ලොවට ජීවිත මිලියන ගණනක්  අහිමි කළ, කොවිඩ් ගැන ව්‍යාජ කතාන්දර

Posted by

ලොවට ජීවිත මිලියන ගණනක්  අහිමි කළ, කොවිඩ් ගැන ව්‍යාජ කතාන්දර(ආඛ්‍යාන)

තවත් දරුණු ගෝලීය මහා වසංගතයක් නතර කර ගැනීමට නම්, වෛරසය ඉබේටම සැර හීනවී අවසන් වනු ඇතයි යනුවෙන් සිතන, නොමග යවන සුළු කතාන්දර අමතක කර දැමිය නොහේ.

 ‘අප පොට වරද්දා ගත් ප්‍රථම ආඛ්‍යානය නැතිනම් වෘත්තාන්තය වූයේ බෝවෙන රෝග ප්‍රශ්නයක් බවට පෙරළෙන්නේ දුප්පත් රටවලට පමනක් යනුවෙන් උපකල්පනය කිරීමයි’. එය බෙහෙවින් ව්‍යාප්තවූ උපකල්පනයයි’.

අපගේ ජීවිතවල සෑම තුමුල අත්දැකීමක් තුළම යථාර්ථයන් දෙකක් ඇත. ඇත්තටම සිදුවූ දෙය ඉන් එකකි. ඊළඟට ඇත්තේ ආඛ්‍යානයයි: එනම් සිදුවූයේ කුමක් දැයි අප අපටම සහ අප එකිනෙකාට කියාගන්නා කතාන්දරයයි. මේ දෙකෙන් වඩාත් වැදගත්වන්නේ ආඛ්‍යානය යයි මනෝවිද්‍යාඥයෝ කියා සිටිති. සිද්ධවුණු දේවල් පිළිබඳ සංසක්ත හෙවත් එකට ගැලපෙන කතාන්දර එවායෙන්(සිදුවුණු දේවල් වලින්) යම් අර්ථයක් උකහා ගැනීමට අපට අවකාශ සලසයි. අපේ ප්‍රතිචාරයන් මෙන්ම අප ඊළඟට කළ යුත්ත තීරණය කරන්නේ ආඛ්‍යානයයි. චීනයෙන් පටන්ගෙන පැතිර ගිය වසංගතයට ‘ගෝලීය වසංගතය(pandemic) යන්න සිය කතාන්දරයෙහි භාවිත කිරීමට අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය(World Health Organization  – WHO) පටන් ගෙන දෙවසරක් ගත වෙද්දී, ආඛ්‍යානය ‘පැටව් ගසමින්’ වැදගත් ප්‍රශ්න විපර්යාසට ලක් කළේය: මහා වසංගතය කෙතරම් නම් බියකරුද? ඒ සම්බන්ධයෙන් අපට කළ හැක්කේ කුමක් ද? මෙම උවදුර කවදා අවසන් වේද? අප වැළඳගත් ආඛ්‍යාන ඇතැම් අවස්ථාවල නිවැරදි බැව් පෙණී ගියත් අනෙක් ඒවා බෙදීම් හට ගන්වන්නට — අනවශ්‍ය ජීවිත හානි ගෙන ඒමට ඉවහල්විය. මේ කතාන්දර තවමත් අහවර නැත —  ගෝලීය වසංගතය ද එලෙසම නිමාවී නොමැත.

වර්තමානයේ කොවිඩ් උවදුර යම් ආකාර්යකින් පාලනය කර ගත හැකි රෝගයක් බවට සංක්‍රමණය වෙද්දී තත්වය අවබෝධ කර ගැනීමට සහ සමාධානය කිරීම පිණිස අපට වඩාත්ම අවශ්‍යවන්නේ මෙකී ආඛ්‍යානයි. 2020න් පසුව සිදුවූයේ කුමක් ද? එසේම, එය තවමත් අපට ගෙන එන බලපෑම කුමක්ද?

කොවිඩ් හා සටන් වැද එය යථාවිධතාවට(පියවි බවට) පත් කර ගත්තේ වී නමුත් පවා තවත් ගෝලීය වසංගතයක් වඩා ඈතක නොව ළඟ ළඟම ඇති වෙන බවට විද්‍යාඥයෝ එකඟවෙති.

