ව්‍යවස්ථාවාදය(constitutionalism)

Posted by

ව්‍යවස්ථාවාදය

ව්‍යවස්ථාවාදය (constitutionalism – ව්‍යවස්ථානුකූලතාව යනුවෙන් ද දැක්වේ) යනු බොහෝ විට පොත්වල සහ ලිපිවල මාතෘකාවේ දක්නට ලැබෙන්නක් වන  නමුත් ඒවායේ පෙළෙ හි කලාතුරකින් සලකා බලන යෙදුමකි. පොදුවේ ගත් කල, ව්‍යවස්ථානුකූලවාදය යනු කුමක්දැයි අප දන්නා බව උපකල්පනය කරනු ලබන අතර, එහෙයින්ම තවදුරටත් විමසා බැලීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැත. ව්‍යවස්ථාවාදය යනු, ව්‍යවස්ථාමය සීමාවන් නීත්‍යානුකූලව බලාත්මක කිරීම සඳහා වන පර්යාය පදයක් ලෙස සලකනු ලැබේ.  නො එසේනම්, එය සමහරවිට, එම සීමාවන්ගේ උප කුලකයක් විය හැකියි; එය,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පටිපාටියක අභිමත, සමහර විට අත්‍යවශ්‍ය අංගයක් ලෙස පවා සැලකේ. මෙම නීතිමය සීමාවන්ගේ සඵලතාවය සහතික කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා වෙත අවධානය වේගයෙන් යොමු වේ.  ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම සරල අවබෝධය අභියෝගයට ලක් වන්නකි: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය යනු මුළුමනින්ම රාජ්‍ය බලයට ඇති සීමාවන් ලෙසින් දකින අයට, මතවාදයේ වැදගත් අංගයක් මග හැරී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදයට ඵලදායී සහ නිපුණ රාජ්‍ය ආයතන සමූහයක් නිර්මාණය කිරීම ද අවශ්‍ය වේ; එයට ධනාත්මක මානයක් ඇත.   

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරීක්ෂා කිරීම අදියර තුනකින් සිදු කළ හැකිය.  පළමුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිබඳ පොදු අවබෝධය සමීක්ෂණය කරනු ලැබේ. මෙය ව්‍යවස්ථානුකූලවාදය බොහෝ දුරට සෘණාත්මකව ඉදිරිපත් කරයි: රාජ්‍යයේ සීමාවන් සමූහයක් ලෙස.වන බැවින් ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම අවබෝධය ආකර්ශනීය නොවන බව තර්ක කරනු ඇත

ව්‍යවස්ථාවාදය  පරීක්ෂා කිරීම අදියර තුනකින් සිදු කල හැකිය. පළමුව,  ව්‍යවස්ථාවාදය පිළිබඳ පොදු අවබෝධය සමීක්ෂණය හෙවත් පරීක්ෂාවට ලක් කිරීමයි.. මෙය ව්‍යවස්ථානුකූලවාදය, රාජ්‍යයේ සීමාවන් සමූහයක් ලෙස බොහෝ දුරට සෘණාත්මකව ඉදිරිපත් කරයි.  එබැවින් ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම අවබෝධය ආකර්ශනීය නොවන බවට කෙනෙකුට තර්ක කල හැකිවේ. මන්ද, එය අපගේ ප්‍රජාවන් තුළ රාජ්‍යයන් ඉටු කරන ධනාත්මක භූමිකාව හඳුනා ගැනීමට අපොහොසත් වන හෙයිනි. රාජ්‍ය ආයතන සීමා කිරීමක් අවශ්‍ය විය හැකි නමුත් පොදු යහපත ගෙන ඒමට උපකාර කළ හැකි අයුරින් ඒවා  ඵලදායී විය යුතුය.  ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම ඍණාත්මක අවබෝධය රඳා පවතින්නේ රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ දුර්වල අවබෝධයකිනි; එපමණක් ද නොව එය ව්‍යවස්ථාවාදය හා සම්බන්ධිත මූලධර්ම පිළිබඳ දුර්වල අවබෝධයකට ද මග පාදයි.

දෙවනුව, ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙකී සෘණාත්මක ආඛ්‍යානය බෙහෙවින් ප්‍රචලිතව ඇතත් එය ව්‍යවස්ථාවාදය පිළිබඳව අප සතු එකම අවබෝධය නොවේ.  Constitutionalism: Ancient and Modern යනුවෙන් නම් කෙරුණු, මේ විෂය පිළිබඳ චාල්ස් මැක්ල්වේන්ගේ සම්භාව්‍ය කෘතිය භාවිතා කරන විට  ව්‍යවස්ථාවාදය පිළිබඳ සාහිත්‍යය තුළ සොයා ගත හැකි විකල්ප, ධනාත්මක, අවබෝධයක් ද ඇති බවට තර්ක කළ හැකිය. 

