ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය COVID-19 ට එරෙහිව කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වයි
මුල් අවස්ථාවේ දීම ලබා දුනහොත් එක් මාත්‍රාවකින්ම රෝහල්ගත වීමේ අවදානම අඩකින් අඩුවෙන බව විශාල අධ්‍යනයකින් හෙළිවෙයි.
COVID-19 ගෝලීය වසංගතයේ මුල් දිනවල සිට, විද්‍යාඥයන් බලාපොරොත්තු වූයේ, වෛරස් වලට එරෙහි ශරීරයේ පළමු පෙළ ආරක්ෂාව සපයන ප්‍රබල ප්‍රෝටීන පවුලක් වන ඉන්ටර්ෆෙරෝන්, SARS-CoV-2 ට එරෙහි ආයුධ බවට පත්විය හැකිය යනුවෙනි. වෛරසය. ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිචාරය ඵලදායි ලෙස මොට කරන නිසා, පර්යේෂකයන් සිතුවේ අමතර ඉන්ටර්ෆෙරෝන් ලබා දීමෙන් එයට ප්‍රතිරෝධය දැක්විය හැකි බවයි. රෝහල්ගත වූ රෝගීන්ගේ එසේනමුත් වසර 2 ක් තිස්සේම සිදු කෙරුණු පරීක්ෂණ වලදී ඉන්ටර්ෆෙරෝන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්පත් කර දීමට සමත්ව නැත.

කෙසේවෙතත් දැන්, බ්‍රසීලයේ රෝහල් ගත නොකළ, අධි අවදානම් සහිත පුද්ගලයින්ගේ අතරේ සිදු කෙරුණු විශාල අත්හදා බැලීමකින් බලාපොරොත්තු යළි පණගන්වන සුළු විශ්මයජනක ධනාත්මක ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමට හැකිව තිබේ. පුද්ගලයන් 1900කට වැඩි පිරිසක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකදී, කොවිඩ්-19 රෝග ලක්ෂණ වර්ධනය වී දින 7ක් ඇතුළත පෙජින්ටර්ෆෙරෝන් ලැම්ඩා(peginterferon lambda) නම් ඖෂධයේ එක් මාත්‍රාවක් ලබා ගත් අය ඔසු පිරික්සුම් සාම්පලයක් හෙවත් ප්ලේසෙබෝවක් ලබා ගත් අය මෙන් රෝහල්ගත වීමට හෝ හදිසි ප්‍රතිකාර කාමර තුල දිගු කලක් ගතකිරීමට ඇති ඉඩකඩ අඩකින් අඩුවීමට ඉඩ ඇති බව ක් විය. . අත්හදා බැලීමේ අනුග්‍රාහක ආයතනය වන Eiger BioPharmaceuticals විසින් වාර්තා කරන ලද මෙම බලපෑම පිළිබඳ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන පරිදි Omicron ඇතුළු බොහෝ SARS-CoV-2} ප්‍රභේද හරහා ද මෙම ප්‍රතිඵල දැකගත හැකි විය.
ජූනි 30 වන විට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන්(U.S. Food and Drug Administration) හදිසි අවස්ථභාවිතය සඳහා අවසරයක් ලබාගැනීම පිණිස අයදුම් කිරීමට සැලසුම් කරන අතර අත්හදා බැලීමේ සම්පූර්ණ දත්ත ඒ සමගම ලබා දීමට ද අදහස් කරන බව Eiger BioPharmaceuticals කියා සිටියි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහ බොස්ටන් ළමා රෝහලේ ප්‍රතිශක්තිකරණ විශේෂඥ Ivan Zanoni පවසන්නේ “ඔවුන්(Eiger BioPharmaceuticals) පැවසූ දේ සත්‍ය නම්, එය ඉතා අගනා ප්‍රතිඵලයක් බවයි. කෙසේනමුත් ප්‍රතිඵලවල විස්තර සපයන තුරු සිය විනිශ්චය කල් තබා ගන්නා බව ඔහු කියයි. ඊට අර්ධවශයෙන් හේතුවන්නේ, මුල් කාලයේ ඇතිවූ සංකීර්ණ නොවූ SARS-CoV-2 ආසාදනය සහිත තරුණ බාහිර රෝගීන් අතරේ සිදු කළ ඉතා කුඩා පරීක්ෂණයක් මගින් පෙන්නුම් කරනු ලැබුවේ Eiger BioPharmaceuticals එන්නත, රෝග ලක්ෂණ පවතින කාලසීමාව හෝ වෛරසය ඉවත් කිරීමට මිනිසුන්ට ගතවන කාලය අඩු කිරීමට පොහොසත් නොවූ බව සොයා ගගැනීම නිසයි. එම පරීක්ෂණය මෙහෙය වූ විද්යාඥයො මේ ගැන එකඟත්වය පල කරති. “අපි සාමානයන්ගේ(peers) සමාලෝචනය කරන ලද ප්‍රකාශනයක් දකින තුරු, හරි හටි යමක් කිව නොහැකියි” යනුවෙන් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග වෛද්‍ය උපින්දර් සිං විද්‍යුත් තැපෑල මගින් පැවසීය.
