විද්‍යාඥයෙකු සතු විය යුතු වඩාත් වැදගත්ම දෙය කුමක්ද?

Posted by

විද්‍යාඥයෙකු සතු විය යුතු වඩාත් වැදගත්ම දෙය කුමක්ද?

මෙය විශිෂ්ට ප්‍රශ්නයක් තමයි. අවාසනාවකට, ඇත්ත වශයෙන්ම ඊට එක් සරල පිළිතුරක් නොමැත. ඉතින් මම වැදගත් කරුණු තුනක් ගැනතමයි  කතා කරන්න යන්නේ.

විද්‍යාඥයන් ප්‍රශ්න ඇසීමට දක්ෂයන් විය යුතුයි. ඔවුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පිණිස  ලෝකය විමර්ශනය කර සොයා බැලීමට ඔවුන් දක්ෂ විය යුතුය. තවද ඔවුන් කොපමණ දැන සිටියත්, ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බව ඔවුන් මතක තබා ගත යුතුය.

ප්‍රශ්න ඇසීම

බොහෝ විද්‍යාඥයන් මේ මිහිතලය මත දේවල් ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට අවශ්‍ය ආභාෂය ලබා ඇත. ඒ කියන්නේ ප්‍රශ්න අහලා තමයි, කලින් කිව්ව විදිහට විමර්ශනය කර සොයා බැලීම පටන් ගන්නේ. “ ‘අහසේ තරු නිවි නිවි පායන’ ආකාරයට පෙනෙන්නේ ඇයි?” හෝ යම් කුරුල්ලන්ට මේ සා “විසිතුරු පිහාටු ඇත්තේ ඇයි?”  වැනි ස්වභාවධර්මයේ ඇති පුදුමාකාර දෙයක් පිළිබඳ කුතුහලයෙන් මෙම ප්‍රශ්න ඇසීම මෙහෙයවනවා වෙන්නට පුළුවනි. ඒ වගේම, “දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අපට කුමක් කළ හැකිද?”  නැතහොත් ” මෙම ගංගාව යහපත් ආකාරයට තබා ගන්නේ කෙසේද?” වැනි ගැටලුවක් නැගීමට ඔවුන් පොළඹවුනු ලබන්නේ ප්‍රජාවන්ට (හෝ මුළු ලෝකයටම) උපකාර කිරීමට ඔවුන් තුල ඇතී අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවනි.

එසේනමුත් හොඳ විද්‍යාත්මක ප්‍රශ්න සියල්ලටම පොදු දෙයක් ඇත:  උත්සාහයක් දරා පිළිතුරක් සෙවීම පිණිස කළ හැකි යම් ආකාරයක විමර්ශනයක් කරා එම ප්‍රශ්න විද්‍යාඥයින්ව යොමු කරනු ඇත. විද්‍යාඥයන් විසින් විමර්ශනය කරයනු ලබන්නේ  විවිධ ආකාරවලින්.  උදාහරණ කිහිපයක් දක්වන්නේ නම් වනයේ සතුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම, කාලයත් සමඟ ශාක වර්ධනය වන ආකාරය මැනීම, පරීක්ෂණාගාරයක අත්හදා බැලීමක් කිරීම හෝ පරිගණකයක් භාවිතයෙන් කළු කුහරයක අතථ්‍ය අනුවාදයක් හෙවත් විඩම්භනයක් (මෙය simulation ලෙස හැඳින්වෙනවා) නිර්මානය කිරීම දක්වන්න පුළුවන්.

පිළිතුරු සෙවීම

විවිධ විද්‍යාත්මක ප්‍රශ්නවලට විවිධ පිළිතුරු අවශ්‍ය වෙනවා. මෙන්න උදාහරණ කිහිපයක් (මේවා අනෙකුත් කුතුහලයෙන් සිටින ළමයින් විසින් අසන ලද ඒවා!).

ලූණු ඔබව අඬවන්නේ ඇයි? කුහුඹුවන් සිවිලිම මත ඇවිදින්නේ කෙසේද? මේවා ඇත්තටම  පැහැදිලි කිරීම් අවශ්‍ය ප්‍රශ්න: ක්‍රියා කරන යමක් ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ඇයි හෝ කෙසේද යන්න අපට පැහැදිලි කිරීම.

බූවල්ලන් අපේ මේ ග්‍රහ ලෝකය අත්පත් කරගෙනගෙන අභ්‍යවකාශය කරා යන තුරුම පරිණාමය විය හැකිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී බූවල්ලා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන අතර අනාගතයේදී සිදුවිය හැකි (හෝ සිදු නොවිය හැකි) දේ පිළිබඳ පුරෝකථනය්ක් ද අවශයවේ.

අභ්‍යවකාශයේ තරු කීයක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍යවන්නේ සංඛ්‍යාවකි. (එහෙම නමුත් පිළිතුර මගින්තරමක පැහැදිලි කිරීමක් කරන්නේ නම් එය උපකාරී වේ).

