අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධය(Internet Addiction Disorder)
සිය පරිගණකයෙන් හෝ බුහුටි දුරකථනයෙන්(smartphone) අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධයේ රෝග ලක්ෂණ, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ගැන කෙරෙන සමාලෝචනයක්.
අන්තර්ජාලයට ඇබ්බැහි වීම යනු කුමක්ද? ඔබ ඕඉනෑවට වැඩියෙන් නිතර අන්තර්ජාලයේ වීඩියෝ ක්‍රීඩා කිරීමට පෙළඹී සිටිනවා ද? ඔබ සිරිතක් වශයෙන් අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යනවාද? නිරතුරුව ෆේස්බුක් පරීක්ෂා කිරීම කොහොමටවත් නතර කර ගත නොහැකිද? මේ ආදී වශයෙන් ඔබේ පරිගණක භාවිතය අධික වීම හේතුවෙන් එය එදිනෙදා ජීවිතයට, සබඳතාවයන්ට, රැකියාවට, පාසල් අධ්‍යාපනයට කරදරයක්, බාධාවක්ද? ඔබ මෙම ප්‍රශ්නවලින් එකකට හෝ ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ නම්, ඔබ අන්තර්ජාල ඇබ්බැහි වීමේ රෝගාබාධයෙන් පෙළෙනවා විය හැකියි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් අනිවාර්ය හෙවත් අත්හළ නොහැකි අන්තර්ජාල භාවිතය(Compulsive Internet Use), ගැටලුකාරී අන්තර්ජාල භාවිතය(Problematic Internet Use) හෝ iDisorder ලෙසද හැඳින්වේ.

පැතිරීමේ නැතිනම් ව්‍යාප්ති අනුපාතවල පුළුල් වෙනස්කම් හෙවත් විචල්‍යයන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය සඳහා සත්‍ය සහ ප්‍රමිතිගත නිර්ණායක තෝරාගැනීමට නොහැකි වීම කෙරෙහි දායකවනව විය හැකිය. මෙම තත්වය හඳුන්වනු ලබන නමේ(අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධය) සඳහන් වන පරිදි, එහි සංකේන්ද්‍රණය හෙවත් යොමුවීම අන්තර්ජාලය සමඟ ගනුදෙණු කිරීම මත වේ. මේ අන්දමින්, අනෙකුත් ක්ෂේත්‍රවල මාධ්‍ය ඇබ්බැහි වීම් — රූපවාහිනී ඇබ්බැහි වීම, ගුවන්විදුලි ඇබ්බැහි වීම සහ වෙනත් ආකාරයේ මාධ්‍ය ඇබ්බැහිවීම් තුළ ද දැකිය හැකිය.
ඩිජිටල් යුගයේ දැවැන්ත පිබිදීම හේතුවෙන්, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය කරළියට පැමිණ ඇති අතර ඊට මග පාදන ප්‍රධාන වගෞත්තරකරු ලෙස දක්වනු ලබන්නේ මෑතක සිට තාක්‍ෂණයට ඇබ්බැහි වීමයි.
කෙනෙකු අන්තර්ජාලය බහුලව භාවිතා කළ පමණින් — ඒ කියන්නේ YouTube වීඩියෝ බහුලව නැරඹීම, අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යාම, හෝ FB වැනි සමාජ මාධ්‍ය පරීක්ෂා පිරික්සීමට ඇති කැමැත්ත හේතුවෙන්ම එම අය අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයකින් පෙළෙන බවක් අදහස් කල නොහැකියි. ඇත්තවශයෙන්ම වර්තමාන ලෝකයේ බොහෝ කටයුතු පමනක් නොව අපේ එදිනෙදා ජීවිතයේ පවා කෙනෙකුට අන්තර්ජාලය බැහරකොට ජීවත් විය නොහැකි තත්ත්වයක් ලොව පුරා (දනටමත් උදාවී නැතිනම්) උදවෙමින් පවතී. එහෙත් ප්‍රශ්න මතුවන්නට පටන්ගන්නේ අන්තර්ජාලය කෙනෙකුගේ එදිනෙදා ජීවිත රටාව හා ගැටෙන්නට පටන්ගත් විටය.
