අපේ මුතුන් මිත්තන්ට විශාල මොළයක් පරිණාමය වීමට බොහෝ කාලයක් ගත වූ බව හෙළි වේ
මේ මිහිතලයෙන් ඩයිනෝසෝරයන් වඳ කර දැමූ ග්‍රහකය(asteroid), කෘන්තකයන් වැනි කෘමීන් අනුභව කරන්නන්ගේ සිට බීවර් සතුන්ගේ ප්‍රමාණයේ ශාකභක්ෂකයන් දක්වා බොහෝ කුඩා ජීවීන් මිහිපිට ඉතිරි කළේය. කාලයාගේ ඇවෑමෙන්, මෙම සතුන් විශාල වූ අතර ඉන් සමහරෙක් අවසානයේ යෝධයන් බවට පත් වූහ. මෙලෙස විශාලවෙද්දී මෙම සතුන්ගේ මොළය ද ශරීරයේ සෙසු කොටස් මෙන් ක්‍රමයෙන් විශාල වන්නට ඇතයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බොහෝ කලක සිටය. එසේනමුත් නව අධ්‍යයනයකින් පෙනී යන පරිදි අවසානයටම විශල වූ දෙය මොළය විය හැකිය. මන්ද, (ඒ මොළ) අයිතිකරුවන් ජීවිතය පවත්වාගෙන යාමට තරම් දක්ෂයෙකු විය යුතු නිසාය.
නව ප්‍රතිඵල “ශරීරයේ ප්‍රමාණය සහ මොළයේ ප්‍රමාණය වෙන වෙනම ස්ථීති දෙකක් ලෙසින් නියාමනය කරන බවට සැබවින්ම ප්‍රබල සාක්ෂියකි,” යයි Vanderbilt විශ්ව විද්‍යාලයේ ස්නායු ව්‍යවච්ඡේද විද්‍යාඥවරියක වන, පර්යේෂණයට සම්බන්ධ නොවූ Suzana Herculano-Housel පවසයි.

මීට වසර මිලියන 250 සිට මිලියන 65 කට පමණ පෙර තිබූ මෙසෝසොයික් යුගය ක්ෂීරපායියෙකු වශයෙන් ජීවත්වීමට හොඳ කාලයක් නොවීය. අපේ දුරස්ථ මුතුන් මිත්තන් බොහෝම දෙනෙක් හික් මීයෙකුට වඩා විශාල නොවීය; ඩයිනෝසිරස ලා ඔවුන්ව අල්ලාගෙන ගිල ගැනීමට නොහැකිවන තරමට ඒ දුරස්ථ මුතුන් මිත්තන් ප්‍රමාණයෙන් කුඩාවට්ට ඉන්ටත් වේගයෙන් ගමන්කිරීමටත් පුරුදුව ජීවත් වීමට සිදු විය. “ඩයිනෝසෝරයන් ක්ෂීරපායින්ව කුඩාවට තබාගත අතර අතර ක්ෂීරපායින් ඩයිනෝසෝරයන් විශාල ලෙස තබා ගත්තා” යනුවෙන් එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පුරාතත්ව විද්‍යාඥයෙකු සහ නව අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු වන Steve Brusatte පවසයි. ඉතින් ඩයිනෝස් නෂ්ඨ්ප්‍රාප්තවූ වූ පසු, ක්ෂීරපායින්ට වර්ධනය වීමට නිදහස ලැබුණි.

විද්‍යාඥයන් කල්පනා කළේ ක්ෂීරපායීන් ප්‍රමාණයෙන් විශලවන්නට පටන් ගත් විට වන විට, ඊට අනුරූපව විශාල වූ ශරීරයට ගැලපෙන පරිදි ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය ද වැඩි වන්නට ඇට්ති බවයි, එම මතය 1970 ගණන්වල මුල් භාගයේදී පුරා පුරා-ස්නාසාජීවවිද්‍යාඥ හැරී ජෙරිසන් විසින් යෝජනා කරන ලදුව පසුව පුළුල් ලෙස පිළිගැනීමට ලක් වූවකි. නමුත් ග්‍රහකය පෘථිවිය මත කඩා වැටීමත් සමග කාලයේ සිටම ක්ෂීරපායී පොසිල හිස් කබල් ඉතා දුර්ලභ වූ නිසා විද්‍යාඥයන්ට මෙම උපකල්පනය පරීක්ෂා කර බැලීමට අපහසු විය.
