කෘමි සතුන්ගේ ලෝකය

Posted by

කෘමි සතුන්ගේ ලෝකය

අප බොහෝ දෙනෙකු කෘමීන් දකින්නේ මිනිස් අපට වින කරන්නට බලාසිටින, කරදර කාර එහෙයින්ම විනාශ කර දැමිය යුතු වත්ව විශේෂයක් හැටියටයි. එසේ සිතීමට අපට යම් හේතු ද නැතුවා නොවේ. ගෙදර දොරේ අපට හමුවන මදුරුවන්, මැස්සන්, මකුණන්, මැක්කන්, කුහුඹුවන් මෙන්ම අපගේ වගාවන්ට වින කරණා විවිධාකාර පළිබෝධයන් ගැන කල්පනා වන විට නිතැතින්ම ඒ හැගීම තහවුරුවේ. එහෙත් කෘමීන් විනාශ කර දැමිය යුතු, මහා ‘එපා කරපු’ සතුන් ජාතියක්ම ද? කෘමීන්  මේ ලොව ඉ‍ටුකරන  භූමිකාව කුමක් ද? ජෛව විවිධත්වය කියන්නේ මොකක් ද? කෘමීන් ගැන කරුණු කාරනා දන්නේ නම් අප ඔවුන් ගැන හිතන ආකාරය වෙනස් විය හැකි ද? අද thathu.com ලිපියෙන්  කෘමීන් ගැන කෙටි හැඳින්වීමක් ගෙන එන්නේ කෘමීන් ගැන අප සිතන ආකාරය අපටම විමසා බැලීමට හැකිවන පරිදිය.

කීට විද්‍යාව හෙවත් කෘමි විද්‍යාව කියන්නේ කුමක් ද?

ඉංග්‍රීයෙන් Entomology යනුවෙන් දැක්වෙන කීට විද්‍යාව හෙවත් කෘමි විද්‍යාව යනු කෘමීන් ගැන විද්‍යාත්මකව කරුණු හදැරීමට හෙවත් අධ්‍යනයටයි. කෘමීන් ගැන අධයනයේ යෙදෙන සහ නිරීක්ෂණයෙ යෙදෙන, කෘමීන් එකතු කරන, හදා වඩා ගන්නා සහඔවුන් ගැන සම්පරීක්ෂණ කරන අය හඬුන්වනු ලබන්නේ කීට විදයාඥයන් ලෙසටය. කීට විදයාඥයන් විසින් ආවරණය සම්පූර්න ජීව විද්‍යාත්මක  කරනු ලබන ශික්ෂණ පරාසයට පරිණාමය, පරිසර විද්‍යාව, චර්යාවේදය, ව්‍යවච්ඡේද විද්‍යාව (anatomy), කායික විද්‍යාව, ජෛවරසායනය සහ ප්‍රවේණි විද්‍යාව ද ඇතුළත් වේ. ජීව විද්‍යාඥයන් කෘමීන් ගැන කරුණු හදාරන්නේ හේතු කිහිපයක් නිසාවෙනි: පරීක්ෂණාගරයක් තුළ අභිවර්ධනය පහසුවීම, ඉක්මණින් ගහනය වර්ධනයවීම, තනි තනි විශේෂ බොහොමයක් තිබීම වදගත් සාධකය. තවද, පෘෂ්ඨවංශියන් හා සංසන්දනයේ දී අත්හදාබැලීම් කටයුතු සඳහා කෘමීන් යොදා ගනීමපිළිබඳව අවම සදාචාරත්මක අවධනයක් තිබීම ද කැපී පෙණෙන කාරණාවකි.

