කෘමිලෝකය 2: පරිසර පද්ධති ස්ථාවරභාවය

Posted by

කෘමිලෝකය 2: පරිසර පද්ධති ස්ථාවරභාවය(මෙහි මුල් කොටස මෙතැනින් කියවන්න)

සංඛ්‍යා වශයෙන් ගතහොත්  මාංශභක්ෂක කෘමි ගහණ ශාක භක්ෂක ගහනයන්ට වඩා කුඩා වුවත්,  මාංශභක්ෂක කෘමි ගෝත්‍ර ශාක භක්ෂක ගෝත්‍ර වලට වඩා බෙහෙවින් වැඩිය. මාංශභක්ෂක කෘමීන් විලෝපියන්,පරපෝෂිතයන් සහ predators, parasites and parasitoids පරපෝෂී සදෘශයන් වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකිය.

විලොපීයෝ සිය ජීවිත කාලය තුළ, (අවශ්‍යයෙන්ම එම ජීවිතය ගත කරන සෑම අවධියම මේ චර්යාව එකලෙස නොවූවත්) තනි තනි ගොදුරු ගණනාවක්(සාමාන්‍යයෙන් බොහොමයක්) අල්ලාගෙන, මරාදමා අනුභවයට ගනිති. නිදසුනක් ගනිමු.  ලේඩිබර්ඩ් කුරුමිණියන්(ladybirds) සහ උඩු සැරියන් හෙවත් බමන මැස්සන්(hover fly) විශේෂ බොහොමයක් කූඩිත්තන්ගේ(aphid) ප්‍රධාන විලෝපියන් වන නමුත් වැඩිහිටි බමන මැස්සන් ශාක භක්ෂිකයන් වන අතර මල්වලට වී පරාග සහ මකරන්දය ආහාරයට ගනී.

පරපෝෂිතයන් එක් තනි ධාරකයෙකු හෝ ධාරකයන් ගණනාවක්ම ප්‍රයෝජනය ගැනීමට පුළුවන. ඔවුන්ගේ භෝජන රටාවන් ඔවුන්ගේ ධාරකය බෙලහීන කිරීමට හෝ මරණීය වන ආකාරයට ධාරකයා ආසාදනයට ලක් කිරීමට ඉවහල් විය හැකි වුණේ වී නමුත් පරපෝෂිතයෙකුගේ භෝජන ක්‍රියාව මාරාන්තික වන්නේ කලාතුරකිනි. අන්ත:පරපෝෂිතයන් ඔවුන්ගේ ධාරකයා මත අභ්‍යන්තරයෙන් කෑම සපයාගන්නා අතර බහීර්පරපෝෂිතයෝ බාහිරයෙන් එසේ කරති.  මැක්කා(flea) පරපෝෂිත කෘමියෙකුට නිදසුන්ය.

පරපෝෂී සදෘශයෝ, එක් විදිහකට පරපෝෂිතයන් සිහිගන්වති. ඒ,  සුහුඹුලෙකු ලෙස ඉස්මතුවෙන්නට මත්තෙන් ඔවුන්ගේ ගොදුරු මරා දැමීම යන්න සැලකිල්ලට ගනිමිනි. එහෙත් ඔවුහු එක්  විදිහකට පරපෝෂිතයන්ගෙන් වෙනස්වෙති. ඒ, ඔවුන්ගේ සමස්ත වර්ධනයේ දී, එක් තනි ගොදුරු ඒකෛකයෙකු උපයෝගී කරගන්නා නිසාවෙනි. ඒ එවන් තනි ගොදුරු ඒකෛකයකයෙකු පරපෝෂී සදෘශයන් ගණනාවක් පරිණත වනතුරු ආහාර සපයයි. පරපෝෂී සදෘශයෝ ද අන්ත:පරපෝෂිතයන් හෝ බහීර්පරපෝෂිතයන් විය හැකිය. අන්ත:පරපෝෂිත කෘමීන්  බොහොමයක් ඇතුළත්වන්නේ හයිමෙනොප්ටෙරා ගෝත්‍රයේ එක් කණ්ඩායමක් ඇතුලතය.