පොදුවේ ගත් කල, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය විවිධ කාණ්ඩවලට බෙදා දැක්විය හැකිය. පොදුවේ, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ වඩාත් බහුලව හඳුනාගත් ප්‍රවර්ගවලට අන්තර්ජාල ක්‍රීඩා, සමාජ ජාලකරණය, විද්‍යුත් තැපෑල, බ්ලොග්කරණය, මාර්ගගත සාප්පු සවාරි සහ වීඩියෝ, ඡායරූප ආදී නුසුදුසු අන්තර්ජාල අශ්ලීල කෘති(pornography) භාවිතය ඇතුළත් වේ. අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ අනෙකුත් හඳුනාගත් බහු-මාන අවදානම් සාධක අතර කායික දුර්වලතා, සමාජීය හා ක්‍රියාකාරී දුර්වලතා, චිත්තවේගීය දුර්වලතා, ආවේගශීලී අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාලය මත යැපීම ඇතුළත් වේ.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමට හේතුව කුමක්ද? බොහෝ ආබාධවල් දී මෙන්ම, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයට නිශ්චිත හේතුව නිර්නයකිරීම පහසු කාර්යයක් නොවේ. දැනට ඇති සමහර සාක්ෂිවලින් දක්වන්නේ කෙනෙකු අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයකින් පෙළෙන්නේ නම්, එම අයගේ මොළයේ සංයුතිය, මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර වැනි රසායනික යැපීමකින්(chemical dependency) පෙළෙන අයගේ මොළ සංයුතියට සමාන බවයි. මෙහිදී දැක්විය හැකි සිත්ගන්නා කරුණක් වන්නේ, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය මොළයේ ව්‍යුහය භෞතිකව වෙනස් කිරීමට සම්බන්ධ බව, විශේෂයෙන් පූර්ව මොළයේ කලාපවල ධූසර සහ ධවල පදාර්ථ ප්‍රමාණයට බලපාන සමහර අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනු ලැබීමයි.
අනෙකුත් යැපීම් ආබාධවලට(chemical dependency) අමතරව, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය මොළයේ විනෝද මධ්‍යස්ථානයට බලපාන බව පෙනේ. World of Warcraft සහ Everquest ඇතුළුව MMROPG වැනි ඇතැම් ක්‍රීඩා අන්තර්ජාලයට ඇබ්බැහි වීමට හේතු විය හැක, මන්ද ඒවා කිසිදා අවසන් නොවන ඒවා වීමයි. අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයට ජීව විද්‍යාත්මක නැඹුරුතාවයක් තිබීම ද ආබාධයට දායක වන සාධකයක් විය හැකිය. අන්තර්ජාලයට ඇබ්බැහි වීමේනැඹුරුතාව කාංසාව සහ මානසික අවපීඩනයට ද සම්බන්ධ වේ.
බොහෝ විට, ඔබ දැනටමත් කාංසාව හෝ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, එම තත්වයන්ගෙන් මිදී ඔබේ දුක් වේදනා සමනය කිරීම උදෙසා ඔබට අන්තර්ජාලය වෙත යොමුවනවා විය හැකිය. ඔබ කනස්සල්ලෙන් සහ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, යම් හිඩැසක් හෙවත් රික්තයක් පිරවීම සඳහා ඔබ අන්තර්ජාලය වෙත යොමුවනවා විය හැකිය. ඔබ ලැජ්ජාශීලී හෝ සමාජීය වශයෙන් අන් අය හමුවේ සබකෝලයෙන්, අපහසුතාවයෙන් පසුවන්නේ නම් අන්තර්ජාලය වෙත යොමු වන්නට ඉඩ ඇත්තේ අන්තර්ජාලය සමග ගනුදෙණු කිරීමට අන්තර් පුද්ගල අන්තර්ක්‍රියා අවශ්‍ය නොවන නිසාත් එය චිත්තවේගීය වශයෙන් ඉෂ්ටපල දෙන නිසාත් වන්නට පුළුවන.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝග ලක්ෂණ මොනවාද?
