කොවිඩ් වසංගතය අතරතුර මරණ අනුපාතිකය වැඩිපුරම ඉහළ ගිය තැන්
අනෙකුත් බොහෝ ධනවත් රටවලට වඩා ගෝලීය වසංගත සමයේ එක්සත් ජනපදය තුල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ මාසයේ නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලිවේ. එක්සත් ජනපදයේ මරණ සාමාන්‍ය මට්ටමට වඩා සියයට 15 කින් වැඩි විය – මෙම සංඛ්‍යාව අභිබවා ගියේ එකම ආදායම් කාණ්ඩයේ තවත් විශාල රටවල් හතරක් පමණි: චිලී, චෙක් ජනරජය, පෝලන්තය සහ රුමේනියාව.
රටක ආදායම මට්ටම අනුව 2020 සහ 2021 දී සාමාන්‍ය මට්ටම ඉක්මවන මරණ සංඛ්‍යාව

රටේ ආදායම් මට්ටම අනුව ගෝලීය වශයෙන් මරණ සාමාන්‍ය මට්ටම් සලකා බලන විට, බොහෝ දුප්පත් රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල තත්ත්වය ධනවත්ම රටවල් වලට වඩා අයහපත්විය විය, එසි වී නමුත් එක්සත් ජනපදයේ මරණ මට්ටම් ආර්ජන්ටිනාව සහ පිලිපීනය ඇතුළුව සම්පත් අඩු රටවල් කිහිපයකට වඩා වැඩි විය. .
කොවිඩ් වසංගතය පුරාම, එක්සත් ජනපදයට සහ අනෙකුත් ධනවත් රටවලට එන්නත්, ප්රතිවෛරස් ප්රතිකාර, මුහුණු ආවර්‍අණ සහ පරීක්ෂණ කට්ටල ආදී ජීවිතාරක්ෂක සැපයුම් ගතහොත් ඒවායේ ප්‍රමුඛ කොටස සඳහා ප්‍රවේශය හිමි කර ගත හැකිවිණි. බොහෝ ධනවත් රටවලට ඔවුන්ගේ ජනගහනයෙන් සාපේක්ෂව වයස්ගත සහ වඩාත් අවදානමට ලක්විය හැකි කොටසක් ද සිටින බව ඇත්තය. ආර්ථික සහාය සහ ආර්ථික ප්රතිපත්ති ප්‍රතිලාභ සඳහා ඔවුන්ට ද ප්‍රවේශ වීමට හැකි විය.
වසංගතයේ පළමු වසර දෙක තුළ මරණ අනුපාතිකයේ විශාලතම වැඩිවීමක් ඇති සමහර රටවල් ඉහළ මධ්‍යම ආදායම් ලබන කණ්ඩායමට අයත් ඒවාය: ඉක්වදෝරය, මෙක්සිකෝව සහ පේරු. එහෙම නමුත්, බොහෝ අප්‍රිකානු රටවල් ඇතුළුව – අඩුම අදායමක් ඇති බොහෝ රටවල් ප්‍රස්ථාර සටහන්වලට ඇතුළත් නොවේ, මන්ද ඒවායේ(එම රටවල) දත්ත විශ්වාසදායක බවින් අඩු හෙයිනි..
වසංගත ආශ්‍රිත මරණ නිවැරදිව ගණනය කිරීම පිණිස සමහර රටවල් අනෙක් ඒවාට වඩා දැඩි ප්‍රයත්න දැරීමට සිදුවිය. ඒ කොපමණ ප්‍රමාණයකින්ද යන්න, ලෝක සෞඛ්‍ය සංවිධාන(WHO) සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. ලොව පුරා රජයේ නිල ගණනය කිරීම්වලදී වාර්තාවනවාට වඩා ගෝලීය Covid-19 මරණ ඇත්තම සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
සාමාන්‍යට වඩා වැඩි මරණ සියල්ල හා වාර්තා වූ Covid -19 මරණ සැසඳීම
වඩාත්ම ධනවත්ම රටවල, වාර්තා වූ ඡොවිඩ්-19 මරණ සහ සාමාන්‍ය අගයට වඩා වැඩි ඇස්තමේන්තුගත මුළු මරණ සංඛ්‍යාව අතර පරතරය කුඩා විය, එසේ වන්නට ඇත්තේ සමහර විට සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාව මෙන්ම මරණ වාර්තා කිරීම පිණිස පවතින යටිතල පහසුකම් නිසා විය හැකිය.
නමුත් ඉහළ මධ්‍යම සහ පහළ හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මරණ සංඛ්‍යාව බොහෝ විට වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා බොහෝ ගුණයකින් විශාල විය. ලොව පුරා, වසංගතයේ පළමු වසර දෙක තුළ බලාපොරොත්තු වූවාට වඩා සියයට 13 ක් — ඒ කියන්නේ මිලියන 15 ක පමණ මිනිස්සු මිය ගියහ.

