තාරුණ්‍යයේ හඬ ලොවට කියන්නේ කුමක් ද? තාරුණ්‍යයේ නැගීම, තාරුණ්‍යයේ ප්‍රබෝධය, ලොව පුරා අසාධාරනයට, පීඩනයට ලක් ව සිටින ජනතාවට නව ලොවක් පිළිබඳ අළුත් බලාපොරොත්තු ගෙන එමින් තිබේ. තරුණ ජනතාව හඬගා කියන්නේ මොනවාදැයි යන්න පිළිබඳ මෙම අධ්‍යනය ඕස්ට්‍රේලියාවේ පරීක්ෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් වුවද එහිදී තරුන පිරිස් දක්වන අදහස් බාගදා ලොවටම පොදු විය හැකියි.

තාරුණ්‍යයේ හඬ සහ සහභාගිත්වය වනාහී විවාදයකින් තොරවම යහපත් දෙයක්ය යන අදහස, තරුණ කටයුතු සහ සේවාවන් අපට කියා පායි. එහෙත් තාරුණ්‍යයේ හඬ ලෙස නැගෙන්නේ කුමණ තරුණ පිරිසේ ප්‍රකාශනයක් ද? අහුම්කන් ලැබෙන්නේ කාගේ හඬටද? නොසලකා හැරෙන්නේ කුමණ තරුණ පිරිස් ද?
මෑතක ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයන් පිරිසක් මෙල්බන් නුවර අභ්‍යන්තරයේ උත්තර නගරෝපාන්නයෙය් සහ ගීලෝන්ග් කලාපයේ සිදු කළ අධ්‍යනයකින් මේ ප්‍රශ්න සම්බන්දයෙන් සොයා බැලූහ.
පර්යේෂකයන් කොවිඩ් ගෝලීය වසංගතයේ අරාම්භයේ සිට මේ වනතෙක් 80කට වැඩි තරුන ජනතාව සම්මුඛ පරීක්ෂණවලට ලක් කරන ලද්දේ එම ප්‍රදේශවල වසන නොබැඳුණු, ආන්තීකරනයට ලක්වූ, සහ වරප්‍රසාදනොලත් තරුන ජනතාවගේ සිතුවිලි අපේක්ෂා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමිනි. ඔවුනට සොයා දැන ගැනීමට අවශ්‍ය වූ කරුණු අතර:
- මෙකී තරුණ පිරිස් මුහුණ දී ඇති අභියෝග මොනවාද?
- සමහර යෞවනයන්ට හඬක් නැගීමට අවස්ථා ලැබන බව පෙනෙන අතර අනෙක් අයට එසේ නොවන්නේ ඇයි?
- මෙම යෞවනයන් ඔවුන්ගේම අනාගතයේ ක්‍රියාකාරී පාර්ශවකරුවන් බවට පත්වන්නේ කෙසේද?
- මෙම ගතිකත්වය වෙනස් කළ හැක්කේ කුමකින් ද?
වඩා වැදගත් දෙය වූයේ, ඔවුන්ට පහසු යැයි හැඟෙන ආකෘතියකින් — ඒ කියන්නේ ඔවුන්ගේ වෙබ් කැමරාවලට හෝ දුරකථන කැමරාවලට කෙලින්ම කතා කිරීමෙන් ඔවුන්ගේ අදහස් බෙදා ගන්නා ලෙස අප තරුණයින්ගෙන් ඉල්ලා සිටීමයි. ඉතින් ඒ ආකාරයෙන් අදහස් දැක්වීමේ දී මතු වූ පොදු තේමා අතරට ඇතුළත් වූ කරුණු කිහිපයක්:
- වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද, සුරක්ෂිතව වැඩ කිරීමට අවස්ථාව
- වඩා හොඳ මානසික සෞඛ්‍ය සේවාවක අවශ්‍යතාවය
- පාසල වටපිටාවේ පීඩනය
- (ඔවුන්ගේ) අදහස් හ බසට සවන් නොදෙන්නේය යන හැගීමක්
දේශගුණික විපර්යාස සහ පෘථිවියේ අනාගතය ගැන සැලකිලිමත් වීම.
COVID-19 ගෝලීය වස්ංගතයේ සහ ඉන් හටගත් ලොක්ඩවුන් ආදියෙහි අභියෝගයන් මෙන්ම ඉන් ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි ඇති කළ හදි ගැන ගීලෝන්ග් කලාපයේ තරුණ ජනතාව ප්‍රබල ආකාරයෙන් අදහස් දැක්වූහ.