නූතන කීටවිද්‍යාත්මක අධ්‍යනය ආරම්භ වූයේ 18 වෙනි සියවසේ මුලදීය. සම්භාව්‍ය සාහිත්‍යය යළි සොයා ගැනීම, හේතු ධර්ම වාදයේ පැතිරීම, සහ අන්වීක්ෂය භාවිතය ප්‍රචලිතව තිබීම, සිතන්නට නැඹුරු ධනවත් පුද්ගලයින් කෘමි අධ්‍යනයට ආකර්ෂණය කර ගැනීමට සමත් විය. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් නිදසුන්ය. අදවන විට කෘමීන් ගැන අධ්‍යනයේ යෙදෙන බොහොමයක් එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වුව ද, ලොවපුරා කෘමී විවිධත්වය පිලිබඳව නූතනයේ අප සතු දැනුමෙන් බොහොමයකට දායක වී ඇත්තේ වෘත්තිකයන් නොවන අය සහ ආධුනික කෘමී විද්‍යාඥයින්ය. “හොඳින්” දන්නා කෘමීන් ගැන පවා සුළු වෙහෙසක් වුව දරමින් ස්වභාවික ඉතිහාසය ගැන දරන විද්‍යාත්මක උනන්දුව, අපට ඔවුන්(කෘමීන්) ගැන බොහෝ දේ සොයා ගැනීමට ආධාර වනු ඇත.

බෙහෙවින් ප්‍රචලිත එහෙත්, වැරදි සංකල්පයක් වනුයේ වෘත්තීය කෘමී විද්‍යාඥයන් කෘමි පාලනය හෝ කෘමීන් විනාශ කර දැමීම ගැන අවධනය යොමු කරන්නේය යන්නය. එසේ වුවද, අනේක වූ කීට විද්‍යාත්මක අධ්‍යයන, කෘමීන්ගේ අර්ථදායී භූමිකාවන් ලේඛන ගත කර තිබේ.

ජීව ලෝකයෙහි විවිධත්වය දක්වන චිත්‍රයක්. මෙහි සත්ව හා ශාක නිරූපනය කරන්නේ දැනසිටින  සත්ව/ශාක විශේෂ සංඛ්‍යාවන්ගේ අනුපාතය අනුවය. උදාහරනයක් හැටියට අලියා, සියළු ක්ෂීරපායින් නියෝජනය කරයි; සරල වෘක්ෂය(the pine tree) සම්පූර්ණ ශාක රාජධානියයි; කුරුමිණියා සහ මැස්සා කෘමී විශේෂ සංඛ්‍යාව නියොජනය කරති. (අනුග්‍රහය: HANDBOOK OF AGRICULTURAL ENTOMOLOGY by H.F. van Emden)

කෘමී විවිධත්වය

විවිධ කෘමී වර්ග කොපමණ ඇත්දැයි ඔබ සිතන්නේ ද? මෙය පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. මන්ද සොයාගැනීමට සිටින  කෘමීන් විශේෂ බොහෝ වන නිසාවෙන් අපට කළ හැක්කේ හුදු අනුමානයක් සිදු කිරීම පමනකි. දැනට සිදු කර ඇති එක් තක්සේරුවකට අනුව අප ජීවත්වන මේ ලෝකයේ නම් කළ සජීවීන් මිලියන 1.75ක් පමනවේ. ඉන් කෘමි විශේෂම මිලියන 1.5ක් වන අතර තවත් ඒ හා සමානම සංඛ්‍යාවක් සොයා ගැනීමටත් තිබේ.

කෘමීන්ට ජය ගැනීමට නොහැකිව තිබෙන එකම වාස භූමිය මහා සාගරයයි. එසේ වුවද, වෙරළත ඉම දක්වාම ඔවුන් දැකගත හැකිවේ. කෙල්ප්(kelp) මැස්සන් මීට නිදසුන්ය. සාගරය හැරුණු කොට, කඳු ගිරිපව් තුල, ලෙන් ගුහා තුල, සතුන් ඇතුළත මෙන්ම සතුන් මත ද, ජීවත්වන ශාක මෙන්ම මියගිය ශාක මත හා තුළ ද, මහා උසක් දක්වා අහසේ ද, මහා ගැඹුරක් දක්වා ගංගා අල දොල හා විල් වලද, ඔවුන් දැක ගත හැකිය.

බිජු මත පරපෝෂිත කීට අවස්ථාව ගත කරන fairy flies වැනි බඹර විශේෂ ඉතාමත් කුඩාය. දිගින් මිමි0.2ට අඩුය; බරින් මිලිග්‍රෑම්0.004ක් පමණකි. මොවුන් කොපමන කුඩාද කීවොත්, ඉඳික‍ටු මලෙන් රිංගන්නට පවා පුළුවන් බව කියැවේ. අනෙක් අතට, අදට ජීවත්වන විශාලතම කෘමියා වන ගොලායත් කුරුමිණියා(Goliath beetle) දිගින්  හා පළලින් සෙ.මි. 12කි; බරින් ග්‍රෑම් 5ක් පමනවේ.

