අනාගත බලශක්තිය: සූර්ය + බැටරි දෙමුහුන් ශක්තිය ඉදිරියටම

Posted by

අනාගත බලශක්තිය: සූර්ය + බැටරි දෙමුහුන් ශක්තිය ඉදිරියටම

ඇමරිකාවේ විදුලි බල පද්ධතිය ෆොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වෙමින්  රැඩිකල් වෙනසකට ලක් වෙමින් පවතී. 2000 ගණන්වල මුල් දශකය ස්වභාවික වායු උත්පාදනයේ විශාල වර්ධනයක් දුටු අතර, 2010 ගණ්න් සුළං සහ සූර්ය දශකය ලෙස දක්වන්න පුළුවනි. දැනට පෙනෙන ලක්ෂණ දක්වන්නේ 2020 ගණ්න්වල නවෝත්පාදනය “දෙමුහුන්” බලාගාරවල වර්ධනයක් විය හැකි බවයි. සාමාන්‍ය දෙමුහුන් බලාගාරයක් එකම තැනක  බැටරි ගබඩා කිරීම සමඟ විදුලි උත්පාදනය ස්ථාන ගතකරයි. එය බොහෝ විට විශාල පරිමාණ බැටරි සමඟ  සූර්ය හෝ සුළං විදුලි ඒකක එකට එක් කිරීම අදහස් කරයි. එකට එක්ව වැඩ කරමින්, සූර්ය පැනල සහ බැටරි ගබඩා කිරීම මගින් දිවා කාලයේ සූර්ය ශක්තිය උපරිම වන විට පුනර්ජනනීය බලය උත්පාදනය කළ හැකි අතර පසුව හිරු බැස ගිය පසු අවශ්‍ය පරිදි එය මුදා හැරිය හැක.

ලෝරන්ස් බර්ක්ලි ජාතික පරීක්ෂණාගාරයේ පර්යේක්ෂකයන්ට පෙණී ගියේ ගිගාවොට් 1,400 ක ප්‍රමානයක් ප්‍රධාන ජාලයට සම්බන්ධ වීමට යෝජිත (බලශක්තිය) ජනන සහ ගබඩා කිරීමේ ව්‍යාපෘති ඉදිරිපත් වී ඇති බවයි. මෙම ප්‍රමානය එක්සත් ජනපද බලාගාර සියල්ලේ එකතුවට වඩා විශාලය. මේවා අතරේ විශාලතම කණ්ඩායම දැන් සූර්ය ව්‍යාපෘති වන අතර, එම ව්‍යාපෘතිවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් දෙමුහුන් සූර්ය බල සහ බැටරි ගබඩා කිරීම සම්බන්ධයි.

 මෙම අනාගත බලාගාර බොහෝ වාසි ලබා දෙන අතරම,  විදුලිබල ජාලය වඩාත් හොඳින් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ  ප්‍රශ්න මතු කරයි.

දෙමුහුන් ක්‍රමය ආකර්ෂණීය වන්නේ ඇයි?

සුළං සහ සූර්යබල යෝජනා ක්‍රම වර්ධනය වෙද්දී, ඒවා ජාලයට විශාල බලපෑමක් ඇති කිරීමට පටන් ගනී.

දැනටමත් කැලිෆෝනියාවෙ සූර්ය බලශක්තිය 25% ඉක්මවන අතර එය,  ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ ජෝර්ජියා වැනි අනෙකුත් ප්රාන්තවල වේගයෙන් ව්‍යාප්ත වේ.  ඩකෝටා සිට ටෙක්සාස් දක්වා “සුළං තීරය” ලෙස දැක්වෙන ජනපද  සුලං ටර්බයින විශාල වශයෙන් යොදාගන්නා අතර, අයෝවා දැන් එහි බලශක්ති අවශ්‍යතාවෙන් වැඩි කොටස සුළඟින් ලබා ගනී.

