ලිංගික අතවර නිර්වචන සහ ස්වරූප
අතවරය, සාමාන්‍යයෙන් වෙනත් කෙනෙකුට ශාරීරික හානියක් සිදු කිරීමේ චේතනාන්විත ක්‍රියාව ලෙස අර්ථ දක්වා ඇති අතර, එය විවිධ ආකාර හා ස්වරූප ගත හැකිය:
පහර දීම
පයින් ගැසීම
යමෙකු වෙත වස්තුවක් දමා ගැසීම
ආයුධයකින් හෝ වෙනත් වස්තුවකින් කෙනෙකුට පහර දීම
ශාරීරිකව හානියක් කරන බවට කෙරෙන තර්ජන
ප්‍රහාරයකට කිසියම් අනවශ්‍ය ලිංගික සම්බන්ධතාවක් එක් වූ විට, එය ලිංගික අතවරය ලෙස සලකනු ලැබේ .
පැහැදිලිව අනුමැතිය හෝ කැමැත්ත ලබා නොදුන් ඕනෑම ලිංගික ක්‍රියාවක් ලිංගික අතවර ලෙස ගණන් ගනු ලැබේ. මෙයට ස්පර්ශ කිරීම හෝ හිරිහැර කිරීම, ලිංගික බලහත්කාරය, සහ දූෂණය කිරීම හෝ දූෂණය කිරීමට තැත් කිරීම ඇතුළත් වේ.
නිශ්චිත අර්ථ දැක්වීමක් තිබේද?
ලිංගික හිංසනය පිළිබඳ නිශ්චිත නිර්වචනය හරියටම තෝරා බේරා ගැනීම අපහසු විය හැකිය; මන්ද විවිධ ප්‍රදේශ හා කලාපවල ඒ ඒ ස්වරූපයේ නිශ්චිත ප්‍රහාර ක්‍රියාවන් විස්තර කිරීමට සෑම විටම සංගත යෙදුම් භාවිත නොකරන බැවිනි.
ස්ත්‍රී දූෂණ, අපයෝජන සහ අනියම් සම්බන්ධතා ජාතික ජාලය (Rape, Abuse & Incest National Network — RAINN) සතුව ඇති රාජ්‍ය නීති දත්ත සමුදාය පැඉශීලනයෙන් ලිංගික අතවර, ස්ත්‍රී දූෂණ, සහ ලිංගික බැටරිය වැනි අපරාධ නිර්වචනය කරන ආකාරය නියමානුකූලව ඉගෙන ගත හැකිය.
නිශ්චිත අර්ථ දැක්වීමක් තිබේද?
ලිංගික හිංසනය පිළිබඳ නිශ්චිත නිර්වචනය අඩු කිරීමට අපහසු විය හැකිය, මන්ද විවිධ ප්‍රාන්ත සෑම විටම නිශ්චිත ප්‍රහාර ක්‍රියාවන් විස්තර කිරීමට ස්ථාවර යෙදුම් භාවිතා නොකරන බැවිනි.
ස්ත්‍රී දූෂණය සැමවිටම ලිංගික අතවරයකි; එසේ නමුත් ලිංගික අතවරය යනු ස්ත්‍රී දූෂණයක් ලෙස සුවිශේෂීව තේරුම් ගත යුතු නොවේ.
ස්ත්‍රී දූෂණය සාමාන්‍යයෙන් නිර්වචනය කරනුයේ යෝනි මාර්ගයට හෝ ගුදය තුළට ඕනෑම ශරීර කොටසක් හෝ වස්තුවක් ඇතුල් කිරීමයි. සමහර කලාපවල, එකඟතාවයෙන් තොරව මුඛයට ඇතුල්කිරීම ද ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ.
ව්‍යවස්ථාපිතව සලකතොත් ස්ත‍්‍රී දූෂණය යන්නෙන් අදහස් කරන්නේ එක් පුද්ගලයෙකු කැමැත්තෙන්ම සහභාගී වුව ද (එම අය) නීත්‍යානුකූල වයසට වඩා අඩු වූ විට සිදුවන ලිංගික ක්‍රියාකාරකම් ය.
ලිංගික ප්‍රහාරයන්ට අසාමාන්‍ය ආකාරයට හුරතල් කිරීම හෝ අතපත ගෑම වැනි වෙනත් ආකාරයේ අනවශ්‍ය සම්බන්ධතා ඇතුළත් වේ.
දූෂණයට තැත් කිරීම ද එක්තරා ආකාරයක ලිංගික අතවරයකි.