අප කළ කී දේ:
අපට අදහස් දැක්වූ බොහෝ තරුණ තරුණියන් අතුරෙන් බොහොමයක් ජීවත්වන්නේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ අභියෝග, (මානව ජෙනෝමයේ ස්වභාවික විචලකයන් නිසාවෙන් හට ගන්නා ස්නසාවේදීය තත්ත්වයක්වන) ස්නායු විවිධත්වය(neuro-diversity) සහ සාම්ප්‍රදායික අධ්‍යාපනය, පුහුණුව සහ රැකියා මාර්ගවලින් ඈත්වීම ආදිය මධ්‍යයේය. මුල්‍යමය කාරණා හේතුව්වෙන් හටගන්නා අරගල වඩාත් සුලබ විය.

ඔවුන්ගේ ප්‍රජාවන්ට කෙළින්ම ද, එමෙන්ම ඔවුන්ගේ කැමරා දුරකථනයෙන් හෝ වෙබ් කැමරාවකින් ඔවුන්ගේ දායකත්වය රූගත කිරීමෙන් පුළුල් ප්‍රේක්ෂක පිරිසකටද කතා කරන ලෙස අපි තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියෙමු. මෙය අපගේ සම්මුඛ පරීක්ෂකතයන්ගෙන්(interviewees) වඩාත් ස්වාභාවික අදහස් ගලා ඒමක්ට ඉඩකඩ සපයා දුන්නේය. අපි මෙම වීඩියෝ අතුරෙන් බොහොමයක් YouTube සහ Instagram හි පළ කළෙමු.
අපගේ කෘතවේදී සම්මුඛ පරීක්ෂතයෝ, ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම අතර සම්බන්ධතා ගැන මෙන්ම අනාගතය — අධ්‍යාපනය, රැකියාව, සබඳතා සහ ග්‍රහලෝකය වටා ඇති අනාගතය ගැන ඔවුන්ට හැඟෙන බලාපොරොත්තු, අභිලාෂයන් සහ කනස්සල්ල ගැන විවෘතව කතා කළහ.
ගීලෝන්ග් හී වස තර්න ජනතාව ඔවුන්ගේ අභිලාෂයන් ගැන ප්‍රබලව අදහස් දැක්වූහ.


තරුණ පිරිස් අපට කී දෑ
උදාහරණයක් ලෙස, 16 හැවිරිදි Ruby, ගන්න. ඇය Geelong හි තම පවුල සමඟ ජීවත් වන්නියකි. රැකියාවක් සොයමින් සිටින අතර, Vඉච්ටොරිඅන් ඡෙර්ටිෆිචටෙ ඔෆ් Aප්ප්ලීඩ් ළේර්නින්ග් (පාසලේ 11 සහ 12 වසර සඳහා විකල්පයක්) ඇයගේ ප්‍රාදේශීය ඨ්AFE හි ඉගෙනුම ලබයි. ඇය අපට මෙසේ පැවසුවාය.
…] යම් ආකාරයක කනස්සල්ලකින් හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට ඔවුන් කියාවි ‘ඔන්න් ඔහේ නිස්කල්කව ඉන්න‘ වගේ දෙයක් කියාවි. ඒ වුනත් මම හිතන්නේ අපි ගොඩක් දෙනාට ඒක අල්ලන්නේ නැහැ. මම හිතන්නේ අපට අවශ්‍ය වන්නේ අපට වඩාත් හොඳින් ඇහුම්කන් දෙන කිහිප දෙනෙකුවත් වගේම් මම සිතන්නේ අපට අවංකවම සැලකිලිමත් වන කිහිප දෙනෙකුවත් අවශ්‍ය බවයි.
24 හැවිරිදි එමිලි ජීවත් වන්නේ ඝීලොන්ග් හි කොටසෙහි පොදු වාසස්ථානයක ය. ඇය සමාජසේව කටයුතු ගැන අධ්‍යයනයක නිරතවන නමුත් ඇය පසුවන්නේ අනාගතය ගැන අවිනිශ්චිතතාවයකිනි.
‘මට අනාගතය ගැන බලාපොරොත්තුවෙන් සිටීමට අවශ්‍යයි, ඒ වුනාට අවංකවම කිව්වොත්, මම ඒක හරියටම දන්නේ නැහැ. මට නම් හැඟෙන්නේ රජය අවධානය යොමු කරන්නේ යම් ආකාරයකින්, ඊළඟ මැතිවරණයේ ඔවුන්ව තෝර්ර පත්කරාන ඡන්දදායකයින්ට අවශ්‍යවන දේ කෙරෙහි පමනයි’.
