උද්ධමනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය කර ඇති ඓතිහාසික වැරැද්ද

Posted by

ස්‍රී ලනකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බූදයකට මුහුණ පා සිටින අපට අපේ අර්බුදය ගැන මිස ගෝලීය තත්ත්වයන් කෙරෙහි අවධානය ගිලිහී යා හැකිය. මේ ලිපියෙන් පැහදිලි කෙරෙන පරිදි අමරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය කර ඇති ඓතිහාසික වැරැද්දකින් පසුව ඇතිවන තත්ත්වය ලෝක ආර්ථිකය ගන්නා මාවත නියම කරනු ඇත.

රටක උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක තබා ගැනීමෙන් ආර්ථිකය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට එරට මහ බැංකුව කටයුතු කළ යුතුය. එහෙත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිතයට භයානක අන්දමින් එහි පාලනය අහිමි වී ගොස් ඇත් බවක් පෙණීයයි. මේ වසරේ මාර්තු මාසයේදී පාරිභෝගික මිල ගණන් පෙර වසරකට වඩා 8.5% කින් වැඩි විය, එය 1981 සිට වේගවත්ම වාර්ෂික ඉහළ යාමයි. වොෂින්ටනයේ උද්ධමනය නිරීක්ෂණය කිරීම සාමාන්‍යයෙන් පවරී ඇත්තේ අවශ්‍ය දෙයට වඩා සුළු දේවල් ගැන අවධානය යොමු කරන බක පණ්ඩිත නිලධාරීන් වෙතය.  දැන් ඇමරිකානුවන්ගෙන් පහෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් පවසන්නේ උද්ධමනය රටේ වැදගත්ම ගැටලුව බවයි; මේ තත්වය හමුවේ, පෙට්‍රල් මිල පාලනය කිරීමට ජනාධිපති ජෝ බයිඩන් උපායමාර්ගික වශයෙන් එ රට තබා ගෙන සිටින සංචිතවලින් තෙල් මුදා හැර තිබේ; මේ දිනවල ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ වරද පැටවීමට දේශීය බඩගැති අධිකාරීන්ගේ  සිට ව්ලැඩිමීර් පුටින් දක්වා මීට වගකිව යුත්තන් සොයමින් සිටිති.

කෙසේ වෙතත්, උද්ධමනය නතරකිරීම සඳහා මෙවලම් තමන් සතුව තිබූ මහ බැංකුව,  ඒවා නියමිත වේලාවට භාවිතා කිරීමට අපොහොසත් වී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ, උද්ධමනය ඉලක්ක කරගත් මහ බැංකු 30 වසරක කාල පරිසරයක් තුළ  විශාල හා ප්‍රබල ආර්ථිකයක් මෙතෙක් මුහුණ් පා ඇති  දරුණුතම ඉරණමකට පත්වීමයි. ශුභාරංචිය නම් උද්ධමනය අවසානයේ උච්චස්ථානයට පැමිණි නතර විය හැකි හැකි බවයි. එහෙත් ෆෙඩරල් සංචිතයේ 2% ඉලක්කය තවදුරටත් බොහෝ ඈතින් පවතිනු ඇත්තේ වේදනාකාරී වර්ණයන් වෙත යාමට මහ බැංකුව මත  බල කිරීම් ඇති කරමිනි. එසේ වුවද, ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් දෝෂාරඕපනයෙන් ගලවා ගැනීම වෙනුවෙන් පෙණී සිටින ක්ෂමාලාපකයින් පෙන්වා දෙන්නේ යුරෝ මුදල් ඒකකය භාවිත කලාපයේ 7.5% සහ බ්‍රිතාන්‍යයේ 7% ක වාර්ෂික මිල ඉහල යාම ගෝලීය ගැටලුවක සාක්ෂි ලෙස, විශේෂයෙන්ම රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු  භාන්ඩ මිල ඉහල යාමේ සාක්ෂි වශයෙනි. යුරෝ කලාපයේ උද්ධමනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයකට වග කිව යුතු යයි සැලකෙන්නේ බලශක්තිය සහ ආහාර මිල ගණන් ඉහළ යාමට හේතුවයි.

