හැසිරීම් මත සංස්කෘතික බලපෑම්
විශේෂයක් ලෙස, අපි වෙනත් මිනිසුන් ඇසුරේ අපගේ ජීවිතය ගත කරන සමාජ ජීවීන් වන්නෙමු. තැන තැන යන කණ්ඩායම්, ගම්, නගර සහ රටවල් වැනි විවිධ ආකාරයේ සමාජ කණ්ඩායම්වලට නැතිනම් සමාජ කණ්ඩායම් හැටියට අපි සංවිධානය වන්නෙමු. අපි විවිධ ආකාරවලින් අප වැඩ කරන්නේ, වෙළඳාම් කරන්නේ, සෙල්ලම් කරන්නේ, ප්‍රජනනය කරන්නේ(වර්ගයා බෝකරන්නේ) සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් ක්‍රියා කරන්නේ එම සංවිධාන ඇතුලතය. අනෙකුත් විශේෂ මෙන් නොව, අපි සමාජායනය හෙවත් සමාකරණය කාලයත් සමඟ සමාජ හැසිරීම් සහ සංවිධානයේ හිතාමතා ඇතිකරවන වෙනස්කම් සමඟ ඒකාබද්ධ කරමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මානව සමාජයේ රටා තැනින් තැනට, යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් හරහා වෙනස් වන අතර, සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ හා ගතික වටපිටාවක්ක් බවට පත් කරයි.
මනුෂ්‍යන් වන අපගේ හැසිරීම් වලට ජානමය උරුමය වගේම අත්දැකීම් යන දෙකම බලපායි. මිනිසුන් වර්ධනය වන ආකාරය සමාජ අත්දැකීම් සහ ඔවුන්ට උරුම වූ ජානමය විභවයේ හෙවත් හැකියාවේ සන්දර්භය තුළ ඇති තත්වයන් අනුව හැඩගැසී ඇත. මෙහි දී විද්‍යාවට අදල ප්‍රශ්නය වන්නේ අත්දැකීම් සහ පාරම්පරික විභවයන් මිනිස් හැසිරීම් නිර්මානය කිරීමේදී අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.
සෑම පුද්ගලයෙක්ම පවුල, ප්‍රජාව, සමාජ පංතිය, භාෂාව, ආගම යන සමාජ හා සංස්කෘතික පසුබිමක නැතිනම් වටාපිටාවක උපත ලබන අතර අවසානයේ බොහෝ සමාජ සම්බන්ධතා වර්ධනය කර ගනියි. දරුවෙකුගේ සමාජ සැකැස්මේ ගති ලක්ෂණ, උපදෙස්, ඉෂ්ඨඵල මෙන්ම දඬුවම්, සහ ආදර්ශය යන මාර්ග ඔස්සේ ඔහු හෝ ඇය සිතීමට සහ හැසිරීමට ඉගෙන ගන්නා ආකාරය කෙරෙහි බලපායි. මෙම සමාජ සැකැස්මට නිවස, පාසල, අහළ පහළ වටපිටාව, සහ සමහර විට, ප්‍රාදේශික ආගමික සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද ඇතුළත් වේ. එපමනක් නොව මිතුරුමිතුරියන්, අනෙකුත් සමානයන් හෙවත් සමිසුරුවන්(peers), ඥාතීන් මෙන්ම විනෝදාස්වාද මාර්ග හා නව මාධ්‍යය සමග දරුවාගේ බෙහෙවින් අවිධිමත් අන්තර්ක්‍රියා ද ඇත. මෙම සියලු බලපෑම්වලට පුද්ගලයන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද, නැතහොත් කුමන බලපෑම වඩාත් ප්‍රබල වනු ඇත්ද යන්න පුරෝකතනය කළ නොහැක. කෙසේ වෙතත්, පුද්ගලයන් එකම බලපෑම් රටාවකට — එනම්, එකම සංස්කෘතියක හැදී වැඩීමට ප්‍රතිචාර දක්වන ආකාරයෙහි සැලකිය යුතු සමානකමක් ඇත . තවද, කථන රටා, දේහ භාෂාව සහ විවිධහාස්‍යය ස්වරූප වැනි සංස්කෘතිකමය වශයෙන් ප්‍රේරිත හැසිරීම් රටා මිනිස් මනස තුළ කෙතරම් ගැඹුරට කාවැදී තිබේද යත්, ඒවා ගැන පුද්ගලයන්ගේ පූර්ණ දැනුවත් බවකින් තොරව බොහෝ විට ක්‍රියාත්මක වේ.


