සෞරග්‍රහ මණ්ඩලයේ ‘අයිස් යෝධයන්’ විමර්ශනය කිරීමේ නවමෙහෙයුමක්

Posted by

එක්සත් ජනපද ග්‍රහලෝක විද්‍යාඥයෝ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අයිස් යෝධයන් විමර්ශනය කිරීමේ මෙහෙයුමක් ඉල්ලා සිටිති.

සෙනසුරුගේ චන්ද්‍රයකු වන එන්සෙලාඩස්(Enceladus) මත ජීවය සෙවීමේ මෙහෙයුමක් සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් හිමි විය යුතු ලෙස එක්සත් ජනපද ග්‍රහලෝක විද්‍යා ප්‍රජාව විසින්  සලකනු ලැබේ (අනුග්‍රහය: NASA/JPL/Space Science Institute)

“NASA ආයතනය ඉදිරි දශකය තුළ යුරේනස් වෙත ගවේෂණ යානයක් යැවීම මෙන්ම සෙනසුරුගේ අයිස්මය සහිත චන්ද්‍රයාවන එන්සෙලාඩස් හි අභ්‍යන්තර සාගරයේ ජීවය ‍රැඳී ඇත්දැයි බැලීමට යාත්‍රාවක් නිපදවිය යුතුය”. ඒ  සඳහන් කලේ ග්‍රහලෝක විද්‍යාව සහ තාරකා ජීව විද්‍යාව පිළිබඳ නවතම දසක සමීක්ෂණයෙහි අඩංගු නිගමන කිහිපයක් පමණි.  පිටු 780 කින් යුත් එහි වාර්තාව මගින්, ඉදිරි දශකය සඳහා එක්සත් ජනපද ග්‍රහලෝක විද්‍යාව සඳහා විද්‍යාත්මක තේමා සහ සංකල්පවලට ප්‍රමුඛත්වය ලබාදෙයි.

එක්සත් ජනපද ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් කැඳවන ලද 19 දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් විසින් රචනා කරන ලද මෙම වාර්තාව තේමා තුනක් තුළ ප්‍රමුඛතා විද්‍යා ප්‍රශ්න 12 ක් කෙරෙහි අවධානය යොමු කරයි. මූල ග්‍රහලෝක තැටියේ පරිණාමය, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සමාහරණය(ඒකරාශීවීම – accretion) සහ අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවි සහ අනෙකුත් වස්තූන්ගේ සම්භවය වැනි කරුණු පිළිබඳව මෙහි ‘සම්භවය’ යටතේ සඳහන්වෙයි. “ග්‍රහ ලෝක” යන්නෙන් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සහ අනුබද්ධ වස්තූන්ගේ පරිණාමය සහ අන්තර් ක්‍රියා කෙරෙහි අවධානය යොමු කරයි. මේ අතර, “ජීවිතය” යන්නෙන් පෘථිවියේ ජීවයේ පරිණාමය සහ වෙනත් තැනක ජීවයේ හැකියාවන් පරීක්ෂා කරයි.

මෙකී තේමා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අවශ්‍ය අභ්‍යවකාශ ගවේෂණවල ලැයිස්තුවක් වාර්තාව මාගින් ගෙනහැර දැක්වේ. මේවා අතුරෙන් විශාල පන්තියේ මෙහෙයුම් වලදී ප්‍රමුඛත්වය හිමිවන්නේ, යුරෙනස් කකෂගත ඕබිටර්(Orbiter) සහගවේෂණ යානා  වෙතයි. ඩොලර් බිලියන 4ක් වැයවන මෙම  බහු-වසර මෙහෙයුම බගි බලාපොරොත්තුවෙනු ලබන්නේ  විශේෂයෙන් යුරේනස් ග්‍රහ පද්ධතිය සහ පොදුවේ ‘අයිස් යෝධයන්'(ice giants) පිළිබඳ නව දැනුමක් ලබා ගැනීමටයි. යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් දෙදෙන කිසිදා ඊටම කැපවූ කක්ෂීය ගවේෂණයකින්  අධ්‍යයනය කරනු ලැබ නැති  ග්‍රහලෝක වන අතර යෝජිත මෙහෙයුම යටතේ යුරේනස් පසුකර පියාසරකිරීම්  කිහිපයක් සිදු කිරීමට අතර යුරේනස්ගේ වායුගෝලයෙ නියඳි ලබගැනීමට ද අදහස් කෙරේ.  “දැනට තිබෙන ගවේෂණ යානා යොදා ගනිමින් ඉදිරි දශකය තුළ දියත් කිරීමක් සිදු කිරීමට හැකියාවක්” ඇති බව වාර්තාව දක්වයි.

පෙරකී විශාල පන්තියේ මෙහෙයුමේ දී දෙවනියට ඉහළම ප්‍රමුඛතාව හිමිවන්නේ සෙනසුරු ග්‍රහයාගේ  චන්ද්‍රිකාවේ(Enceladus) අභ්‍යන්තර සාගරය අධ්‍යයනය කර ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමටයි.  1997 දී නාසා ආයතනය මගින් දියත් කරන ලද  කැසිනි අභ්‍යවකාශ යානය, මගින් මෙම අයිස්මය චන්ද්‍රයා සතුව අභ්‍යවකාශයට ජලය මුදා හරින්නාවූ මතුපිට සාගරයක් ඇති බව සොයා ගන්නා ලදී.