‘අප පොට වරද්දා ගත් ප්‍රථම ආඛ්‍යානය නැතිනම් වෘත්තාන්තය වූයේ බෝවෙන රෝග ප්‍රශ්නයක් බවට පෙරළෙන්නේ දුප්පත් රටවලට පමනක් යනුවෙන් උපකල්පනය කිරීමයි’ එය බෙහෙවින් ව්‍යාප්තවූ උපකල්පනයයි.

වෛරසය ආසියාව හරහා වේගයෙන් පැතිර යද්දී, ඉතාලියේ රෝහල් වලින් ඒ වනතෙක් නෑසූ භයානක කතා ඇසෙන්නට පටන් ගන්නා තුරුම බටහිර රටවල් බොහොමයක්ම වෛරසයට මුහුණ දීම සඳහ සූදානම් වීමට අසමත් විය. ඒ වන විට, බොහෝ තැන් වල්දී පරක්කු වැඩි වූ තිබුණි. සැනසීමට එකම කරුණ වූයේ ප්‍රතිචාරයක් අවශ්‍ය බවට එකගත්වයක් ඇති වූ කල කවුරුත් ඊට අනුගත වීමයි. 2020 මාර්තු මාසයවෙද්දී වසා දැමීම් වලට ලොක්ඩවුන් වලට විශාල සහයෝගයක් පළවන්නට විය.

කෙසේවෙතත්, එම මූලික එකඟතාවය වැඩි කලක් පැවතුණු එකක් නොවීය. මාස දෙකකට පසු එක්සත් ජනපදය දේශපාලන පක්ෂ ලැදිකම්  ඔස්සේ පුළුල් ලෙස බෙදී ගිය අතර, රිපබ්ලිකානු පාක්ෂිකයන්, ජනතාව මත පැටවෙන කොවිඩ් සීමා සහ පාලන පියවර ප්‍රතික්ෂේප කරමින් කොවිඩ් එතරම් බරපතල නොවෙන්නක්, බාගදා ප්‍රෝඩාවක්  යැයි පවා අවධාරනය කිරීමත් සමඟම එලෙසම පැවතුනි. ඉන් වසරකට පසුව, වඩාත් මාරාන්තික සහ බෝවනසුළු ඩෙල්ටා ප්‍රභේදයේ  ආගමනයට පෙර, ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන් තිදෙනෙකු දරූ මතය සලකා බැලුවොත් ඉන් පළ වූයේ වසංගතය අවසන් වී ඇති බවටයි.

එක්සත් ජනපද රිපබ්ලිකානුවන් සමඟ යම් ආකාරයක සමාන ස්ථාවරයක සිට “පවතින ක්‍රමයට විරෝධී ආඛ්‍යානයක්” බෙදා හදාගත් බ්‍රෙක්සිට් ආධාරකරුවන් සිටි එංගලන්තයේ ද එවැනිම බෙදීම් මතු විය. 2020 ඔක්තෝම්බර් මාසයෙන් පසු බ්‍රිතාන්‍ය මැතිවරණ දිස්ත්‍රික්කවල ඉහළ කොවිඩ් මරණ සහ එන්නත් ලබාගැනීමේ අඩු අනුපාතයක් පැවතීම හා සම්බන්ධ ප්‍රබලම සාධකය බ්‍රෙක්සිට් සඳහා වන දේශීය සහයෝගය බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. එයට හේතුභූත සමහර විට මෙම කණ්ඩායම කොවිඩ් අවදනමෙන් ආරක්‍ෂාවීම උදෙසා පනවා තිබූ සිමාකිරීම් අත්හැර දැමිමට ඉක්මන් වැඩි වූ නිසා විය හැකිය: වෙනත් සමීක්ෂණ වලින්  පෙනී ගියේ බ්‍රෙක්සිට් ආධාරකරුවන් සිය මතය එළිපිට ප්‍රකාශ කිරීමට වඩාත් උනන්දු වූ බවයි.