සෑම සංස්කෘතියකම තරමක වෙනස් රටා සහ අර්ථයන් ජාලයක් ඇතුළත් වේ: ජීවත්වීම සඳහා හරි හම්බ කිරීමේ ක්‍රම, වානිජ සහ ආණ්ඩු පද්ධති, සමාජයීය භූමිකාවන්, ආගම්, ඇඳුම් පැළඳුම් සහ ආහාර සහ කලාවන්ට අදාල සම්ප්‍රදායන්, චර්යාවන් ගැන ඇති අපේක්ෂාවන්, වෙනත් සංස්කෘතීන් කෙරෙහි තිබෙන ආකල්ප, මෙන්ම මෙකී සියලු ක්රියාකාරකම් ගැන විශ්වාසයන් සහ වටිනාකම්(හරයන්).
සෑම සංස්කෘතියකම තරමක වෙනස් රටා සහ අර්ථයන් ජාලයක් ඇතුළත් වේ: ජීවත්වීම සඳහා හරි හම්බ කිරීමේ ක්‍රම, වානිජ සහ ආණ්ඩු පද්ධති, සමාජයීය භූමිකාවන්, ආගම්, ඇඳුම් පැළඳුම් සහ ආහාර සහ කලාවන්ට අදාල සම්ප්‍රදායන්, චර්යාවන් ගැන ඇති අපේක්ෂාවන්, වෙනත් සංස්කෘතීන් කෙරෙහි දක්වන ආකල්ප, මෙන්ම මෙකී සියලු ක්රියාකාරකම් ගැන විශ්වාසයන් සහ වටිනාකම්(හරයන්).
ව්‍යාප්ත සමාජයක් තුළ, ප්‍රදේශය, ජනවාර්ගික සම්භවය හෝ සමාජ පංතිය හා සම්බන්ධ එකිනෙකට වෙනස් උප සංස්කෘතීන් සහිත බොහෝ කණ්ඩායම් තිබිය හැකිය. විශාල ප්‍රදේශයක් තුළ තනි සංස්කෘතියක් ප්‍රමුඛ වන්නේ නම්, එහි වටිනාකම් හෙවත් හරයන් නිවැරදි ඒවා යයි සැලකිය හැකි අතර පවුල් සහ ආගමික කණ්ඩායම් පමණක් නොව පාසල් සහ රජයන් මගින්ද ප්‍රවර්ධනය කළ හැක. සමහර උප සංස්කෘතීන් (ව්‍යාපාරික විධායකයින් සහ අපරාධකරුවන් වැනි) විශේෂ සමාජ ප්‍රවර්ග අතර ඉස්මතු විය හැක, (සංගීතඥයන් සහ විද්‍යාඥයන් වැනි) ඒවායින් සමහරක් ජාතික සීමාවන් ඉක්මවා යා හැක.
සාධාරණ හෝ අසාධාරණ වේවා, අභිමත හෝ අභිමත නොවන වේවා, සමාජ විලක්ෂණ(distinctions) යනු සෑම සංස්කෘතියකම පාහේ කැපී පෙනෙන කොටසකි. ඇතැම්විට දැඩි කුල ක්‍රමයන් ද, ඇතැම්විට ගෝත්‍රික හෝ වංශ ධුරාවලියන් ද, ඇතැම්විට වඩාත් නම්‍යශීලී සමාජ පන්තියක් ද ඇතුළත් වන අන්දමින් එම විලක්ෂණවල ස්වරූපය ස්ථානය සහ කාලය අනුව වෙනස් වේ. පන්ති විලක්ෂණ නැතිනම් භේදයන් ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ, ධනය, අධ්‍යාපනය සහ රැකියාව මත පදනම්ව නමුත් ඒවා ඇඳුම් පැළඳුම්, උපභාෂාව සහ පාසල සහ රැකියාව කෙරෙහි දක්වන ආකල්ප වැනි වෙනත් උප සංස්කෘතික වෙනස්කම් සමඟ ද සම්බන්ධ වීමට ඉඩ ඇත. මෙම ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වෙනස්කම් සමාජයක සියලුම සාමාජිකයන්ම් පාහේ විසින් පිළිගනු ලබන අතර සමහරෙකු විසින් පිළිකෙව් කරනු ලැබේ..


