water energy, Perfect storm, Energy

ඉහළ යන ඉල්ලුම

ජලය යනු පිරිමැසුම්දායක ලෙස වැඩි පිරිසකට සැපයිය යුතු සහ භාවිතයන් බොහොමයක් සඳහා යොදා ගැනීමට ඇති  සීමිත සම්පතකි. එබැවින් සෑම කෙනෙකුටම විශ්වාසදායක ලෙස  සපයා ගැනීම සහතික කිරීම, මානව පැවැත්මට සහ තිරසාර  ප්‍රගතියට අත්‍යවශ්ය වේ.

ජල සම්පත්  මත ඇති ඉල්ලුමෙ වඩාත් පුළුල් වන විට, බලශක්ති හා ආහාර අංශ ජලය මත රඳා පැවතීම සහ තිරසාර සංවර්ධන අරමුණු කිහිපයකට මෙම වසම්  තුනම යටත් වන්නේය යන්නෙන් අදහස් කරන්නේ, වසම් තුනේම තීරණ ගන්නා උදවිය  ඔවුන්ගේ ප්රතිපත්තියේ හා භාවිතයේ කොටසක් ලෙස දැන් වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නේ ජල සම්පත් කළමනාකරණය, පරිසර පද්ධති  ආරක්ෂාව සහ ජල සැපයුම සහ සනීපාරක්ෂාව කෙරෙහිය යන්නය.

බලශක්ති සම්මිශ්‍රණය

තවමත් ගෝලීය බලශක්ති සම්මිශ්රණයේ (සෑම රටක්ම , එහි බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා  එයට ලබා ගත හැකි ශක්ති වර්ග වෙනස් අනුපාතයකින් භාවිතා කරයි. මෙය අපි බලශක්ති සම්මිශ්‍රණය ලෙස හඳුන්වමු)  ප්රමුඛ හා වර්ධනය වන කොටසක් වන පොසිල ඉන්ධන නිෂ්පාදනය  මෙන්ම ජෛව බලශක්ති නිෂ්පාදනය සහ ශල්ක ගෑස් (shale gas)නිස්සාරණය කිරීම හෝ ‘සෙවීම’  පිණිස අධිකව ජලය වැයවේ.   ජල ඉල්ලුම වෙත  සැලකිය යුතු බලපෑමක් කිරීමට පෙර ජල විදුලිය හා සුළඟ වැනි අඩුතිව්‍රතා ජල  පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් අවශ්ය වේ. උදාහරණයක් ලෙස, දේශගුණය මත රඳා පැවැත්මක් නැති සමපතක් වන  ලෙස දිගු කාලයක් තුළ ප්‍රයෝජනයට ගත හකි  භූතාපජ ශක්තිය නිෂ්පාදනයේ දී හරිත වායු නිපදවීමක් නැත්තටම නැතිතරම් වන අතර ජල පරිබෝජනයෙන් තොරය.

කෘෂිකාර්මික කාර්යක්ෂමතාව

කෘෂිකර්මාන්තය , වැඩියෙන්ම ජලය භාවිතා කරනා අංශය ලෙස මෙම සියවස මැද භාගය දක්වාම පවතිනු ඇතැයි  සැලකේ.  සාමාන්යයෙන් ජෛව ඉන්ධන වෙත යොමුවීම සාධණීය පියවරක් වන නමුත්, ඒවා නිෂ්පාදනයට පොසිල ඉන්ධන තරම් ජලය වැය වනවා විය  හැකිය.  ආහාර සම්බන්ධයෙන් ගත් කල,  ජනගහන ව්යාප්තිය සමගම ඉල්ලුමේ පරිමාව වැඩිවෙමින් පවතීන  අතර  බොහෝ රටවල ආදායම වැඩි වන විට, ප්‍රධාන වශයෙන්  පිෂ් ඨය  පදනම් කරගත් ආහාර වෙනුවට (නිෂ්පාදනය සඳහා ජලය අධිකව අවෂ්‍යවන) මස් හා කිරි සඳහා ඉල්ලුම  එන්ට එන්ටම වැඩි වීම පිළිබඳ   සංඥාවක්  අපට පෙනේ

