පෝය සඳේ සඳ කිරණේ…
පුරාණයේ ලොව පුරා ප්‍රචලිත ජනප්‍රවාදවලට විෂයවන ප්‍රධාන මාතෘකාවක් වූයේ චන්ද්‍රයා හෙවත් සඳයි(moon). . රාත්‍රී අහසේ වඩාත්ම දීප්තිමත්ම වස්තුව වන්නේ ද එයයි. එහෙම වුනත්, එහි මතුපිට වයනය අඳුරු වන තරමටම එය(සඳ) දීප්තිමත් නොවේ. චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති රටා වලාකුළුවල දී මෙන් මානවතත්වාරෝපිත(anthropomorphic) ලක්‍ෂණ ගනු ලබන බව දරුවන් වුව දන්නා කාරනාවකි. සමහරු සඳ මතුපිට මිනිසෙකුගේ මුහුණක සේයාව දුටහ; අපේ රටේ ඇතැම් බෞද්ධ සම්ප්‍රදායානු කූල අදහස් අනුව ඡන්ද්‍ර පෘෂ්ඨයේ ඒ අප දකින්නේ ශක්‍ර දේවින්ද්‍රයා ඇඳි සාවෙකුගේ රුවයි. විවිධ සතුන් ද ඔය අතරවේ. වෙනස්වන චන්ද්‍ර කලා(phases) සහ ඒවා සෑම මසකම දිනක් හෝ දෙකක් අතුරුදහන්ව යන බවක් පෙනීම ද අමතර අනුමානවලට තුඩු දෙන්නේය. නූතන නරවෘකයාගේ(werewolf) ප්‍රවාදයේ පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ ඇති වෘකයෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ පුර පසළොස්වක දිනයේ සවස් කාලයේ පමණි.
සඳ, ප්‍රධාන වශයෙන් විවිධ දෙවියන් හා දේවතාවුන් සමඟ සම්බන්ධය. එහෙත් වැඩි වශයෙන් චන්ද්‍රයා සම්බන්ධ කරන්නේ දේවතාවියන්ටය.(සලකන්න අප අතර භාවිතයේ ඇති ‘සඳ දෙව් දුව’ ආදී යෙදුම්). හින්දු ඡ්‍යෝතිෂ් ශාස්ත්‍රය තුළ, චන්ද්රයා නැන්නා(Nanna) දෙවියන් සමඟ සම්බන්ධ වී ඇති නමුත් වඩාත් ප්‍රචලිඋත සම්බන්ධය වන්නේ ග්රීක ආටෙමිස්(Artemis), රෝම ලූනා(Luna) හෝ සඳ එළිය ලබාදෙන Zuni ගේ මව සමඟ ය.
චන්ද්‍රයා කොහොමටත් කාන්තාවන් සමඟ විශේෂයෙන්ම සම්බන්ධ වන අතර කාන්තාවෝ ඔසප් චක්රය සමඟ චන්ද්ර චක්රය හඳුනා ගනිති. සමකාලීන ලෝකයේ, නව මිථ්‍යාදෘෂ්ටිකවාදය විසින් වර්ධනය කරන ලද මිථ්‍යා කථා වල, විශේෂයෙන්ම එහි ස්ත්‍රීවාදී අංශය තුළ චන්ද්‍රයා කේන්ද්‍රීය භූමිකාවක් භාරගෙන ඇත.

චන්ද්‍රා මේ රෑ පායා ආවා…
සඳ පිළිබඳ බොහෝ නිරීක්ෂණ එක්රැස් කිරීම, එහි වැදගත්කම තේරුම් ගැනීමට උත්සාහ කිරීම මෙන්ම පුද්ගලයන්ගේ හැසිරීම් රට පිළිබඳ යම් ඇඟවුම් ඇඳීම සඳහා වඩාත් පුළුල් පද්ධතියක් බවට පත් වූයේ ජ්‍යොතිෂයයි. චන්ද්‍රයාගේ දින 28 චක්‍රය සූර්ය වර්ෂය වඩාත් කළමනාකරණය කළ හැකි ඒකකවලට බෙදීමේ පහසු ක්‍රමයක් බවට පත් විය. (ඇත්ත වශයෙන්ම චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගතව ගමන්කිරීමට ගත වන්නේ දින 27.32 ක් පමණි, නමුත් සූර්යයා වටා චලනය වීම නිසා පූර්ණ චන්ද්‍රයාගේ සිට පූර්ණ චන්ද්‍රයා දක්වා චක්‍රයක් සම්පූර්ණ කිරීමට දින 29.53ක් ගතවේ.