රජයේ මට්ටමින් ගත් කල, බ්‍රිතාඥ අගමැති කාර්යාලය තමන්ගේම ආඛ්‍යාන දෙකක් අනුව යන බවක්බවක් පෙනෙන්නට තිබුණි: සාමූහික ක්‍රියාකාරිත්වයට වඩා පුද්ගල වගකීම සඳහා ස්වාධීනතාවාදී මනාපයක් සහ අපට ජීවිත හෝ ආර්ථිකය යන දෙකෙන් එකක් මිස ඒ දෙකම එකවර සුරැකිය නොහැහැකි බවට ඒත්තු ගැන්වීම එම ආඛ්‍යාන දෙකයි.  ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කර තිබූ පරිදි මෙන්ම නැගෙනහිර ආසියාතික රටවල් ඒ වනවිටත් කරමින් සිටි පරිදි (කොරෝනා)වෛරසය උනනන්දු සහගතව මැඩ පැත්වීමට නොව  සෑම කෙනෙකුටම ප්‍රතිශක්තිය ලැබෙන තෙක් එය(වෛරසය) පැතිරීමට ඉඩ සලසමින් 2020 මාර්තු මාසයේදී එහි(අගමැති කාර්යාලයේ) සැකසූ සැලැස්මට මෙය හේතු විය,  එය වෙනස් වූයේ වසංගත රෝග විද්‍යාඥයින් එයින් කොපමණ මරණ සංඛ්‍යාවක් සිදුවේද යන්න නිස්කලංකව පැහැදිලි කළ විට පමණි.

අසීරුතා මධ්‍යයේ වුව කලින්ම ලොක්ඩවුන් කිරීමේ ක්‍රමෝපාය අනුගමනය කළ් ආසියාතික රටවල මරණ සංඛයාව අඩුවෙන්නට පටන් ගත් විට හා ආර්ථික වශයෙන් යහපත් වන්නට වූ විට මරණ සහ රටේ ආර්ථිකය අතර සමබන්ධයක් දකිමින් අනුගමනය කළ පිළිවෙත් ද වැරදි බව සනාථ විය. එසේ නමුත් එංගලන්තයේ නම් එම පිළිවෙත සහ පුද්ගල වගකීම යන  ආඛ්‍යාන දෙකම පැවතුනි.  මෙම ආඛ්‍යාන සහ ඒවායේ බලපෑම් තවමත් අප අතර පවතී.  වඩා සීඝ්‍රයෙන් බෝවන ඔමික්‍රොන් BA.2 අනුවාදයේ සිද්ධීන් සංඛ්‍යා දැනටමත් ඉහළ යමින් තිබුණද, අප්‍රේල් මාසයේ සිට  මුහුණු ආවරණ, වසා දැමීම්, පරීක්ෂණ සහ වෛරස් ආවේක්ෂණය සඳහා එංගලන්තයේ  මෑතකාලීන “කොවිඩ් සමඟ ජීවත් වීමේ” සැලැස්ම එම ආඛ්‍යානවලින් පැහැදිලිවම දැක්විණ.

ඇත්ත වශයෙන්ම, එන්නත් සහ ප්‍රතිවෛරස ඖෂධ කොවිඩ් බලපෑම මොට කර ඇති බව මෙන්ම එන්නත් කිරීම ඒ ඒ අය දරණ පුද්ගලික වගකීමක් බව ද සත්‍යයකි.  එසේනමුත්  මතවාදීව ගැලපෙන්නක් හෝ නොගැලපෙන්නක් ලෙස නායක කාරකාදීන්ට පෙනුනත් නැතත් බෝවන රෝග සම්බන්ධයෙන් ක්‍රියා කිරිම සෑම විටම බෙහෙවින්  සාමූහික වේ.

Omicron අපගේ ප්රතිශක්තිය බිඳ දැමීමෙහි ලා  එහි පූර්වගාමීන්ට වඩා දක්ෂය. එය සිදු වුවහොත්, වයස හෝ වෛද්‍ය තත්ත්වය නිසා මිය යාමට වැඩි ඉඩක් ඇති බොහෝ පුද්ගලයින්ට හෝ ප්‍රතිශක්තිය යටපත් කර ඇති -සමහරුනට නැවත කාර්යාලයට පැමිණිය යුතු නම්, කොවිඩ් වැළැක්වීම  ඒ ඒ පුද්ගලයන්ගේ වගකීම යයි ද, එය ඔවුන්ගේ “පුද්ගල නිදහස” භාවිතා කිරීම යයි ද පවසමින් මුහුනු ආවරණ නොමැතිව සිටින අය ගැවසෙන කාර්යාලයකට පැමිණීමේ ‘පෞද්ගලික වගකීම’ දැරිය නොහැක.