සාමාන්‍ය මට්ටමට වඩා වැඩි ගෝලීය මරණ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නවතම ඇස්තමේන්තු බොහෝ විද්‍යාඥයන් පවසන පරිදි වසංගතයේ සම්පූර්ණ බලපෑම පිළිබඳ වඩාත් විශ්වාසදායක මිනුමකි. මේ සංඛ්‍යාවලින් – බොහෝ විට ඒවා හැඳින්වෙන්නේ අතිරික්ත මරණ ලෙස – සංඛ්‍යාවලින් 2020 සහ 2021 දී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සහ කොවිඩ් වසංගතය ඇති නොවූයේ නම් එම කාලය තුළ මිය යනු ඇතැයි අපේක්ෂා කරන පුද්ගලයින් සංඛ්‍යාව අතර වෙනස මනිනු ලැබේ. එම පිරිස් අතරට, පරීක්‍ෂාවට ලක් නොවීම කොවිඩ්-19න් මියගිය අය මෙන්ම Sars වෛරස් රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යාම හේතුවෙන් වෙනත් වැළැක්විය හැකි රෝගවලින් මිය ගිය අය ද ඇතුළත් ය.
ඕස්ට්‍රේලියාව, චීනය සහ ජපානය වැනි රටවල ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) විසින් ඇස්තමේන්තු කරන ලද 2020 සහ 2021 මරණ සංඛ්‍යාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ කොවිඩ්-19 වසංගතය පාලනය පිණිස ගත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල් වෙනත් හේතූන් මත සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවයි. වාර්තා කරන ලද මරණ සහ ජනගහන සංඛ්‍යාලේඛනවලින් කොටසක් රාජ්‍ය ආයතන විසින් වාර්තාකරන ලද බැවින්, වාර්තාකරණය දුර්වල රටවල සමහර සංඛ්‍යා අවතක්සේරු වුනා විය හැකිය.
මිලියන 10 ට වැඩි ජනගහනයක් සිටින රටවල මරණ අනුපාත සාමාන්‍ය මට්ටම ඉක්මවා ගිය ආකාරය දෙස දැන් හැරෙමු:

ඉහළ ආදායම්ලාභී රටවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මරණ
පේරු රාජ්‍යය, විශාල රටවල සියල්ල අතුරෙන් සාමන්‍යයට වඩා ඉහලම මරන සංඛ්‍යාවක් වාර්තාවූ රටයි. 2020 ගිම්හානයේ එරට, කොරෝනා ආපාදාව දරුණුම තත්වයකට පත්විය.
ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල සාමාන්‍ය මට්ටමට වඩ

ඉන්දියාවේ, රටේ සෞඛ්‍ය සම්පත් මත පීඩනයක් එල්ල කරමින් කොවිඩ් සිද්ධීන් රැල්ලක් ඇති වූ විට 2021 ගිම්හානයේදී සාමාන්‍ය මට්ටමට වඩා මරණ ඉහළ ගියේය

පහළ මධ්යම හෝ අඩු ආදායම්ලාභී රටවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මරණ
සටහන්: ආදායම් කණ්ඩායම් වර්ගීකරණය 2021 ජූලි 1 වැනි දිනට ආර්ථිකයන් පිළිබඳලෝක බැංකුවේ විශ්ලේෂණාත්මක ආදායම් අනුව වන අතර, ඒවා පදනම් වී ඇත්තේ ලෝක බැංකු සිතියම් සංග්‍රහය භාවිතා කරමින් 2020 දළ ජාතික ආදායම ගණනය කර ඇත. . සාමාන්‍ය සංඛ්‍යාවලට වඩා WHO මරණ ආකෘති නිර්මාණය(modeling) මත පදනම් වන අතර සමස්ත දත්ත වාර්තාකරණයම දුර්වල ප්‍රදේශවල දත්ත ඇතැම් සීමාවන්ට යටත් විය හැකිය. හැක. WHO විසින් දත්ත පසුව යාවත්කාලීන කරනු ලබතැයි බලාපොරොත්තු වේ. සාමාන්‍යයට වඩා වැඩි මරණ සංඛ්‍යාව, ජර්මනිය ගතහොත් අධි තක්සේරුවක් සහ ස්වීඩනය ගතහොත් අවතක්සේරුවක් විය හැකිය.
සටහන්: ආදායම් කණ්ඩායම් 2021 ජූලි 1 වැනි දිනට ලෝක බැංකුවේ ආර්ථික විශ්ලේෂණාත්මක ආදායමෙන් වන අතර, ඒවා පදනම් වී ඇත්තේ 2020 දළ ජාතික ආදායම භාවිතා කරමින් ගණනය කර ඇත. ලෝක බැංකු ඇට්ලස් ක්රමය. සාමාන්‍ය සංඛ්‍යාවලට වඩා WHO මරණ ආකෘති නිර්මාණය මත පදනම් වන අතර දුර්වල සමස්ත දත්ත වාර්තාකරණයක් ඇති ප්‍රදේශවල සීමා කළ හැක. WHO විසින් දත්ත පසුව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ. සාමාන්‍යයට වඩා වැඩි මරණ ජර්මනියට අධි තක්සේරුවක් සහ ස්වීඩනයට අවතක්සේරු කිරීමක් විය හැකිය.
මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය, “COVID-19 වසංගතය තුළ ගෝලීය සහ රට-විශේෂිත අතිරික්ත මරණ ඇස්තමේන්තු කිරීම,” මැයි 9 නිකුත් කරන ලදී; ජෝන් වේක්ෆීල්ඩ්, වොෂින්ටන් විශ්ව විද්‍යාලය.
The New York Times(May 23rd, 2022) හී පළවූ Where Death Rates Rose the Most During the Pandemic යන ලිපිය අසුරෙනි