ඇතැම් මාංශභක්ෂක කෘමීන් බවභෝගවලට හානි පමුණුවන පළිබෝධයන්ට එරෙහි අගනා විලෝපියන් සහ පරපෝෂී සදෘශයන්.  එහෙත්, මානවයන්හට මුලින්ම හදි ගැහෙන — ඒ කියන්නේ ඉතිහාසය තුළ සාපේක්ෂව බොහෝ කල්ගතවීමෙන් පසුව කෘෂිකර්මාන්තය  වර්ධනය වන්නට පෙර — හදි ගැහෙන මුල්ම කෘමීන් ඔවුන්ට දැනෙන්නට ඇත්තේ දෂ්ට කරන, ලේ උරාබොන, ප්‍රශ්න ගෙනෙන කරදර කාරීන් ලෙස විය යුතුය.

මුල් යුගයේ පලාවැල නෙලමින් සහ දඩයමින් ජීවත්වු හෙවත් අන්න ගවේෂක- දඩකාර( hunter–gatherers) අපේ පැ‍රැන්නන් හට එවන් කෘමීන් ගෙන් ඇති වූ වේදනාව, ශරීරයේ ඉදිමුම් මනාව දැනෙන්නට ඇත. එහෙත්, (උදාහරනයක් ලෙස) මදුරුවන්ට මැලේරියාව සම්ප්‍රේෂණය කළ හැකි බව ශ ඒ අදී වශයෙන් කෘමීන්ට කෘමීන්ට ශාක රෝග හට ගන්වන්නට ද හැකි බව තවුරු කරගන්නට මානවයන්හට 19වෙනි සියවසේ  අග භාගය තරම් වනතුරු කල් ගතවිය. මැලේරියාව අදටත් සමහරවිට මිලියන දෙකක පමන ජනතාව මරණයට පත් කරනවා විය හැකියි. දෂ්ට කරන මැසි මදුරුවන් මෙන්ම ඔවුන් බෝ කරන හෙවත් සම්ප්‍රේෂණය කරන ලෙඩ රෝග මානව ඉතිහාසය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කර තිබේ. මේ බලපෑම් අතර, චිරන්තන අධිරාජ්‍යයන්ගේ ඇදවැටීම,  ජීවත්වීමට, සතුන් ඇති කිරීමට සහ ඇතැම්විට ලෝකයේ විව්ධ ප්‍රදේශවල යුද වැදීමට පවා මිනිසුන්ට ඇති හැකියාව දැක්විය හැකියි.

කෙසේ වෙතත්, ලොව මුල්ම කෘමීන් වූයේ බාගවිට මෘත හෙවත් මළ සතුන් සහ ගහ කොළ(ශාකමය ද්‍රව්‍ය) මත වූ කසල ශෝධකයන්(scavengers) විය හැකියි. සොයාගෙන ඇති ෆොසිල ගත ආදිතම කෘමියා අපට හමුවන්නේ ඊට බොහෝ කලකට පසුවය. මේ  නමින් දැක්වෙන කෘමියෙකි. 1926 ස්කොට්ලන්තයෙන් මේ කෘමිය හමුවී ඇත්තේ වසර මිලියන 400ක් පැරණි රතු වලිගල් මත දීය. එම කෘමියා සතුව පියාපත් තිබෙන්නෙට පවා හැකිය. සමහරවිට, පර්ණාංග හෙවත් මීවන වලට සමානතා ඇති ආදිකල්පිත ශාකවල ස්පෝර නිපදවන පත්‍ර අනුභවයට ගන්නට ඇත.