කෙසේ වෙතත්, කුඩා හෝ විශාල වේවා මේ සියල්ලටම මොල සහ බොහෝ සංකීර්ණ චර්යා රටා ඇත්තාහ. ඔවුන් ඇත්තටම  කුඩාකිරීමේ හෙවත් ක්ෂුද්කෘතකිරීමේ (miniaturisation) ආස්චර්යයන්ය.

මේ මිහිතලය මත මානවයන් අවතීර්ණය වන අවස්ථාවේ කෘමීන්ගේ පරිණාමිත විවිධත්වය අදට ඔවුන් අතරේ ඇති විවිධවයට වඩා බොහෝ සේ වෙනස් වන්නක් නොවේ. මානවයන්ගේ සම්භවය සාමන්‍යයෙන් මෙයට වසර 200,000කට පෙර යයි සැලකේ. එසේ වී නමුත් ඒ වනවිටත් කෘමීන් වසර මිලියන 400කට වැඩි කලක් තිස්සේ පරිණාමය වෙමින් සිට ඇත. ඒ අනුව, ඉතිහාසය තුලට මානවයාගේ ආගමනයත් සමග නිර්මාණය වූ සම්පත්, ඔවුන් පැවති විවිධත්වය මගින් ප්‍රයෝජනය ගෙන ඇත්තේ ඔවුන් සතුව ඒවනවිටත් පරිණාමය වෙමින් පවතින චර්යාවන් සහ ගුණාංග වලට වඩා බෙහෙවින් වැඩියෙන්ය.

ශාක භක්ෂක කෘමීන්, මානවයන් සම්බන්ධයෙන් කෙරෙන බලපෑම්

කෘමීන් ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුගේ මුල් ප්‍රතිචාරය වන්නේ කෘමීන් යනු අපගේ බවභෝග විනාශ කරන, අපට ලෙඩරෝග ගෙන එන අනතුරුදායක, විනාශකාරී සත්ව විශේෂයක් හැටියට සැලකීමයි. මේ මතය, කෘෂිකර්මාන්තය, උද්‍යාන විද්‍යාව(horticulture), වසංගතවේදය, කෘමි හෙවත් කීට විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී අංශ ගණනාවක් ගැන සලකා බලද්දී තහවුරුවීමට ඇති ඉඩකඩ බොහෝය.

කෙසේවෙතත්, ශාක භක්ෂණය(herbivory), එක්තරා අන්දමකට කෘමීන් අතරේ අසාමාන්‍ය පරිණාමයකි. කෘමීන් අතරේ විවිධ පරිණාමීය පෙළපත්(ගෝත්‍ර – order)) 30කට වැඩියෙන් අපට හඳුනාගත හැකිය. එහෙත් ඔවුන් අතරේ ශාකභක්ෂක විශේෂ ඇත්තේ නවයක් පමනකි. ශාක භක්ෂණය, කෘමීන්ට දැවැන්ත ප්‍රශ්න ගෙන එන්නේය. ශාක මගින් සපයනු ලබන පහළ මට්ටමක නයිට්‍රජන් සහ කාබන් ආහාර වලින් කෘමීන්ට සිය ඉහළ මට්ටමේ නයිට්‍රජන්: කාබන් අනුපාතය පවත්වාගෙන යාම අසීරු විය හැකි අතර බොහොමයකට වාසියක් සලසා ගත හැක්කේ සෙලි්‍යුලෝස් වලින් පමනකි; එය ද මිත්‍රශීලී දිලීර හෝ බක්ටීරිය ඔවුන් වෙනුවෙන් ජීරණය ඉ‍ටුකර දෙන්නේ නම් පමනකි. ශාක පත්‍ර වල මතුපිට(පෘෂ්ඨයෙහි) ඉටි ගතිය මෙන්ම ශාක දණ්ඩෙහි සිරස්තාව(කෙළින් තිබීම) ඇළීසිටිම අපහසු කරවන්නකි; විශේෂයෙන්ම, දැඩි සුළං සහ වැසි ඇති කල්හි මෙය වඩාත් තදින් දැනේ. කොහොමටත පස් මතුපිටින් පිටත විවෘත ඉසව් වල දිවි ගෙවීම, ශෝෂණය හෙවත් වියැළීමේ සහ විලෝපියනට දර්ශනයවීමේ අනතුර ද ගෙන එයි.

