විශ්වය අපිරිමිත ද? විශ්වය අවසන් වන්නේ කෙසේද?
මෙහි මුල් කොටස ඊයේ පල විය. මෙතැන ක්ලික් කර කියවන්න
විශ්ව විද්‍යාඥයින් සිතන්නේ නිරීක්ෂණය කළ හැකි විශ්වයේ කෙළවරින් ඔබ්බට… තවත් විශ්වයක්, තවත් තරු,, තවත්මන්දාකිණි, තවත් ග්‍රහලෝක, සෑම දෙයක්ම තව තවත් පවතින බවයි. කෙසේ වෙතත්, එය නිරීක්ෂණය කළ නොහැකි නිසා, තාරකා විද්යාඥයින් මුළු විශ්වයම කොතරම් විශාලදැයි නොදනී. නාසා ආයතනයට අනුව නම් අභ්‍යවකාශයේ කිසිඳු මායිමක් නොමැතිව විශ්වය සැබවින්ම අනන්ත විය හැකිය.

කෙසේ වෙතත්, ප්‍රමාණය පිළිබඳ එක් ඇස්තමේන්තුවක් ලැබෙන්නේ උද්ධමනය පිළිබඳ න්‍යායෙනි; බොහෝ විශ්ව විද්‍යාඥයන් සිතන්නේ එය මහා පිපිරුමේ මුල් අවස්ථාවන්හිදී සිදු වූ සිදුවීමකි. උද්ධමනය අතරතුර, විශ්වය තත්පරයක කුඩා කොටසකින් සිට විශාලත්වයේ අනුපිළිවෙලවල් ගණනාවකට වේගයෙන් වර්ධනය විය. උද්ධමන න්‍යාය මඟින් විශ්වයේ අවම ප්‍රමාණය, නිරීක්ෂණය කළ හැකි විශ්වයට වඩා විෂ්කම්භය 10^62 ගුණයකින් පුළුල් වේ.
විශ්වයේ අන්තර්ගත බොහෝමයක් ඇත්තේ නූතන භෞතික විද්‍යාවට දැනට නොදන්නා ආකාරයකිනි. විශ්වයේ ඇති මුළු ශක්තියෙන් 68% ක් පමණ සමන්විත වෙන්නේ අඥාත ශක්තියෙන්(dark energy). එය අවකාශ-කාලයේ රික්තය තුළම පවතින බව පෙනෙන උපකල්පිත ශක්තියකි. කෙසේ වෙතත්, භෞතික විද්‍යාඥයින් මෙම ශක්තිය හටගන්නේ කොහෙන්ද හෝ එයට මේ තිබෙන ප්‍රමානයේ ශක්තියක් ඇත්තේ මන්දැයි නොදන්නා බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විශ්ව සංසදයට අදහස් කරයි.
විශ්වයේ පදාර්ථයෙන් හා ශක්තියෙන් 27%ක් පමණ අඥත පදාර්ථ වලින් සමන්විත වන අතර එය ආලෝකය සමග අන්තර්ක්‍රියා නොකරන ද්‍රව්‍යයේ අදෘශ්‍යමාන ආකාරයක්, ස්වරූපයක් ලෙස විශ්වාස කෙරේ. භෞතික විද්‍යාඥයින්ගෙන් අතිමහත් බහුතරයක් අඥාත පදාර්ථය යනු කිසියම් නව ආකාරයක මූලික අංශුවක් (හෝ අංශු) යැයි සිතන අතර ඔවුන් තවමත් එය ඉඳුරා හඳුනාගෙන නොමැත. විශ්වයේ ඉතිරි 5% සම්නවිතවන්නේතරු, ග්‍රහලෝක සහ විශාල වායු වලාකුළු වැනි සාමාන්‍ය, හුරුපුරුදු ද්‍රව්‍ය වලිනි.
විශ්වය අවසන් වන්නේ කෙසේද?
විශ්වය අවසන් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, අප මුලින්ම එහි අන්තර්ගතය — එය සම්න්විත වන්නේ කුමකින් ද යන්න — නිවැරදිව මැනිය යුතුය. විශ්වයේ ප්‍රධාන අංගය අඥාත ශක්තිය වන බැවින්, එය එහි අනාගත පරිණාමය නියම කරනු ඇත. අඥාත ශක්තියේ ප්‍රධාන බලපෑම වනු ඇත්තේ එය විශ්වයේ ප්‍රසාරණය වේගවත් කිරීමයි. ඉතින් විශ්වය දිනෙන් දින විශාල වෙනවා පමණක් නොව දිනෙන් දින වේගයෙන් විශාල වෙනවා. අඥාත ශක්තිය නොවෙනස්ව පවතිනු ඇතැයි උපකල්පනය කිරීම (එවැනි උපකල්පනයකට එලඹීම බරපතල කාරනාවකි, මන්ද අපට දැනට අඥාත ශක්තියේ ස්වභාවය නොතේරෙන බැවිනි). එවිට මෙම වේගවත් ප්‍රසාරණය අවසානවන්නේ සෑම මන්දාකිණියක්ම පාහේ අපගේ නිරීක්‍ෂණ ගෝලයෙන් ඉවතට තල්ලු කරනු ලැබීමෙන් යයි තාරකා භෞතික විද්‍යාඥ Kevin Pimbblet The Conversation වෙත අදහස් දක්වමින් කියා සිටියි.


මෙතැන් සිට වසර බිලියන සිය ගණනකින් සෑම මන්දාකිණියක්ම පාහේ අපට නොපෙනී යනු ඇත. අවසානයේදී, ක්ෂීරපථය නව තරු නිර්මාණය කිරීම සඳහා අවශ්‍යවන නැවුම් වායුව අවසන් වනු ඇත. මෙතැන් සිට වසර ට්‍රිලියන ගණනකට පසු, අවසාන තරු නිවී යනු ඇත්තේ නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වයකට සෙමෙන් සිසිල් වන මූලික අංශු තුනී සුප් එකක් පමනක් ඉතිරි කර තබමිනි.
Live Science හී පලවන What is the universe? යන ලිපිය ඇසුරෙනි