මෙම ප්‍රවේසම් සහගත ප්ර්කාශයන්, වෙනත් ආකාරයේ ඉන්ටර්ෆෙරෝන් අත්හදා බැලීම්වල අධෛර්යමත්කරවන සුළු ප්‍රතිඵල ද පිළිබිඹු කරනවා විය හැක. ජාතික සෞඛ්‍ය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Synairgen සමාගම විසින් අනුග්රහය දක්වන ලද විශාල අත්හදා බැලීම්වල දී රෝහල්ගත වූ රෝගීන්ට (ඉන්ටර්ෆෙරෝන්) ප්‍රතිකාර කළ අතර, සියල්ල අසාර්ථක විය.
වත්මන් අත්හදා බැලීම සැලසුම් කර ඇත්තේ කල් ඇතිවම රෝගීන්ට මෙම ප්‍රතිකාරය පටන් ගැනීමටයි. එයට හේතුව, වෛරස් ආසාදනයෙන් පසු මුල් පැය හා මුල් දිනවලදී ඉන්ටර්ෆෙරෝන් ක්‍රියා කාරී වන්නේ වෛරසයේ ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ඊට පහර දෙන අනෙකුත් ප්‍රෝටීන රැල්ලක් මුදා හරිමින් වීමයි. බ්‍රසීලයේ ස්ථාන 12ක සිදුකෙරෙන මෙම අත්හදා බැලීම මගින් වයස අවුරුදු 50 ට වැඩි සහ/හෝ දියවැඩියාව, තරබාරුකම, අධි රුධිර පීඩනය සහ පෙනහළු රෝග ඇතුළු තත්ත්ව ඇති බැවින් දරුණු COVID-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති රෝහල්ගත නොකළ රෝගීන් ඉලක්ක කරනු ලැබ ඇත. සහභාගී වූවන්ගෙන් සියයට 84ක් එන්නත් කර ඇති අයයි.ඔවුනට, හෙපටයිටිස් ඩී වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්ලේසෙබෝවක හෝ ඊගර් නිෂ්පාදිත ඖෂධයක් වන පෙජින්ටර්ෆෙරෝන් ලැම්ඩා(peginterferon lambda) සමට යටින් තනි එන්නතක් වශයෙන් ලබා දී ඇත.
සමාගම පවසන්නේ ප්‍රතිකාර අංශයේ සිටි රෝගීන් 916 න් 25 ක් (2.7%) රෝහල් ගත කර හෝ පැය 6 කට වැඩි කාලයක් ගත කර ඇති බවයි. හදිසි කාමරය, ප්ලේසෙබෝ ලබා ගත් රෝගීන් 1020 න් 57 (5.6%) හා සසඳන විට. මරණ සංඛ්‍යාව සංඛ්‍යානමය වශයෙන් අර්ථවත් විය නොහැකි තරම් කුඩා වුවද, ප්ලේසෙබෝ කණ්ඩායමේ සිව් දෙනෙකුට සාපේක්ෂව ප්‍රතිකාර කණ්ඩායමේ එක් පුද්ගලයෙකු පමණක් මිය ගිය බව ඊගර් වාර්තා කළේය.