කසළ ශෝධනය නූතන කෘමී ගෝත්‍ර බොහොමයක් අතරේ ව්‍යාප්ත ජීවන රටාවක් හැටියට අදටත් පවතී. මෙකී කෘමීන් නිවර්තන කලාපවල ඇද වැටන අති දවැන්ත පත්‍ර ද්‍රව්‍ය බිඳ දැමීමේ දී මෙන්ම ගව ගොම බිඳ දැමීමේ දී සහ මළ කුඩා සතුන්ගේ සහ පක්ෂීන්ගේ මෘත ශරීර, වලදැමීමේ දී අදටත් වැදගත්වේ. කෘමි කසළ ශෝධකයන් හුදෙක් අපට ප්‍රයෝජනවත් වනවා පමණක් නොව ජීවන චක්‍රය සඳහා ඔවුන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යය. කෙසේවෙතත්, මළ ශාක සහ සත්ව ද්‍රවය මත අප වටිනාකමක් ආරෝපණය කරන්නේ නම් ඔවුන් පළිබෝධකයන් බවට ද පත් විය හැකිය. මෙලෙස, වස්ත්‍ර කාවෝ සහ ඇතම් කුරුමිණියෝ අපේ ඇඳුම් පැළදුම් හා බුමුතුරුණු විනාශ කර දමති; තවත් සමහර කුරුමිණියෝ අපගේ දැව සහ ගොඩනැගිලි විද ඇතුල්වෙති; සමහරු, කෞතුකාගාරවල එක් ‍රැස් කර තිබෙන මළ කෘමින් පවා ආහාරයට ගනිති.

ඵලප්‍රයෝජන

කෘමි ක්‍රියාකාරිත්වය නොමැතිව ඵල සහ බීජ නිපදවිය නොහැකි බොහෝ බෝග වර්ග පරාගනය කිරීම පිණිස මීමැස්සන් සහ අනෙකුත් කෘමීන් නොමැති නම් අපේ ලෝකය කෙබඳු විය හැකිද? ඇතැම් ශාකවල පරාග සුළගින් සහ ජලයෙන් පැතිය හැකි නමුත් බොහෝ ශාක රඳා පවතින්නේ කෘමි පරාගනය මතය. රේණු සහ මකරන්දය උරා ගැනීමට පැමිණෙන බරින් යුතු මීමැස්සන් වැනි කෘමීන් අතින් (snapdragons වැනි) ශාකවල මල් පෙරළීමෙන් පරාගන ක්‍රියාදාමයට මග පාදයි. කොකෝවා මුළුමණින්ම පාහේ පරාගනය සිදුවන්නේ කුඩා හෝහපු‍ටුවන්ගෙනි. මෙය වඩාත් තහවුරුවන නිදසුනක් දක්වතොත්. අමරිකා එක්සත් ජනපදයේ මනුෂ්‍යන්ගේ භෝජනයෙන් සියයට 15ක් පමණ සපයනු ලබන්නේ කෘමි පරාගනය අවශ්‍ය වන්නාවු ශාක මගිනි.

බොහෝ කෘමීන් ආර්ථික වශයෙන් මධ්‍යස්ථ යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. කෙසේවෙතත්, මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ එය සොයා ගැනීමට එකම මග විය හැක්කේ,  වැදගත් කමක් නැතැයි අපට පෙණි යන කෘමියෙකු අතුරුදන් වූවෝතින්ය. hawthorn නම් ගස්වල වසන Swammerdamia නම් අප්‍රකට කාවන් ආර්ථික වශයෙන් මධ්‍යස්ථ යයි බොහෝ කලක් තිස්සේ සැලකිණ. එහෙත්, 1961  දී අහම්ඹෙන් සොයා ගත් පරිදි, Swammerdamia දළඹුවා ගෝවා ශාකයේ දරුණු පළිබෝධකයෙකු විය හැකි වැදගත් මධ්‍යස්ථ සතුරෙකුගේ ධාරකයෙකුය. ආහාර දාම බෙහෙවින් සංකීර්ණ විය හැකිය; පරිසර පද්ධතියක ස්ථාවරභාවය රඳා පවතින්නේ ශාකභක්ෂක, මාංශ භක්ෂක සහ කසළ ශෝධක කෘමීන් මතය. ඒ අනුව,  කිසිම කෘමියෙකු අවශ්‍යතාව ආධික්‍යය යයි කාට නම් කිව හැකි ද?

ආශ්‍රිත ග්‍රන්ථ

HANDBOOK OF AGRICULTURAL ENTOMOLOGY by H.F. van Emden © 2013 by John Wiley & Sons, Ltd.

THE INSECTS – An Outline Of Entomology by P.J. Gullan & P.S. Cranston Fifth edition © 2014 by John Wiley & Sons, Ltd

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.