වසංගත(Epidemics) සහ කලාපීය/ගෝලීය වසංගත හෙවත් waYaptha වසංගත (Pandemics)

Posted by

වසංගත(Epidemics) සහ කලාපීය/ගෝලීය වසංගත හෙවත් waYaptha වසංගත (Pandemics)

වසංගතයක් යනු කුමක්ද?

වසංගතයක් යනු ප්‍රජාවක් අතර විශාල පිරිසකට අසාමාන්‍ය ලෙස එකවර රෝගයක් වැළඳීමයි. වසංගත රෝග සඳහා උදාහරණ ලෙස ටයිෆස්, ඉන්ෆ්ලුවෙන්සා, බුබොනික් මහාමාරියෙහි වසංගත ස්වරූපය(the Black Death), මැලේරියාව සහ වසූරිය ඇතුළත් වේ.

වසංගතයක් ඇතිවීමට හේතුව කුමක්ද?

වසංගතයක් ඇති කළ හැකි සිදුවීම් හෙවත් සාධක ගණනාවක් තිබේ.

ආසාදිත ආහාර සහ ජලය හරහා –

වසංගතයක් ආරම්භ විය හැකි එක් ආකාරයක් වන්නේ ආහාර හෝ ජලය තුළ රෝග කාරකයකින් නැතිනම් රෝග බීජ ආසාදනය වීමයි. නගරයක ප්‍රාදේශීය ජල සැපයුම මෙලෙස ආසාදනය වුවහොත්, නගරයේ පුද්ගලයින් බොහෝදෙනෙකු රෝගාතුර වී වසංගතයක් ආරම්භ වේ.

රෝගයේ උග්‍රතාව වැඩි වීම –

සමහර අවස්ථාවල රෝගයක් ඇති කරන (විෂබීජ, රෝග බීජ, රෝග කාරක ලෙස ද දැක්වෙන) වයාධිජනක(පතොගෙන්ස්) වෙනස් වී වඩාත් දරුණු විය හැක. මෙයින් අදහස් කරන්නේ එය මිනිසුන්ට වඩාත් පහසුවෙන් ආසාදනය වී ඔවුන් අසනීප විය හැකි බවයි.

නව රෝගයක් හඳුන්වාදීම –

ජනගහනයක් අටහ්රට නව රෝගයක් අලුතෙන් ඇතිවනවිට, එය බොහෝ වසංගතවල ආරම්භය වේ. මෙය සිදු වූයේ යුරෝපීයයන්  ඇමරිකාවට වසූරිය ගෙන ආ විට සිදුවූයේ එයයි. එවකට අමැරිකාව දැන නොසිටි මේ නව රෝගයෙන් ස්වදේශික ජනගහනයෙන් 90% ක් පමණ මිය ගියහ.

රෝගයකට අඩු ප්‍රතිරෝධයක් දැක්වීම –

සමහර විට සාගතය සහ දුර්වල පෝෂණය නිසාවෙන් යම් ජනගහනයක් අතරේ අඩු ප්‍රතිරෝධයක් ඇතිවී තිබීමට හේතු විය හැක. මෙම තත්වය වසංගතයකට මග පෑදිය හැකිය.

ස්වාභාවික විපත් සහ යුද්ධ –

ස්වාභාවික විපත් සහ යුද්ධ මගින් ද වසංගත වලට මුල් පිරිය හැකිවේ. ස්වාභාවික විපත් සහ යුද්ධමය වාතාවරණයකින් ජලය ආසාදනයවීම, නව රෝග හඳුන්වාදෙනු ලැබීම සහ (ආහාරහිඟවීම ආදිය නිසාවෙන්) රෝගවලට ජනතාව අතර ප්‍රතිරෝධය අඩු වී යාම මගින් වසංගත රෝග ආරම්භ කළ හැකිය.

වසංගත රෝග පැතිරෙන්නේ කෙසේද?

මතු දැක්වෙන ක්‍රම ඇතුළුව විවිධ ක්‍රම මගින් රෝගය පැතිරීම සහ සම්ප්‍රේෂණය විය හැක:

කෘමීන් මාර්ගයෙන් – කෘමීන්  රෝගකාරකයන් හෙවත් රෝග රැගෙන යන්නන් බවට පත්වීමෙන්  පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගය සම්ප්‍රේෂණය වීම සිදු විය හැක. කෘමීන් මගින් බෝවන රෝග සඳහා උදාහරණ ලෙස බුබොනික් මහාමාරිය(bubonic plague) සහ මැලේරියාව දැක්විය හැකි වේ.