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ ශාරීරික හා චිත්තවේගීය ප්‍රකාශන ලෙස ඉස්මතු විය හැකිය.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ චිත්තවේගීය රෝග ලක්ෂණ සමහරක් අතරට ව්‍යාකූලත්වයේ මානසික අවපීඩනය, වංකකම, වරදකාරිත්වය පිළිබඳ හැගීමක්, කාංසාව, පරිගණකය භාවිතා කිරීමේදී උල්ලාසයක් දැනීම, කාලසටහනකට ප්‍රමුඛත්වය දීමට හෝ කාලසටහන අනුව වැඩ් කිරීමට ඇති නොහැකියාව, හුදකලාව(විසංගමනය), කාලය ඉකුත්වීම පිළිබඳ හැඟීමක් නැතිවීම, ආරක්‍ෂාණවාදීවීම, රැකියාවෙන්, වැඩ කිරීමෙන් වැළකී සිටීම, කැළඹීම(වික්ෂෝභනය- Aගිටටිඔන්), සිතේ ස්වභාවය නිතර වෙනස්වීඑම, හුදකලාවීම ගසෙන බිය, කම්මැලිස්වභාවය, රුටීනය හෙවත් දිනපතා කරන වැඩ හෙතුවෙන් ඇතිවන ග්ලානිය හෙවත් වෙහෙස ඇතුළත් විය හැකිය.

අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ ශාරීරික හා චිත්තවේගීය ප්‍රකාශන ලෙස ඉස්මතු විය හැකිය.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ චිත්තවේගීය රෝග ලක්ෂණ සමහරක් අතරට ව්‍යාකූලත්වයේ මානසික අවපීඩනය, වංකකම, වරදකාරිත්වය පිළිබඳ හැගීමක්, කාංසාව, පරිගණකය භාවිතා කිරීමේදී උල්ලාසයක් දැනීම, කාලසටහනකට ප්‍රමුඛත්වය දීමට හෝ කාලසටහන අනුව වැඩ් කිරීමට ඇති නොහැකියාව, හුදකලාව(විසංගමනය), කාලය ඉකුත්වීම පිළිබඳ හැඟීමක් නැතිවීම, ආරක්‍ෂාණවාදීවීම, රැකියාවෙන්, වැඩ කිරීමෙන් වැළකී සිටීම, කැළඹීම(වික්ෂෝභනය- Agitation), සිතේ ස්වභාවය නිතර වෙනස්වීම, හුදකලාවීම ගසෙන බිය, කම්මැලිස්වභාවය, රුටීනය හෙවත් දිනපතා කරන වැඩ හෙතුවෙන් ඇතිවන ග්ලානිය හෙවත් වෙහෙස ඇතුළත් විය හැකිය.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ භෞතික රෝග ලක්ෂණ අතරට, කොන්දේ කැක්කුම, Carpal Tunnel Syndrome, හිසරදය, නින්ද නොයාම, දුෂ් පෝෂණය, දුර්වල පුද්ගලික සනීපාරක්ෂාව, බෙල්ලේ වේදනාව, වියළි ඇස් සහ අනෙකුත් පෙනීමේ ගැටළු, බර වැඩිවීම හෝ අඩුවීම යන ලක්ෂන පෙන්නුම් කළ හැකිය.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ ප්‍රතිවිපාක මොනවාද?
ඔබ මෙම ආබාධයෙන් පෙළෙන්නේ නම්, එය ඔබගේ පෞද්ගලික සබඳතා, රැකියා ජීවිතය, මුදල් හෝ පාසල් ජීවිතයට බලපානු ඇත.
