උල්කාෂ්ම වර්ග

Posted by

උල්කාෂ්ම වර්ග

උල්කාෂ්ම(Meteorites) ප්‍රධාන වර්ග තුනකි. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ එවායේ යකඩ,නිකල ලෝහ ප්‍රමානයෙන් මෙන්ම, සෞර ග්‍රහ මන්ඩලයේ මුල් කාලය ගැන ඒවා හෙළි කරන කරුණු අනුවය.

උල්කාෂ්ම ප්‍රධාන වර්ග තුන

උල්කා(Meteor), පෘථිවි පෘෂ්ඨය වෙත පැමිණීම පිණිස වායුගෝලය පසාරු කරගෙන ආ හැකි තරම් විශාල වූ විට උල්කාෂ්ම යනුවෙන් හඳුන්වනු ලැබේ. උල්කාෂ්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.

1) යකඩ උල්කාෂ්ම (iron meteorites): මේවා මුළුමනින්ම පාහේ ලෝහයෙන් තැනී ඇත.

2) ශිලාමය යකඩ උල්කාෂ්ම (stony-iron meteorites): ලෝහ සහ සිලිකෙට කැට එක සම්මනව වාගේ ඇති උල්කාෂ්ම

3) ශිලාමය උල්කාෂ්ම (stony meteorites): වැඩිපුරම ඇත්තේ සිලිකේට ඛනිජයි

මේ එක් එක් කාණ්ඩ, ඒවායේ ඛනිජ, ව්‍යුහය සහ රසායන මත පදනම්ව තවත් බොහෝ පංති සහ වර්ග වලට බෙදිය හැකිවේ.

යකඩ උල්කාෂ්ම (iron meteorites):

යකඩ උල්කාෂ්ම බොහොමයක්, ග්‍රහංශු හෙවත් ග්‍රහක(asteroids)වල ඒවායෙ ඉතිහාසයේ මුල් අවධියේ උණුවූ හරයන් යයි කල්පනා කරනු ලැබේ. සල්ෆයිඩ් සහ කාබයිඩ් ඛනිජ සුළු ප්‍රමාන සමගින් ඒවා ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ    යකඩ-නිකල් ලෝහවලින් සමන්විතයි. සෞර ග්‍රහ මණ්ඩලයේ ඉතිහාසයේ මුල් කාලයේ විකිරණශීලී මූල ද්‍රව්‍ය වල ක්ෂයවීමේ දී ග්‍රහක බොහොමයක් උණුවී ගිය අතර ඒවායේ අඩංගු යකඩ ඝන වීම හේතුවෙන් මධ්‍යයට කිදා බැස ලෝහමය හරයක් සෑදුනේය.

උණුවූ ග්‍රහකවලින් හටගත් උල්කාෂ්ම, උණුවූ තත්ත්වයක සිට ඝන තත්ත්වයකට පත්වෙමින් ප්‍රධාන වශයෙන් රසායනික හෝ භෞතික විපර්යාසයන්ට ලක් වූ හෙයින් ඒවා විශේෂණය කළ උල්කාෂ්ම (differentiated meteorites) ලෙස හඳුන්වනු ලබයි.

සමහර අවස්ථාවල  ඒවා, සිලිකේට ප්‍රාවරනයකින් සහ කබොලකින් වටවූ  යකඩ හරයක් සහ සමකේන්ද්‍රික ස්තරවලින් සමන්විතය. මේ ආකාරයේ ව්‍යුහයන්, භෞම ග්‍රහලෝක(terrestrial planets එනම්, බුද,සිකුරු අඟහරු සහ පෘථිවිය) ව්‍යුහයන්ට බෙහෙවින්ම සමානය. මෙම භෞම ග්‍රහලෝකවලද ලෝහමය හරයන් ඇත. ග්‍රහලෝකවල  ලෝහමය හරයන් හටගත්තේ කෙසේ දැයි යන්න ගැන යකඩ උල්කාෂ්ම වලට බොහෝ දේ අපට කියා දිය හැකිය.

එහි ස්ඵටික ව්‍යුහය එළිදැක්වීමට හැකිවන පරිදි කපන ලද සහ අසිඩ්වලින් නිරේඛිත යකඩ උල්කාෂ්මයක්

යකඩ උල්කාෂ්ම ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ, Widmanstätten ස්වභාවය නමින් හඳුන්වනු ලබන කැපී පෙණෙන ස්ඵටික ව්‍යුහයක් සහිත  යකඩ-නිකල් ලෝහ මිශ්‍රනයකිනි. කලාප(Bands) සෑදෙන්නේ විචලන නැතිනම් වෙනස්වන නිකල් මට්ටම් වලිනි.  යකඩ උල්කාෂ්මයක වයනයේ සහ ඛනිජ මිශ්‍රනයේ පුළුල් පරාසයක විචලන හෙවත් වෙනස්කම් තිබිය හැකිය. ඒවා බොහෝ කාණ්ඩ සහ අනුවර්ග සාදයි.