වාතය හරහා සම්ප්‍රේෂණය – සාමාන්‍යයෙන් පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් යන විට ආසාදනය(රෝග කාරක) වාතය හරහා ද ගමන් කළ හැකිය. ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප සහ ක්ෂය රෝගය වාතයෙන් බෝවන රෝග සඳහා උදාහරණ වේ.

ආහාර සහ ජලය –  ආසාදිත හෙවත් රෝගකාරක මගෛන් දූෂණය වූ ආහාර හෝ ජලය හරහා සමහර රෝගබෝ විය හැක. උදාහරණ අතරට කොලරාව, අතීසාරය සහ ටයිපොයිඩ් උණ ඇතුළත් වේ.

වසංගත අවසන් වන්නේ කෙසේද?

වසංගත ඉක්මනින් පැතිර ගොස් මිලියන ගණනක් මිනිසුන් ඊට ගොදුරුව මිය ගිය හැකි වුවද, අවසානයේදී ඒවා අවසන් වේ. වසංගතයක් අවසන් වීමට බලපාන විවිධ හේතු තිබේ:

ධාරකයන්(hosts) සංඛ්‍යාව අඩුවීම – වසංගතයක් මුලින්ම ආරම්භ වූ විට එය දුර්වලම සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට එය වැලඳිය දිය හැකිය. මෙම පුද්ගලයින් මිය යාමට මෙන්ම ජීවත් වීමට ද ඉඩ ඇත. මෙම පුද්ගලයින් දිවි ගලවා ගතහොත් රෝගයට ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකිය. කාලය ගතවෙත්ම, රෝගයට පහසුවෙන් පහර දිය හැකි ධාරකයන් එන්ට එන්ටම අඩු වේ. අවසානයේදී වසංගත වයාප්තියය මන්දගාමී වී පසුවඅවසන් වේ.

සෘතුමය වෙනස්කම් – සමහර රෝග සෘතුමය වශයෙන් පැතිරේ. නිදසුනක් වශයෙන්, උණ, ශීත ඍතුවේ දී වඩාත් පහසුවෙන් පැතිරෙන අතර වසන්ත කාලය පැමිණෙන විට පහව යයි.

වාහකයන් අඩුවී යාම – සමහර විට රෝග වාහකයන් අක්‍රිය විය හැක. මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන මැලේරියාව මෙයට උදාහරණයකි. ශීත කාලගුණය පවතිනවිට හෝ ශීත ඍතුවේ දී මදුරුවන් අක්රිය වේ.

ව්‍යප්ත වසංගතයක් යනු කුමක්ද?

ව්‍යප්ත වසංගතයක් යනු විශාල කලාපයක් පුරා, සාමාන්‍යයෙන්  මහාද්වීප කිහිපයක් හරහා හෝ ලොව පුරා පැතිරී ඇති වසංගතයකි. මෙයට දිය හැකි හොඳම උදාහරනයක් ලෙස අප කාගේත් හිත්වලට එකවර එන්නේ කොවිඩ් 19 ගෝලීය වසංගතයයි.

ව්‍යප්ත වසංගතයක අදියර හය

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වසංගත වෛරසයක අදියර හයක් විස්තර කරයි:

  • වෛරසය සතුන් තුළ දක්නට ලැබෙන නමුත් මිනිසුන් තුළ දිස් නොවේ.
  • වෛරසය මිනිසුන් තුළ සොයාගනු ලැබ ඇත.
  • රෝගයේ කුඩා පොකුරු දක්නට ලැබෙන නමුත් එය වේගයෙන් පැතිරෙන්නේ නැත.
  • වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන අතර රෝගයේ ප්‍රජාව අතර හටගනී.
  • වෛරසය, අවම වශයෙන් රටවල් දෙකකට ව්‍යාප්ත වී ඇත. සම්පූර්ණ වසංගතයක් දැන් අත ළඟය.
  • රෝගය දැන් පූර්ණ වසංගතයක් ලෙස වර්ගීකරණය කරනු ලැබ ඇත.

Ducksters. Biology for Kids හී Epidemics and Pandemics කොටස අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.