භෞතික පරිසරයකට වඩා මාර්ගගත පරිසරයක් තුළ ඔවුන්ට වඩාත් පහසුවක් දැනෙන බැවින්, නව සබඳතා වර්ධනය කර ගැනීමට සහ සමාජීය වශයෙන් පසුබැසීමට අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ට ගැටලු ඇති විය හැක.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය හඳුනා ගැනීමට උපකාර වන වඩාත් සුලභ තක්සේරු කිරීමේ මෙවලම් අතරට Young’s Internet Addiction Test ගැටළුකාරී අන්තර්ජාල භාවිත ප්‍රශ්නාවලිය අනිවාර්ය අන්තර්ජාල භාවිත පරිමාණය ඇතුළත් වන්නේය
අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය සඳහා ප්‍රතිකාර විකල්ප මොනවාද? ප්රතිකාරයේ පළමු පියවර වන්නේ ගැටලුවක් පවතින බව හඳුනා ගැනීමයි. අන්තර්ජාලයේ ඇති එක් ප්‍රධාන ගැටලුවක් නම් බොහෝ විට වගවීමක් නොමැති වීම සහ සීමාවන් නොමැති වීමයි.
සමහරු අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය “පන්නකාම රෝගයක්”(“Fad illness”) ලෙස විශ්වාස කරන අතර එය සාමාන්‍යයෙන් එය තනිවම විසඳා ගන්නා බව යෝජනා කරති. මීට අදාලව ඉදිරිපත් කිරීමට හැකි නිවැරදි කිරීමේ හැසිරීම් වලට අන්තර්ජාල භාවිතය පාලනය කරන මෘදුකාංග සහ පිවිසිය හැකි අඩවි වර්ග ඇතුළත් වේ – පරිගණකයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම නිවැරදි කිරීමේ ඵලදායි ක්‍රමයක් නොවන බවට බහුතර වෘත්තිකයෝ එකඟ වෙති.
සෙරොටොනින් මට්ටම් වැඩි කිරීමට සහ අන්තර්ජාලය මත යැපීම අඩු කිරීමට ශාරීරික ක්‍රියාකාරකම් ඵලදායී බව පෙන්නුම් කෙරේ. අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයේ වඩාත් ප්‍රචලිත මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සමහරක් අතරට: තනි පුද්ගල, කණ්ඩායම් හෝ පවුල් ප්‍රතිකාර, චර්යා වෙනස් කරන අපෝහක චර්යා චිකිත්සාව(Behavior modification Dialectical Behavioral Therapy), සංජානන චර්යා චිකිත්සාව, කලා චිකිත්සාව, විනෝදාස්වාද චිකිත්සාව, යථාර්ථ ප්‍රතිකාරය ඇතුළත්වේ. සාමාන්‍ය ජනතාව අතරේ මෙම රෝගා බාධය ව්‍යාප්තව තිබීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ප්‍රතිකාර වැඩසටහන් එක්සත් ජනපදයේ සහ ලොව පුරා ඉස්මතුවීමට පටන් ගෙන ඇත. බොහෝ අවස්ථාවන්හිදී, අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධයට ප්‍රතිකාර කිරීම සඳහා බහුමාත්‍ය ප්‍රතිකාර භාවිතා කර ඇත.

අන්තර්ජාලයට ඇබ්බැහි වීම ඇත්තක්ද?
මුලින් “කවට උපා හෙවත් වංචා සහගත” ආබාධයක් ලෙස හඳුනාගෙන ඇතත් ඩිජිටල් යුගය ව්‍යාප්ත වීම අපව අන්තර්ජාල යුගයට තල්ලු කර ඇති අතර අන්තර්ජාලයට ඇබ්බැහි වීම සැබවින්ම සැබෑ “දෙයක්” බවට පත්ව ඇත. කෙසේ වෙතත්, බොහෝ පර්යේෂකයන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ ආබාධය තමන්ගේම පැවැත්මේ ආබාධයක් ද නැතහොත් වෙනත් යටින් පවතින තත්ත්වයන්ගේ රෝග ලක්ෂණයක් ද යන්න අවිනිශ්චිත ය.
psycom.net හී පළවන Internet Addiction Disorder යන ලිපිය ඇසුරෙනි