මේ අතර, Covid බරපතල ආසාදනය බරපතල ප්‍රශ්න ඇත්කරන තත්ත්වයක් ලෙස් පිළිගත්තා වූ එමෙන්ම, ඊට  සාමූහික ප්‍රතිචාරයක් අවශ්‍ය යයි පිළිගත්තා වූ පුද්ගලයින් පවා උපකල්පනය කර ඇත්තේ Covid වසංගතය නිමාවට පත්වීමෙන් සහ  ලෝකය යළිත් 2019-පන්නයේ සාමාන්‍ය තත්වයට පැමිණීමෙන් ආඛ්‍යානය අවසන් වනු ඇති බවයි. සමහර විද්‍යාඥයන් පවා මුලින් බලාපොරොත්තු වූයේ වෛරසය අපගේ ප්‍රතිශක්තිය මග හැරීමට නොහැකි වන ආකාරයට ඉතාමත් සෙමින් විකෘති වනු ඇති බවත්, එහි ව්‍යාප්තිය අප විසින් පාලනය කරනු ලැබිය හැකි බවත්, Covid වෛරසය 2003 දී එහි ඥාතියෙකු වන සාර්ස් මෙන් අවසන් ගමන් යනු ඇති බවත්ය. එහෙත්, එහෙම වාසනාවක් උදා වූයේ නැත.   අවුල් වියවුල්වීම සහ කාංසාව නතර කර ගැනීමට අප සියල්ලන්ටම අවශ්‍යයි, එහෙත්ත් ගෝලීය වසංගතය  අවසන් වී නොමැති විට, එය අවසන් වී ඇති බව මවාපාන ප්‍රතිපත්ති සමගින් නම් අපට එය ඉ‍ටු කර ගත නොහැකි බව පැහදිලිය.

එපමණක් නොව, තත්වය තවත් නරක අතට හැරිය හැකිය: වෛරසය ජනතාව අතරේ සංසරණය වන තාක් කල් එය පරිණාමය වෙමින් පවතිනු ඇත,  තවද, කෝවිඩ් පෙන්වා දී ඇත්තේ එලෙස පරිණාමය වෙද්දී ඉන් ඇතිවන රෝග තත්ත්වයන් වඩාත් මෘදු වන්නේය යනුවෙන් ප්‍රචලිතව ඇති  තවත් ආඛ්‍යානයක් ද හුදු සිහිනයක් බවයි. එය දිගටම සංසරණය වන බවට ලකුණු පෙනේ. එන්නත් කරන ලද පුද්ගලයින්ට වෛරසය බෝවී අන් අයට ද බෝකිරීම වැළැක්වීමට මෙතෙක් එම එන්නත් සමත්වී නැත. එලෙසම එන්නත් ලබා නොගෙන් සිටින පුද්ගලයන් විශාල පිරිස ද ඇත්ත වශයෙන්ම එය ඉ‍ටුකිරීමට සමත්වන්නේ නැත.

සමහරුන් එලෙස එන්නත් ලබා නොගෙන සිටින්නේ, විද්‍යාව හෝ රජය කෙරෙහි හෝ අවිශ්වාසය පිළිබඳ ආඛ්‍යානය හේතුවෙනි.  අනෙක් අය  ජීවත් වන්නේ දුප්පත් රටවල වීම තවත් කාරණාවකි. මීට අදාලව පොහොසත් රටවල් තවත් පුළුල් ලෙස පිළිගැනීමට් ලක් වූ ආඛ්‍යානයක්  අවධානයට ලක් කරයි:  වෛරසය වෙනත් රටවල පරිණාමය වී  සමහර විට අපේ රටවල් වෙත ආපසු පැමිණ අපගේ එන්නත් මගහරින එකක් බවට පත් වුවද, එන්නත් පළමුව පොහොසත් රටවලටම ලබාදි යුතුය. ඔය කියන කාරණාවයි, කොවිඩ් වෛරසට ධාරකයෙකු විය හැකි බොහෝ සත්ව විශේෂ පැවතීමයි නිසාවෙන් කොවිඩ් පහව යන්නේ නැත.