තුන්වෙනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම ධනාත්මක සංකල්පය ආකර්ශනීය බව තර්ක කරනු ලැබිය හැක්කේ, එය රාජ්‍යය පිළිබඳ සාරවත් හා වඩාත් ආකර්ශනීය ආඛ්‍යානයකින් ව්‍යුත්පන්න කළ හැකි නිසාත්, අනෙක් අතට, එය ව්‍යවස්ථාමය මූලධර්ම පිළිබඳ වඩාත් සාරවත් හා ආකර්ෂණීය ගොනුවක් ජනනය කරන නිසාත් ය.  මෙම කරුණු දැක්වීමේදී ඉදිරිපත් කරන ලබන ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ වාර්තාව, මාතෘකාව පිළිබඳ පැරණි සාහිත්‍ය බොහෝමයක් සමඟ වර්ග කළ හැකි එකක් පමණක් නොව, දැනට ශාස්ත්‍රීය කතිකාවතෙහි ආධිපත්‍යය දරන ව්‍යවස්ථාවාදයේ සරල සෘණාත්මක ආඛ්‍යානයන්ට වඩා සදාචාරාත්මකව ආකර්ශනීය එකකි.

සෘණාත්මක ව්‍යවස්ථාවාදය

බොහෝ විට විද්වත් ලේඛනවල දක්නට ලැබෙන සහ, එය මෙලෙස පවතින තාක් දුරට ශාස්ත්‍රාලයීය ප්‍රජාවෙන් පරිබාහිර මූලධර්මය පිළිබඳ ජනප්‍රිය අවබෝධය ලෙසින් දැක් විය හැකි ව්‍යවස්ථාවාදය පිළිබඳ පොදු අවබෝධය මගින් ව්‍යවස්ථාවාදය සලකණු ලබන්නේ සෘණාත්මක ලෙසයි: ව්‍යවස්ථාවාදය, සීමිත (බලයක් සහිත) රාජ්‍යයක් සඳහා වූ ඉල්ලුමක් සමඟ සමකර සැලකීමයි. Giovanni Sartori පවසන පරිදි,  ව්‍යවස්ථාවාදය ඉල්ලා සිටිනු ලබන්නේරාජ්‍යයේ අත්තනෝමතික බලය සීමා කරන ලෙසයි. මෙම සීමාවන් වඩාත් යථාතථ්‍ය ලෙස පෙන්වාදීමට  තවත් සමහරු උත්සාහ කර ඇත. සමහර විට ව්‍යවස්ථානුකූලවාදය රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට සහ මහජන පරමාධිපත්‍යයට හෝ බලතල බෙදීමට හෝ බලතල බෙදීමට සහ මානව හිමිකම්වලට බැඳ තබනවා විය හැකියි.

මෙම මූලධර්ම සමහරකට හෝ සියල්ලට ඇති කැපවීමකට අමතරව, ඒවා(මූලධර්ම) යම්  ආකාරයකට රාජ්‍යය සීමාකිරීමට ලක් කරන බව පෙනේ: නීතිය හරහා සහ, වඩාත් නිශ්චිතව කීවොත්, විනිසුරුවරුන් විසින් එම මූලධර්ම ක්‍රියා කරනු ලැබීම හරහා රාජ්‍යය සීමාකිරීමට ලක් කරන බව පෙනේ.  මෙම මූලධර්මවලට පටහැනිව ක්‍රියාත්මක වන රාජ්‍යයේ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව විනිසුරුවරුන් සතු කර ගැනීම සහ (එම හැකියාව) ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවන් ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කිරීමේ බලය උසාවිය සතු වන්නාවූ ප්‍රබල ආකාරයේ අධිකරණ සමාලෝචන ව්‍යවස්ථානුකූලවාදයේ සමහර අර්ථ දැක්වීම් අනුව, මූලධර්මයේ අවශ්‍ය ලක්ෂණයකි. නීතියේ අධිකාර ක්ෂේත්‍රය මගින් දේශපාලන සීමා කිරීම සහ නියාමනය කරණු ලැබීම ව්‍යවස්ථාවාදයට   අවශ්‍ය වේ. ඊට අදාලව, සමහර විට ව්‍යවස්ථාවාදය සහ පැලපදියම්වීම අතර සම්බන්ධයක් දැක්වේ: විනිසුරුවරුන් රාජ්‍ය ආයතනවලට එරෙහිව මෙම මූලධර්ම ක්‍රියාත්මක කරනවා පමණක් නොව, ව්‍යවස්ථාදායකයට අධිකරණ තීරණ අභිබවා යාමට හෝ අධිකරණ බලයේ විෂය පථය වෙනස් කරණු වස් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායකයේ හැකියාව  සීමා කිරීම ද ව්‍යවස්ථාවාදයට අවශ්‍ය වේ. ව්‍යවස්ථාවාදයේ අවරෝධ(stictures), ව්‍යවස්ථාදායකයට මෙන්ම විධායකයට ද අදාළ වන බව පෙනේ.