පුනර්ජනනීය බලශක්තියේ මෙම ඉහළ ප්‍රතිශතය ප්‍රශ්නයක් මතු කරයි: දවස පුරා විශාල නමුත් විවිධ ප්‍රමාණයෙන් බල ප්‍රමාණයක් නිපදවන පුනර්ජනනීය ප්‍රභවයන් අපි ඒකාබද්ධ කරන්නේ කෙසේද? යන්න ඒ ප්‍රශ්නයයි.

අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමෙ දී තමයි (ශක්තිය) ගබඩා කිරීම ඉස්මත්තට පැමිණෙන්නේ.

මෑත වසරවල විදුලිබල වාහන වෙළඳපොළ සඳහා ලිතියම්-අයන බැටරි නිෂ්පාදනය ප්‍රසාරනය වී ඇති බැවින් එම බැටරිවල  මිල ගණන්  වේගයෙන් පහත වැටුණි  අනාගතයේ  සැපයුම් දාම අභියෝග ගැන විමසුම් ඇස යොමු වී ඇති අතර, බැටරි නිර්මාණය ද පරිණාමය වීමට ඉඩ ඇත.

සූර්යබලය සහ බැටරි වල සංකලනය මගින් දෙමුහුන් බලාගාර හිමියන්ට, ගිම්හාන කාලයේ දහවල් සහ සවස් කාලයේ වායුසමීකරණ යන්ත්‍ර අධික ලෙස ක්‍රියාත්මක වන විට වැනි  ඉල්ලුම වැඩියෙන්ම ඇති වන විට,  විදුලිය සැපයීමට ඉඩ සලසයි. සුළං සහ සූර්ය බලයෙන් නිෂ්පාදනය සුමට කිරීමට, (ප්‍රයෝජනයට නොගන්නේ නම් ජනනය සිමා කිරීමට සිදුවෙන)  අතිරික්ත බලය ගබඩා කිරීමට සහ ජාලයේ ඇති විය හැකි අවහිර අඩු කිරීමට බැටරි උපකාරී වේ.

සූර්ය  සහ සුළං දෙමුහුන් බලශක්ති,  ව්‍යාපෘති සැපයුම් මාර්ගයේ ආධිපත්‍යය දරයි

2020 අවසානයේ,  සූර්ය බලශක්ති සහ සුළං දෙමුහුන් ව්‍යාපෘති 73 ක් එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ අතර, එය ගිගාවොට් 2.5 ක උත්පාදනයක් සහ ගිගාවොට් 0.45 ක ගබඩා සංචිතයක් වශයෙන් දැක්විය හැකිය.

අද වන විට සූර්ය හා දෙමුහුන් බලශක්ති සංවර්ධන සැපයුම් මාර්ගයේ ආධිපත්‍ය දරයි. 2021 අවසන් වන විට,  යෝජිත සූර්ය බලාගාරවලින් ගිගාවොට් 675කට වඩා ජාල සම්බන්ධතා අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් තුනෙන් එකක් ගබඩා කිරීම සමඟ ඈඳා ඇත ඇත. තවත් ගිගාවොට් 247ක සුළං බලාගාර පෙළගැසී ඇති අතර,  එයින් 8%ක් පමණ දෙමුහුන් බලශක්ති ලෙස පවතී.

ගල් අඟුරු, ගෑස් සහ න්‍යෂ්ටික බලශක්ති පසුපසට ඇදී යද්දී, ජාලයට සම්බන්ධ වීමට බලා සිටින යෝජිත සූර්ය, ගබඩා සහ සුළං බල  ප්‍රමාණය මෑත වසරවලදී තියුණු ලෙස වර්ධනය වී ඇත.

