මානසික සෞඛ්‍යය ගැන තමන්ටම යමක් කළ හැකිය යන  සරල විශ්වාසය, යහපැවැත්ම සමඟ සම්බන්ධයයි දැක්වේ

Posted by

මානසික සෞඛ්‍යය ගැන තමන්ටම යමක් කළ හැකිය යන  සරල විශ්වාසය, යහපැවැත්ම සමඟ සම්බන්ධයයි දැක්වේ.

අයහපත් මානසික සෞඛය සහ මානසික රෝගාබාධ සමඟ පොරබදන පුද්ගලයින් සංඛ්‍යාව ලොව පුරා ඉහළ යමින් පවතී. එසේ අරගලයේ යෙදෙන  අය ඔවුනට අවශ්‍යවන මාදිලියේ සහාය ලබාගැනීමෙහි ලා එනට් එන්ටම වැඩි වැඩියෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙති — ඔවුන් ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලබා ඇති විට පවා, උපකාර සඳහා මාස ගණනාවක් බලා සිටීමට සිදුවේ.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා හැකියාව වැඩිදියුණු කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලි වුවද, එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්දයෙන් නොවැළැක්විය හැකි ලෙස අරගල කිරීමට සිදුවනු ඇතැයි ඉන් අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා සහ මානසික සෞඛ්‍ය ගැටලු මුලින් වර්ධනය වීම වැළැක්වීමට පවා මිනිසුන්ට තනිවම කළ හැකි බොහෝ දේ ඇත. පර්යේෂකයන්ගේ මෑත කාලීන පර්යේෂණ පෙන්වන පරිදි , කෙනෙකුගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට එම අයට ගත හැකි එක් පියවරක් වන්නේ තමන්ට එය හැකි යැයි විශ්වාස කිරීම තරම් සරල දෙයක් විය හැකිය.

happy family jumping together on the beach

මෙම මෑත අධ්‍යයනයේදී,  සමීක්ෂණයකට අදාල මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න අසන ලද  ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස  ඩෙන්මාර්ක වැඩිහිටියන් 3,015 දෙනෙකුගෙන් ඉල්ලා සිටින ලදී. තම මානසික සෞඛ්‍යය යහපතව තබා ගැනීමට ඔවුන්ට යමක් කළ හැකි යැයි ඔවුන් විශ්වාස කරනවාද, ඔවුන්ගේ මානසික සෞඛයය යහපත්ව පවත්වා ගැනීම පිණිස ඔවුන් පසුගිය සති දෙක තුළ  යමක් කර තිබේද, මෙන්ම ඔවුන් දැනට මානසික සෞඛ්‍ය ගැටලුවකට මැදිවී සිටිනවාද යන්න යන්න වැනි ප්‍රශ්න ඒ අතරේ විය. මානසික යහපැවැත්ම මැනීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පර්යේෂකයන් විසින් බහුලව භාවිතා කරන ෂොර්ට් Wඅර්විච්ක්-Eඩින්බුර්ඝ් මානසික සුවතා පරිමාණය යොදා ගැනීමෙන් පර්යේෂකයන් විසින් පසුව ඔවුන්ගේ මානසික යහපැවැත්මේ මට්ටම තක්සේරු කරන ලදී. සෞඛ්‍යය සහ .

කෙනෙකු අපේක්ෂා කල හැකි පරිදි, අනෙකුත් සහභාගිවන්නන් හා සසඳන විට මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට දේවල් කළ අය අතර මානසික යහපැවැත්ම ඉහළම බව පර්යේෂකයන්ට පෙනී ගියේය.

කෙසේ වෙතත්, සිත්ගන්නා කරුණ නම් – සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන් ඒ වෙද්දී ඔවුන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ක්‍රියා කර තිබුණත් නැතත් – මානසික සෞඛ්‍ය සම්පන්නව සිටීමට යමක් කළ හැකි යැයි විශ්වාස කරන පුද්ගලයින්, ඒ ආකාරයේ විශ්වාසයක් නොමැති අයට වඩා ඉහළ මානසික යහපැවැත්මකින් පෙළෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය.