ලිංගික අතවර, යන්න ලිංගික ප්‍රතික්‍රියා, ලිංගික හිංසනය සහ උග්‍ර වූ ලිංගික හිරිහැර වැනි වෙනත් යෙදුම් සමඟ එකම අර්ථය ගෙන දීම සඳහා භාවිත වෙන අවස්ථා ඔබත් දැක ඇතුවා විය හැකියි.

ලිංගික හිරිහැර
මෙම ආකාරයේ ලිංගික හිංසනයට අනුව කායික සහ වාචික වශයෙන් අනවශ්‍ය ලෙස ලිංගිකව සමීපවීමට දරන උත්සාහයන් පරාසයක් ඇතුළත් වෙතැයි බලපත්‍රලාභී මනෝචිකිත්සක සහ කම්පන ප්‍රතිසාධන විශේෂඥ හෙදර් කෙන්ට් පවසයි.
මතු දැක්වෙන්නේ උදාහරණ කිහිපයකි:
ලිංගික අනුග්රහය ඉල්ලා සිටීම
ලිංගිකව ආරෝපිත විහිළු හෝ කෙනෙකුගේ ලිංගිකත්වය පිළිබඳ විහිළු කිරීම
ඔබේ ශරීරය ගැන ලිංගිකව අදහස් දැක්වීම
ලිංගික ක්‍රියාවන්හි යෙදීමට වාචිකව හෝ චිත්තවේගීයව බලපෑම් කිරීම
රැකියා ස්ථනය හෝ පාසල වැනි නුසුදුසු/අයෝග්‍ය පරිසරයන් තුළ ලිංගික සම්බන්ධතා හෝ මනස්ඍෂ්ටි ගැන කතා කිරීම
සැඟවුණු අරමුණු සහෛත ඡායාරූප, ඊමේල්, හෝ පඨිත එවීම
රැකියාව හෝ රැකියාවේ දියුණුව සඳහා කොන්දේසි වශයෙන් ලිංගික අනුග්‍රහය පැතීම (“ඔබ මා සමඟ ලිංගිකව එක් නොවන්නේ නම්, මට ඔබව සේවයෙන් පහ කිරීමට සිදුවනු ඇත,” හෝ “ඔබ මා සමඟ ලිංගිකව හැසිරෙන්නේ නම්, මම ඔබට එම උසස්වීම ලබා දෙන්නෙමි .”)
ලිංගික හිරිහැර නිශ්චිත පුද්ගලයෙකුට යොමු කළ යුතු නැති බව සඳහන් කිරීම වටී. ඔබේ කාර්යාලයේ සිටින සියලුම කාන්තාවන් මෙන් කණ්ඩායමකට හෝ ඒ පිළිබඳව කරන ලද අදහස් තවමත් ලිංගික අතවර ගණයට වැටේ.
සමහරක හරස්මාරුකම් ද ඇත: අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම් හෝ ශාරීරිකව කෙරෙන ලිංගික ක්‍රියා යන දෙකම ලිංගික හිරිහැර සහ ලිංගික අතවර යන හණ දෙකටම ගිණිය හැකිය.
ප්‍රධාන වෙනස පවතින්නේ ලිංගික අතවර, සාමාන්‍යයෙන් අපරාධ ක්‍රියාවන් ලෙස සැලකීමයි. ලිංගික හිරිහැර නීත්‍යානුකූලව සාපරාධී ක්‍රියාවක් ලෙස නොසැලකීමට ඉඩ ඇතත් ආරක්ෂිත සහ සතුරු නොවන වැඩ්කිරීමේ හෝ ඉගෙනීමේ පරිසරයක දි එය කෙනෙකුගේ සිවිල් අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.

ලිංගික ප්‍රහාර සහ උග්‍ර ලිංගික ප්‍රහාර
ලිංගික ප්‍රහාර යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඔබේ කැමැත්තෙන් තොරව හෝ ඔබේ කැමැත්තට එරෙහිව සිදුවන රහස්‍ය ලෙස සැලකෙන ශරීර කොටස් හෝ හිංසකයාගේගේ ශරීරයේ කොටස් ස්පර්ශයකි. මෙලෙස ස්පර්ශ කිරීම ඇඳුම් පැළඳුම් සහිතව හෝ රහිතව සිදු විය හැක.