ඇත්ත වශයෙන්ම, (ජලයට)සම්බන්ධවීම සඳහා අයදුම් කිරීම බලාගාරයක් සංවර්ධනය කිරීමේ එක් පියවරක් පමණි. ව්‍යාපෘති සංවර්ධකයෙකුට ඉඩම් සහ ප්‍රජා ගිවිසුම්, විකුණුම් කොන්ත්‍රාත්තුවක්, අවශ්‍ය මුදල් සපයා ගෑනීම  සහ බලපත්‍ර ද අවශ්‍ය වේ. 2010 සහ 2016 අතර කාලයේ යෝජිත නව බලාගාර හතරෙන් වාණිජමය ක්‍රියාකාරිත්වයට පත් වූයේ එකක් පමණකි. එනමුත් දෙමුහුන් බලාගාර කෙරෙහි ඇති උනන්දුවෙහි දැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

කැලිෆෝනියාව වැනි වෙලඳපොලවල, නව සූර්ය සංවර්ධකයින් සඳහා බැටරි අත්‍යවශ්‍ය අංගයකි. දිවාකල ඉල්ලුමෙඩ් දී වැඩි ඉල්ලුමක් ඇත්තේ සූර්ය බලශක්තියටයි.  දැනට කැලිෆෝනියාවෙ පෙල ගැසී අති සියලුම යෝජිත මහා පරිමාණ සූර්ය ධාරිතාවෙන් 95%කම බැටරි අඩංගුය.

දෙමුහුන් ක්‍රම පිළිබඳ පාඩම් 5ක් සහ අනාගතයට අදාළ ප්‍රශ්න

පුනර්ජනනීය දෙමුහුන් බලශක්ති  ක්‍රම වර්ධනය සඳහා අවස්ථ පැහදිලිවම විශාලය. එහෙත්, එය බර්ක්ලේ පර්යේෂක කණ්ඩායම විමර්ෂණය කරමින් සිටින ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත්කරේ.

මෙන්න පර්යේෂණ කණ්ඩායම සොයා ගත් ප්‍රධන කරුණු:      

ආයෝජනය, බොහෝ කලාපවල දී වාසි ගෙන එන්නේයසූර්ය බලාගාරයකට බැටරි එකතු කිරීමෙන් මිල වැඩි වන අතරම විදුලියේ වටිනාකම ද වැඩි වන බව පර්යේෂකයනට පෙනී ගියේය. උත්පාදනය සහ ගබඩා කිරීම එකම ස්ථානයක ස්ථාන ගත කිරීමෙන් බදු බැර, ඉදිකිරීම් පිරිවැය ඉතිරිකිරීම් සහ මෙහෙයුම් නම්‍යශීලීභාවයන අංශවලින්  ප්‍රතිලාභ ලබා ගත හැක. මෑත වසරවල ආදායම් ලබාගැනීමේ හැකියාව දෙස බලන විට එමෙන්ම, ෆෙඩරල් බදු බැරවල ආධාරයෙන්, එකතු කළ අගය, ඇත්තටම ඉහළ මිල සාධාරණීකරණය කරන බව පෙනේ.·        

එකට ස්ථානගතකිරීම යන්නෙන් අදහස් වන්නේද එකඟතවකට පත්වීමයි. සුළං සහ සූර්ය සම්පත් යහමින් ඇති ස්ථානවලදී සුළං සහ සූර්ය බල ව්‍යාපෘති හොඳින් ක්‍රියා කරයි, එසේනමුත් එකවර ඇතිවන දැඩි ඉල්ලුමට මුහුණදීම  වැනි විශාලතම ජාල ප්‍රතිලාභ ලබා දිය හැකි බැටරි ඒවාට ඉහළම අගයක් සපයයි. ඒ කියන්නේ ඉහළම වටිනාකමක් ඇති හොඳම ස්ථානය තීරණය කිරීමේදී වාසි අවාසි කිරා බලා එකඟතාවකට පත්වන බවයි. බැටරි, සූර්ය බලය සමඟ සම-ස්ථානගත වූ විට පමණක් උපයා ගත හැකි ෆෙඩරල් බදු බැර සමහර අවස්ථාවලදී උපප්‍රශස්ත තීරණ දිරිමත් කරයි.