Eiger සමාගම පවසන්නේ, ප්ලේසෙබෝ ලබා ගත් රෝගීන් 1020 න් 57 (5.6%) හා සසඳන විට, ප්‍රතිකාර අංශයේ සිටි රෝගීන් 916 න් 25 ක් (2.7%) රෝහල් ගත කර හෝ පැය 6 කට වැඩි කාලයක් හදිසි අවස්ථා කාමරයක ගත කර ඇති බවයි. මරණ සංඛ්‍යාව සංඛ්‍යානමය වශයෙන් අර්ථවත් විය නොහැකි තරම් කුඩා වුවද, ප්ලේසෙබෝ කණ්ඩායමේ සිව් දෙනෙකු මිය යාමට සාපේක්ෂව ප්‍රතිකාර කණ්ඩායමේ එක් පුද්ගලයෙකු පමණක් මිය ගිය බව ඊගර් වාර්තා කළේය.

“එක්සත් ජනපදයේ සහ ගෝලීය වශයෙන් වර්තමාන කොවිඩ් පරිසරය හා බෙහෙවින් සාමාන්‍යකරණය කළ හැකි අධ්‍යයනයක් අප සතුව ඇති බව අපි විශ්වාස කරමු,” යනුවෙන් Eiger ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් කෝරි පවසයි. දැනට ප්‍රමුඛ පෙළේ ප්‍රතිවෛරසයක් වන Pfizer’s Paxlovid දින 5ක් පුරා පෙති මාලාවක් ලෙස දෙනු ලබේ. පළමු වර්ගයේ දියවැඩියා රෝගීන්(type 1 diabetes) තමන්ම සිදුකරගන්න ප්‍රතිකාරයට සමාන ආකාරයෙන් දෙන නොගැඹුරු ඉන්ටර්ෆෙරෝන් තනි එන්නත් කිරීමකින් “විශේෂයෙන්ම ඉහළ අවදානම් සහිත රෝගීන් සඳහා තනි සහ සුදුසුම ප්‍රතිකාරය වීඑමේ හැකියාව ඇත”.
ප්‍රතිඵල “ඉතා ආකර්ෂණීය” බව ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ (Francis Crick Institute) ප්‍රතිශක්ති විද්‍යාඥ ඇන්ඩ්‍රියාස් වැක්, Eiger සමාගම නිකුත් කල මාධ්‍ය නිවේදනය මත පදනම්ව, පවසයි. හෙතෙම, COVID-19 සම්බන්ධයෙන් ලැම්ඩා ඉන්ටර්ෆෙරෝන් ඉටුකරන කාර්යභාරය අධ්‍යයනය කරන්නෙකි. “මෙය(ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය) ඉදිරියට්ය යනෞ ඇතැයි මම ඉතා බලාපොරොත්තු වෙමි” හෙතෙම කියයි.
“මූලික විද්‍යා දෘෂ්ටිකෝණයකින් ගත් කල මෙය තමයි සිදුවනු ඇතැයි අපේක්ෂා කළ දෙය,” යනුවෙන් Zඅනොනි පවසයි.
ළම්බ්ඩ ඉන්ටෙර්ෆෙරොන්ස් යනු 3 වන වර්ගයේ ඉන්ටර්ෆෙරෝන් වන අතර ඒවාට ශ්වසන පත්‍රිකාව ආවරණය කරන්නාවූ ආකාරයේ වැනි ප්‍රධාන වශයෙන් අපිචිඡද මතුපිට(epithelial surfaces) ප්‍රතිග්‍රාහක ඇත. වඩාත් හොඳින් දන්නා වූ පළමු වර්ගයේ ඉන්ටර්ෆෙරෝන් ශරීරයේ සෑම සෛලයකම ක්‍රියා කරන අතර, ඉලක්කගත නොවන බලපෑම් ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි. තවද, ඒවා 3 වර්ගයේ ඉන්ටර්ෆෙරෝන් වලට වඩා ප්‍රදාහය ප්‍රවර්ධනය කරයි. රෝගයකදී තීරණාත්මක අවදානමක් වන එය පසුව එහි ගමන් මාර්ගයේදී, රෝගීන් අධි ප්‍රදාහ තත්ත්වයට පත් කළ හැකිය.