දැන්, නිව් මෙක්සිකෝවේ සැන් ජුවාන් ද්‍රෝණියේ සහ කොලරාඩෝ හි ඩෙන්වර් ද්‍රෝණියේ දී මෑතදී සොයාගත්, (වසර මිලියන 65 සිට මිලියන 55 කට පෙර) පැලියෝසීන සහ (වසර මිලියන 55 සිට මිලියන 32 දක්වා) ඉයෝසීන අනුයුගවලට අයත් ක්ෂීරපායි හිස් කබල් 34ක් Brusatte සහ ඔහුගේ සගයන් විසින් විශ්ලේෂණය කරනු ලැබ ඇත. ඔවුහු එම හිස් කබලවලට හානියක් නොවන පරිදි පරිගණක ටොමොග්‍රැෆි පරිලෝකන භාවිත කරමින් ඩිජිටල් ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් සිදු කලහ. ඉන්පසුව, ඔවුහු එකී ජීවීන්ගේ හිස් කපාල කුහරයෙහි “මොළයේ” ආකෘතියක් ඩිජිටල් එන්ඩොකාස්ට් නිපදවූහ. දත් සහ අස්ථි භාවිතා කරමින් සතුන්ගේ ශරීර ප්‍රමානය ඇස්තමේන්තු කෙරිණ. අවසාන වශයෙන්, විද්‍යාඥයෝ සතුන්ගේ මොළයේ ප්‍රමාණය ඔවුන්ගේ ශරීර ප්‍රමාණය සමඟ සංසන්දනය කළහ.
——————————————————————————————-
එන්ඩොකාස්ට්(Endocast)
එන්ඩොකාස්ට් යනු කුහර වස්තුවක අභ්‍යන්තර වාත්තුව වන අතර, මිනිසුන්ගේ සහ අනෙකුත් ජීවීන්ගේ මොළයේ වර්ධනය පිළිබඳ අධ්‍යයනයේ දී බොහෝ විට එය යොමුවන්නේ කපාල ගෝලාර්ධයටය. කුහර, ප්‍රවේශ විය නොහැකි අවකාශයක ගුණාංග පරීක්ෂා කිරීම සඳහා එන්ඩොකාස්ට් කෘතිමව සෑදිය හැකිය; නැතහොත් ඒවා පොසිලීකරණය හරහා ස්වභාවිකව සිදු විය හැක.
——————————————————————————————-
ඩයිනසෝරයන් වඳ වී ගිය එක්කම වාගේ ක්ෂීරපායින් ඔවුන්ගේ ශරීර ප්‍රමාණය වැඩි කර ගත් නමුත් ඔවුන්ගේ මොළය විශාල වීමට පටන් ගත්තේ ඊට වසර මිලියන 10 කට පමණ පසුව බව පර්යේෂක කණ්ඩායම Science සඟරාවෙහි වාර්තාකරති.

නව අධ්‍යයනයට නායකත්වය දුන් එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පුරා ස්නාසා විද්‍යාඥයකු වන, අධ්‍යනයේ සම-කර්තෘ ඔර්නෙලා බර්ට්‍රන්ඩ් පවසන්නේ “ඇත්තම කියනවා නම් මම එය හිතුව දෙයක් වත් නොවෙයි. මට හිතුනේ, මොකක් හරි වැරැද්දක් තියනවා කියලයි. … ඒ අයගේ(සතුන්ගේ)මොළය මෙතරම් කුඩා ඇයි? කියලයි”
බර්ට්‍රන්ඩ් සහ බෲසැට් සිතන්නේ ක්ෂීරපායින්ට විශාල මොළයක් පරිණාමය වූයේ අවශ්‍යතාව හටගත් විට පමණක් බවයි. මුලදී. (ඩයිනසෝර නෂ්ඨප්‍රාප්තියෙන් පසු) ඔවුන්ව මරා දැමීමට කිසිවෙකු උත්සාහ නොකරන බවට විශ්වාසය ගොඩනැගුණු පසු ක්ෂීරපායින් හැකි තරම් විශාල වීමට උත්සාහ දරන්නට ඇත්තේ ඇති පදම් සම්පත් ලබාගැනීමට තිබූ නිසාවෙනි. එසේවුවත්, විශාල වූ ක්ෂීරපායින් ආධිපත්‍යය පතුරන්ට වූ පසු, ඔවුන්ට වඩාත් බුහුටි වීමට, දක්ෂ වීමට පටන් ගතයුතු විය, මන්ද කීවොත් ආහාර සඳහා තරඟය දැඩි වත්ම දිවි ගලවා ගැනීම දුෂ්කර වීමයි. “ඔන්න ඔය අවස්ථාවේ තමයි විවිධ ක්ෂීරපායි කණ්ඩායම් එකිනෙකාගෙන ස්වාධීනව විශාල මොළයක් වර්ධනය වනු දැකීමට පටන් ගන්නේ” හෙතෙම පවසයි.
