ගෝලීය උණුසුම්වීම සාගර ප්‍රවාහයන් වේගවත් කරන්නේ ඇයි?
මීට වසර දෙකකට පෙර, සාගර විද්‍යාඥයෝ විස්මිත සොයාගැනීමක් සිදු කළහ: මානව ක්‍රියා නිසාවෙන් හටගන්නා දේශගුණික විපර්යාස නිසා සාගර උණුසුම් වී තිබෙනවා පමණක් නොව, ඒවා හරහා ගලා යන ප්‍රවාහ(currents) 1990 සිට 2013 දක්වා සෑම දශකයකට 15% කින් පමණ වේගවත් වී ඇත. එකල විද්‍යාඥයන් බොහෝ දෙනෙක් සැක කළේ වඩා වේගවත් සාගර සුළං මේ වේගවත්වීමට හේතු වූ බවයි. එසේනමුත් නව ආකෘති අධ්‍යයනයකින් ඇඟිල්ල දිගු වන්නේ වගකීම දැරිය යුතු තවත් වරදකරුවෙකු වෙතය: එනම්,සාගරයේ ඉහළ සිට පහළට උණුසුම් වීමේ ප්‍රවණතාවය වෙතයි. මෙම ප්‍රවණතාව, ජලය වේගයෙන් ගලා යන මතුපිට ස්ථර වලට සංකෝචනයකට මගපාදයි. නිදසුනක් ලෙස දක්වන්නේ නම් අවහිර වූ ධමනි වල රුධිරය මෙනි. අධ්‍යයනයෙන් දැක්වෙන්නේ දේශගුණික විපර්යාස තවදුරටත් සාගර ප්‍රවාහ වේගවත් කරමින්, සාගරයට ග්‍රහණය කර ගත හැකි තාපය සීමා කිරීමටත්, දැනටමත් ආතතියට නැතිනම් පීඩාවට පත්ව ඇති සාගර ජීවීන්ගේ සංක්‍රමණයවීම් අවුල් කිරීමටත් ඉඩ ඇති බවත්ය.

“මෙම යාන්ත්‍රණය වැදගත් ය”යි ඉහත දැක් වූ 2020 අධයනයේ ප්‍රධාන කතුවරයා වූ චීන විද්‍යා ඇකඩමියේ සාගර විද්‍යා ආයතනයේ සාගර විද්‍යාඥයෙකු වන හූ ෂිජියන් පවසයි, “[නව අධ්‍යයන වාරතාව] මතුපිට උණුසුම, ඉහළ සාගර සංසරණය ත්වරණය සමග ඍජුවම සම්බන්ධ කරයි.”
අත්ලාන්තික් සාගරයේ ගල්ෆ් ප්‍රවාහය වැනි සාගර ප්‍රවාහයන් සමුද්‍ර ජීවීන් සඳහා අධිවේගී මාර්ග ලෙස ද, තාපය ඇති කරන සාධක ලෙස ද, සහ කුණාටු වල ධාවකයන් ලෙස ද සැලකේ. ඒ සෑම එකක්ම වැඩිකොටම සුළඟින් මෙහෙයවනු ලබන අතර, ලෝකයේ සියලුම ගංගා එකතු කිරීමෙන් ඇතිවන තරමටම ජලය චලනය කරයි. තවද, ගෝලීය උණුසුම නිසා ඇතිවන තාපයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සාගරය අවශෝෂණය කරන්නේය යන්න නොසලකා බැලුවත්, 2020 වන තෙක්, මෙම ප්‍රවාහ වෙනස් වන බවට සාක්ෂි ඇතොත් ඇත්තේ සුළු වශයෙනි.
Scripps සාගර විද්‍යා ආයතනයේ(Scripps Institution of Oceanography) දේශගුණ විද්‍යාඥයෙකු වන Shang-Ping Xie, Hu Shijianගේ අධ්‍යයනය විමට්ෂණය කළ විට, ඔහු ක්ෂණිකව සැක කළේ මුහුදේ ව්‍යුහය – සුළඟ නොව – (සාගර ප්ර්වාහ) වේගවත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවයි. දේශගුණික විපර්යාස නිසා ඇතිවන අතිරික්ත උණුසුම සාගරය හරහා ඒකාකාරව බෙදී නොයන නමුත් ඒ වෙනුවට එහි(සාගරයෙහි) මතුපිට සාන්ද්‍රණය වන බව ඔහු දැන සිටියේය. මෙය මතුපිට ජලය වඩාත් උත්ප්ලාවකව වැඩීමට හේතු වන අතරම පහත ජලය සමඟ මිශ්‍ර වීමට ඇත් අකමැත්ත වැඩිකරවයි. මෙම ක්‍රියාවලිය මගින් නිර්මාණය කරන ලද නොගැඹුරු මතුපිට ස්තර ලෝකය පුරා සාගර වල දක්නට ලැබේ.
Xie සහ ඔහුගේ සගයෝ ද, නොගැඹුරු ස්තර වල, ප්‍රවාහ ස්වභාවිකවම වේගවත් විය යුතු බව වටහා ගත්හ: ප්‍රායෝගිකව, සුළං මගින් පටු නලයක් හරහා එම ජල ප්‍රමාණයම තල්ලු කරණු ලැබේ. “සමස්ත ප්‍රවාහනය වෙනස් කළ නොහැකි යැයි උපකල්පනය කරන්නේ නම්, ප්‍රවාහනය කරන දේවල් වේගවත් වනු ඇත,” Xie පවසයි.