ඡ්‍යෝතිෂ් ශාස්ත්‍රය තුළ චන්ද්රයා නියෝජනය කරන්නේ පුඉද්ගලයෙකුගේ චෛතන්‍යය(psyche), යටි සිත සහ මනෝභාවයේ අභ්යන්තර චිත්තවේගීය පැත්තයි. වේලාපත්කඩයෙහි චන්ද්‍රයාගේ පිහිටීම පුද්ගලයාගේ නිර්මාණාත්මක පැත්ත , ඔහු/ඇයට නව අදහස් මතු කර ගත හැකි ස්ථානය, ඔහුගේ/ඇයගේ සම්භෘති ප්‍රයත්න(nurturing side) ප්‍රකාශ වන ආකාරය හෝ විශාල ලාලසාවක් රැඳී තිබෙන්නේ කොයි දැයි හෙළි කරයි. සඳ සූර්යයා සමඟ යුගල ගත කරනු ලැබ ඇත්තේ කෙනෙකුගේ බාහිර දෘශ්‍ය ජීවිතයේ සමස්ත අංගයන් හා සම්බන්ධ වෙන පරිදිය.

වසර ගණනාවක් පුරා, ජනප්‍රවාදයන් සහ ජ්‍යොතිෂයෙ අනුව, චන්ද්‍රයා විවිධාකාර හැසිරීම් රටා හා සම්බන්ද කොට හඳුනා ගනු ලැබ ඇත, මේවා අතරේ මානසික ආබාධ හෝ පිස්සු ස්වභාවය, අපරාධ, සියදිවි නසාගැනීම්, හදිසි අනතුරු සහ දරු උපත්වලට බලපාන කාරනා වඩාත් සුවිශේෂී යයි සලකනු ලැබේ, ඒවා සිදුවීම සඳෙහි කලාq සමඟ ඉහළ පහළ යන බව විශ්වාස කෙරේ. නිදසුනක් වශයෙන්, චන්ද්‍රයා ගර්භනී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සඳහා උත්තේජනය සපයන බව තවමත් බොහෝ දෙනා විශ්වාස කරති, රෝහල්වල හෙදියන් විසින් වාර්තා කර ඇති අන්දමට සම්පූට්නයෙන් පිරුණු සහ සම්පූට්නයෙන් හිස් මාතෲ වාට්ටු මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කිරීමෙන් මේ කාරනාව තහවුරු වෙන බව පැවසේ. මෙම අධ්‍යයනයන් බොහොමයක් විවිධ මනෝවිද්‍යාත්මක සඟරාවල යම් තරමකට වැළලී අමතක වී ගොස් තිබුන දතිබුණද, මෙම නිරීක්ෂණ විසිවන සියවස පුරා විවිධ පර්යේෂණ විෂයන් බවට පත්ව ඇත. , .
1980 ගණන්වල සහ 1990 ගණන්වල චන්ද්‍රය ගැන පළවන උපකල්පන පරීක්ෂා කිරීමේ අධ්‍යයන කිහිපයක කේන්ද්‍ර වූයේ මනෝවිද්‍යාඥයන් වන IW Kelly සහ R. Martens ය. චන්ද්‍ර කලා සහ උපත් අනුපාතයන් අතර සහසම්බන්ධයක් ඇති බවට කිසියම් සාක්ෂියක් සොයා ගැනීමට උත්සාහකෙරෙන ලිපි ලේඛන වල ඉහළ යාමක් 1986 දී දක්නට හැකිවිය. විශාල සාම්පල උපයෝගී කරගනිමින් විවිධ රටවල විවිධ පසුබිම් තුළ අධ්‍යයනයන් සිදු කර ඇති නමුත් කිසිදු දත්තයක් සඳෙහි නිශ්චිත කලාවකට ස්වයංසිද්ධ උපත් ඉහළ අනුපාතයක් සම්බන්ධ නොමැති බව ඔවුහු සොයා ගත්හ. චන්ද්‍රයා සහ මානසික රෝග හෝ (සියදිවි නසාගැනීම් සංඛ්‍යාව, සියදිවි නසාගැනීමට තැත්කිරීම් හෝ සියදිවි නසාගැනීමේ තර්ජන ඇතුළුව) සියදිවි නසාගැනීම් ආශ්‍රිත හැසිරීම් ඉහළ යාමක් අතර ද සමාන ඍණාත්මක සහසම්බන්ධයක් සොයාගනු ලැබ ඇත.