මිනිසුන් උපත ලබන පංතිය, දරුවන් ලෙස ඔවුන්ට අභිමුඛවන භාෂාව, ආහාර, රුචි අරුචිකම් සහ, ඇලුම් හා උනන්දුව දක්වන දේවල් කෙරෙහි බලපාන අතර එම නිසාවෙන් ඔවුන් සමාජ ලෝකය වටහා ගන්නා ආකාරය කෙරෙහි ද බලපායි. එපමනක් නොව (තමන් අයත්) පංතිය මිනිසුන් අත්විඳින පීඩන සහ ඉඩප්‍රස්ථාවන්ට බලපාන අතර එම නිසාවෙන් පාසැල් අධ්‍යාපනය, රැකියාව, විවාහය සහ ජීවන තත්ත්වය ඇතුළුව ඔවුන්ගේ ජීවිත (ඉදිරියට)ගත හැකි මාර්ග මොනවාද යන්න කෙරෙහි බලපායි. එය එසේ වුවද, බොහෝ අය තම, තම පන්තියේ සම්මතයට වඩා බෙහෙවින් වෙනස් ජීවිත ගත කරති.
කෙනෙකුට සමාජ පන්තිය කෙතරම් පහසුවෙන් වෙනස් කළ හැකිද යන්න කාලය හා ස්ථානය අනුව බොහෝ සෙයින් වෙනස් වේ. මිනිස් ඉතිහාසය පුරාවටම, මිනිසුන් තමන් ඉපදුණු පන්තියේ ජීවත් වී මිය යන බව මුළුමනින්ම පාහේ නිසැක ය. යම් සමාජයක් ඉහළම වෘද්ධිය හටගත් අවස්ථා ඇති වී තිබෙන්නේ, නව ව්‍යවසායන් (උදාහරණයක් ලෙස භූමියේ හෝ තාක්‍ෂණයේ) සිදු කරමින් සිටිනා විටය. ඒඅ අනුව එවිට ඉහළ මට්ටමේ රැකියා සඳහා වැඩි පිරිසක් අවශ්‍ය වේ. අද ලෝකයේ සමහර ප්‍රදේශවල, එන්ට එන්ටම වැඩිවන් පිරිස් සංඛ්‍යාවක් ආර්ථික හෝ අධ්‍යාපනික අවස්ථා තුළින් දරිද්‍රතාවයෙන් මිදෙන අතර තවත් ප්‍රදේශවල එන්ට එන්ටම වැඩිවන සංඛ්‍යාවක් දිළිඳු භාවයට පත්වෙති.
පිළිගත හැකි මානව හැසිරීම් ලෙස සැලකෙන දේ සංස්කෘතියෙන් සංස්කෘතියට සහ කාල වකවානුවෙන් කාල වකවානුවට වෙනස් වෙයි. සෑම සමාජ කණ්ඩායමක්ම සාමාන්‍යයෙන් එහි(එම සමාජ කණ්ඩායමහෙහි) සාමාජිකයන් උදෙසා හැසිරීම් පරාසයන් පිළිගෙන ඇති නමුත් සමහර විට වැඩිහිටියන් සහ ළමුන්, ගැහැනුන් සහ පිරිමින්, කලාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි උප කණ්ඩායම් සඳහා යම් සුවිශේෂීව නිශ්චිත ප්‍රමිතීන් ඇත. අසාමාන්‍ය හැසිරීම් හුදු ආශ්වාදජනක හෝ පිළිකුල් සහගත වන්නට හෝ දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සැලකිය හැකි වන්නට ද පුළුවන. එක් සංස්කෘතියක සාමාන්‍ය හැසිරීම් ලෙස සැලකෙන සමහරක් තවත් සංස්කෘතියක පිළිගත නොහැකි යැයි සැලකිය හැකිය. නිදසුනක් වශයෙන්, ඉතා සහයෝගී සංස්කෘතීන් තුළ ආක්‍රමණශීලී තරඟකාරී රළු හැසිරීම් රටාවක් ලෙස සැලකේ. ඊට ප්‍රතිවිරුද්ධව, එක්සත් ජනපදය වැනි ඉහළ තරඟකාරී සමාජයක සමහර උප සංස්කෘතීන් තුළ, තරඟකාරීත්වය කෙරෙහි ඇති උනන්දුව අඩුවීම නොගැලපෙන දෙයක් ලෙස සැලකිය හැකිය. ලෝකය තුළ සංස්කෘතික සම්ප්‍රදායන්හි පුළුල් විවිධත්වයක් තිබුණද, ඒ සෑම එකක් තුළම පාහේ පිළිගත නොහැකි යැයි සැලකෙන ඇතැම් හැසිරීම් (ව්‍යභිචාරය(incest සමීපමතම් පවුලේ අය සමග අනාචාරය), ඥාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, සොරකම් සහ ස්ත්‍රී දූෂණ වැනි) ඇත.