 හොඳම සංයෝජනයක් යනුවෙන් යමක් නොමැත. දෙමුහුන් බලාගාරයක වටිනාකම අර්ධ වශයෙන් තීරණය වන්නේ උපකරණවල වින්‍යාසය හෙවත් හැඩහුරුව මගිනි. උදාහරණයක් ලෙස, සූර්ය උත්පාදක යන්ත්‍රයකට සාපේක්ෂව බැටරියේ ප්‍රමාණය සවස් වන තුරු කොපමණ කාලයක් බලාගාරයට බලය ලබා දිය හැක්කේ කෙසේද යන්න තීරණය කළ හැකිය. එනමුත් රාත්‍රී කාලයේ බලයේ වටිනාකම රඳා පවතින්නේ වසර පුරා වෙනස් වන දේශීය වෙළඳපල තත්ත්වයන් මතය.

බල වෙළෙඳපොළ නීති විකාශනය විය යුතුය. දෙමුහුන් ව්‍යාපෘති වලට තනි ඒකකයක් ලෙස හෝ වෙනම ආයතන ලෙස බලශක්ති වෙළඳපොළට සහභාගී විය හැකිය, ඒ, සූර්යබලය සහ ගබඩාකිරීමේ හැකියාව වෙන වෙනම  ලංසු ඉදිරිපත් කරමිනි. දෙමුහුන් ක්‍රමය විකුණන්නන් හෝ ගැනුම්කරුවන් හෝ ඒ දෙයාකාරයම විය හැකිය. මෙය සංකීර්ණ බවට පත්වෙන්න පුළුවන්. දෙමුහුන් ක්‍රම සඳහා වෙළඳපල සහභාගීත්ව නීති තවමත් විකාශනය වෙමින් පවතී. ඒ බලාගාර ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ සේවාවන් විකුණන ආකාරය පිළිබඳව අත්හදා බැලීමට ඉඩ සලසමිනි. ·        

කුඩා දෙමුහුන් ව්‍යාපෘති නව අවස්ථා නිර්මාණය කරයි: දෙමුහුන් බලාගාර නිවසක හෝ ව්‍යාපාරයක සතුව ඇති සූර්ය සහ බැටරි සංයෝජන බල ජනන ක්‍රමයක් වැනි කුඩා ඒකක විය හැක. එවැනි දෙමුහුන් ඒකක හවායි හි සම්මත බල උත්පාදන ක්‍රම ලෙස සම්මතයට පාත්‍ර වී ඇත්තේ සූර්ය බලශක්තිය දනටමත් ජාලය සංතෘප්ත කරන බැවිනි. කැලිෆෝනියාවේ, ලැව්ගිනි වැළැක්වීම සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවෙන පාරිභෝගිකයෝ, වැඩි වැඩියෙන් තම සූර්ය බල ඒකකයන්ට බලය ගබඩා කිරීමේ පහසුකම එකතු කරගනිති. මේ ආකාර දෙමුහුන් ක්‍රම ඒවා අගය කළ යුතු ආකාරය සහ ජාල මෙහෙයුම් සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

දෙමුහුන් ක්‍රමය දැන් පටන් ගත්තා විතරය. නමුත් තවත් බොහෝ දේ අපේක්ෂා කළ හකිව තිබේ. ජාලක සහ ජාලක මිල නියමකිරීම් පරිණාමය වීම සහතික කිරීම උදෙසා තාක්ෂණයන්, වෙළඳපල සැලසුම් සහ රෙගුලාසි  පිළිබඳ වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

දෙමුහුන් ක්‍රම පිළිබඳ ප්රශ්න තවත් ශේෂව පවතින බව ඇත්තකි. එහෙත් දෙමුහුන් ක්‍රම, බලශක්ති ජනන ක්‍රියාවලිය නැවත අර්ථකථනය කරන බව පැහැදිලිය. තවද එසේ කිරීමේ දී ඒවාඑක්සත් ජනපද බල පද්ධතිය ප්‍රතිනිර්මාණය කළ හැකිය.

The Conversation(April 26th, 2022) හී පළවන Meet the power plant of the future: Solar + battery hybrids are poised for explosive growth  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.