එබැවින් ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට පියවර ගැනීම — ඔබට, ඔබේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි යැයි හුදු විශ්වාස කිරීම පවා —  වඩා හොඳ සමස්ත මානසික යහපැවැත්ම සමඟ සම්බන්ධ වෙන බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙලෙස මානසික සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි යැයි විශ්වාස කිරීම සහ සැබවින්ම යහපත් මානසික සෞඛ්‍යක් ඇතිවීමට හේතුවන සාධක ගැන අධ්‍යනයේ දී සොයා බලනු ලැබුවේ නැති වුව ද, ” යහපැවැත්ම පාලන පථය”(“wellbeing locus of control”)ලෙස හැඳින්වෙන මනෝවිද්‍යාත්මක සංකල්පයකින් පැහැදිලි කළ හැකිය.  මෙම සංකල්පයට අනුව, අභ්‍යන්තරව යහපැවැත්ම පාලනය කරන පථයක් හෙවත් ස්ථානයක් සහිත පුද්ගලයින් විශ්වාස කරන්නේ තමන්ගේම ආකල්ප සහ හැසිරීම තමන්ගේ යහපැවැත්ම පාලනය කරන බවයි. අනෙක් අතට, බාහිරව  යහපැවැත්ම පාලනය කරන පථයක් හෙවත් ස්ථානයක් සහිත පුද්ගලයින් සිතන්නේ ඔවුන්ගේ මානසික යහපැවැත්ම බොහෝ දුරට පාලනය වන්නේ ඔවුන්ගේ පාලනයෙන් බැහැර සාධක හෝ තත්වයන් මගින් (ඒ කියන්නේ වෙනත් අවශේෂ පුද්ගලයින් විසින් හෝ අහම්බෙන් සිදුවන්නක් වැනි) බවයි.

අභ්‍යන්තර යහපැවැත්ම පාලනය කිරීමේ පථයක්(ස්ථානයක්)තමන් සතුව තිබීම කෙනෙකුගේ දෘෂ්ටිය(outlook), ජීවන රටාව හෝ උහුලාගෙන හසුරුවා ගැනීමේ(coping) යාන්ත්‍රණයට නොදැනුවත්වම බලපෑම් කිරීමට හැකි වන්නට පුළුවන. මෙය මේ ආකාරයටම  මානසික සෞඛ්‍යය කෙරෙහි ද බලපෑ හැකිය. තවද,  පෙර පර්යේෂණ මගින් දක්වන්නේ මෙම ආකාරයේ විශ්වාසයන් මානසික අවපීඩනය, කාංසාව සහ ආතතිය පිළිබඳ ලක්ෂණ පහළවීම අඩු කළ හැකි බවයි.

තමන්ගේ මානසික සෞඛ්‍යය වෙනස් කිරීමට තමන්ටම යමක් කළ හැකි යැයි විශ්වාස පළ කළ (සමීක්ෂණයට) සහභාගිවන්නන් ද ඉහළ මට්ටමේ මානසික යහපැවැත්මක් ඇති වීමට ඉඩ ඇත්තේ මන්දැයි මෙම සංකල්පය මගින් පැහැදිලි කරගනු ලැබිය හැකිය. තවද මෙම සොයා ගැනීම තුළම වැළැක්වීමේ  අතිවිශාල හැකියාවක්, විභවයක් ඇති බව පෙන්වා දීමට පුළුවන.  මන්ද, ඉහළ මට්ටමක මානසික යහපැවැත්මක් පැවතීම, පොදු මානසික ආබාධයක් වර්ධනයවීමේ 69-90% අඩු අවදානමක් තිබීම හා සම්බන්ධය.

මානසිකව සෞඛ්‍ය සම්පන්නව සිටින්න

මිනිසුන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සහය වීමට සහ වැඩිදියුණු කිරීමට එදිනෙදා කළ හැකි බොහෝ සරල දේවල් ඇති බව දැක්වෙන පර්යේෂණ  විශාල ප්‍රමාණයක් ඇති බව අපි දනිමු. “ක්‍රියා කරන්න – සහභාගීවන්න – කැපවෙන්න”(Act-Belong-Commit) ක්‍රියාමාලාව(campaign) අප හඳුන්වා දුන්නේ ඒ නිසාය. එය වනාහී, මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ තමන් පොරබදමින් සිටිනවාද නැද්ද යන්න නොසලකා, මානසික සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ පර්යේෂණ මත පදනම්ව සිදු කල හැකි,  සෑම දෙනාටම අනුගමනය කළ හැකි ක්‍රමයකි. 

ක්‍රියාව: කායික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් ක්‍රියාශීලීව ජීවත්වන්න. ඇවිදීම, කියවීම, ක්‍රීඩා කිරීම හෝ විනෝදාංශයක නිරතවීම වැනි යමක් කරන්න. ක්‍රියාශීලී මනසට සහ ශරීරයට යහපැවැත්ම පෝෂණය කළ හැකි අතර ඔබේ පාලනයෙන් බැහැර විය හැකි දේවල් ගැන ඕනෑවට වඩා සිතීමෙන් හෝ කනස්සල්ලෙන් පසුවීමෙන් මිදීමට උපකාරී වේ.