ඩොලර් බිලියන 5 ක් පමණ වැය වන කක්ෂගතව සහ ගොඩ් බස්වා තොරතුරු සොයන Enceladus Orbilander, එන්සෙලාඩස්  මතට ගොඩ බැසීමට පෙර වසරකට වැඩි කාලයක් තිස්සේ එන්සෙලාඩස් හි කක්ෂීය නිරීක්ෂණ සිදු කරනු ඇත, එහිදී, එහි(එන්සෙලාඩස් හි) අභ්‍යන්තර සාගරයේ සිට අභ්‍යවකාශයට ජලය විදීමේ සංසිද්දිය අධ්‍යයනය කිරීමට වසර දෙකක් ගත වනු ඇත.

මෙහෙයුමේ මෙම නිර්දේශිත,  ඉහළ ප්‍රමුඛතා පර්යේෂණ ක්‍රියාකාරකම් මෙන්ම තාක්‍ෂණ සංවර්ධනය මානව දැනුමේ පරිවර්තනීය වර්ධනයක් ඇති කරතැයි අපේක්ෂිතයි.

මීළඟ මධ්‍යම මට්ටමේ මෙහෙයුම ලෙස අඟහරු මත ජීවය සෙවීමේ Mars Life Explorer  ගවේෂණයට ප්‍රමුඛත්වය දෙමින් නාසා ආයතනය සිය අඟහරු ගවේෂණ වැඩසටහන දිගටමපවත්වාගෙන යන ලෙස ද වාර්තාව නිර්දේශ කරයි. පෙර සහ වත්මන් මෙහෙයුම් මගින් මෙන් අඟහරු මත ජීවය පැවති බවට සං ඥා සොයනවාට වඩා  වඩා දැනට ග්‍රහලෝකයේ ජීවයේ සලකුණු පිළිබඳව මෙම ගවේෂණය මගින් සොයනු ඇත.

අභ්‍යවකාශයෙන් පෘථිවියට එල්ලවන තර්ජන

දුර ඈත නොව අපේම ග්‍රහලෝකයට අදාලව මේ වාර්තාව නාසා ආයතනයෙන් ඉල්ලා සිටින්නේ පෘථිවියට ආසන්න වස්තූන් (ණ්EO) හඳුනා ගැනීම සහ දිගටම කෙරෙන සොයා බැලීම් වැඩි දියුණු කරන ලෙස සහ පෘථිවියට තර්ජනයක් වන ඒවා අපසරනය කිරීමේ ක්‍රම දියුණු කරන ලෙසයි. මධ්‍ය අධෝරක්ත කිරණවල ක්‍රියාත්මක වන අභ්‍යවකාශ පාදක NEO Surveyor සංවර්ධනය සහ දියත් කිරීමට සහාය වන ලෙස ද වාර්තාව නාසා අභ්‍යවකාශ ආයතනයෙන් ඉල්ලා සිටී.  NEO Surveyorට අනතුරුව මෙන්ම ද්විත්ව ග්‍රහක යළි-යොමු කිරීමේ පරීක්ෂණය දියත් කිරීමේ දී , නාසා ආයතනය මගින් “වේගවත්-ප්‍රතිචාර, කෙටි අනතුරු ඇඟවීමේ” (“rapid-response, short-warning” ) ආදර්ශන සංකල්පයක් වර්ධනය කළ යුතු අතර  විෂ්කම්භය මීටර් 50-100 පමණ වන පොළව ආසන්න වස්තුවක් පෘථිවිය ආසන්නයේ පියසර කිරීම නිරීකෂණයට නාසාව පියවර ගත යුතු යයි වාර්තාව සඳහන් කරයි  දළ වශයෙන් විෂ්කම්භය මීටර් 50-100 පමණ වන පොළව ආසන්න වස්තුවකින් පෘථිවියට හානි සිදු වීමේ ඉහළ සම්භාවිතාවක් ඇත.

වාර්තාවේ මෙහෙයුම් කමිටුවේ සම සභාපතිත්වය දැරූ,  Southwest Research ආයතනයේ රොබින් කැනප් කියාසිටින්නේ වාර්තාව මගින් ඉදිරි දශකය තුල ග්‍රහලෝක විද්‍යා ගවේෂණය සඳහා මෙම ලේඛනය(වාර්තාව) “මහාඅපේක්ෂා සහිත එහෙත් ප්‍රායෝගික” සැලස්මක් ඉදිරිපත් කරන බවයි. “මේ මගින් නිර්දේශිත මෙහෙයුම් ක්‍රියාවලීන්, ඉහළ ප්‍රමුඛතා පර්යේෂණ ක්‍රියාකාරකම් සහ තාක්‍ෂණ සංවර්ධනය සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සහ පරිණාමය, ජීවය සහ පෘථිවියෙන් ඔබ්බට ඇති අනෙකුත් වස්තූන්ගේ වාසස්ථාන පිළිබඳ මානව දැනුම සහ අවබෝධයේ පරිවර්තනීය දියුණුවක් ඇති කරනු ඇතයි,” ඇය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ප්‍රගතියක් ලබා ගැනීම සඳහා, නාසා හි ග්‍රහලෝක විද්‍යා අංශය එහි දූත මණ්ඩල, සම්මන්ත්‍රණ සහ ක්ෂේත්‍ර ව්‍යාපාර සඳහා චර්යා ධර්ම ක්‍රියාත්මක කරන ලෙස වාර්තාව නිර්දේශ කරයි.

Physics World හී පළවූ US planetary scientists call for mission to investigate solar system’s ice giants යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.