සමස්ත කෘෂි ආහාර දාමය තුල, ජල සැපයුම්කරුවන් විසින් සපයනු ලබන තොරතුරු  මත පදනම් වූ සුනිශ්චිත වාරිමාගය(precision irrigation) වැනි නව තාක්ෂනය  වර්ධනයවීම ජලය හා බලශක්තිය ඉතිරි කර ගැනීමට් උපකාරී විය හැකිය. එමඟින්. උපරිම ප්රතිලාභ ලබා ගත හැකි අයුරින්  ගොවීන්ට ඔවුන්ගේ පද්ධතිවල ආයෝජනය කිරීමට පෙළඹවිය හැකි වනු ඇත.

නගරවලට සේවය සැලසීම

ලෝකයේ වේගයෙන් වර්ධනය වන නගර බොහොමයක් ඇත්තේ අඩු ආදායම්ලාභී රටවලය. නාගරික ව්යාප්තිය   සහ ජලය සහ බලශක්ති ඉල්ලුම කෙරෙහි  බලපෑම සීමාකිරීම වෙනුවෙන් සැලසුම් කිරීම සහ පාලනය කිරීම පිණිස  ඒවායේ   බලධාරීන්ට සහ උපයෝගිතා අංශවලට ඇත්තේ  සීමිත ධාරිතාවකි.  පරිභෝජනය අඩු කළ හැකි අතර සැපයුම් වඩාත් විශ්වාසදායක  තත්ත්වයකට ගෙන ආ  හැකිය.  වැසි ජලය එක්රැස් කිරීම සහ අපජල නැවත භාවිතා කිරීම සහ සියලු ජලය බීමට යෝග්‍ය ආරක්ෂිත පානීය ප්රමිතියකට අනුකූල වන සේ පිරිපහදු කරනවාට වඩා එහි අපේක්ෂිත භාවිතය සඳහා  පමණක් සූදානම් කිරීම සඳහා ජලය පිරිපහදු කිරීම ඊට උචිත භාවිතයන් වේ.  උදාහරණයක් ලෙස අපජල වලින් ජෛව රසායනික ද්රව්ය ඉවත් කිරීම සහ ඒවා පිසීමට හෝ උණුසුම සඳහා  භාවිතා  කිරීම පොසිල ඉන්ධන  ආදේශ කිරීම සහ  අපජල පවිත්රාගාරයේ  සිදුකරන සැකසුම් ප්රමාණය අඩු කිරීමට උපකාරී වේ.

ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය සහතික කිරීම

ගෝලීය වශයෙන් ගත් කල  සෑම කෙනෙකුටම ආහාර නිෂ්පාදනය කළ හැකි  තරමට ප්‍රමාණවත් ජලය ඇති නමුත් ආහාර හා පෝෂණ අනාරක්ෂිත භාවය තවදුරටත්  පුළුල් ලෙස පවතී. තවද, මිනිසුන්ට ආරක්ෂිත ජලය හෝ සනීපාරක්ෂාව පිණිස ප්‍රවේශයක් ඇත්තේම නැති හෝ සීමිත  ප්රවේශයක් පමණක් ඇති විට පාචනය රෝග ප්‍රචලිත වීම,  ළමා මරණ අනුපාතය ඉහළයාම, මන්දපෝෂණය, සහ  ඵලදායිතාව නැතිවීමට  බලපාන ප්‍රධාන සාධකයක් වේ. 

ජල හිඟ ප්රදේශවල, කෘෂිකාර්මික නිෂ්පාදනය පවත්වා ගැනීම සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ පහල යාම් වළක්වාගැනීම පිණිස   ජල සැපයුම ආරක්ෂා කිරීම අරභයා ශක්තිමත් උපාය මාර්ග තිබිය යුතුය. භෝග වගාව තීව්රකරනයට,  පශු සම්පත් සහ මාළු නිෂ්පාදනය ඉහළ දැමීමට  ඉඩ සලසන ප්‍රවේණි විද්‍යා හා වෙනත් තාක්ෂණයන්ගේ වර්ධනයන් උපකාරී වේ.

UN water හී පළවන Water, Food and Energy  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.