සඳ කලා සහ මත්පැන් පරිභෝජනය අතර සංඛ්‍යානමය සහසම්බන්ධයක් පෙන්නුම් කරන බවට 2000 වසරේ මුල් භාගයේදී, ජර්මානු අධ්‍යයනයක ප්‍රවෘත්ති වාර්තා පළ විය. කෙසේ වෙතත්, පරීක්ෂා කිරීමේදී පෙණී ගොස් ඇත්තේ ප්‍රතිඵලය, Türbingen විශ්ව විද්‍යාලයේ Hans-Joachim Mittmeyer සහ Reutlingen හි සෞඛ්‍ය ආයතනයේ Norbert Filipp විසින් ලියන ලද මුල් වාර්තාව අවුල් කර ඇති බවයි. පර්යේෂකයන් දෙපොළ විසින් චන්ද්‍ර චක්‍රයක් පුරා ජර්මනිය තුළ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අධ්‍යයනයක් කරන ලදී ඇත. දිනෙන් දින කිසිදු සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු වෙනස්කම් එහි දී සොයා ගත නොහැකි විය.
—————————————————————————————————-
සඳ: මූලික කරුණු
අප ජීවත්වන මේ මහ පොළව – පෘථිවිය – අපට වඩාත් හොඳින් ජීවත්විය හැකි ග්‍රහලෝකයක් බවට පත් කරන්නේ අපේ ග්‍රහලෝකයේ අක්ෂය මත පැත්තෙන් පැත්තට වැනීම හෙවත් වෙවුලුම(wobble) මධ්‍යස්ථ කරමින් සාපේක්ෂව ස්ථාවර දේශගුණයකට මග පාදමින් සහ වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන්ට මඟ පෙන්වූ උදම් රිද්මයක් නිර්මාණය කිරීමෙනි. අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයේ වස්තුවක් පෘථිවිය හා ගැටීමෙන් ඇති වූ සුන්බුන් එක්ව පසුව චන්ද්‍රයා සෑදී අපගේ රාත්‍රී අහසේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය බවට පත් විය. පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් විසින් සංචාරය කරන ලද එකම ආකාශ වස්තුව ද එයයි.
අපේ ග්‍රහ ලෝකය වටා කක්ෂ ගතව ඇත්ග් චන්ද්‍රයා අප සුවිශේෂී කර දකින්නට පුරුදුව ඇතත්, අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලය තුලම වෙනත් ග්‍රහ ලෝක වටා විවිධාකාරයේ චන්ද්‍රයන් ඇති බවත් සිහි තබා ගැනීම වටී.

පෘථිවියේ සිට චන්ද්‍රයාට දුර: සැතපුම් 239,000 ක් පමණ.
චන්ද්‍ර “වසර” (පෘථිවිය වටා කක්ෂගත වීමට කාලය): පෘථිවි දින 27 ක් පමණ.
චන්ද්‍ර දිනය: පෘථිවි දින 27 ක් පමණ.
අවම උෂ්ණත්වය: ෆැරන්හයිට් අංශක -387.
උපරිම උෂ්ණත්වය: ෆැරන්හයිට් අංශක 253.
—————————————————————————————————-
ඡ්‍යෝතිෂ් ශාස්ත්‍රය හා චන්ද්‍රයා අතර සබඳතා පිළිබඳ බොහෝ රසවත් හා ප්‍රතීයමාන දත්ත, විශේෂයෙන්ම Michel Gauquelin හා සම්බන්ධව විසිවන සියවස පුරා ගොඩ නැගී ඇතත්, ජනප්‍රිය ජනප්‍රවාදවල ප්‍රකාශිත හැසිරීම් මත චන්ද්‍රයාගේ ශෘජු බලපෑම් පිළිබඳ දත්ත සෘණාත්මක බවක් පෙනේ. පර්යේෂණයට ලක් නොවූ ක්ෂේත්‍ර තවත් ඉතිරිව තිබියදී වුව, දැනට ප්‍රමාණවත් තරමින් සිදු කර ඇති පර්යේෂන මඟින් යම් යම් කියාපෑම් කරන අයටම ඒවා ඔප්පු කිරීමේ බර පැටවී ඇති බව පැහැදිලිය.
encyclopedia.com හී පළවන Moon යන කොටස ඇසුරෙනි