ශිලාමය-යකඩ උල්කාෂ්ම (Stony-iron meteorites):

යකඩ-නිකල් ලෝහ සහ මහඟු සහ අර්ධ මහඟු මැණික් ගල් ඇතුළුව සිලිකෙට කනිජ එක සාමාන්ම වාගේ කොටස්වලින් ශිලාමය-යකඩ උල්කාෂ්ම  සමන්විත වේ. යකඩ-නිකල් ලෝහ සහ මහඟු සහ අර්ධ මහඟු මැණික් ගල් ඇතුළුව සිලිකෙට කනිජ එක සාමාන වාගේ කොටස්වලින් ශිලාමය-යකඩ උල්කාෂ්ම  සමන්විත වේ. ඒවා, සැලකෙන්නේ වඩාත්ම පියකරු උල්කාෂ්ම ලෙසටයි. ශිලාමය-යකඩ උල්කාෂ්ම විවිධ වර්ග දෙකකි:  pallasite  සහ mesosiderite යනුවෙනි.

ශිලාමය උල්කාෂ්ම:

හමුවන උල්කාෂ්ම බහුතරය, සිලිකේට ඛනිජ වැඩිපුරම අඩංගු ශිලාමය උල්කාෂ්මයි. ශිලාමය උල්කාෂ්ම ප්‍රධාන වර්ග දෙකකි. (සෞර ග්‍රහ මණ්ඩලයේ ආදිතම ද්‍රව්‍යන්ගෙන් සමහරක් වන) chondrites සහ (ග්‍රහක, අඟහරු සහ චන්ද්‍රායගෙන් එන උල්කාෂ්ම ඇතුළුව) achondrites. chondrites සහ achondrites යන දෙවර්ගයටම, ඒවායේසංයුතිය, ව්‍යුහය සහ ඒවායේ අඩ්ංගුවන ඛනිජ පදනම් කර ගෙන අනු කණ්ඩායම් ගණනාවක් පවතී.

Chondrites

වසර බිලියන 4.5කට වඩා පැරණි, කොන්ඩ්‍රයිට් යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ඉතාම ප්‍රාථමික සහ පෞරාණික පාෂාණවලින් කිහිපයක් වන අතර ඒවා කිසිදා උණු වී ගොස් නොමැත. කුඩා සල්ෆයිඩ් සහ යකඩ-නිකල් ලෝහ සමඟ මිශ්‍ර වූ සිලිකේට් ඛනිජ කණිකා වලින් සෑදී ඇති Chondrites වලට කැපීපෙණෙන සුවිශේෂී පෙනුමක් ඇත,  උල්කාෂ්මය පැමිණි ග්‍රහක වර්ගයට අදාළ ඛනිජ විද්‍යාවේ වෙනස්කම් සහිතව,ව් කොන්ඩ්‍රයිට් ප්‍රභේද බොහොමයක් ඇත.

Chondrites යනු සෞරග්‍රහ මණ්ඩලය සෑදුනු ද්‍රව්‍ය වේ. භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම්වලට ලක් වූ විශාල ග්‍රහලෝකවල පාෂාණ හා සසඳන විට ඒවා වෙනස් වී අත්තේ සුළු වශයෙනි. සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ ආකාරය ගැන කොන්ඩ්‍රයිට් අපට බොහෝ දේ පැවසිය හැකිය. අංගාරමය කොන්ඩ්‍රයිට්(carbonaceous chondrites) ලෙස හඳුන්වන වඩාත් මූලික වර්ග, ජලය, සල්ෆර් සහ කාබනික ද්රව්යන් ගෙන් සරුය.

Achondrites

Achondrites වලට ග්‍රහක, අඟහරු සහ චන්ද්‍රයාගේ උල්කාෂ්ම ඇතුළත් වේ. ඒවා ආග්නේයය(igneous), එනම් යම් අවස්ථාවක දී ඒවා මැග්මා හැටියට උණුවී වී ඇත. මැග්මා සිසිල් වී ස්ඵටික වන විට, එය සමකේන්ද්රික නැතහොත් ඒකකේන්ද්‍රික ස්ථර ව්යුහයක් නිර්මාණය කරයි. මෙම ක්‍රියාවලිය අග්නේය අවකලනය ලෙස හැඳින්වේ.

පාෂාණමය ග්‍රහලෝක වන බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු මේ ආකාරයෙන් සෑදී ඇත්තේ ඒවාට ග්‍රහලෝක කබොල, ආවරණ සහ හරය ලබා දීමෙනි. Achondrites වලට අපගේ අභ්‍යන්තර ව්‍යුහය සහ ග්‍රහලෝක සෑදීම ගැන බොහෝ දේ පැවසිය හැකිය.

Natural History Museum වෙබ්අඩවියෙහි පළවන Types of meteorites යන ලිපිය අසුරෙනි  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.