කෙසේ වෙතත්, ශල්ක වායු(shale gas) බහුලව තිබීමේ වාසිය අත්පත් කර ගැනීමට අමරිකාවට හැකි නමුත්, ඉන් ලබන ඉහළ ආදායම හේතුවෙන්  සාමාන්‍යය මිල කෙරෙහි  ප්‍රධාන ද්‍රව්‍යවලින් ඇතිවන්නේ සුළු  බලපෑමකි. බලශක්තිය සහ ආහාර වලින් ඇතිවන බලපෑම ඉවත් කළොත්  යුරෝ කලාපයේ උද්ධමනය 3% කට බසී. එනමුත්  ඇමරිකාවේ උද්ධමනය 6.5%කි. එසේම, ඇමරිකාවේ ශ්‍රම වෙලඳපොල, යුරෝපයේ මෙන් නොව, පැහැදිලිවම ගිනියම් වෙමින් පවතින්නේ වැටුප් සාමාන්‍ය වේගය 6%කට ආසන්න වේගයකින් වර්ධනය වෙමිනි. තෙල්, පාවිච්චි කරන ලද මෝටර් රථ සහ නැව්ගත කිරීමේ මිලෙහි මෑතකාලීන පහත වැටීම් හේතුවෙන් සමහර විට ඉදිරි මාසවලදී උද්ධමනය පහත වැටෙනු ඇත. නමුත් මිල මත පදනම් වන ඉහල පීඩනය සැලකිල්ලට ගන්නා විට එය ඉතා ඉහල මට්ටමක පවතිනු ඇත.

2021 මාර්තු මාසයේදී සම්මත වූ බයිඩන් ජනාධිපතිවරයාගෙ  ඩොලර් ට්‍රිලියන 1.9ක මූල්‍ය උත්තේජකය නිසා අමරිකාව අද්විතීය මාවතක ගමන් කරමින් සිටියි. වටයෙන් වටය දිගින් දිගටම  වියදම් කිරීමෙන් පසු දැනටමත් වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබූ ආර්ථිකයකට එය අමතර අරුතක් එක් කළ අතර මුළු ගෝලීය වසංගත උත්තේජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%  දක්වා ගෙන ආවේය.  එය ලෝකයේ පොහොසත් රටවල ඉහළම අගයයි. ධවල මන්දිරය වේගවත් මාවතකට පිවිසෙද්දී, මහ බැංකුව තිරිංග යෙදිය යුතුව තිබුණි.  එහෙත් මහ බැංකුව එය කළේ නැත. එහි දෙගිඩියාව අර්ධ වශයෙන් පැන නගින්නේ වසංගතය අතරතුර ආර්ථිකයේ මාවත පුරෝකථනය කිරීමේ දුෂ්කරතාවයෙන් සහ අවසානයක් දකිණු පිණිස ක්‍රියා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින් අතරේ ඇති ප්‍රවණතාවයෙනි. 2007-09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු දශකයේ වැඩි කාලයක් ආර්ථිකය පසුබෑමට ලක්ව තිබූ අතර මුදල් ප්‍රතිපත්තිය ඉතා දැඩි විය. උද්ධමනයේ නැවත පැමිණීම පුරෝකථනය කිරීම රජයේ පරීක්ෂාවෙන් ආරක්ෂා වී සිටි අය සඳහා විය.

එහෙත් මහ බැංකුවේ අසාර්ථකත්වය ගෝලීය වශයෙන් මහ බැංකුකරුවන් අතර කපටි වෙනසක් ද පිළිබිඹු කරයි.  The Economist විශේෂ වාර්තාවක් පැහැදිලි කරන පරිදි, ලොව පුරා බොහෝ දෙනෙක් ව්‍යාපාර චක්‍රය කළමනාකරණය කිරීමේ ආකර්ෂණයක් රහිත වැඩ ගැන සෑහීමකට පත් නොවන අතර දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ සිට ඩිජිටල් මුදල් මුද්‍රනය කිරීම දක්වා වඩාත් ආකර්ෂණීය කාර්යයන් කිරීමට කැමැත්තක් දක්වයි. ෆෙඩරල් මහ බැංකුවේ මෙම වට මාරුව පුළුල් මත පදනම් වූ  ප්‍රතිසාධනයක් හඹා යන  බවට වූ පොරොන්දු වලින් පැහැදිලි විය. උද්ධමනය හට ගන්වන ඉහළ  විරැකියා අනුපාතය මහ බැංකුවලට පාලනය කළ හැකි දෙයක් නොවන බව සෑම උපාධි අපේක්ෂකයෙකුම දැන උගෙන ගන්නා කාරණාවක් බව මෙම වටමාරුව මගින් නොසලකා හරින ලදී.