සහභාගිත්වය: මිත්‍රත්වයන් සහ සමීප සමාජ සබඳතා පවත්වා ගැනීම, කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නිරත වීම සහ ප්‍රජාවේ සිදුවීම්, කටයුතු ආදියට සහභාගී වීම.  මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගීවීම හෝ විනෝදාත්මක ක්‍රීඩා ලීගයකට සම්බන්ධ වීම ආදී වශයෙන් අන් අය සමග සමඟ යම් යම් දේ කරන්න – එය, වෙනත් පුද්ගලයින් සමඟ කාලය ගත කිරීමට හා  වඩාත් සම්බන්ධ වීමට මෙන්ම තමන්ගේම අනන්‍යතාවයක් පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට උපකාරී වේ.

කැපවීම: ඉලක්ක සකසාගන්න සහ අභියෝග හඳුනාගන්න. යහපත පතා යම් අරමුනක් වෙනුවෙන් කැපවෙන ක්‍රියා සිදුකිරීම සහ අන් අයට උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම ඇතුළුව ජීවිතයේ අරුත සහ අරමුණ සපයන ක්‍රියාකාරකම්වල නිරත වන්න, . අර්ථවත් දෙයක් කරන්න. මෙය ඔබට අර්ථය, වැදගත්කම සහ ආත්ම වටිනාකම පිළිබඳ හැඟීමක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

මෙම වසම් තුනම මූලික යහපත් මානසික සෞඛ්‍යය සඳහා මූලික අවශයතාවේ.  ක්‍රියාකාරකම්වලින් සමහරක් පමණක් වුව සිදුකිරීම වුව යහපැවැත්මේ ප්‍රතිලාභ පරාසයක්ම හා සම්බන්දය. ඉහළ ජීවන තෘප්තිය, සහ මානසික ආබාධ පිළිබඳ අවදානම අඩුකිරීම, ගැටලුකාරී මත්පැන් භාවිතය මෙන්ම සංජානන දුර්වලතාව අවම කර ගැනීම ද මේ පරාසයට ඇතුලත්ය. ක්‍රියාශීලීබව දැනීම,   සමාජීය වශයෙන් සම්බන්ධතා පවත්වාගෙන යාම සහ අර්ථ්සාර ක්‍රියාවල නිරත වීම, සාමාන්‍යයෙන් වඩා හොඳ සෞඛ්‍යයක් සහ දිගු ආයු කාලයක් සමඟ සම්බන්ධ වේ.

මෙම  මූලධර්ම දැන සිටීමෙන් වැදගත් වෙනසක් කළ හැකි බව පෙන්වීමට අධ්‍යයනයේ කොටසක් ලෙස පර්යේෂකයනට හැකි විය. මූලධර්ම ගැන දැන සිටි අය අතරින් 80% ක් පමණ පවසා ඇත්තේ ඒවා(මූලධර්ම) මගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට උපකාර කිරීම සඳහා කළ හැකි දේ පිළිබඳව නව දැනුමක් ලබා දී ඇති බවත්, 15% ක් පමණ ප්‍රකාශ කළේ ඔවුන් එය වැඩිදියුණු කිරීමට ද කටයුතු කර ඇති බවත්ය.

වත්මන් මානසික සෞඛ්‍ය අර්බුදය අපි බැලිය යුත්තේ,  මිනිසුන්ට හොඳ මානසික සෞඛ්‍යයකට සහය වීමට සහ පවත්වා ගැනීමට උපකාර වන මෙවලම්වලින් සන්නද්ධව සිටීම කෙතරම් තීරණාත්මක ලෙස වැදගත් ද යන්න පිළිබඳව කෙරෙන සංඥාවක් ලෙසිනි.  අපගේම මානසික යහපැවැත්ම ගැන සැලකිලිමත් වීමේදී – එය හුදෙක් අපට කළ හැකි යැයි විශ්වාස කිරීම පමනක් වුවත්, අපට කෙතරම් බලපෑමක් ඇති කළ හැකිද යන්න අපට මතක් කිරීමට අධ්‍යයනයේ ප්‍රතිඵල උපකාර විය හැක.

The Conversation හි පලවන Mental health: new study finds simply believing you can do something to improve it is linked with higher wellbeing යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.