පිළිගත නොහැකි හැසිරීම් වෙනුවෙන් යෝග්‍ය යැයි සැලකෙන සමාජ ප්‍රතිවිපාක ද විවිධ සමාජ අතර මෙන්ම සමාජ ඇතුළත පවා පුළුල් ලෙස වෙනස් වේ. අපරාධකරුවන්ට දඬුවම් කිරීම ගතහොත්, එය දඩ හෝ අවමන් කිරීමේ සිට සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම, පහර දීම හෝ අංගවිකල කිරීම් සිට මරණ දණ්ඩනය දක්වා පරාසයක පවතී. යෝග්‍ය යයි සැලකෙන දඬුවමේ ස්වරූපය, පුද්ගලයා අපරාධය නැවත කිරීමෙන් වැලැක්වීම හෝ අධෛර්‍ය කිරීම හෝ අපරාධය කිරීමෙන් අන් අයව වැළැක්වීම හෝ හුදෙක් විපාකඵලයක් ලෙස(retribution) (අපරාධය සිදු කළ) තැනැත්තා ශෝක පශ්චාපයට පත් කීම උදෙසා වන එහි අරමුණ පිළිබඳ න්‍යායන් මගින් බලපෑමට ලක්වනු ලැබේ. අපරාධ අධෛරය කිරීම කෙරෙහි දඬුවම කිරීමෙන් ඇතිවෙතැයි කල්පනා කරන සාර්ථකත්වය ගැන හරියාකාරව අධ්‍යයනය කිරීම දුෂ්කරය. ඊට අර්ධ වශයෙන් සමාන වරදක් කළ අපරාධකරුවන්ට විවිධ දඬුවම් නියම කරමින් සිදු කළ හැකි අත්හදා බැලීම්වල සදාචාරාත්මක සීමාවන් හේතුවන අතර සහ අනෙක් සාධක නියතව තබා ගැනීමේ දුෂ්කරතා ද හේතුවෙයි.
තාක්‍ෂණය දිගු කලක් තිස්සේම මානව හැසිරීම් සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. ලෝකයේ බොහෝ ප්‍රදේශවල නව තාක්‍ෂණික නව නිපැයුම් වෙනුවෙන් ලබා දී ඇති ඉහළ අගය, වැඩි වැඩියෙන් වේගවත් හා මිල අඩු සන්නිවේදනය සහ සංචාරය සඳහා හේතු වී ඇති අතර, එය ඇඳුම් පැළඳුම්, ආහාර, සංගීතය සහ විනෝදාස්වාද ක්‍රමවල විලාසිතා සහ අදහස් වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබේ. පොත්පත්, සඟරා, ගුවන්විදුලිය සහ රූපවාහිනිය, ඇඳුම් ඇඳීම, දරුවන් ඇති දැඩි කිරීම, මුදල් ඉපැයීම, සතුට සොයා ගැනීම, විවාහ වීම, ආහාර පිසීම සහ ආදරය කිරීම යනාදිය ගැන විස්තර රගෙන එයි. එමෙන්ම ඒවා, දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, දේශපාලනඥයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි පුද්ගලයින්ගේ හැසිරීම් මෙන්ම ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, සුළු ජාතීන්, පිරිමින් සහ කාන්තාවන්ගේ භූමිකාවන් සහ නීත්‍යානුකූල බව කෙරෙහි දක්වන ආකල්ප නිරූපණය කරන ආකාරයෙන් සාරධර්ම, අභිලාෂයන් සහ ප්‍රමුඛතා ව්‍යංගයෙන් ප්‍රවර්ධනය කරයි.