විද්‍යාව කියන කොට අපට මුලින්ම මතක්වෙන්නේ පරීම්ෂණාගාරවල එහෙමත් නැතිනම් ක්ෂෙත්‍රයේ කෙරෙන නොයෙකුත් අත්හදා බැලීම් නේ? ඒත්, විද්‍යාවට අත්හදා බැලීම් අවෂ්‍යයෙන්ම සම්බන්ධ විය යුතු නැහැ. එය, පරිගණකඅයක් ආශ්‍රයෙන් කළු කුහරයක විඩම්භනයක්(simulation) හෙවත්  අනුකරණයක් සෑදීම ද විය හැකිය.(අනුග්‍රහය:NASA)

විද්‍යාඥයින් පිළිතුරු සෙවීමට ලෝකය විමර්ශනය කරන්නේ කෙසේද? ඒ සඳහා ඇත්තටම බොහෝ විට මනා පුහුණුවක් සහ යම් මට්ටමක නිර්මාණශීලීත්වයක් අවශ්ය වේ. විද්‍යාත්මක ක්‍රමය (scientific method)  කියලා දෙයක් තියෙන බව ඔබ අහලා ඇති; දන්නවා ඇති, ඒක, විද්‍යාත්මකව කටයුතු කරන ආකාරය දක්වන වට්ටෝරුවක් විදිහටත් හිතන්න පුළුවන්. ඒ ක්‍රමය ක්‍රියාත්මකවන්නේ මෙන්න මේ ආකාරයටයි:

1) ප්‍රශ්නයක් අහන්න

2) ඔබ නගන ප්‍රශ්නයට පිළිතුරක් සේ දැනන අනුමානයක් කරන්න (මේ අනුමානය දවන වචනය හඳුන්වන්නේ කල්පිතය/උපන්‍යාසය(hypothesis) යන්නයි)

3) කල්පිතය/උපන්‍යාසය පරීක්ෂා කිරීම පිණිස සම්පරීක්ෂණ හෙවත් අත්හදා බැලීම් කරන්න

4) ඔබ සොයා ගත් දෙයින් අන් අයට ද යමක් උගෙන ගත හැකි පරිදි (පරීක්ෂාවේ දී) ඔබ සොයා ගත් හෝ උගෙන ගත් දේ වාර්තා කරන්න

මෙය විද්‍යාව සිදුකිරීමට හොඳ ක්‍රමයක් වන අතර  විද්‍යාඥයන් බොහොමයක් දෙනා සෑම විටම මෙම පියවර අනුගමනය කරනවා. නමුත් එසේ නොකරන තවත් දෙනා ද ඉන්නවා. සමහර විද්‍යාඥයන් අත්හදා බැලීම් කරනවා. සමහරු ඒ වෙනුවට නිරීක්ෂණ කරනවා; නැතහොත් ඔවුන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල ආකෘති(models) සහ අනුකරණයන් (simulations) නිර්මාණය කරනවා.

තවද කිව යුත්තකි: සියලුම විද්‍යාත්මක ව්‍යාපෘති කල්පිතයකින් ආරම්භ වී පසුව එය පරීක්ෂා කිරීම යන ලෙසම සිදුවන්නේ නැහැ. සමහරු විවෘතව පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න වලින් ආරම්භ කර ඒවා ගවේෂණය කිරීමෙන් විමර්ශනය කරනවා. ඇත්තටම මෙන්න මෙහෙමයෛ කියලා පෙන්නා දෙන්න පුළුවන් එක් තනි විද්‍යාත්මක ක්‍රමය කියලා දෙයක් නැහැ.  විද්යාත්මක ක්රම පෙලක්ම තියෙන්න පුළුවන්.

උගෙන ගත යුතු තව බොහෝ දේ ඇති බව සැමවිට හිතට ගන්න

විද්‍යාඥයෙක් වෙන්න ගොඩක් ඉගෙන ගන්න ඕන. ඒ වගෙම තමයි, තමන් සියල්ල නොදන්නා බව විද්‍යාඥයින් මතක තබා ගැනීම වැදගත්. මෙයට කියන ගාම්භීර නමක් වන්නේ “බුද්ධිමය නිහතමානීකම”(intellectual humility) යන්නයි. “බුද්ධිමත්” යන්නෙන් අප කෙතරම් දක්ෂද යන්නත්, “නිහතමානීකම” යන්නෙන් අපගේම සීමාවන් හඳුනා ගැනීමත් දැක්වෙනවා.

එබැවින්, “බුද්ධිමත් නිහතමානිකම” යන්නෙන් අදහස් කරන්නේ ඔබට සමහර විට ‘වැරදි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්’ යන බව දැන සිටීමයි. සෑම විටම ඔබ නිවැරදි යැයි සිතනවාට වඩා අන් අයගේ අදහස්වලට සවන් දීම ද එයින් අදහස් වේ.

විද්‍යාව සහ සත්‍යය අතර සම්බන්ධය සංකීර්ණයි. විද්‍යාඥයන් ලෝකය පිළිබඳ සත්‍ය තොරතුරු ඉගෙන ගනු වස්, සොයා ගනු වස් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. එසේනමුත් අපි මේ මොහොතේ ඇත්ත කියලා හිතන දේවල් කාලයත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මීට වසර සිය ගණනකට පෙර මිනිසුන් සිතුවේ ඔවුන් අසනීප වන්නේ වාතයේ ඇති යම් ආකාරයක විෂ නිසා බවයි. ඊට පස්සේ අපි බැක්ටීරියා සහ වෛරස් ගැන ඉගෙන ගත්තා,  අපිව ලෙඩ කරන්න ඒවාට පුළුවන් කියලා. නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව  සෑම දෙයක්ම අපි තවම සොයාගෙන නැහැ. අන්න ඒක තමයි විද්‍යාවේ අගය.

ඇත්තටම කුතුහලය කියන්නේ ඉත වටිනා දෙයක්. මන්ද, අපට උගෙන ගන්න නම් කොච්චර දේවල් තියෙනවා ද?

Curious Kids (The Conservation) හි පලවන what is the most important thing a scientist needs?   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.