12 වසරේ ඉගෙනුම ලබන සහ මෙල්බර්න් උපනගරයේ ෆිට්ස්රෝයි හි ජීවත් වන රූත්, ඇගේ ජීවිතය සහ අනාගතය පිළිබඳ ඇගේ බලාපොරොත්තු ගැන කතා කළාය:
ඔලමොට්ටල දේශපාලකයනි, නුඹලා අඩුවන තරමටයි හොඳ
මම ඇත්තටම සතුටු වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න කැමතියි. මට ඇත්තටම පුදුම විදිහට සලකනකෙනෙක්. මට සතුට ගෙන එන කෙනෙක්.
දැන් 20 වෙනි වියේ පසුවන ඇස්ට්‍රිඩ් 2020 Fitzroy හී සමාජ නිවාස යෝජන ක්‍රමයක ජීවත්වූයේ ඇගේ මව සහ පූස් පැටියා සමගයි. දුෂ්පඨනතාවෙන්(dyslexia) (කියැවීමට ඉගෙන ගැනීමේ අපහසුතාවය) පෙලෙන ඇය අභියෝග රාශියකට මුහුණපායි.
මගේ ලොකුම බලාපොරොත්තුව දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ඔවුන් සොයා ගැනීමයි. අනේ නෑ මම කියපු දේ ආඅපහු ගන්නවා. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රිය කරන්නේ කෙසේදැයි ඔවුන් දන්නවා. ඔවුන් ඒක ඇත්තටම ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
තව එකක්. තරුණ තරුණියන්ට දැනට වඩා දායකත්වයක් ලබා ගැනීම අවශ්‍ය බව ප්‍රජාව මෙහෙයවන පුද්ගලයින්ගේ අවධානයට ලක් වනු ඇතැයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ට තමන්ම වෙන්න පුළුවන් කියලා දැනෙන තැනක්’.

සමහර යෞවනයන් සීමා මායිම්වල සිටින බවක් පෙනෙන්නේ ඇයි?
බොහෝ විට, පොදු කතිකාවන් හී සහ මාධ්‍ය ආඛ්‍යාන() තුළ ඉස්මතු කෙරෙන තරුණ හඬවල් දරිද්‍රතාවයෙන් හෝ වෙනත් නොහැකියාවෙන් ජීවත් වන අයගේ හඬවල් සල්ලිභාගය හඔඳ හැටි ඇති, බොහෝ විට මුදල් ගෙවා පුද්ගලිකව ඉගෙනීම ලැබූ ධනවතුන්ට හොඳින් සේවය කරන ක්‍රමයක ප්‍රතිලාභීන් තමයි.
“පරිපීඩිත”(“subaltern”) කන්ඩායම් යනු බොහෝ විට විවිධ ආකාරයේ අනර්ථයන්ට, අවාසි සහගත තත්ත්වයට මුහුණ දෙන පුද්ගලයන් වන අතර, ඔවුන්ගේ පීඩනය හැඩගස්වන ක්‍රියාවලීන් වෙතින් ඔවුනට පිහිටක් ලබාගැනීමට අවකාශ නොලබන්නන්ය. ඔවුන්ට හඬක් නැගීමට හැඉයාවක්, අවස්ථාවක් නැත.
මෙම තරුණ, ආන්තික පුද්ගලයින් සමඟ අපගේ සාකච්ඡාව මෙම අදහස් වෙතම නැවත යොමු වන අතර, සීමා මායිම්වල සිටින තරුණයින් ඉල්ලා සිටින දේ සමීපව සලකා බලන්නැයි බලකෙරේ:
“ඔවුන්ගේ ජීවිත හැඩගස්වන මෙන්ම අනාගතය සඳහා බලාපොරොත්තු වීමට හේතුවක් සපයන වැඩිහිටියන් අතර සිටිනා “වඩා හොඳ ඇහුම්කකන්දෙන්නන්” .
තරුණ ස්වීඩන් දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන Greta Thunberg මෙසේ පවසන්නීය:
“අපගේ බලාපොරොත්තුව, අපේක්ෂාව කුමක්දැයි තීරණය කිරීමට බලයේ සිටින ජනතාවට තවදුරටත් ඉඩ දිය නොහැකියි. බලාපොරොත්තුව යනු දොඩව දොඩව ඉන්න එක නොවේ. බලාපොරොත්තුව කියන්නේ ඇත්ත ප්‍රකාශ කරන එක. බලාපොරොත්තුව කියන්නේ ක්‍රියාමාර්ගවලට එළඹෙන එක. ඉතින් ඒ වගේම බලාපොරොත්තුව හැම විටම එන්නේ ජනතාවගෙන්”.
The conversation(April, 7th) හී පළවන Climate change, mental health services, a better education system: what marginalised young people told us needs to be fixed යන ලිපිය ආශ්‍රයෙනි