SARS-CoV-2 එන්නත් කරන ලද මීයන්ට, ලැම්ඩා ඉන්ටර්ෆෙරෝන් ආශ්වාස කිරීමට සලස්වන ලද විට ශ්වසන පත්‍රිකාව පුරා, අධික ප්‍රදාහයක් ඇති නොකර වෛරස් ආසාදනය සීමා වූ බව ශාන්ත ලුවිස් හී වොෂිංග්ටන් විශ්වවිදයාල වෛද්‍ය පාසලේ පර්යේෂක කණ්ඩායමක් විසින්අප්‍රේල් 15 වන දින පල වූ Cell Reports හී සඳහන් කර තිබුණි. තවද, එම කණ්ඩායමම ඊගර් නිෂ්පාදනයේ ඇති ප්‍රෝටීනය වන ලැම්ඩා ඉන්ටර්ෆෙරෝන්-1 (IFNL-1) සඳහා විශේෂිත ප්‍රතිග්‍රාහකයක් අහිමි වන ආකාරයෙන් මීයන මීයන් සැලසුම් කළ විට, නොවෙනස්ව පවතින ප්‍රතිග්‍රාහක සහිත මීයන්ට සාපේක්ෂව එම මීයන්ගේ වෛරස් බර ඉහළ ගියේය.
පසුගිය වසරේ දී Zanoni සහ සගයෝ COVID-19 රෝගීන්ගේ පෙනහළු තරල සහ උගුර සහ නාසය සාම්පල විශ්ලේෂණය කළහ. වෛරසය ඉහළ ශ්වසන පත්‍රවලට සීමාකර තබාගනිමින් වඩාත්ම ආරක්ෂිත ප්‍රතිචාර සමඟ සම්බන්ධ වී ඇත්තේ IFNL1 ලෙස පෙනී ගොස් ඇත. ” පෙණී යන පරිදි සාර්ථක වූ [ඊගර්ගේ] ඉන්ටර්ෆෙරෝන්] lambda 1 බව දැකීමෙන් මම සතුටට පත් වූවෙමි, මන්ද එය අපගේ අනාවැකිය ද වනු නිසායි,” Zanoni පවසයි.
අනෙකුත් විද්‍යාඥයින් ද සඳහන් කරන්නේ නුමුහුන් ප්‍රතිදේහ(monoclonal antibodies), එන්නත් මගින් ඇතිවන ප්‍රතිශක්තිය හෝ, සමහරවිට, පැක්ස්ලොවිඩ් වැනි ප්‍රතිවෛරස් පෙතිවලින් ලැබෙන්නාක් මෙන් නොව, නව, ප්‍රතිරෝධී SAර්S-ඡොV-2 ප්‍රභේදවල පරිණාමය හමුවේ ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිචාරය අවදානමට ලක් නොවන බවයි. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ යකෘත් විද්‍යාඥයෙකුවන(hepatologist) ජෝර්ඩන් ෆෙල්ඩ් පවසන්නේ “මෙය සත්කාරක-ඉලක්ක කරන ඖෂධයකට එදිරිව වෛරස් ඉලක්ක කරන ඖෂධයකි… එබැවින් ප්‍රතිරෝධය ඇත්ත වශයෙන්ම එතරම් ගැටලුවක් වන්නේ නැහැ”. ඔහු, මුල් අවධියේ බාහිර රෝගීන් සම්බන්දයෙන් ඊගර් ඖෂධයේ කුඩා පරීක්ෂණයක් පවත්වා එක් එන්නත් කිරීමකින් වෛරසය නිෂ්කාශනයවන බව සොයාගත්තෙකි.
(පළමු වර්ගයේ ඉන්ටර්ෆෙරෝන් සම්බන්ධ නොවන අත්හදා බැලීම් දෙකක විමර්ශකයෙකු ද වන) ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙකු වන එලිනෝර් ෆිෂ් වෙනත් කාරණාවක් ගැන අවධනය යොමු කරයි. කුඩා සමාගමකට වෙනසක් කිරීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් කළ හැකිදැයි හේ ප්‍රශ්න කරයි. “ප්‍රතිඵල හොඳයි. මගේ ප්‍රශ්නය නම්: මෙය සැබවින්ම ලබා දීමට ඔවුන්ට හැකියාවක් තිබේද? යන්නයි”. (සමාගම පවසන්නේ මෙම වසර අවසන් වන විට මාත්‍රා 300,000 ක් සූදානම් කිරීමට අපේක්ෂා කරන බවයි.) දත්ත නිවැරදිව තිබේ නම්, ඊගර් ඖෂධයේ ඇති සියලුම ප්‍රතිවෛරස් ගුණාංග අනාගතයට ප්‍රයෝජනවත් විය හැකි බවයි ඔහුගේ විශ්වාසය.
(AAAS) Science (5th May, 2022) හී පලවන Interferon therapy shows striking results against COVID-19 යන ලිපිය ඇසුරෙනි.