2020 සැප්තැම්බර් මාසයේදී ෆෙඩරල් බැංකුව සිය නව අදහස් ගොනු කළේ රැකියා නියුක්තිය දැනටමත් එහි උපරිම ධරා ගත හැකි මට්ටමට ළඟා වන තුරු පොලී අනුපාත කිසිසේත් ඉහළ නොයන බවට පොරොන්දු වීමෙනි. එහි(ෆෙඩරල් බැංකුව) ප්‍රතිඥාව, වක්‍රරීඛාව බොහෝ පහළට වැටෙන බව  සහතික කරන්නට සමත් විය. වොෂින්ටනයේ ක්‍රියාකාරී ආයතන කිහිපයෙන් එකකට සමහිමිකම්වාදි ආචාරධර්මයක් ආරෝපණය කිරීමට අවශ්‍ය යයි අදහස් කරන වාමාංශික ක්‍රියාකාරීන් විසින් ඊට සතුට පළ කරන ලදී.

එහි ප්‍රතිඵලය වූයේ අවුලකි. එය නිරවුල් කිරීමට ෆෙඩරල් මහ බැංකුව  උත්සාහ කරමින් සිටින්නේ දැන්ය. . දෙසැම්බරයේදී මහ බැංකුව මේ වසරේ පොලී අනුපාත ඉහල යාමේ ප්‍රතිශත ලක්ෂ්‍ය 0.75ක තරම් සුළු ප්‍රමාණයක් වෙතැයි පුරෝකථනය කළේය. අද බලාපොරොත්තු වෙන්නේ ඒකක 2.5ක වැඩිවීමකකි . ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මූල්‍ය වෙලඳපොලවල් දෙකම සිතන්නේ උද්ධමනය පහතට ගෙන ඒමට මෙය ප්‍රමාණවත් වනු ඇති බවයි. ඔවුන් බොහෝ විට නැවතත් ශුභවාදී වූවා විය හැකියි. උද්ධමනය පාලනය කිරීමේ සාමාන්‍ය ක්‍රමය නම්, අනුපාතයන් ඒවයෙ මධ්‍යස්ථ මට්ටමට යටින් පවතින උද්ධමනය ඉහළ යාමට වඩා වැඩි අගයකින් එසවීමයි.  එය 2007 සිට නොදුටු 5-6% ක ෆෙඩරල් අරමුදල් අනුපාතයකට යොමු කරයි.

එපමන ඉහල අනුපාත ඉහල යන මිල පලනය කරනු ඇතත් ඒ  අවපාතයක් නිර්මානය කරමිනි.. පසුගිය වසර 60 තුළ,  පසුබෑමක් ඇති නොකර ඇමරිකාවේ ආර්ථිකය මන්දගාමී කිරීමට ෆෙඩරල් බැංකුව සැලකිය යුතු ලෙස සමත් වී ඇත්තේ අවස්ථා තුනකදී පමණි. උද්ධමනය අද මෙන් ඉහළ මට්ටමකට යාමට ඉඩ දී එය කිසි විටෙකත් එසේ කර නැත.

එබැවින් යුරෝපයේ බලශක්ති සුරක්ෂිතභාවය සහ Covid-19 මර්දනය කිරීමට චීනය දරන අරගලය සමඟ අවදානම් තුනක කොටසක් ලෙස ඇමරිකාවේ ආර්ථික සංකෝචනය ගෝලීය ආර්ථිකය වෙත එල්ල කෙරෙන තුන් වැදෑරුම් බලපෑමක් ලෙස පවතී. විශේෂයෙන්ම දිළිඳු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට මහ බැංකුව තියුනු ලෙස  අනුපාත ඉහළ යවීමේ හේතුවෙන් අහිමි වීමට බොහෝ දේ ඇත, එය ප්‍රාග්ධන ආයෝජන අධෛරමත් කිරීමට මෙන්ම විනිමය අනුපාත අවාසිදායක බවට පත් කිරීමට හේතුවේ.  විශේෂයෙන් ගෝලීය අවපාතයක් එම් රටවල අපනයන සඳහා ඉල්ලුම අඩු කරයි නම් මෙය තවත් අවාසිදායක වනු ඇත..