උදාහරණ මෙසේ දැක්විය හැකිය:
ඔබේ පියයුරු හෝ තට්ටම් මිරිකීම
ඔබේ ලිංගික ප්රදේශය ස්පර්ශ කිරීම
ඔබ නිදා සිටින විට හෝ අකර්මන්‍යතාවයෙන් සිටින විට හෝ ඔබට කැමැත්ත ලබා දිය නොහැකි ඕනෑම අවස්ථාවක නොමනා ලෙස අතගෑම
ඔබේ අත ගෙන එය ඔවුන්ගේ ලිංගික අවයව මත බලහත්කාරයෙන් තබාගැනීම
බලපත්‍රලාභී සායනික මානසික සෞඛ්‍ය උපදේශක සහ අධ්‍යාපනඥයෙකුවන, වෝල්ඩන් විශ්ව විද්‍යාලයේ සායනික මානසික සෞඛ්‍ය උපදේශන වැඩසටහනෙහි ආචාර්ය ක්‍රිස්ටී ජෙන්කින්ස් දක්වන අන්දමට ඇ.එ.ජ.ඇතැම් ප්‍රාන්තවල ලිංගික ප්‍රහාරය ලෙස නීතිය හමුවේ සැලකීමට අවශ්‍ය වන්නේ:
ලිංගික උද්දීපනය
පරිතුෂ්ටිය
ප්‍රහාරයට ලක් කරන පුද්ගලයා අපයෝජනය කිරීම හෝ අවමන් කිරීම,
උග්‍ර ලිංගික ප්‍රහාරය සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලබන්නේ කැමැත්තෙන් තොර ලිංගික ක්‍රියාවකදී දැනුවත්ව හෝ නොසැලකිලිමත් ලෙස ශාරීරික හානියක් සිදු කිරීම හෝ තර්ජනය කිරීම ලෙසය. එනමුත් මෙහෙදී ද, නිශ්චිත අර්ථ දැක්වීම ප්රාන්තය අනුව වෙනස් වේ.
සමහර ප්‍රාන්තවල, ජෙන්කින්ස් සඳහන් කරන්නේ, වයස්ගත වැඩිහිටියෙකුට හෝ ආබාධ සහිතව ජීවත් වන අයෙකුට ලිංගික අතවර කිරීම ද උග්‍ර වූ ලිංගික අතවර ලෙස සැලකේ.
උත්සන්න වූ ලිංගික හිංසනයට සාමාන්‍යයෙන් පහත සඳහන් එකක් හෝ කිහිපයක් ඇතුළත් වන බව කෙන්ට් පෙන්වා දෙයි:
බිය ඇති කිරීමට වුව භයානක ආයුධයක් භාවිතා කිරීම
ප්‍රහාරයට සහභාගී වීමට හෝ ආධාර කිරීමට අවම වශයෙන් එක් අතිරේක පුද්ගලයෙකු සිටීම
පහරදීමේදී ඔබේ ජීවිතයට තර්ජන එල්ලවීම

ලිංගික අපයෝජනය ගැන කතා කළොත්
ලිංගික අපයෝජනය යන යෙදුම සාමාන්‍යයෙන් විස්තර කරන්නේ දරුවන්ට අයුතු ලෙස සැලකීම යයි කම්පනය පිළිබඳ විශේෂඥ මනෝචිකිත්සකවරියක් වන නිකොල් ඔහෙබ්ෂාලොම් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 තුළම බාල වයස්කරුවන්ට කිසිම ලිංගික ක්‍රියාවක් සඳහා දැනුවත් අවසරයක්(එකඟවීමක්) ලබා දිය නොහැකි යයි නීති මගින් පිළිගනු ලැබේ. දනුවත් අවසරය අදාල ප්‍රාන්තය අනුව වයස අවුරුදු 16ත් 18ත් අතර පරාසයක පවතී
පහත සඳහන් දේවලින් එකක් කරන වැඩිහිටියෙකු ලිංගික අපයෝජනයක් සිදු කරන්නේ යයි ගණන් ගත හැකිවේ:
චේතනාන්විතව බාලවයස්කරුවෙකුට තමන්ගේ ලිංගික අවයව නිරාවරණය කිරීම හෝ බාලවයස්කරුවෙකුට සිය ලිංගික අවයව දෙස බැල්මක් හෙළීමට සැලස්වීම
බාල වයස්කරුවෙකුට ඔවුන්ගේ ලිංගික ශරීර කොටස් පෙන්වීමට බල කිරීම
බාල වයස්කරුවෙකුගේ සමීප ශරීර කොටස්වල ඡායාරූප හෝ වීඩියෝ ගැනීම
බාලවයස්කාර දරුවෙකුට කාමුක දර්ශන සහිත වීඩියො හෝ ඡායාරූප නැරඹීමට බල කිරීම
ක්ක්මුක ආකාරයෙන් බාලවයස්කාරයෙකු ස්පර්ශ කිරීම
බාලවයස්කාර දරුවෙකුට අසභ්‍ය පණිවිඩ යැවීම
Healthline හී පළවන Sexual Assault, Defined — Plus Resources for Support ලිපිය ඇසුරෙනි