කෙසේවෙතත්, ශාක භක්ෂණත්වය(herbivory) සහිත කෘමීන්ගේ(ශාක භක්ෂණ කෘමීන් අතුරෙන් බොහොමයක් එක්කෝ තණ පෙත්තන්, මකුණන්, සලබයන්, මැස්සන් හෝ කුරුමිණියන්යන්ය) විවිධත්වය සාපේක්ෂව පහළ මට්ටමක තිබුණේ වී නමුත්  ඒ සුළු විවිධත්වය වුව අප කෙරෙහි ඇති කරන බලපෑම අති දැවැන්තය. කෙතෙහි වපුරන ආහාර හෝ ගබඩාකර තබාගන්නා අස්වනු ආරක්ෂාකරගනු පිණිස කෘමී පාලනය පිණිස මිනිස් අප දැඩි පරිශ්‍රමයක් දරණ බව රහසක් නොවේ. එහෙත් එම දැඩි ප්‍රයතනයන් මධ්‍යයේ වුව, අපේ අහාර වගාවෙන් සහ අස්වැන්නෙන් කෘමීන් කොපමන ප්‍රමාණයක් උදුරාගන්නේ ද කිව්වොත්, නිතර උපුටා දැක්වෙන සංඛ්‍යා ලේඛනයකින් කියැවෙන්නේ එසේ හානි නොවන්නට අපේ ආහාරය සඳහා අප වගාකරන වපසරියෙන් තුනෙන් එකක් වගාකිරීම ප්‍රමාණවත් බවයි.

තවද, ප්‍රශ්නය වන්නේ පළිබෝධයන් ආහාරයට ගන්නේ කුමක් ද හෝ කොපමණ ද යන්න පමනක් නොව කෘමීන්ට වෙනත් ආකාරවලින් — නිදසුන් ලෙස දක්වතොත්  ශාක රෝග වාහකය, ශාකයට හානිකර අන්දමින් ප්‍රතිචාර දැක්වීමට තුඩු දෙන අන්දමින් (ශාකයට) ඛේටය විදීම, මලපහකිරීමෙන් ශාකය අප්‍රවිත්‍රකිරීම ආදී වශයෙන් දැඩි හානි පැමිණවිය හැකිය. මේ අනුව ශාක භක්ෂණ කෘමීන්ගේ විවිධත්වය අඩු වුවද, ඊට පිරිමහිනු වස්  ශාක භක්ෂණ කෘමීන් සංඛ්‍යා වශයෙන් අති දැවැන්තය.

සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල ශාක භක්ෂණ කෘමි ගහනයට වඩා මාංශභක්ෂණය කෘමි ගහනය කුඩා වුවද,   මාංශභක්ෂණය සහිත කෘමි ගෝත්‍ර(Orders), ශාක භක්ෂණ කෘමි ගෝත්‍ර සංඛ්‍යාවට වඩා අතිසෙයින් වැඩිය. මාංශ භක්ෂක කෘමීන්, මානවයන් සම්බන්ධයෙන් කෙරෙන බලපෑම් ගැන අපි තවත් thathu.com ලිපියකින් සලකා බලමු. එම ලිපි සහ ඥානයේ ආනන්දය ගෙනෙන වෙනත් සරු ලිපි කියවීම සඳහා දිගටම thathu.com වෙත පිවිසෙන්න.

ආශ්‍රිත ග්‍රන්ථ

HANDBOOK OF AGRICULTURAL ENTOMOLOGY by H.F. van Emden © 2013 by John Wiley & Sons, Ltd.

THE INSECTS – An Outline Of Entomology by P.J. Gullan & P.S. Cranston Fifth edition © 2014 by John Wiley & Sons, Ltd

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.