Herculano-Housel ඊට එකඟ නොවන්නීය. ඇය පවසන්නේ එය ක්ෂීරපායීන් අතරේ විශාල මොළයක් වර්ධනයවීමට මුල්පිරුවේ අවෂයයෙන්ම තරඟය නොවේ; ආහාර බහුලත්වය සහ ඩයිනෝ විලොපියන් නඔමැතිවීම යන කාරණා දෙකෙහි හොඳ සංයෝජනයකි. ශක්තිය අතින් ගත් විට මොළයක් යනු බෙහෙවින් වටිනා දෙයක් බව ඇය සඳහන් කරයි, එබැවින් සමහරක් ක්ෂීරපායින් විශාල වූ පසු, ඔවුන්ට ආහාර වැඩිපුර ගත හැකි වූ අතර එමගින් විශාල මොළයක් සෑදීමට වැඩි ශක්තියක් ලබා ගත හැකිවන්නට ඇත. මොළයේ වර්ධනයට හේතු වූයේ තරඟකාරීත්වය පමණක් නම්, කුඩා ක්ෂීරපායින් අතුරුදහන් වීමට ඉඩ තිබූ බව ඇය පෙන්වා දෙයි, “නමුත් කිසි විටෙකත් ඉවත්ව යන්නේ නැහැ.”
විද්‍යාඥයින් හට මුල් කාලයේ ක්ෂීරපායීන්ගේ මොළයේ පරිණාමය පිළිබඳ වඩාත් පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට නව දත්ත උපකාර වනු ඇති බව අධ්‍යයනයට සම්බන්ධ නොවූ Albuquerque හි නිව් මැක්සිකෝ විශ්වවිද්‍යාලයේ පුරා-පරිසරවිද්‍යාඥ Felisa Smith පවසයි. “අධ්‍යයනය ඇත්ත වශයෙන්ම පරිණාමීය ඉතිහාසය තුළ පරිසර විද්‍යාවේ වැදගත්කම ඉස්මතු කරයි.”
(බුද්ධිය හා සම්බන්ධ) නව වල්කය(neocortex) සහ ආඝ්‍රාණ බල්බ (සුවඳ සඳහා වැදගත්) ආඝ්‍රාණ බල්බ(olfactory bulbs) වැනි සතුන්ගේ මොළයේ සංවේදී කලාප මැනීමට පර්යේෂක කණ්ඩායමට හිස් කබලේ හැඩයේ සියුම් වෙනස්කම් භාවිතා කඅරමින් ඉඕසීන අනුයුගයේ සමස්ත මොළය විශාල වීමත් සමඟ කාලය පුරාවට ඒවායේ ප්‍රමාණය වෙනස් වූ ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවන තරමට ත්‍රිමාණ එන්ඩෝකාස්ට් සවිස්තරාත්මක විය. ක්ෂීරපායීන්, ඔවුන්ගේ නව වල්කය සහ අක්ෂි චලනයට සම්බන්ධ තවත් මොළයේ කලාපයක් වර්ධනය කරගෙන ඇති නමුත් ඔවුන්ගේ ආඝ්‍රාණ බල්බවල ප්‍රමාණය අඩු වී ඇති බව ඔවුහු සොයාගතහ. මෙයින් හැඟීයන්නේ පැවැත්ම සඳහා වැදගත් වන ඉන්ද්‍රියයන් සම්බන්ධ මොළයේ කලාප මොළයේ විශාල්වීමේ අවධියේ දී වඩි වරණයක් හිමි කර ගත් බවයි.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ විද්‍යාඥයෙකු වන, ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ස්නායු ශෛල විද්‍යාඥ ටිම් රෝව් කියා සිටින්නේ “මෙය අද්විතීය සොයා ගැනීමක්” බවයි.. මොළයේ හැඩය සහ ඉන්ද්‍රිය පද්ධතිවල වර්ධනය දෙස බැලීමෙන් විද්‍යාඥයින්ට මෙම සතුන් අනුවර්තනය වූ පරිසරයන් පිළිබඳව අදහසක් ලබා ගත හැකි බව ඔහු පෙන්වාදෙයි.
බර්ට්‍රන්ඩ් පවසන්නේ ඇය සහ ඇගේ සගයන් දැන් ක්ෂීරපායීන්ගේ හිස් කබලේ ඇති අභ්‍යන්තර කන(සතෙකුගේ කඩිසර බව සහ ශ්‍රවණ පරාසය ගැන පර්යේෂකයන්ටදන ගනීමට උපකාරවන්නකි) වැනි අනෙකුත් ව්‍යුහයන් ගැන අධ්‍යනය කරමින් සිටිනා බවත්, මෙම ගතිලක්ෂණ හැසිරුණු ආකාරය සහ අනුවර්තනය වූ ආකාරය ගැන සොයා බලමින් සිටිනා බවත්ය. “මෙය අපගේම බුද්ධියේ, අපගේම මොළයේ සමහර මූලයන් වෙත අපව යොමු කරවනවා. අපට ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇත,” Brusatte පවසයි.
(AAAS) Science හී පලවූ Early mammals got big before they got smart Fossils reveal it took our distant ancestors a long time to evolve big brains යන ලිපිය අසුරෙනි