එම උපකල්පනය පරීක්ෂා කිරීම පිණිස, Xie ගේ කණ්ඩායම ලෝකයේ සියලුම සාගරවල දේශගුණික ආකෘතියක් වෙත යොමු විය. පර්යේෂකයෝ අනෙක් සියලුම විචල්‍යයන් ස්ථාවරව තබා ගනිමින් එක්කෝ සුළං, ලවණ ගතිය හෝ මතුපිට උෂ්ණත්වයන් ඉහළ නැංවූහ. උෂ්ණත්වයන් පමණක් වේගවත් කිරීම, සාගර ප්‍රවාහයන්ට සාගර මතුපිටින් 77%කට වඩා වේගවත්කරවන්නට හේතුවිය. එය විශාලතම වැඩිවීම බව අප්‍රියෙල් 20 දා Science Advancesහී ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් සොයා ගන්නා ලදී. එක් කැපී පෙනෙන ව්‍යතිරේකයක් වූයේ ජල ගුල්ම ප්‍රවාහය(the Gulf Stream). (මීට) සම්බන්ධයක් නොමැති හේතුවක් නිසාවෙන් ජල ගුල්ම ප්‍රවාහය මන්දගාමී විය හැකි ය: ආක්ටික් අයිස් දිය වන විට, එය උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලා බසින, ලුණු සහිත ජලය තනුක කර ප්‍රවාහය උතුරු දෙසට ඇද දමයි.
Scripps හි භෞතික සාගර විද්‍යාඥවරියක වන Sarah Gille පවසන්නේ “මෙය කුතුහලය අවුස්සවන සුළු සොයාගැනීමක් සහිත රසවත් අධ්‍යයනයකි. “අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ ඔබ සාගරය ඒකාකාරව උණුසුම් කළහොත් සාගර සංසරණයට විශාල බලපෑමක් ඇති නොවන බවයි.” සාගර උෂ්ණත්වය ඉහළ සිට පහළට ඒමේයාමේ ස්වභාවය පිළිබඳ හේතු සාධක සැලකිල්ලට ගනිද්දී එම පින්තූරය වෙනස් වෙයි” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.
නව සොයාගැනීම්වලින් පෙනී යන්නේ උණුසුම් ඉහළ ජලය වැඩි වැඩියෙන් චලනය අත්පත් කරගන්නා බැවින් සාගරයේ මීටර් 400 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක පිහිටි බොහෝ ප්‍රදේශවල පහළ ජලය, මන්දගාමී වන බව Xie පවසයි. කෙසේ වෙතත්, Hu ඒ ගැන එතරම් විශ්වාසයක් දක්වන්නේ නැත. වසර 20කට ආසන්න කාලයක් සාගරය හරහා ප්ලවනයවන්(ගසාගෙන යන) රොබෝ උපකරණ සමූහයක් වන Argo floats හි මෙතෙක් ප්‍රකාශයට පත්නොකළ මිනුම් මගින් මතුපිට ධාරා වල සැලකිය යුතු ත්වරණයක් සහ පහළ ගැඹුරේ සාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම් කරණු ලබන්නේය. “නිරීක්ෂණ අපට පවසන දේ මම විශ්වාස කරමි,” Hu පවසයි. නව සොයාගැනීම මගින්, “සමස්ත කතාවම නොකියවෙනවා විය හැකිය” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ඒ කොයිහැටි වෙතත්, සාගර ප්‍රවාහයන් ඇත්ත වශයෙන්ම වේගවත් බවටත් හා නොගැඹුරු බවටත් පත් වන්නේ නම්, ඉන් අපේ මේ ග්‍රහලෝකට අදාල වන බොහෝ ඇඟවුම් කෙරේ. නිදසුනක් වශයෙන්, නොගැඹුරු, වේගවත් ප්‍රවාහයන් අවසානයේ දී සාගරයට අවශෝෂණය කරගත හැකි තාපය සීමා කළ හැකි අතර, එම අතිරික්ත තාපය වායුගෝලයේ රැඳී තිබීමට හේතු වේ. සමුද්‍ර ක්ෂුද්‍ර ජීවීන් සහ වන ජීවීන් නොගැඹුරු, උණුසුම් හා වේගවත් මතුපිට ජලයට භාජනය විය හැක. තවද මෙම වේගවත් කිරීම, ගෝලීය උණුසුම් වීමේ ස්ථාවර බලපෑම් මගින් මෙහෙයවනු ලබන බැවින්, එයින් අදහස් වන්නේ මෙම ප්‍රවණතා අනාගතයේ දී දිගටම පවතිනු ඇති බවයි — ඒ කියන්නේ මානවයන් හරිතාගාර වායු විමෝචනය අත්නොහරින තාක් කල් දිගටම පවතින බවයි.
(AAAS) Scince (20 Apr 2022) හි පලවන Global warming is speeding up ocean currents. Here’s why Excess heat constricts water flow in shallow surface layers යන ලිපිය ඇසුරෙනි