එවැනි අපහසු ආර්ථිකතීන්දු තීරන ඉදිරිපත් කිරීමට තරම් දහිරියක් මහ බැංකුවට  තිබේද? බොහෝ ආර්ථික විද්‍යාඥයින් ඉහල උද්ධමනය වෙනුවෙන් පෙනී සිටින්නේ, දිගු කාලීන පොලී අනුපාත සමගාමීව ඉහල යන නිසා, ඒවා බිංදුවට බැසීම තවදුරටත් වලකන නිසාය. මන්ද, අර්බුදයකදී  ඊටත් වඩා කපා හැරීමට අපහසු වන බැවිනි. උද්ධමනය දැනටමත් ෆෙඩරල් ආන්ඩුවට උපකාර කරන්නේ එහි ණයවල සැබෑ වටිනාකම හැකිලීමෙනි. 2025 දී පමණ, ෆෙඩරල් බැංකුව එහි ප්‍රතිපත්ති සම්පාදන රාමුව සමාලෝචනය කරන විට, ඉලක්කය ඉහළ නැංවීමට ඊට අවස්ථාව ලැබේ. 2% ගැන විශේෂ දෙයක් සඳන් කිරීමට නැත, මන්ද, ෆෙඩරල් බැංකුව අතීතයේ දී ද එය පොරොන්දු වී තිබීමයි.

විශ්වාසය රඳවා ගැනීම

 ස්ථාවරව පවතින  සහ 2%ක් තරමේ (එතරම් ඉහළ මට්ටමක නොවන)  උද්ධමනය සැබෑ ආර්ථිකය සඳහා දරාගත හැකි නමුත්,  මහ බැංකුවේ වර්තමාන ස්ථාවරය එවැන්නක් පවා ලබා දිය හැකි බවට සහතිකයක් නොවේ. ඒ වගේම පොරොන්දු කඩකිරීමේ ඵලවිපාක ඇත: එය, ඩොලර් ට්‍රිලියන 4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හිමි විදේශීය මහ බැංකු සහ ආන්ඩු ඇතුළු දිගුකාලීන බැඳුම්කර හිමියන්ට අවාසිදායකයියි. (2% වෙනුවට 4% කඋද්ධමනයක් පවතින දශකයක් එම කාල සීමාව අවසානයේ ආපසු ගෙවන ලද මුදල්වල මිලදී ගැනීමේ බලය 18% කින් කපා හරිනු ඇත.) එය ඇමරිකාවේ ණය ගැනීමේ පිරිවැයට උද්ධමන අවදානම්දරීමේ අධිමිලක්  එකතු කිරීමට මග පෑදිය හැකිය. ඇමරිකාව පවා උද්ධමනයට මුහුණ දීමේ දී අමැරිකාව දෙන පොරොන්දු කඩ කලහොත්, ලොව අනෙකුත් මහ බැංකු  එයම කරනු ඇතැයි ආයෝජකයින් කනස්සල්ලට පත් විය හැකිය. 1979 සිට 1987 දක්වා වාර දෙකක් ෆෙඩරල් සංචිතයේ අධිපති ධූරය හෙබවූ පෝල් වොල්කර්ගේ පිලිවෙත් හේතුවෙන් 1980 ගණ්න්වල ඇති වූ  අවපාතයන් ලොව පුරා, උද්ධමනය ඉලක්ක කරගත් පාලන තන්ත්‍ර සඳහා අඩිතාලම දැමීය. සෑම මසකම උද්ධමනය දරියය නොහැකි ලෙස ඉහල යද්දී, අමාරුවෙන් දිනාගත් විශ්වසනීයත්වයෙන් තවත් කොටසක් ඒ සමගම  දිය වී යයි.

(ලිපියෙහි ෆෙඩරල් සංචිතාය සහ මහ බැංකුව ලෙස තැනින් තැන සඳහන් වුවත් ඉන් දැක්වෙන්නේ එකම ආයාතනයක් බව සළකන්න – සංස්කාරක)

The Economist (Apr 23rd 2022) හී පලවන Why the Federal Reserve has made a historic mistake on inflation යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.