ව්‍යවස්ථාවාදය සහසුද්දෙන්ම සෘණාත්මකව තේරුම් ගන්නා අය එසේ කරන්නේ රාජ්‍යය පිළිබඳ ඔවුන්ගේ සංකල්පය නිසා විඅය හැකිය. රාජ්‍යයේ  සමකාලීන විස්තර දැක්වීම් බොහොමයකට, දනුවත්ව හෝ නොදැනුවත්ව-මැක්ස් වෙබර්ට(Max Weber) ණයගැති විය යුතුවේ. වෙබර් දක්වන අන්දමට, රාජ්‍යය යනු ‘එක්තරා නිශ්චිත  ප්‍රදේශයක් තුළ භෞතික බලය නීත්‍යානුකූලව භාවිතා කිරීමේ ඒකාධිකාරය (සාර්ථකව) උසුලන මානව ප්‍රජාවකි’. රාජ්‍යයේ මෙම විග්‍රහය, විශේෂිත ආකාරයේ හිමිකම් පෑමක් — එනම් නීත්‍යානුකූල භාවය පිලිබඳ ප්‍රකාශයක්,  විශේෂිත සමාජ පාලන ක්‍රමයක් — බලය යෙදවීම සමග ඒකාබද්ධ කරයි. රාජ්‍යය සහ එහි සාමාජිකයන් අතර සම්බන්ධය ආරම්භ වන්නේ නීත්‍යානුකූල භාවය සඳහා හිමිකම් පෑමකින් වසා සරසන ලද ආධිපත්‍යය දරන අවකාශයක සිට ය. රාජ්‍යය එහි ජනතාව සහ එහි ප්‍රදේශය කෙරෙහි බලය ක්‍රියාත්මක කරන අතර, මෙම බලය ක්‍රියාත්මක කරන විට එය නීත්‍යානුකූල යැයි ප්‍රකාශ කෙරේ; ඒ, එමගින්  අණ කරනු ලබන අය එහි අණසකටට අවනත විය යුතු බව අවධාරණය කරමිනි.

එසේනමුත් මෙම අංශ දෙක අතර වැදගත් වෙනසක් ඇත. රාජ්‍යයක් පැවතීමට නම්, ඒ රාජ්‍යයේ ජනතාවගේ අනුකූලතාව යම් දුරකට සුරක්ෂිත කිරීමට හැකි විය යුතු අතර, එයට(රාජ්‍යයට) නීත්‍යානුකූල භාවයක් ඇත යනුවෙන් කියාපෑම  සම්පූර්ණයෙන්ම අසත්‍ය විය හැකිය.  රාජ්‍යය පිළිබඳ වෙබර්ගේ සංකල්පය මගින් මනාව ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය සහිත සහ පීඩාකාරී ආඥාදායකත්වයන්  සහිත රාජ්‍යයන් අතර වෙනස හඳුනා ගනු නොලැබුණි;  මෙම ඒ ඒ ස්වරූපය ක්‍රියාත්මක රාජ්‍යයක්ම  තම ජනතාවට සාර්ථක අණදීමට හැකි  විය හැකි අතර, ඒ සෑම එකක්ම නීත්‍යානුකූල භාවයට හිමිකම් කියයි.  මේ කියාපෑම දෙවැන්නට වඩා පළමු අවස්ථාවෙහි වඩාත් පිළිගත හැකිය යන්න,  ආයතනයක් ලෙස රාජ්‍යය පිළිබඳ අපගේ අවබෝධය සලකද්දී,  අදාළ නොවේ. රාජ්‍යය පිළිබඳ මෙම අවබෝධයෙන් ව්‍යවස්ථාවාදයේ ඍණාත්මක ආකෘතියක් මතුවන්නේ කෙසේදැයි සිතීම පහසුය.  ඒ පිළිබඳව අප තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

The Principles of Constitutionalism by N. W. Barber (© N. W. Barber 2018. Published 2018 by Oxford University Press.) යන ග්‍රන්ථය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.