අපට බලාපොරොත්තු විය හැකි හොඳම දෙය නම්, එය සමඟ ජීවත් වීමට කවදා හෝ අපගේ ජීවිත අවුල් කර ගන්නේ නැතුව කවදා හෝ කොවිඩ් සමග ජීවත් වීමට හැකි වේය යන්නය. සමහර අවුල් වියවුල් සාමාන්‍ය දේ බවට පත් වනු ඇත: නිවසේ සිට වැඩිපුර වැඩ කිරීම,  මුහුණු ආවරන, පරීක්ෂණ උදාහරන පමණකි.  වඩා හොඳ එන්නත්, ඖෂධ සහ දිගුකල් පවතින් කෝවිඩ්(long Covid) සඳහාප්‍රතිකාර, අඩුම තරමින් ඒවා සපයා ගත හැකි අයව හෝ මරණයට පත් කිරීමට හෝ හානි කිරීමට ඇති ඉඩකඩ අඩු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අවසානයේදී කොවිඩ් කුඩා දරුවන් ලෙස  සැමට ආසාදනය වි, අර්ධ වශයෙන් වුව දිගු කල් පවතින ප්‍රතිශක්තියක් බවට පත්වනු ඇත.   තවද, සෙම්ප්‍රතිශ්‍යාව මෙන් අපට පෞරුදු, අප අතරේ දිගටම පවතින තත්වයක් බවට එය පත් විය හැක.

Covid සමඟ ජීවත් වීම, ඇත්ත වශයෙන්ම, මෙය එළියට එන්නේ කෙසේද, නමුත් අපි අප්‍රේල් වන විට එහි නොසිටිමු. නමුත් එය වසංගත කතාවේ අවසානය නොවේ, මෙම පරිච්ඡේදය පමණි. අපි කොවිඩ් සමඟ සාමාන්‍ය තත්වයට සටන් කළත්, විද්‍යාඥයන් එකඟ වන්නේ තවත් වසංගතයක් ඇති වන බවත්, ඊටත් වඩා ඉක්මනින් විය හැකි බවත්ය. එය නැවැත්වීමට නම් අපි කනස්සල්ලට පත්වන පිපිරීම් හඳුනාගෙන ඒවා පාලනය කිරීමට ඉගෙන ගත යුතුය. මෙය සිදු කිරීම සඳහා අපි තවත් නොමඟ යවනසුලු කථාවක් දැක ගත යුතුය: වසංගතය ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් සහ ප්‍රතිකාරය සොයන වීර විද්‍යාඥයින් අතර හදිසි හා අනපේක්ෂිත සටනක් ලෙස නිරූපණය කරන “පුපුරා යන ආඛ්‍යානය”.

මෙමගින් වන විනාශය, වනජීවී වෙළඳාම හෝ අවදානම් සහිත ගොවිතැන පිළිබඳ දිගු පසුබිම කපා හැර ඇති අතර එමඟින් විෂබීජ මුලින්ම සතුන්ගෙන් අප වෙත පැනීමට ඉඩ ඇත. මෙම රෝග නිසා දැනටමත් අපට වැය වන වියදමෙන් සුළු කොටසක් සඳහා අපට ආමන්ත්‍රණය කළ හැකි හේතු මේවාය.

එහෙත් මෙය කොවිඩ් කතන්දරයේ අවසානය නොවේ; පරිච්ච්ඡේදයක අවසාන යයි. පෙර දක්වූ පරිදි කොවිඩ් , සාමන්‍ය රෝග තත්වයට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙතැයි සිතමු. එහෙත් විද්‍යාඥයන් කියන්නේ තවත් ගෝලීය වසංගත හටගන්නා බවයි. එය වලක්වා ගැනීමට නම් තවත් ආඛ්‍යානයක් බොරු කළ යුතුය: වසංගත හදිසියේ හටගෙන එය හතුරු ක්ෂුද්‍ර ජීවීන් සහ වීර විද්‍යාඥයන් අතර බලාපොරොත්තු නොවන සටනක් බවට පත්වේය යන්නයි.  එය වසංගතයකට පාදක් පාදක වන දිගු කලක් තිස්සේ පවතින සාධක වසන් කරයි. ඒ ආඛ්‍යාන හරිහටි හදුනා ගතහොත් වසංගතයක් පැතිරීමෙන් ඇතිවන අධික වියදමින් සුලු කොටසක් වැය කිරීමෙන්  එම සාධක ගැන වග බලා ගත හැකිය.

නව ආසාදන ගැන නිරතුරුව සෙවිල්ලෙන් සිටීමටත්, ඒව්වට් පිළියම් සෙවීමටත් අපට බහුජාතික ප්‍රයත්නයක් නැතුවම බැරිය.ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ වාර්ෂිකව ඩොලර් බිලියන 31ක් වැය වන බයි. අපි එලෙස කරාවිද? සැම අවස්ථාවක දීම වාගේ එය රඳා පවතින්නේ ආඛයානය මත තමයි.

The Guardian හී පළවන False narratives about Covid left us with millions of deaths – will we challenge them now? නම් ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.